සමාජයේම ගොදුරක් වන නුතන ළමා පරපුර
(ජුනි මස 04 වෙනිදාට යෙදුන ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවිදින දරුවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙනි)
ජූඩ් ආර්. මුතුකුඩ
ලාංකිය සමාජයේ එදිනෙදා ජිවිතය සලකා බැලිමේදි දරුවන් තරම් පීඩාවිදින පිරිසක් අද නොමැති තරම්ය.දෛනිකව අසන්නට දකින්නට ලැබෙන ප්‍රවෘත්ති වාර්තා අනුව අප රට ළමා අපයෝජනයේ කේන්ද්‍රස්ථානයක් වී තිබේ. නිවසේදි දෙමාපියන්ගේ කෘර වදහිංසාවලට ලක්වන දරුවන්,දෙමාපියන්ගේ නිත්‍යනුකුල නොවන සම්බන්ධතා නිසා වදබන්ධන වලට ලක්වන දරුවන්,අනියම් පුරුෂයන් වෙතින් අපයෝජනය වන දරුවන් , අම්මාවරුන් විදේශගතවිම නිසා ඵීඩාවට පත් දරුවන්,මහළු කාමාතුරයන්ට බිලිවන දරුවන්,උපකාරක පංතියේදි, පාසැල් තුළදි ඇතම් ගුරුවරුන්ගෙන් අපයොජනය වන දරුවන් ආදි වශයෙන් ගෙන හැර දැක්විය හැකිය. එක් අතකින් ශාරිරිකව දුෂණයට පත්වන අතර අද විද්‍යුත් මාධයන්ගේ අත්තනෝමතික හැසිරිම විසින් දරූවන් මානසිකවද දුෂණය වේ.දැන් ඔබට ඔබේ දරුවා බාරදුන් සමාජය ගැන සැහිමකටපත්විය හැකිද?ඔබේ නිවෙසින් පිටත්වන දරුවාට සමාජය තුළ සුරක්ෂිත බවක් තිබේද? දරුවා ගොදුරක් කර ගැනිමට මානබලන සමාජය හා එහි හැසිරීම අන්කවුරුන් හෝ නිර්මානය කල දෙයක් නොව අපම අපේ ක්‍රියාකාරකම් වලින් ගොඩ නැගුවකි.එහි වග උත්තර කරුවන්ද අපමය.
සමාජයේ අවධානයෙන් ගිලිහුණු වරදින් අකාලයේ ඝාතනය වුණු බණ්ඩාරගම අටළුගම නව හැවිරිදි ෆාතිමා අයිෂා අක්‍රම් දැරිය ගැන රටම කථාකලේ හැගුම් බරවය.අටළුගම අල් ගස්සාලි මුසලිම් විද්‍යාලයේ හතරවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු රූමත් හුරුබුහුටි දැරිය අධ්‍යාපන කටයුතු වලදි කැපිපෙනෙන චරිතයක්වී ඇත. පසුගිය මැයි 09 වෙනිදා නිවෙසට මිටර් 200ක් නුදුරින් පිහිටි කුකුව මස් වෙළද සැලකට මස් රැගෙන ඒමට ගොස් එන අතරතුර අවසනාවන්ත ලෙස කුරිරු පාපතරයෙකුගේ ක්‍රියාවක් හේතුවෙන් ඇයට දිවි අහිමි විය. ලංකාවේ අද ළමා අපයෝජනයට ජාතියක් නැත.කොටදෙනියාවේ ඝාතනය වු සේයා සදෙව්මි දැරිය සිංහල දැරියෙකි. යාපනයේ තමන්ගේම වරගයාගේ අතින් කෙලසි ඝාතනය වු විද්‍යා දැරිය දමිළ දැරියකවේ. ඊට අමතරව වතුකරයේ ඊෂාලිනි දැරිය හිටපු ප්‍රබල මුස්ලිම් ඇමතිවරයෙකුගේ නිවසේ සිටියදි ලිංගික අතවරයට පත්ව මියයාමේ සිද්ධියක් වාර්තාවිය.අටුළුගම සිද්සිධියෙන් මියගිය ෆාතිමා අයිෂාගේ මරණය තුළින් සමාජයට ලබාදෙන පණිවිඩය වන්නේ ළමයින් කෙරෙහි සමාජය තුල තිබිය යුතු සංවේදිභාවය නොතිබිම සහ වගකීම් විරහිත බව මෙම අවසනාවන්ත සිද්ධියට හේතුවක් වු බව ජාතික ළමාරක්ෂක අධිකාරාය පවසයි.දරුවන් සමාජයට හුරුකිරිම සදහා දෙමාපියන් එදිනෙදා කටයුතු සදහා සහයෝගය ලබා ගත්තද එවැනි අවස්ථාවල වගකිම් සහිතව කටයුතු කලයුතු වේ. එහිදි දරුවාගේ සුරක්ෂිතතාවය , ආරක්ෂාව පිළිබද මූලික අවධානය යොමුකල යුතුවේ. නමුත් ෆාතිමා දැරියගේ සිද්ධියේදි අවම වශයෙන් නිවසේ සිටින වෙනත් දරූවෙකු හෝ අසල්වාසි දරුවෙකු සමග කඩේට පිටත් කලේ නම් දැරියට මෙවන් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පෑමට සිදු නොවේ.පොදුවේ ඉහත සිදුවිම් නිරික්ෂනයේදි පෙනියන්නේ එම දරුවන් සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකල බවයි. සදීප ලක්ෂාන් ඝාතනය වුයේ ඹහුගේ ගෙල බැදි වටිනා ජන්මාලය කොල්ල කෑමේ අරමුණෙනි.සේයා දැරිය පැහැර ගැනිම සිදුවුයේ සිය මව සමීපයේ සිටියදියි. වතුකරයේ ඉෂාලිනි දැරියට සිදුවුයේ දෙමාපිය සෙනෙහසේ සිටිය යුතු වයසේ සිට ඇයව ඇමති නිවසක මෙහෙකාර සේවයේ යෙද විමයි. මෙම සියලු සිද්ධින් තුළින් කියා පෑවේ සමාජ අවධානය හා ආරක්ෂාව ළමයින් කෙරෙහි ගිලිහිමයි.අද ලංකාවේ සියළුම දරුවන් යම් අනාරක්ෂිත බවකට තල්ලු වී තිබේ.
ළමයාගේ ආරක්ෂාව පිළිබදව පවුල,සමාජය,පාසලට සහ නීතියට යන සෑම අංශයකටම පුළුල් වගකීමක් ඇත. අද ඒ සෑම අංශයකම පුළුල් නාය යෑමක් දක්නට ඇත. සමාජයේ කොයි මොහොතක කවර ස්ථානයකදි දරුවන්ට අසාධාරණයක් සිදුනොවේයැයි අප කිසිවෙකුටත් කිව නොහැකිය. වර්තමානයේ බොහෝ නිවෙසල දරුවන් හොර රහසේ මෙහෙකාර සේවයේ යොදවයි. හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි අභිරහස් ලෙස මිය වතුකරයේඉෂාලිනි දැරියද එවැන්නියකි.මාධ්‍ය ලෝකයේද දරුවන් අතකොළු බවට පත්කර බිලිදි ඇත්තේද ළමා පරපුරය. නිසි අධ්‍යාපනයක් නොමැතිව මහමග සිගමන් යදින විදි දරුවන් ලංකාව තුළ කොතෙකුත් සිටිත්ද? එකම බඩවැල කඩාගෙන ආ සහොදරියව දුෂණය කරන්නට තරම් පාපතරයන් සිටින රටක අපි ජිවත්වන්නෙමු.වර්තමානයේ අප ජිවත් වන්නේ තාක්ෂණයෙන්,දැනුමෙන්,ගෝලියකරණයෙන් මෙන්ම නව සොයා ගැනිමෙන් විශ්වයද තරණය කරන්නට තරම් දියුණුයැයි කියා ගන්නා ලෝකයකයි.නමුත් මෙතරම් දියුණු සමාජයක මිනිසා වල්මත්ව සදචාරය මායිම් නොකර නැවතත් ගල් යුගයට පියමංකරනවාද යන්න විටෙක සිතේ. ලිංගික සුරාකැමෙන් ආරක්ෂාවිමට ඇති අයිතිය,හානිකරදේවල් වල යෙදවිමෙන් ආරක්ෂාවිමට ඇති අයිතිය,වදහිංසා හෝ කෘර ලෙස සැලකිමට හෝ දඩුවම් වලින් මිදිමට ඇති අයිතිය නිදහස සහ සුරක්ෂිතාවයට ඇති අයිතිවාසිකම් 1992 දී ශ්‍රි ලංකාව සම්මත තර ඇති ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියේ සදහන් වේ. එහෙත් එදා සිට අද දක්වාම බොහෝ දරුවන් ලිංගික අපයේජනයට හා විවිධ හිංසනයන්ට ලක්වේ.එසේ සිදුවනට හේතුව කුමක් ?
අපේ අධ්‍යාපනය තුළින් ලිංගික අධ්‍යාපනය නිසි ලෙස ලැබෙන්නේ නැත. විද්‍යා විෂයට ප්‍රජනනය පාඩමක් තිබුනද ඒ සම්බන්ධයෙන් ඉගැන්විමට බොහෝ ගුරුවරැ මැලිවෙති.ලිංගික අධ්‍යාපනයේ අඩුපාඩු නිසා කුතුහලයෙන් පිරි ළමුන් ලිංගික දැනුම අන්තර්ජාලය හරහා හැදැරිමට යාමෙන් විශාල සමාජ පරිහානියක් වි තිබේ.මාධ්‍ය භාවිතයේදි ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා,වෙබ් අඩවි හරහා බෙදාහරිණු ලබන අසභ්‍ය දේ ළමා මනස විකෘති කිරිමට හේතුවේ.එමෙන්ම මාධ්‍ය වාරතාකරණයේදි දරුවන් අපයොජනයට ලක්වන ආකාරයට පියවරෙන් පියවර හෙළිකරමින් සමාජය තුළ අපචාරයන් සිදුකිරිමට යම් වක්‍ර උද්දීපනයක් ලැබෙන පරිදි මාධ්‍ය භාවිතය අද බහුලව සිදුවේ. බොහෝ කාන්තා පුවත්පත් වල ලිංගික ගැටළු පිටුව ඊට නිදසුනකි. එසේම විද්‍යුත් මාධයවල විකාශනය වන ඇතැම් රියලිටි වැඩසටහන් තුල ළමා අපයොජන බහුලව සිදුවේ.අඩ නිරුවත් ඇදුම් අන්දවා විවිධ නර්තනාංග වල ළමුන් දැකිය හැකිය. එසේම ජනප්‍රිය යැයි කියා ගන්නා ඇතැම් රියලිටි නර්තන ප්‍රසංගවල ලිංගිකත්වය ගැන කියවෙන ගීත වලට ළමුන් නර්තනයේ යොදති.මෑතකදි විකාශනය වූ ප්‍රසිද්ධ නර්තන තරගයක තාරාවෝ ඉගිලෙති නාට්‍යෙය් ගිතයක් වන “චපල හිමිට සිරි යහනේ සැතපෙන්නට ඉඩදෙන්නද මං එහෙම කලොත් නුඹ කියාවි මෝඩ ගැනි මං“ දැක්විය හැක.මෙහි අර්ථය ලිංගිකත්වය මුසුවුවකි. නමුත් මෙම ගීතය ගායනයට කුඩා ළමුන් යොදවා කුඩයක් අතටදි රංගනයකට යොදා ගැනිම කෙතරම් ඛේදවාචකයක්ද?
මෙවැනි හිංසනයන්ගෙන් දරුවන් ආරක්ෂාකර විමට දරුවන් තුළ නිවරදි දැනුමක අවබෝධයක් ඇති කිිරිම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම දරුවන් සුරක්ෂිත කර ගැනිම සදහා ගතයුතු පියවර පිළිබදව දෙමපියන්ද දැනුවත් වි යුතුව ඇත. හිංසනයට එරෙහිව නොබියව හඩ නැගිමට හැකි පෞර්ෂයක් දරුවන් තුළ ගොඩ නැගිය යුතුය.දරුවන්ට නිසි ආදරය ,ආරක්ෂාව රැකවරණය නිරතුරුව ලබාදෙමින් සැමවිටම දරුවන්ගේ හඩට ඇහුම්කන් දිය යුතුය.දරුවන් සම්බන්ධ කටයුතුවලදි සංවේදි වෙමින් සමාජ වගකිමක් ලෙස දරුවන් සුරකිමට අදාල බලධාරින්ගේ මෙන්ම පුරවැසියන්ගේද වගකීම ඉටුකල හොත් ශ්‍රි ලංකාව ළමුන්ට සුරක්ෂිත රටක් වනු ඇත.