අනාවරණ විනිවිදභාවය සමාජ

සංවර්ධනයේ නාමයෙන් ආදිවාසීන්ට අහිමි වූ වනාන්තරය

:සුනිල් තෙන්නකෝන්

ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ ආරම්භයේ සිට ආදිවාසීන් මෙරට ජීවත් වූ බවට ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥ නිලධාරීහු හඳුනාගෙන ඇතග රටක මුල් පදිංචිකරුවන් ආදිවාසීන් ලෙස හැඳින්වේග ලෝකයේ රටවල් 136 ක ආදිවාසීන් දස ලක්ෂ තුන්සියයකට වඩා ජීවත් වේ. ශ්‍රී ලංකාවේ ගම්මාන 62 ක ආදිවාසීහු ලක්ෂ පහක් පමණ ජීවත් වෙති. දුන්නෙන් විද සතුන් මරා ජීවත් වූ බැවින් ඔවුන් ආදියේ දී වැද්දන් ලෙස හැඳින් වුවද පසු කලක ආදිවාසීන් ලෙස නම් කරන ලදී. 

මෙරට ආදිවාසීන්ගේ ආරම්භය පිළිබඳ මත දෙකක් පවතීග ඉන්දියාවෙන් පැමිණ විජය කුමරුගෙන් කුවේණියට දාව ලද ජීවහස්ථ සහ දිසාලාගෙන් මෙරට පරපුර පැවත එන බව එක් මතයෙකිග වරින් වර ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයන්ගෙන් ශේෂ වූ කණ්ඩායම්වලින් ඔවුන් නිර්මාණය වූ බව අනෙක් මතයයි 

රටේ ප්‍රදේශ ගණනාවක ව්‍යාප්ත වූ මෙම පිරිස් ,වර්ග 20, කට අයත් වුවද අද දක්නට ලැබෙන්නේ වර්ග හතරකි ඒ ඌරුවරිගයල තලාල මොණර සහ උනාපාන වරිගයයි. රටේ මහ සමාජයත් සමඟ මිශ්‍රවීම වරිග අහිමි වීමට හේතු වී තිබේ. ලංකාවේ ආදිවාසීන් ඌව පළාතේ බිම්තැන්නල මහියංගනය මුල්කරගෙන සිය ජනාවාස ආරම්භ කළහ. එපමණකින් නොනැවතුණු ඔවුන් ලංකාව පුරා ව්‍යාප්ත වූහ. රතුගලල දානිගලල වැලිඹේල නුවරගල පොල්ලෙබැද්දල හේනෙබැද්දල ත්‍රිකුණාමලයල මඩකලපුව සහ යාපනයේ ද ජනාවාස ආරම්භ කෙරිණි.  මෙම ජනාවාස මුල් කරගෙන වරිග බිහි විය. 

වර්තමානයේ ආදිවාසීන්ගේ නායකයා වන්නේ ඌරුවරිගේ වන්නිල ඇත්තන්ය.  ඔහුගේ පියා හොලිකේ වන්නෙකු තිසාහාමිය. තිසාහාමිගේ පියා උනාපාන පරපුරේ වන්නකුයග ඔවුන්ට සිය රැහේ නායකත්වය හිමි වන්නේ පරම්පරාවෙනි ඔවුන්ගේ පාලන සභාව වරිග සභාවයිග සිය රැහේ උන්ට දඬුවම් දීමල ප්‍රශංසා කිරීමල රැහෙන් පන්නා දැමීම වුවද කෙරෙන්නේ වරිග සභාවෙනි. 

වනාන්තරය වාසභූමිය කර ගනී.

ආදිවාසීන්ගේ ඉතිහාසය ගවේෂණය කරද්දී ඔවුන් වනය මූලික කරගෙන ජීවත් වූ බවට ඕනෑවටත් වඩාත් සාක්ෂි හමුවී ඇත. අප මුලින් සඳහන් කළ ජනාවාස ආරම්භ කර ඇත්තේ වනාන්තර භූමියේයි. අවම පහසුකම් යටතේ ජීවිතය ආරම්භ කර ඔවුනට සතෙකු මරා ගැනීමටල කුරුල්ලෙකු දඩයම් කරගැනීමට ද වූයේ දහසක් බාධක මැදය  ,ගඩා, ගෙඩිය කඩා ගැනීමල ,කටු අලයක්, හාරා ගැනීමට ද වූයේ බාධා මැදය  කටුඅල‍‍‍‍ ගෝනාල හිරිතල ලූලල වනයෙන් ලැබූ අල වර්ග වේ.

වන සතුන් සමඟ වනය මැද දිවි ගෙවීම එතරම් සුන්දර නොවූවද ඔවුන්ට නැවුම් පෝෂ්‍යදායී ආහාරපාන නොලැබුණා යැයි පැවසිය නොහැක. සතෙකු මරාගත් විට ලැබෙන නැවුම් මස් අලයක් කොළයක් කඩා ගත් විට එහි ඇති අලුත් බව මීමැස්සාගෙන් බඹරුන්ගෙන් නැවුම් පැණි ඔවුන්ට නව ජීවයක් ගෙනදුනි. වනයේ දිවි ගෙවීමම කෙතරම් අපූරු ආශ්වාදජනක ජීවිතයක් වන්නට ඇතිද?  ඔවුහු පෝෂදායි ආහාර රටාවකට උරුමකම් කීහ. වර්තමානය මෙන් එදා ඔවුන්ට දරුණු ආර්ථික අර්බුද නොවීය. අවශ්‍ය පමණට ආහාර සොයා ගත්හ. මහවැසි ඇදහැලෙන මෝසමට අවශ්‍ය ආහාරපාන ගබඩා කර ගත්හ. ඒ සඳහා තමන් සතු ක්‍රමවේද ක්‍රියාත්මක කළේය. එදා ඔවුන්ගේ අවශ්‍යතාවන් අල්ප විය. 

ආදිවාසින්ට වින කරන්නේ මහ ජාතියද?

ලංකාහැටේ දශකයේ ඇරඹී මහවැලි ව්‍යාපාරය රටට සෙතක් ගෙන ආවද ආදිවාසීන්ට ගෙන ආවේ විපතකි. මහවැලි ව්‍යාපාරයත් සමඟ ආදිවාසීන්ට හිමිව තිබූ වනය ඔවුන්ට අහිමි කළේය වනාන්තරය වෙනුවට ඔවුන්ට ද ජනාවාසවල පදිංචියට යාමට සිදු විය. ආදිවාසීන්ගේ නිජබිමක් වූ මාදුරු ඔය වනාන්තරය මහවැලිය සතු කර ගත්හ. ඒ සමග කන්දගම්විලල කෑරාගොඩල ඉඳිඅත්තල වෙහෙර පොකුණල තිඹිරානල විලේගමල ගුරු කුඹුර ගම්මාන ආදිවාසීන්ට අහිමි විය. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය නිසා ආදිවාසී ගම්මාන රැසක් අහිමි විය. රටේ සංවර්ධන නාමයෙන් වු  මෙම ක්‍රියාවලියෙන් වූයේ ආදිවාසීන්ට සිය ගම්බිම් අහිමිවීම සහ රකුසන්ට වනය බිලි වීමය. නිල් ලියද්දල කුරුදු වින්න ආදී ගම්මාන රැසක් ද ආදිවාසීන්ට අහිමිව ගියේය.

  මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගලල බම්බාව ආදී ඉපැරණි ගම්මානද ආදිවාසීන්ට අහිමි වු අතර ඔවුන්ව ඉවත් කරනු ලැබුවේ නීති විරෝධී කැළෑ දඩයක්කරුවන් ලෙස නම් කරමිනි. ආදිවාසී ජනයා පුනරුත්ථාපන ගම් වලට සහ කොළනි වලට සිය කැමැත්තෙන් සංක්‍රමණය වූවා නොව බලහත්කාරයෙන් පන්නා දැමීමක් විය. මහා වනාන්තරය ආදිවාසීන්ට උරුම වූයේ පරම්පරාවෙන් මිස කාගෙන් හෝ ලැබූ තුටු පඬුරක් ලෙස නොවේ. 

ආදිවාසීන් බෝ නොවන රෝගීන් වේ

මහා වනය සමග ඔවුන්ට වනාන්තරයෙන් ලැබූ දායාදයන් ද අහිමි වියග දඩමස්ල මී පැණීල ගඩා ගෙඩිල කැලෑ අල මේ සියල්ලක්ම අහිමි වූහග මහා ජාතියක් සමග මිශ්‍රවීමෙන් ඔවුන් ද මහ ජාතියේ ආහාර රටාවට පුරුදු පුහුණු විය. මෙම ජීවන රටාව සහ ආහාර රටාව ඔවුන්ට ගෙනාවේ අභාග්‍යයකිග වර්තමානයේ මහා ජාතිය පීඩා විඳින්නා වූ බෝනොවන රෝග ඔවුන්ව ආක්‍රමණය කළේයග දියවැඩියාවල කොලෙස්ටරෝල්ල අධි රුධිර පීඩනයල හතිය මේ ආදී එකී නොකී රෝග රැසකින් පීඩා විඳීම නිසා ඔවුන්ට ද මහ ජාතිය සමඟ වෛද්‍ය සායන සඳහා ළඟම ඇති රජයේ රෝහලට ගොස් ඖෂධ ගිල දැමීමට සිදු විය. 

කොරෝනා වසංගතයට ගොදුරු වේ

ලෝකය ආක්‍රමණය කළ කොරෝනා කොරෝනා වසංගතයෙන්ද මහා ජාතීන්ට මෙන්ම ආදිවාසීන්ද මරණයට පත්වූහ. කොරෝනා වසංගතයත් සමඟ පාස්කු ප්‍රහාරයද අත්වැල් බැඳගෙන පැමිණියේය. වනය අහිමි වී සිටි ආදිවාසීන් තරුණයන්ට සේම වැඩිහිටියන්ටද එය මරු පහරකිග වෘත්තියන් අහිමි වූ ආදිවාසි තරුණයන් තදාසන්න නගරයන්ට සංක්‍රමණය වෙමින් කිසියම් කුලියක් මලියක්  කර ගත්හ. කොරෝනා වසංගතය හේතුවෙන් එම අවස්ථාව ඔවුන්ට අහිමි විය.   කොළඹ ප්‍රදේශයේද රැකියාවේ නිරතව සිටි පිරිසට රැකියාවන් අහිමි වු අතර රට වසා තැබිම හේතුවෙන් ඔවුන්ට ගම්බිම් බලා ඒමට සිදුවිය.    එකල දේශීය හා විදේශීය සංචාරකයන් නොපැමිණීම නිසා දඹානේ ඉදිකර තිබූ වෙළදසැල් පාලුවට ගියේය. සංචාරකයන්ට වෙළදාම් කර ජීවත් වූ කාන්තාවන් ඇතුළු බොහෝ දෙනෙකුට එදා වේල අහිමි විය.  

රට බංකොලොත් වීම

කොරෝනා වසංගතය සමඟ රට ආර්ථික වශයෙන් බංකොලොත් විමද ඔවුන්ව කබලෙන් ලිපට ඇද දැමිමට හේතුවිය.

නිලධාරී නීතිය

වනජීවි නිලධාරීන් නීතිය දැඩි කරත්ම මහ වනාන්තරයෙන් අදිවාසින් ලබාගත් ඖෂධ වර්ග ඔවුනට අහිමි විය. වන සංරක්ෂණ නිලධාරීන් ඔවුන්ට වනය තහනම් ප්‍රදේශයක් කළේය. එපමණකින් නොනැවතුනු නිලධාරීන් ආදිවාසී තරුණයන්ට වැවට බැසීමත් මාළුවෙකු අල්ලා ගැනීමත් තහනම් කළේය. :අප රතුගල ආදිවාසී නායකයන් හමුවීමට ගොස් සිටියදීල ඔවුන්ට ලැබුණ ආරංචි වූයේ වැ‍වේ මාළුන් ඇල්ලූ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.* ආදිවාසී නායකයා අපට පැවසුවේ බොහෝ දෙනකුට විවිධ චෝදනා යටතේ පොලිසිය සහ වනජීවී නිලධාරීන් සහ වන සංරක්ෂණ නිලධාරීන් විසින් නඩු පවරා ඇති බවකි.

ආදිවාසීන්ට හේන්ල කුඹුරු කිරීමට පහසුකම් නැතග අහස් ජලය හැර වැව් ජලය ඔවුන්ට අහිමි විය. වැවක අවශ්‍යතාව බලධාරීන්ට පෙන්වා දී තිබුණදල වැවක් තනා දී නැත. පොත්පත් පෑන් පැන්සල් පාසල් බෑග්ල සපත්තු සහ ගමන් වියදම් ඔවුන්ට දැරිය නොහැකි ලෙස මිල ඉහළ ගොස් ඇත. දරුවන්ට පාසල් ගමන අහිමි විය. ආදිවාසීන්ගේ දරුවන් හා ආදිවාසීන්ට යකුන්ගේ පිළිසරණ පමණක්ද? 

අපේ නිජබිම අපිට අහිමි කළා

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ සොයා ගිය ගමනේදී ඔහු අපට හමු වූයේ ඔහුගේ ආදියේ මියගිය ඇත්තන්ට සහ දෙවි දේවතාවන්ට පැවැත්වූ දේව දානය අතරතුරයි.

කොරෝනා වසංගතය අපේ ජන ජීවිතයට තර්ජන එල්ල කළාග අපට පමණක් නොවෙයි මුළු රටටම ඒ කාලේ ප්‍රශ්ණ පැන නැගුනා. අපිටත් කිසි කාලයක නොවුණු ලෙස මේ කාලයේ ඒ ලෙඩ රෝග බලපෑවා. මේ කාලයේ අපට කිසිම ආදායමක් තිබුණේ නෑග ඒ නිසා කඩමණ්ඩියට යෑමේ හැකියාවක් තිබුණෙත් නෑ ඒ ගිහිල්ලා බඩුවක් මුට්ටුවක් ගන්න පිළිවෙලක් තිබුනෙත් නෑ අපේ ගමේ මිනිස්සුන්ට මේ රෝග නිසා විවිධ හිරිහැරයන්ට මුහුණ දෙන්න වුණාග කොරෝනා කාලයේ ආදායමක් නැති අපේ ඇත්තන්ට ටවුමකට ගිහිල්ලා කුලී වැඩක්වත් සොයාගන්න හැකියාවක් තිබුණෙ නෑ

මේ වනන්තරයේ බොහොම වටිනා ඖෂධ වර්ග තිබෙනවා මම අපේ ළමයින්ට කිව්වා කැලෑවට ගිහිල්ලා මේ ඖෂධ එකතු කරන්න කියලාග රසකිඳ, දෙමටපොතු, වගේ තවත් බොහෝ ඖෂධ කැලෑවෙන් එකතු කරගන්න තිබුණා.  කොළඹ ආයුර්වේද සංස්ථාව ඒ කාලයේ අපට උදව් කළා.  අපි එකතු කළ බෙහෙත් වර්ග ආයුර්වේද සංස්ථාවට දුන්නා ඒ කාලයේ අපේ අයට වෙනත් කාගෙන්වත් උදව්වක් පදව්වක් ලැබුණේ නෑ වෙන සංවිධාන වලින් වත් ආණ්ඩුවෙන් වත් උදව් කළේ නෑ රජයෙන් අපට දුන්නේ අනිකුත් මිනිස්සුන්ට දීපු රුපියල් පන්දාහ පමණයි ඒ වගේ වාර තුනක් දුන්නා.  ඊට පසු ඒක නතර කළා.

මාදුරු ඔය කැලෑව තමයි අපට අයිති එම භූමි ප්‍රදේශය 1983 සිට එය අපිට තහනම් ප්‍රදේශයක් මේ කැලෑවේ පැණි කඩන්න දඩයම් කරන්න හේන් හදන්න කොටින්ම කැලෑවට ඇතුළු වෙන්න තහනම්. අපි ඖෂධ සොයාගත්තේ හොර පාරෙන් කැලෑවට රිංගලා ඒ වගේම කොයි තරම් නීති දාලා තිබුණත් අපට ජීවත්වෙන්න මගක් නැති නිසා කැලෑවට රිංගන්න සිද්ධ වුණා. නමුත් අපි අනිකුත් මිනිසුන් වගේ කැලෑවට හානි කරන්න විනාශ කරන්න කටයුතු කළේ නෑ ඒ අතරතුරත් අපේ අයව නිලධාරීන් අල්ලගත්තාග බොහෝ ගැටලු ප්‍රශ්ණ වලින් පිරිච්ච කාලයක් ඒක.

මේ ගමේ ඉස්සර මෙහෙම විනාඩි පහක් දහයක් අපට කතා කරන්න ලැබුනේ නෑග සංචාරකයො ඇවිල්ල පිරිලා හිටියා. මේ ගම්මාන වලට මිනිස්සු පැමිණෙන එක අඩු වුණේ පාස්කු දවසේ බෝම්බ ගහලා කලබල කළාට පසුවයි. ඊට පසු කොරෝනා ආවාග ඊට පස්සේ මේ ගම්මාන වලට මිනිස්සු එන එක අත්හැර දැම්මාග මේ ගමේ තරුණ ළමයි ඔය ඉස්සරහ තිබෙන කඩ කාමර වල තමන් සොයා ගත්ත හදාගත්ත බඩු විකුණුවාග නමුත් මිනිස්සු මෙහෙට එන එක අත්හැර දැමුවාට පසු ළමයි කාට බඩු විකුණන්න දරෑ ඒ නිසා ඔවුන් බඩු විකිණීම නතර කර දැමුවාග මේ කඩ අනිකුත් පහසුකම් ඒ සියල්ලක් ම විනාශ වෙමින් පවතින්නේ ඒ නිසයිග මේ වෙසක් පෝයට මිනිස්සු ටිකක් ආවා. 

අපි නිදහසේ ජීවත් වුණ කණ්ඩායමක්ග අද වෙනකොට එදා තිබුණ පරිසරය විනාශ වෙලා එදා අපේ හිතුමතේට වැඩ කලත් අද අපිට රටේ නීතියට යටත් වෙන්න වෙලා. කෝටුවක් කපාගන්නල වහලයට දාන්න ඉලුක් ටිකක් කපාගන්න අද අපට නිදහසක් නෑග මේ අපේ පරපුරේ අයිතිය, නමුත් අද අපට ඒ අයිතිය අහිමි වෙලා. 

මෙහෙම ගියොත් අපේ තරුණයෝ නහය විද ගනීවි

අද රටේ වැඩි බලයක් තියෙන්නේ දේශපාලන නායකයින්ට  ඒ අය පත්වෙලා ඉන්නේ ජනතාවගේ කතිරයෙන්. මම එක වර්ගයක නායකයෙක්ග හැබැයි මම පත්වෙලා තියෙන්නෙ කතිරයකින් නොවේගමම පරපුරෙන් ආපු නායකයෙක්. මගේ පියා ඌරුවරිගේ තිසාහාමි ඇත්තෝ තාත්තගෙන් පස්සේ නායකකම මට උරුම වුණා 

නගරයට තරුණයන් සංක්‍රමණය වීම නිසා අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවාග නගරයට යන තරුණයන් එහි තියෙන විවිධ මෝස්තර අරගෙන ගමට ආවම ගමේ තරුණයෝ ඒ මෝස්තර අනුගමනය කරනවා. දැන් සමහර තරුණයෝ තොල් පාට කරනවා කන විදිනවාගකරාබු දානවා මේ විදියට ගියොත් මෙතෙක් කල් නාහය  විද්ද ගොනුන් එතැනින් ඉවත් කරලා අපේ තරුණයෝ නාහය විද ගනීවි එහෙම ගියොත් මේ රටේම සංස්කෘති රටාව වෙනස් වෙලා යාවි  මුළු රටම විනාශය කරා යාවි. 

රතුගල ආදිවාසීන් අද අසරණයි

මිනිසා ලෝකයට බිහි වූ දා සිට මේ දක්වා පරිණාමයට ලක් වෙමින් පවතීග එදා පුංචි ආදිවාසී කණ්ඩායම් වර්තමානය වන විට අනෙකුත් ජාතීන් සමග සම්මිශ්‍රණය වෙමින් පවතීග මෙය අපට හොඳින්ම දක්නට ලැබුණේ  ර්‍ණරතුගල” ආදිවාසීන් මුණගැසුණු අතරතුරයිග රතුගල ආදිවාසීන් සාමාන්‍ය ජනයා මෙන් ජීවත්වන බැවින්ල ඔවුන් වෙනත් වර්ගය කැයි කිව නොහැකි තරම්යග එහෙත් ඔවුන්ට ලැබී ඇතිල ලැබෙමින් පවතින අපහසුතා නිසාම ඔවුන් වෙනත් ජන කොටසක් ලෙස සමාජයේ දී දැකිය හැකග  රතුගල පරම්පරාව ආරම්භ වන්නේ 1938 දීය.

තමන්ට ලැබිය යුතු බොහෝ පහසුකම් ඔවුන්ට අහිමි වෙමින් පවතීග රජය මගින් අඩු ආදායම්ලාභීන්ට ගෙවන සමෘද්ධි දීමනාව මාස තුනකින් පමණ ලැබී නැතැයි ඔවුහු පවසති. ලෝක ආධාර යටතේ දිළිඳු ජනයාට ලබා දුන් රු: 15000 දීමනාව නිලධාරීන් තමා ඉදිරියේම කොල්ල කෑ බව රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩලාගේ කුඩා වන්නිල ඇත්තො පවසයි. රාජ්‍ය නිලධාරීන්ගෙන් නිරන්තරයෙන් පීඩා එල්ල වන බව ඔහු පවසයි. කන්න දෙයක් නැති නිසා වැවේ මාළු අල්ලන්න ගිය තම පරපුරේ තරුණයන් පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ඔහු කියයි.

වන්නිල ඇත්තන් සහ අනිකුත් පරපුර අතර නෑදෑකමක් නැතැයි ද ඔවුහු කියති. ලංකාව වටා අපේ රැහේ කණ්ඩායම් හතක් සිටිනවාග දඹානල රතුගලල පොල්ලෙබැද්දල වාකරේල දිඹුලාගලල දානිගල සහ හෙන්නානිගලග සෑම ගමකම දෙසීයකට වැඩි පවුල් ගණනක් ජීවත් වෙනවාග අපි ජීවත්වුණේ කැලෑවල. අපි කැලෑවෙන් එළියට දැම්මට පස්සේ ජීවත් වීම ප්‍රශ්නයක් වුණා. අපේ පරම්පරාව ජීවත් වුණේ වනාන්තරෙන්. කැලෑවෙන් එළියට ආවට පස්සෙ තමයි අපට මේ ගැටලු ප්‍රශ්න ඇති වුණේග රතුගල ආදිවාසී පවුල් 150 පමණ ජීවත් වෙනවා.

කොරෝනා වසංගතය සහ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා අපිට තවත් කරදර ඇති වුණා. කොරෝනා කාලයේ කැලේට රිංගලා කන්න දේවල් සොයා ගත්තා. ඒ කාලයේ කුලියක් මලියක් තිබුනෙත් නෑ සමහර ආයතන වලින් ආහාර ගෙනත් දුන්නා. ඒවා අපට ප්‍රමාණවත් නෑග රජයෙන් කියලා අපට කිසිම උදව්වක් තිබුණෙ නෑ රජයෙන් හම්බ වුණේ සමෘද්ධිය පමණයි. ඒකත් හරියට අපට ලැබුණේ නෑ . ලෝක ආධාර අපට ලැබුණේ මේ සිංහල අවුරුද්දට. අනිත් තැන් වලට දීලා තිබුණේ ඒ ලෙඩ රෝග තිබුණු කාලයේ අපට ලැබුනේ හාල් කිලෝ විස්සක් විතරයි.  සෑම තැනකටම අල පරිප්පුල පොල්තෙල් දී තිබුණා. නමුත් අපට ඒවා ලැබුණේ නෑ රුපියල් පහලොස් දාහක ආධාරයක් දුන්නාග ඒක අපේ හතර පස් දෙනකුට පමණක් ලැබුණාග අනිත් අයට ලැබුණේ නෑග මගේ පොතේ තිබුන සමෘද්ධි සල්ලි ඒ නිලධාරීන් අරගෙනග සේනානායක සමුද්‍රය තියෙන්නේ අපට අයිති ප්‍රදේශයේ නමුත් අපට මාලුවෙක් අල්ලා ගැනීමට තහනම්

රටේ මැති ඇමැතිවරු හෝ නිලධාරීන් හෝ අඩුම තරමේ ප්‍රාදේශීය ලේකම් මහත්තුරු හෝ දිසාපතිලා ඔවුන් පිළිබඳව සොයා නොබලන බව ඔහු කියයි. තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නද ඉන් ප්‍රතිඵල නොලැබේ. රාජ්‍ය නිලධාරීන් වසරකට වරක්වත් එම ස්ථාන වලින් වෙනත් ස්ථාන වලට මාරු කර යවනවා නම් මේ තත්ත්වය අඩු වන බව ඔවුන්ගේ මතයයි. නිලධාරීන් බොහෝ විට සිතන්නේ ඔවුන් මුසාවක් පවසන බවයි. නමුත් සත්‍යය එය නොව සෞභාග්‍යමත් ආර්ථිකයකට හිමිකම් කී ආදිවාසීහු රටේ අනෙකුත් මිනිසුන් මෙන් රෝගී වී සිටිති. 

පාසැලෙන් විසිවන අපේ දරුවෝ

අම්මලා සෑම විටම උත්සාහ කරන්නේ තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් සහ යහපත් හෙට දවසක් උරුම කර දීමටයි. එවැනි යහපත් වූ කාන්තාවක් අපට දඹානේ දී මුණගැසුණිග ඇය නමින් ගුණපැහැ වරිගයේ සීලාවතී ය. 

ඇය සමග සල්ලාපයේ යෙදුණු අපට අපූරු කතා පුවතක් එළිදරවු කර ගැනීමට හැකිවිය ඇයගේ වැඩිමහල් පුතණුවන්  පාසැලට යැව්වෙ උසස් අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඇතිවය. ඇගේ හඬ ඇය මෙසේ අවදි කළාය. ,මගේ ලොකු පුතා ඉගෙන ගන්න දක්ෂයා එයා ගියේ දඹානේ ඉස්කෝලෙට ඔහුගේ දක්ෂකම් නිසා අපොස සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා පසුව ඔහු උසස් අධ්‍යාපනය සඳහා වෙනත් පාසලකට ඇතුළත් කළා. අවාසනාවක  ඔහු අද පාසල් නොයන දරුවෙක් අපේ මනුස්සයාට හරිහමන් රැකියාවක් තිබුණෙ නෑ කොරෝනාව පැතිරෙන්න ඉස්සෙල්ලා අපි දඹානේ බඩු විකුණලා හොඳ ආදායමක් ලැබුවා. කොරෝනාවෙන් පසු අපේ ගමට මිනිස්සු එන්නේ නැතුව ගම අත්හැර දැමුවා සංචාරකයෝ නැතුව ගියා අපි හදන බඩු මුට්ටුවක් මී පැණි බෝතලයක් කුරක්කන්  බඩඉරිඟු පිටි විකුණාගන්න කිසිවෙක් ගමට ආවේ නෑ අපි හොඳට තුන් වේල කාලා හිටිය මිනිස්සු ඉන්පසු ඒ සියල්ලම නැතිවුණා උසස් පෙළ කරන්න ගිය  අපේ දරුවට පොතක් පතක් අරන් දෙන්න බෑග් එකක්ල සපත්තු දෙකක් අරන් දෙන්න අපිට සල්ලි නැති වුණා. ඇක්සයිස් පොත්ල පාසල් බෑග් ළමයින්ගේ සපත්තු අහස උසට මිල ගිහිල්ලා අපි කොහොමද ළමයින්ට ඕන කරන දේ අරන් දෙන්නෙ.  අපේ ගමේ පාසලේ උසස් පෙළ පන්ති පවත්වන්නෙ නෑ  ඒ නිසා ළමයව එහා පාසැලකට යවන්න සිද්ධ වුණා. එයා ගියේ බස් එකේ දැන් බස් ගාස්තුත් ඉහල ගිහින් ඉතිං අපි කොහොමද ළමයින්ට උගන්වන්නේ පාසල් යවන්න ළමයට බඩු අරන් දෙන්න බැරි නිසා ළමයගේ පාසල් ගමන නවත්වන්න සිද්ධ වුනා,යැයි ඇය පැවසුවේ තම දෑසේ කඳුළු පුරවාගෙනය අපි වගේ දුප්පත් අම්මලා තාත්තලා දරුවන්ව පාසල් යවන්නේ කොහොමද.

මගේ දෙවෙනි ළමයා සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නවා එයාටත් හොඳට ඉගෙනගන්න පුළුවන් මම බයේ ඉන්නේ පොඩි එකාවත් ගෙදර නතර කරගන්න වෙයිද කියලා.නෙතට නැගුන කදුලු පිස දමමින් ඇය කිවාය.  අද දරුවන්ට ඉගෙනීම අහිමි කරලා. බඩට ආහාර අහිමි කරලා සැමියන්ට රැකියාවක් නෑ අපි කොහොමද ඉදිරියට යන්නෙ පාසල අහිමි වෙන අපේ දරුවන්ට රැකියාවල් නෑ අපේ දරුවන්ගේ අනාගතය කොහොම විසදෙයිද කියලා අපි බයේ ඉන්නේ. ඇය කිවාය. 

අපි කෑවොත් ළමයින්ට උගන්වන්න සල්ලි නැහැ

රතුගල දී අපට හමුවූ කාන්තාවන් තමන්ගේ වයසට වඩා වැහැරී සිටියාය.  කුඩා අවධියේම විවාහ වී දරුවන් හයක් හතක් පමණ ලබන මොවුන් දරුවන් ජීවත් කරවීමට යද්දී මේ තත්ත්වය ඇති වී තිබේ. 

රතුගල දී හමුවූ එම්ජී පත්මාවතී අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ මහත්තයාට කුලී වැඩක් ලැබුණොත් අපි කාලා බීලා ඉන්නවා. නැතිදාට අපි බඩගින්නෙ මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා ඉන් දෙදෙනෙක් බැඳලාග තුන්වෙනියා ඉස්කෝලේ යනවා අද කෑවොත් ළමයගෙ පොත් පත් ගන්න බෑ කොවිඩ් කාලේ අපි ගොඩක් දුක් වින්දා අපිට ආධාර කරන්න කවුරුවත් සිටියෙ නැහැ. අපි දවස් ගණන් බඩගින්නෙ හිටියා.  ඒ කාලේ කුලී වැඩක්වත් තිබුණෙ නැහැ මයියොක්කා වලින් තමයි දවස ගෙවා ගත්තෙ අපි ජීවත්වෙන්නේ හේන් කරලා ඒවත් කාලෙකට විතරයි

රතුගල ආදිවාසීන් ගේ තොරතුරු සොයා ගිය ගමනේ දී අපට බොහෝ අත්දැකීම් ලැබුණත් ඒවා මෙහි සටහන් තැබීමට නොහැකග ඔවුන් ගෙවන දිවි පෙවෙත ඉතාම කටුකයග දුෂ්කරයග තුන්වේලට ම ආහාර අනුභව කරන මිනිස්සු රටේ ඇතැයි කියන නිළධාරීන්ට සහ දේශපාලකයන්ට මොවුන් ඕනෑ තරම් සාක්ෂි දරන්නට සූදානමින් සිටීග අනාදිමත් කාලයක් මෙරට සිටි මේ මිනිස්සුන්ගේ පරම්පරාව අනාගතයට එකතු කර ගැනීමටත් රටේ ජීවත්වෙන අනෙකුත් මිනිසුන්ට මෙන් ජීවත් වීමට නිදහසක් ඇවැසියග  එකම රටක් එකම නීතියක් යන සංකල්පය මොවුන්ටද සාධාරණ විය යුතුයග

ඡායාරූප අනුග්‍රහය – හසලක සුනිල් ඒකනායක

මොනරාගල සංජීව බණ්ඩාර.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts