අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

ශ්‍රී ලාංකික එළවළු වෙළඳාමෙහි උද්ගතව ඇති සෝචනීය තත්ත්වය

කීර්තිකා මහාලිංගම්

“කෙතරම් බාධක මාධ්‍යයේ වෙළෙඳපොළට  එළවළු ගෙනැවිත් විකිණීමට උත්සාහ කලත් ඒවා මිළදී ගැනීමට මහජනයා යොමු නොවීම කණගාටුවට කරුණකි. ඇස් මනාපිට  එළවළු නරක් වී යෑම බලා සිටීමට නොහැකි නිසා අපි පාරිභෝගිකයින්ට එළවළු කුණුකොල්ලෙට ලබා දෙනවා” යනුවෙන් සාගරිකා පවසයි.

සාගරිකා කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ එළවළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන තැනැත්තියකි. ඇගේ ස්වාමිපුරුෂයා දඹුල්ල නගරයේ සිට කොළඹ නගරයට ලොරී රථයකින් එළවළු ප්‍රවාහනය කරයි.

“කොරෝනා පළමු රැල්ලේදී ජනතාව තමන් සතු රන් ආභරණ උගසට තබමින් හා තමන් මෙතෙක් බැංකුවේ ඉතුරු කල මුදල් වියපැහැදම් කරමින් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගත්තා. නමුත් කොරෝනා දෙවන රැල්ලේ බලපෑම හමුවේ තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනතාව සතුව ප්‍රමාණවත් මුදල් නෑ. අපි මිලදී ගත් එළවළු විකුණන්න කලින් නරක් වෙන නිසා මමත් අඩු මිළට පාරිභෝගිකයින්ට එළවළු විකුණනවා. වැඩිපුර මුදල් තිබෙන පුද්ගලයින් සුපිරි වෙළෙඳසැල්වලින් එළවළු මිලදී ගැනීමට යොමු වෙනවා. පෙර මෙන් දැන් සති පොළට සති අන්තයේදී මහජනයා එක්‍ රැස් වන්නේත් නෑ. එලෙස එක්‍ රැස්වුණත් මහජනයා අධිකව ගැවසෙන ස්ථානවලට පැමිණ එළවළු මිලදී ගැනීමට මිනිසුන් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. මා වැනි අයගෙන් එළවළු මිලදී ගන්නා බොහෝ දෙනෙක් ණයට හෝ එදිනෙදා පරිභෝජනය සඳහා පමණක් එළවළු මිළදී ගන්නවා. එළවළු සැමටම අත්‍යාවශ්‍ය දෙයක්. අපගේ එකම ජීවනෝපාය මාර්ගය වන්නේ එළවළු වෙළදාම පමණයි.” යනුවෙන් ඇය පවසයි. මේ ආකාරයෙන් රටේ විවිධ ස්ථානවල එළවළු විකිණීමේදී අඛණ්ඩවම විවිධ ගැටලු ඇතිවී තිබෙන ආකාරයක් හඳුනාගත හැකිය.

වෙළෙඳපොළ තුළ කොරෝනා ආසාදිතයින්  පොකුරු වශයෙන් හඳුනාගැනීම

වෙළෙඳපොළ යන්න බහුතරයක් දෙනා එකට එකතුවන ස්ථානයකි. එනිසාවෙන්ම වෙළෙඳපොළට විශාල මහජන අවධානයක් ලැබේ. මෙරට සමස්ථ එළවළු විකුණුම් ද්‍රරිතාවෙහි ප්‍රධාන ස්ථානයක් ගන්නා වෙළෙඳපොළවල් 03 ක් හඳුනාගත හැකිය.

ඒ මෙසේය.

  • කොළඹ මැණිං වෙළෙඳපොළ 
  • දඹුල්ල තොග වෙළෙඳපොළ 
  • වැලිසර ආර්ථික මාධ්‍යස්ථානය

මේ හැරුණු විට ලංකාවේ එක් එක් ප්‍රදේශවලට ආවේණික විවිධ වෙළෙඳපොළවල් දක්නට ලැබුණත් කොළඹ හා ඉන් පිටත නගරවල විකුණන එළවළු රැගෙන යන්නේත් උක්ත වෙළෙඳපොළවල් මගිනි. මෙම වෙළෙඳපොළවල් 03 න්ම කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග සීමිත කාලයකට වෙළඳපලවල් දමා තිබුණි. එය රටේ සමස්ථ එළවළු විකුණුම් ද්‍රරිතාවයට බලපාන පොදු ගැටලුවකි. මේ හැරුණු විට මරුදනාර්මඩම් පොදු වෙළෙඳ සැල, අක්කරෙයිපත්තු වෙළෙඳපොළ, නුවර මාධ්‍යම වෙළෙඳපොළ වැනි වෙළෙඳපොළවල්වලින් කොරෝනා ආසාදිතයින් අධික වශයෙන් හඳුනාගන්නා ලදී. එනිසාවෙන්ම  මහජනයා චකිතයෙන් පසුවන අතර වෙළෙඳපොළට ගොස් එළවළු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරයි.

මැණිං වෙළෙඳපොළේ  තත්ත්වය 

මෙරට එළවළු වෙළඳාම ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන 2020 නොවැම්බර් මස 20 වන දින කොළඹ මැණිං වෙළෙඳපොළ පෑලියගොඩ නගරයට ස්ථාන මාරු කරන ලදී. මෙම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් 1192 ක්, වාහන 600ක් ගාල් කිරීම සඳහා වෙන් කරන ලද රථ වාහන ඉඩ පහසුකම්, ශ්‍රමිකයින්ට විවේක ගැනීමට සුදුසු විවේකී ස්ථාන, සෞඛ්‍ය පහසුකම්, බැංකු පහසුකම්, ආපනශාලා, ශීතකරණ ගබඩා පහසුකම් හා හෝටල් ඇතුලු විවිධ පහසුකම් දක්නට ලැබෙන බව උක්ත වෙළෙඳපොළ විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය. මේ අතර පෑලියගොඩ නව වෙළෙඳ සංකිර්ණයේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවට එහි සේවයේ නිරත ශ්‍රමිකයින් 2020 දෙසැම්බර් මස 07 වන දින ගාලු මුවදොරදි උද්ඝෝෂණයක්ද පවත්වා ඇත. තවද තෝරාගත් සාධාරණ ක්‍රමවේදයක් යටතේ පෑලියගොඩ මැණිං වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්ඳන් සඳහා සුදුසු ව්‍යාපාරික ස්ථාන ලබාදීමට අදහස් කරන බව නගර සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසා ඇත.

(https://tamil.news.lk/news/political-current-affairs/item/39307-2020-11-28-17-02-24

කෙසේවෙතත් වෙළෙන්ඳන්ට අදාල වෙළඳ ව්‍යාපාරික ස්ථාන වෙන් වෙන් වශයෙන් නිසි ලෙස ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස ඉල්ලීම් කරමින් කොළඹ කොටුව නගරයේදී 2020 දෙසැම්බර් මස 10 වන දිනද වෙළෙන්ඳන් විසින් උද්ඝෝෂණයක්  පවත්වා ඇත. එපමණක් නොව ජනතාව තමන්ට සුදුසු ව්‍යාපාර ස්ථාන නොලැබීමෙන් කනස්සල්ලට පත්ව සිටී.

එළවළු මිල

‘රටේ පවත්නා අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවළු මිල 50% ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මාධ්‍යස්ථානය නිවේදනය කරයි’ යනුවෙන් 2020 දෙසැම්බර් මස 16 වන දින නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති නාලිකාව මගින් වාර්තා කරන ලදී. එපමණක් නොව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දිනපතා නියම කරනු ලබන මිල ගණන්වලද උස් පහත් වීමක් දක්නට ලැබේ.

(https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/price-report)

එනිසාවෙන් එළවළු විකිණීමට නිශ්චිත මිලක් නියම කරගැනීම නොහැකිව වෙළෙන්ඳන් අපහසුතාවයට පත්ව සිටි.

අන්තර්ජාල භාවිතය මගින් ව්‍යාපාර කටයුතුවල නිරතවන්නන් හා සුපිරි වෙළෙඳසැල් අතර ඇති තරගය

මේ වනතෙක් අන්තර්ජාල භාවිතය මගින් වෙළඳාම් කටයුතුවලට යොමු නොවූ බොහෝ වෙළෙන්ඳන් මෙවර කොරෝනා හේතුවෙන් අධික බලපෑමට ලක්ව සිටී. මහජනයාට නිවසින් බැහැරට යෑමට නොහැකිවීම නිසා අන්තර්ජාලය මගින් ආහාර ද්‍රව්‍ය ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇත. එපමණක් නොව එහි ඇති පහසුකමට මහජනයාත් ඉතා ඉක්මනින් පුරුදු විය. මෙමගින් නිෂ්පාදකයින්, අතරමැදියන් හෝ විකුණුම්කරුවන්ට එහා ගිය අලුත් විකුණුම් ක්‍රමවේදයක් සමාජයේ නිර්මාණය විය. මීට අමතරව ප්‍රසිද්ධය වෙළෙඳසැල් හිමියන් ඉතා උනන්දුවෙන් හා සූක්ෂම‍ව තම ආදායම වැඩි කර ගැනීම සඳහා අවධානයෙන් අන්තර්ජාල භාවිත කිරීමට කටයුතු කලහ.

“කීල්ස් – සිල්ලර වෙළෙදාමේ නව සාමාන්‍ය තත්ත්වය” යන මාතෘකාව යටතේ Economynext වෙබ් අඩවියේ පලවූ ලිපියෙහි අන්තර්ජාල භාවිතය මගින් සිල්ලර වෙළඳාම් කටයුතු සිදු කිරීමේදී විකුණුම් කල යුත්තේ කෙසේද? එය කොතරම් ප්‍රායෝගිකද යන්න පිළිබඳ පැහැදිලි කර ඇත.

(https://economynext.com/brand_voice/keells-influencing-retails-new-normal/ )

ඒ හැරුණු කොට,

  • වෙළෙඳපොළේ තත්ත්වය හා ආරක්ෂාව 
  • නවීකරණය කරන ලද පහසුකම් නොමැති වීම 
  • ගබඩා කිරීමට පහසු පද්ධති ක්‍රමවේදයක් නොමැති වීම
  • තත්වයෙන් බාල භාණ්ඩ අතරින් තත්ත්වයෙන් උසස් භාණ්ඩ විකිණීමේදී ඇතිවන අභියෝගයන්
  • කාලගුණික ගැටලු
  • විකුණුම් සඳහා නව එළවළු ලබා ගැනීමේදී ඇතිවන ගැටලු

වැනි විවිධ ගැටලුවලට ව්‍යාපාරිකයන්ට දිනපතා මුහුණ දීමට සිදුවේ.සාගරිකා වැනි නිශ්චිත ආධායම් මාර්ගයක් නොමැති බොහෝ දෙනෙක් අප සමාජයේ සිටී. කොරෝනා කාලයේ පමණක් නොව සාමාන්‍යයෙන් මෙවැනි පිරිස් දෛනික ආදායමක් අපේක්ෂාවෙන් තම ව්‍යාපාර කටයුතුවල නිරත වෙයි. එළවළු නිෂ්පාදකයින්ට ලබාදෙන වටිනාකම හා අනන්‍යතාවයට සරිලන වටිනාකමක් හා අනන්‍යතාවයක් එළවළු වෙළෙන්ඳන්ටත් ලබාදිය යුතුයි. එලෙස සිදු නොකලහොත් ඔවුනුත් තම රැකියාව වෙනස් කරගැනීම පිළිබඳව සිතීමේ කාලය වැඩි ඈතක නොවේ. එවැනි වාතාවරණයක් උදා වුණොත් මෙරට සමස්ථ එළවළු අවශ්‍යතාවය පරිපූර්ණ කිරීමට නොහැකි වනවා නොඅනුමානය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts