ශ්‍රී ලංකාව මේ යන්නේ අධිකාරීවාදය වෙත ද?
භාවනා මෝහන්
නව රජය බලයට පත්වූ දා සිට ශ්‍රී ලංකාවේ මිලිටරීකරණයේ වේගවත් ව්‍යාප්තියක් දකින්නට ලැබේ. එය මෙරට අන්තර්ජාල, සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ ද අවධානයට පාත්රව තිබේ.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා යෝජනා කළේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට විනයගරුක සමාජයක් සහතික කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි හමුදා පුහුණුව ලබා දෙන ලෙසයි. ඔහු විශ්වාස කරන්නේ පුද්ගලයෙකුට “ශක්තිමත්ව සිටීමට, පෞරුෂත්වය හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට” හැකි වන්නේ හමුදා පුහුණුව තුළින් බව යි.
2021 පෙබරවාරි සිට මාර්තු දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මිලිටරීකරණය සාකච්ඡාවට භාජනය විය හැකිය. මන්ද, මෙරට දෙමළ ප්‍රජාව UNHRC වෙත ලිපියක් ඉදිරිපත් කරමින් යුද්ධය පැවති ප්‍රදේශවල අදටත් හමුදා පාලනයක් පවත්වාගෙන යාම ඇතුළු කරුණු රැසක් පෙන්වා දී තිබෙන බැවිනි.
නැගෙනහිර පළාතේ මඩකලපුවෙන් වාර්තා වූ තැතිගන්වනසුලු මෑතකාලීන සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා හමුදාව කෘෂිකර්ම හා පශු සම්පත් පිළිබඳ නව අධ්යක්ෂ කාර්යාලයක් විවෘත කරන බවය. මෙම කාර්යාලය උතුරු හා නැගෙනහිර පිහිටි කුට්ටිගල, කන්දකාඩු, නාච්චිකුඩා, පලාලි සහ වෙල්ලකුලම් යන ප්‍රදේශව ඇතුලුු අනෙකුත් සියලුම ගොවිපලවල් මෙහෙයවීම සඳහා කටයුතු කරන්නකි.
බලය කේන්ද්‍රගත කිරීමෙන් ප්රජාතන්ත්රවාදයට එල්ල වන බලපෑම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බිහිවුණු වත්මන් ශ්‍රී ලංකා රජය බලය කේන්ද්‍රගත කිරීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සභාපති ලෙස මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත් කිරීම, රටේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා ලෙස බි්රගේඩියර් සුරේෂ් සාලේ මහතා පත් කිරීම වැනි රාජ්‍ය ආයතන සඳහා මිලිටරි පත්වීම් ගණනාවක් සිදු කර තිබේ. එක්සත් ජනපදය විසින් “බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” සඳහා අසාදු ලේඛන ගත කර ඇති චූදිත යුද්ධ අපරාධකරුවෙකු වන යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දැන් කොවිඩ් -19 තත්ත්වය කළමනාකරණය කිරීමේ ප්‍රධාන අධිකාරිය වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානියා ය.
පොලිස් මාධ්‍ය ඒකකය ද වසා දමා ඇති අතර, එහි කටයුතු දැන් ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලැබේ. මුළුමනින්ම ආරක්ෂක නිලධාරීන්ගෙන් සැදුම්ලත් සුරක්ෂිත, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල රටක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ද රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලදී.
මිලිටරීකරණය සහ ප්රජාතන්ත්රවාදය අතර සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ සීමිත වන නමුත්, මිලාන් සැෆිරොව්ස්කි විසින් 2019 දී කරන ලද “Indicators of Militarism and Democracy in Comparative Context: How Militaristic Tendencies Influence Democratic Processes in OECD Countries 2010-2016”” යන මැයෙන් යුත් අධ්‍යයනය මිලිටරිවාදය හා ප්රජාතන්ත්රවාදය සම්බන්ධ වන ආකාරය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සහ පුරෝකථනය කිරීම අරමුණු කර ගෙන ඇති අතර, එහි ඇති කරුණු “ප්රජාතන්ත්රවාදයට මිලිටරිවාදයෙන් එල්ල වන බලපෑම පිළිබඳව අනතුරු අඟවයි”.
ශක්තිමත් විපක්ෂයක් තවමත් බිහිව නැත
”රාජපක්ෂ රජය ආරක්ෂක අමාත්‍යාංශයේ අධිකාරිය යටතේ පොලීසිය ඇතුළු ආයතන 30 කට අධික සංඛ්‍යාවක් ස්ථානගත කර ඇති අතර සිවිල් වැසියන් විසින් මීට පෙර දැරූ ප්‍රධාන තනතුරු රාශියකට විශ්‍රාමික හා සේවය කරන හමුදා නිලධාරීන් පත් කරන ලදී.”Human Rights Watch (HRW) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් දක්වයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයෙන්… අගමැති ඇතුළු අමාත්‍යවරුන් පත් කිරීම සහ සේවයෙන් පහ කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්, මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් සහ දූෂණ විරෝධී ආයතන වැනි ස්වාධීන ආයතන පත් කිරීම, අගමැති ඇතුළු ඇමතිවරුන් පත් කිරීම සහ සේවයෙන් පහ කිරීම, මැතිවරණයෙන් පසු අවම වශයෙන් අවුරුදු දෙකහමාරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතුළු නව බලතල ජනාධිපතිවරයාට ලබා දෙයි. ඇතැම් සංශෝධන හරහා ඇතැම් විධිවිධාන අඩාල කර ඇති අතර, මානව හිමිකම් ආරක්ෂාවට ඇති තර්ජනය අවම කර නොමැත.” එය වැඩිදුරටත් දක්වයි.
මෙම රජය රට පාලනය කරන ආකාරය අනුව දකින්නට ලැබෙන්නේ විපක්ෂය බලහත්කාරයෙන් මර්දනය කිරීම, මධ්‍යගත අත්තනෝමතික රජයක් බවට පත් වීම, දැඩි ආර්ථික හා සමාජ රෙජිමේන්තුගතකරණය , බලතල කේන්ද්‍රගත කිරීම, විසම්මුතිය මර්දනය කිරීම සහ සුළු ජාතීන්ට වෙනස් කොට සැලකීම ආදී අධිකාරිවාදී රටක් බවට පත් කිරීමට අවශ්‍ය සියලුම අවශ්‍යතා ශ්‍රී ලංකාව සපුරමින් සිටින බව පමණි.