සමාජ

ශ්‍රී ලංකාවේ සංහිඳියාවේ හඬ ‘හෙවී මෙටල්‘

විමුක්ති කරුණාරත්න

මා උපදින විටම  මට යුද්ධය උරුම වී තිබුණි.  සම්පූර්ණයෙන් එයින් මිදුණු අවස්ථාවක් මට මතක නැත. එහෙත් දැන් මේ ව්‍යාකූලත්වය තුළම නිවහනක් ඇත. එමෙන්ම එහි සංග්‍රාමයක් දක්නට නැත.

මම ඉපදෙනකොටම මට යුද්ධය උරුම වෙලා තිබුණෙ.  සම්පූර්ණයෙන් එයින් මිදුණු අවස්ථාවක් මට මතක නැහැ. සිංහල සහ දෙමළ කල්ලි අතර ප්‍රචණ්ඩත්වය දශක ගාණක් පුරා ඇතිවුණා; වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාර අපේ වටපිටාව මෙන්ම සංවේදනයන් පුරවාලූවා. ඉන් බහුතරයක් සිදුවූයේ මා ඉපදුණු කොළඹ නගරයෙන් බොහෝ ඈත වුවත්, එය  සැමතැනම ඇති බව දැනෙන්නට වුණා. ගුවන්විදුලිය ඇහුවත්, රූපවාහිනිය බැලුවත් පත්තර පිටු පෙරළුවත්, එදිනෙදා කතාබහකට කන්දුන්නත් යුද්ධයේ ශේෂ මාත්‍රයන් මතු වී අඳුරු පැල්ලම් ඉතිරි කරනවා.

‘හෙවී මෙටල්‘ ලංකාවේ බිහි වූයේ 90 දශකයේ මැද භාගයේය. එවක් පටන් එය, වාරණය නොකළ සත්‍යයේ නිරුවත් අවංකත්වයට සහ විශ්වසනීය චිත්‍රණයට ශ්‍රී ලාංකිකයන්ගේ තරුණ පරපුරේ පිළිගැනීම ගොනු  කරනු ලැබිණි. පැරනොයිඩ් අර්ත්ලිං සහ ස්ටිග්මාටා වැනි ප්‍රවීණ කලාකරුවන්ගේ  විවිධ සංයෝජනයන් නිර්මාණය කරන ලද්දේ පවතින තත්ත්වය සහ භේදය වෙනුවට එකමුතුබව ගොඩනැඟීමේ ප්‍රභවයක් ලෙස එයින් සිදුවන මෙහෙය මඟින් වාර්ගික සහ ආගමික නිර්මාණයට ලැබෙන වලංගුබව පිළිබඳ ප්‍රශ්න කිරීමටය. උදාහරණයකට පැරනොයිඩ් අර්ත්ලිං කණඩායමේ ගීතයක ‘බිහිරි, අන්ධ, ගොළු’ වැනි පදරචනය ප්‍රේක්ෂකයන්ට මතක් කරන්නේ ‘අපි නිදහස් ලෝකයක ජීවත් වෙමු: බිහිරි, අන්ධ, ගොළු’ යන්නය. එම කණ්ඩායමේ සංගීතයට, රණ ගීයක (ජයගීයක) මෙන් ‘රොක් ඇන්ඩ් රෝල් මගේ අරාජිකත්වයයි’ (Rock & Roll is My Anarchy) ලෙස ඇතුළත් කර තිබීම 90 දශකයේ සහ 2000 වසරේ මුල්භාගයේ ජාතික ඌරුවෙන් ඉච්ඡාභංගත්වයට පත්වූ යෞවනයට කාහල නාදයක් බඳු විය. දේශපාලනය  මඳ වශයෙන් සායම් පෙවූ මෙවැනි සංගීතය සමාජීය කොන්දේසි ප්‍රතික්ෂේප කිරීම බලවත් කරනවා මෙන්ම ඒ සඳහා පොළඹවන අතර ඒ වෙනුවට ස්වාර්ථය පමණක් සිතීම දිරිමත් කරයි. ලොව පුරා, බැර ලෝහ ශ්‍රාවකයන්ගෙන් විවිධත්වය සමරන ලෙස ඉල්ලා සිටියි- සංස්කෘතික විරෝධී ඌරුව එහි ශ්‍රී ලාංකේය විදහාපෑම ලුහුබඳින්නේ ශ්‍රී ලංකාවටම ආවේණික සංයෝජනයන් සමඟය.  ස්ටිග්මාටා – මේ ජවනිකාවේ පුරෝගාමියා – සාම්ප්‍රදායික වර්ණනා නැටුමක් වූ ගජගා වන්නම ලෝහමය අනුවර්තනයෙන් පටිගත කළේය. කණ්ඩායමේ අනෙක් සංගීත ඛණ්ඩයන්ට උඩරට නර්තන සන්දර්ශනවලදී  දක්නට ලැබෙන යක් හා ගැට බෙර ආදී දේශීය සංගීත භාණ්ඩ යොදා ගැනිණ. සංගීතයන්හි ගේයපද හා සංයෝජනාත්මක අන්තර්ගතයන් එක්ව සහජීවනයක් ගොඩනඟා ගත්තේ රසිකයන් ඔවුන්ගේ ජාතික උරුමයට අභියෝග කිරීමට පොළඹවන ලෝහ සංගීතයයේ නිර්ව්‍යාජ ජාතික උපප්‍රවර්ගයක් (උපශානරයක්) නිර්මාණය කිරීමටය.

ලාංකික ‘ලෝහ සංගීත ශ්‍රාවකයන්’ ද කොන් කිරීම යනු කුමක්දැයි අවබෝධ කරගත යුතුය. බැර ලෝහ යනු සියලු දෙනාගේ රසය නොවේ. එහෙත් රසිකයන් බැර ලෝහ හා බැඳුණු ඔවුන්ගේ සංගීතය වෙනුවෙන්, පෙනුමෙන් හා ජීවන ශෛලියෙන් යටත් කර හිංසාවට පත් කර ඇත. ලෝහ සංගීත රසිකයකුගේ වටිනාකම් හෝ මතවාදයන් සමාජය නිරන්තර මඟ හරින්නේ ඒවා සරලවම අපගේ සාම්ප්‍රදායික සාරධර්ම ක්‍රමයන්ට හා ‘පවතින ක්‍රමවේදයට’ නොගැළපෙන නිසාය. ඔවුන් ලාංකේය සමාජයේ සුප්‍රකට ‘පිටස්තරයන්’ ලෙස පවතිනු ඇත්තේ රටේ අනෙකුත් නොසලකා හරින ලද සහ ගොදුරු වන ලද සුළුතරයන් සමඟ හඳුනාගත හැකි අයුරිනි.

වර්ෂ 2007 සිට 2009 දක්වා කාලය දීර්ඝ යුද්ධය එහි ඉතාම කුරිරුතම වකවානුව දුටුවේය. කොළඹ නගරයෙන් පවා දෙමළ ජාතිකයන් පිටමංකරන ලද අතර වාර්ගික නොරිස්සුම ප්‍රකට විය. ඒ කාලය තුළද ලෝහ සංගීත කණ්ඩායම් එක්ව ක්‍රියා කිරීම ඇරඹුවේ නව සංගීතයක ප්‍රාණය සමඟ සාමූහික සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සෑම මසකම අවසන් ඉරිදා සන්දර්ශන පෙළක් නියමානුකූලව පවත්වමිනි. මා මොනයම් තැනකදී හෝ  අත්විඳි ප්‍රතිවාදී සිදුවීම් මේවාය. භේදය, වෛරය හා භීතිය වෙනුවට සියලු ජනවර්ගයන් හා ආගම් අතර එකමුතුකම, මිත්‍රත්වය සහ සෙනෙහස පැවතුණේය. බැර ලෝහ සමාජය ශ්‍රී ලංකාව තුළ කුඩා එකක් විය හැකිය, එහෙත් අපි පවුලක් වෙමු. වාර්ගිකත්වයෙන් සහ ජාතිකත්වයෙන් වටවුණු අනන්‍යතා දේශපාලනය සමඟ පොරබදන්නන්ට මේ සමාජය තුළ ආරක්ෂාකාරී සෙවණක් සොයාගත හැකි විය.

දේශීය ලෝහ රඟබිම රට තුළ යම් තරමකට හඳුනාගත් ස්ත්‍රී පුරුෂභාවය (පුමිතිරිබව) අනුව පාක්ෂිකත්වයක් දක්වනු පෙනිණි. රසිකාවියන් මෙන්ම සමරිසියන් සහ වෙනස්  ලිංගිකතාවන් සහිතයන්ට මේ සමාජය තුළ පිළිගත් ඉඩක් විය. සත්‍ය වශයෙන්ම මේ සැප්තැම්බරයේ කේවල ලෝහ සංගීත ශිල්පිනයක වන ෂෙහාරා ජයතිලක මෙරට ප්‍රථම ලෝහ සංගීත සම්පූර්ණ ඇල්බමය නිකුත් කළ කාන්තාව බවට පත් විය. මෙය එක් අතකින් කාන්තා නායකත්වයෙන් යුතු ලෝහ සංගීත සන්දර්ශන පෙළක් 2020දී එළිදැක්වීමට පෙළඹවීමක් වී ඇත. ඒ අනුව බැර ලෝහ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව වැපිරීමේ තෝතැන්නක් සේම හරස්කඩක් දක්වන මානයක් බවට පත් වී ඇත.

වසර 2009 දී ශ්‍රී ලංකාව සාමය උදාකරගත් බව අවසානයේ පෙනෙන්ට තිබුණි. කෙසේ වෙතත් ඒ රසවත් මුහුණතේ පළුදු මතුවීම ආරම්භ වන්නට වැඩිකල් ගියේ නැත. ව්‍යාජ සිනාවන් සහ බලෙන් කළ  ශිෂ්ඨසම්පන්නබව පිටුපස ගෝත්‍රවාදයේ මුල් ජන මනස තුළ ගැඹුරටම විහිද ඇත. 2013 සහ 2014 වසරවල මුස්ලිම් සමාජය ආගමික වෛරය සහ එදිරිවාදීකම්වලට ගොදුරු වීම් දුටුවෙමි. ප්‍රචණ්ඩත්වය කැරැල්ලක් දක්වා වර්ධනය වනවිට නොහැකියාවෙන් යුතු අධිකාරීන් එහි ජනයා ආරක්ෂා කර ගන්නට අසමත්වන විට, බැර ලෝහ සමාජය මුස්ලිම් ජාතිකයන් සමඟ හිඳිමින් අසාධාරණයට එරෙහිව හඬ නඟන්නට සංගීතය උපයෝගී කරගත්තේය. සමාජ මාධ්‍ය ඔස්සේ බැර ලෝහ ක්‍රියා කළේ දැනුම්වත් සහ දිරිමත් සමාජයකට සාමයේ සහ එකමුතුබවේ උත්ප්‍රේරකයන් ලෙස  ප්‍රතිසංවාදයක් ඇති කරමිනි.

ඉතා මෑතකදී පාස්කු ප්‍රහාරයෙන් පසු බැරලෝහ සංගීත ශ්‍රාවකයෝ  කිතුනු සාමාජිකයන්  සමඟ ඔවුන්ගේ දුක බෙදාගත්හ. ජන අසහනය විහිදෙන මොහොතේ කොළඹ, මීගමුව සහ නුවර නිදහස් සන්දර්ශන වැලක් සංවිධානය කරමින්  ඛේදවාචකයක් හමුවේ නිඬව සිටීම ප්‍රතික්ෂේප කිරීමට රසිකයන් එක්රොක් කෙරිණි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts