අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ශ්‍රී ලංකාවේ තනි මව්වරුන්ගේ පීඩාව

නතාලී සොයිසා

අප මෙහිදී  ‘තනි මව‘ යන  හඳින්වීම සැහැල්ලුවෙන් යෙදුව ද එය භාවිත කරන්නන්ට මෙන්ම තවදුරටත් එහි ආවරණය ලබන්නන්ට එය වෙනස් අර්ථයන් ගෙන දෙයි. තනි මව යන්න දරුවකු හෝ දරුවන්ගේ ප්‍රාථමික භාරකාරත්වය සහිත දික්කසාද වූ මවක් ලෙස ගත හැකිය – එසේ වන්නේ සාමාන්‍යයෙන් යම් ආකාරයක ළමා රැකවරණය පිළිබඳ අනිවාර්ය අධිකරණ තීන්දුවක් මත හෝ ඇයගේ හිටපු සැමියාගෙන් ඇයටත් ඇගේ දරුවන්ටත් ජීවත් විය හැකි මට්ටමේ ගෙවීමක් ජීවිතාන්තය දක්වා ලැබීමෙනි. එය වසර 30ක යුද්ධයෙන් පසු ඇති වූ පොදු කරුණක් වන වැන්දඹුවන් සඳහාද යෙදිය හැකිය. බොහෝ වෙලාවට වරක් විවාහ වූ තනි මවුවරුන්ගේ රැකවරණය ඔවුන්ගේ වයසක මවුපියන් විසින් හෝ ඇයගේ නැත්නම් ඇයගේ ස්වාමියාගේ පාර්ශ්වයේ පවුලේ ඥාතීන් විසින් සලසනු ලැබේ. තම ස්වාමි පුරුෂයන් හමුදා සේවයේ යෙදුණු යුද වැන්දඹුවන් සැලකිල්ලට ගත් කල ඔවුන්ගේ යැපීම සඳහා රජයෙන් මාසිකව විශ්‍රාම වැටුපක් ගෙවනු ලැබේ. එල්ටීටීඊය වෙනුවෙන් සේවය කළ හෝ යුද සමයේ අතුරුදන් වූ ස්වාමිපුරුෂයන් හෝ මවුපියන් ඇති කාන්තාවන්ට ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය සඳහා කිසිදු ක්‍රමයක් නැත. යුද්ධය අවසන් වී වසර 12ක් ගතවන්නට ආසන්න වද්දි මේ උමගේ කෙළවර සිහින් ආලෝකයක් දක්නට හැකිය. 

තවත් වර්ගයක තනි මවුවරුන් ඇත. ඒ දරුවන් රැකබලා ගැනීමට ඇති අවිවාහක කාන්තාවන්ය. යුවලක් අතර නිත්‍යානුකූල විවාහයට දැඩි සමාජීය වැදගත්කමක් අප ලබා දෙන බැවින් එවැනි කාන්තාවන්ට නින්දා අපහාස කිරීමට හැකිකමක් මෙන්ම එසේ කිරීම එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයේ දැකිය හැකිය. මේ කාන්තාවන්ට, පවුලෙන් කිසිදු උපකාරයක් නැතුවා සේම නියත වශයෙන්ම පිරිමි පාර්ශ්වයේ කිසිදු හවුහරණක් නැති බැවින් වරක් විවාහ වූ කාන්තාවන් වන තනි මවුවරුන්ට වඩා උදවු උපකාර අවශ්‍ය වනවාට සැක නැත. පියකුගේ සහායකින් තොරව දරුවන් හදා වඩා ගන්නා මේ සියලුම ආකාරයේ මවුවරුන් එක මිටට ගත හොත් රට තුළ මේ තනිකඩ  මවුවරුන් තනි තනිව මුහුණ දෙන විශේෂිත ගැටලු නොසලකා හැරීමේ නැඹුරුතාවක් අපට ඇත. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ අවිවාහක තනි මවුවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

උප්පැන්න සහතික සහ පාසලකට ඇතුළත් කිරීම

දරුවකු පාසලට ඇතුළත් කිරීමේදී මවුපියන්ගේ විවාහක අවිවාහක බව වැදගත් නොවිය යුතුය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ කාරණය මෙය නොවේ. උප්පැන්න සහතිකයේ අනවශ්‍ය තොරතුරු වන ‘මවුපියන් අවිවාහකය‘ හෝ ‘පියා නොදනී‘ වැනි දේ අඩංගු වූ විට, එයින් මවගේ විවාහක අවිවාහකබව දරුවාගේ සමාජ පක්ෂග්‍රාහීත්වයට ස්වයංක්‍රීයව සම්ප්‍රේෂණය වේ. මේ තොරතුරු දරුවා පාසලට ඇතුළත් කර ගැනීම හෝ නොගැනීම සම්බන්ධ තීරණයේදී පාසල් බලධාරීන්ගේ සැලකිල්ලට බඳුන් වේ. තනිකඩ මවුවරුන්ට අමතර සහයක් අවශ්‍ය මොහොතකදී අප විසින් දේවල් තවත් අපහසු කළ විට සිදුවන්නේ ප්‍රතිවිරුද්ධ දෙයකි- එය මවට පමණක් නොව දරුවන්ටද බලපායි.

පරිශ්‍ර කුලියට දීම

තනිකඩ මවකට තමන්ගේම කියා නිවෙසක් නැති අවස්ථාවකදී ඇයට කුලියට නිවෙසක් ගැනීමට සිදුවේ. මෙය බැරෑරුම් කාරණයක් බවට තහවුරු වී ඇත්තේ කුලී නිවෙස් හිමිකරුවන් ඇයගෙන් විවාහක අවිවාහක බව විමසමින් ස්වාමිපුරුෂයකු නැතිව කුලිය ගෙවන්නේ කෙසේද යන්න විනිශ්චය කරන විටය. ඇතැම් බදු දෙන්නෝ එහි අන්තයටම යමින් අවිවාහක කාන්තාවන් තම පරිශ්‍රය තුළ තබා ගැනීමට අකමැත්ත ඒ මවුවරුන්ට ප්‍රකාශ කරති. මෙවැනි සමාජ ආකල්ප නිසා නිවෙසක් කුලියට ගැනීම වැනි සරල කටයුත්තක් අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. එනිසා නැවතත් අප තනි මවුවරුන්ට සහයෝගය දිය යුතු අවස්ථාවක අපි  කරුණු තවත් දුෂ්කර බවට පත් කරන්නෙමු.

රැකවලා සහ සැපයුම්කරු

මූල්‍ය උපකාරයක් නැති තනි මවුවරුන් ඔවුන්ගේ පවුල්වලට සහාය වීම සඳහා වැඩ කළ යුතුව තිබේ. මෙය ද සංකීර්ණ කටයුත්තක් වන්නේ පිරිමියා සැපයුම්කරු ලෙසත් ගැහැනිය රැකවරණය සපයන්නා ලෙසත් දකින සමාජයක් තුළය. මේ භූමිකා දෙකම දරන තනි මවුවරුන්ට දරුවන් රැකබලා ගැනීම සංකීර්ණ කරුණක් වේ. පූර්ණ කාලීන රාජකාරියේ යෙදෙන මවකට නිවෙසේදී වැටුප් රහිත රැකවරණ කාර්යයන් වන ගෘහපාලනය, ආහාර, බිල්පත්, පිළිසකර කිරීම්, බඩුමූට්ටු ගෙන ඒම ආදී සියල්ල ද කිරීමට සිදු වේ. එහෙත් දරුවන්ගේ පාසල් කටයුතු ආදියට මවගේ සහයෝගය බලාපොරොත්තු වන විට ඒ සඳහා කාලය සොයා ගැනීමේදී මේ සියල්ල අදාළ වන්නේ නැත්තේ අප එය කිසිදු පැමිණිල්ලකින් තොරව වැඩ කරන ඇයට වෙලාව ඇතත් නැතත් කළ යුතු දෙයක් ලෙස කාන්තාවන් මත ඒ වැදගත් කටයුතු සියල්ල පවරණ නිසාය. පූර්ණකාලීනව සේවයේ යෙදිය යුතු මවකට දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ද ගෙවීමට සිදු වීම අමතර මූල්‍ය බරකි. තවදුරටත් එය ‘හොඳ මවක‘ගේ කටයුතු සියල්ල සම්පූර්ණ කිරීම සඳහා නිවෙසේ රැඳීමට සුළු කාලයක් සපයයි. මේ බැඳීම් සියල්ල සමාජයේ ඇස් පනාපිට සම්පූර්ණ නොවන විට, අප සිතන්නේ දරුවන් පිළිබඳ කිසිදු සැලකිලිමත් බවක් නැති ආකාරයක් ලෙස මෙන්ම එය තවදුරටත් තනිකඩ මවට අපහාස කිරීමේ ක්‍රමයක් ලෙස ද යොදා ගනී. 

සමාජ විනිශ්චය

තවද විනිශ්චයේ චින්තනයෙන් ඔබ්බට ගොස් ස්වාධීනව, විවාහ බන්ධනයෙන් පිට දරුවන් ඇති දැඩි කරන මවුවරුන්ට දඬුවම් කිරීමේ  ප්‍රවණතාවක් දක්නට තිබේ. ඒ මව මිතුරන් හෝ අමුත්තන් ආශ්‍රය කරන්නේ නම් ඒ දෙස බලා සිටින්නෝ ලිංගික කටයුතු සම්බන්ධ සැකය මත බලධාරීන්ට පැමිණිලි කිරීමට යුහුසුළු වෙති. එය දේවල් තවත් සංකීර්ණ කරයි. මේ කරුණු පිළිබඳ අවබෝධයකින් තොරව පැමිණෙන පොලිස් නිලධාරීන් ද නිරන්තර අවිවාහක මවුවරුන් සමාජ විනිශ්චයට ලක් කරන්නේ එම පසුගාමී සිතිවිල්ලෙන්මය. නිරන්තර තනි මවුවරුන් පොලිස් ස්ථාන වෙත රැගෙන එන්නේත් පිටතට ඇද දමන්නේත් පොලිසියේ සැබෑ වගකීමට එහා ගිය ප්‍රශ්න මාලාවක්ද සහිතවය. බොහෝ පොලිස් ස්ථානවල කාන්තා හා ළමා කටයුතු සම්බන්ධ කවුළුවක් තිබුණද එයින් මේ විනිශ්චය පිළිබඳ අවබෝධය අවම කිරීම සිදුවන්නේ ඉතා සුළුවෙනි, එයට හේතුව එහි කාන්තා නිලධාරිනියන් සමාජයේ අනෙක් විවාහක කාන්තාවන් මෙන්ම අවිවාහක කාන්තාවන් පිළිබඳ එකම තීන්දුවකට යොමු වීමට පෙලඹීමයි. එනම් ඔවුන් බොහෝ විට අපකීර්තියට ලක් වූ කාන්තාවන් සේම දඬුවම් ලැබිය යුතු අතර සමාජයේ කොනකට කර තැබිය යුතු බවටය.   

සමාජය විසින් බලාපොරොත්තු වන වගකීම් තම දරුවන්ට ඵලදායී ලෙස ඉටුකරන විවාහක මවකගේ භූමිකාවට අප සමාජීය වැදගත්කමක් ලබා දීම නිසා ඒ පරමාදර්ශයට නොගැළපෙන මවුවරුන් පිළිගැනීමට අප තබා ඇත්තේ සුළු ඉඩකඩකි. ඒ අවිවාහක මවුවරුන් සාමාන්‍ය සමාජයට පිළි නොගැනීම නිසා අප සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කරන්නේ තනිකඩ මවුවරුන්ට පමණක් නොවේ, අපි සමාජයට අපෙන් ඉටුවිය යුතු යුතුකම් ද ඒ සමඟ පැහැර හරින්නෙමු. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts