වෙනස්කොට සැලකීම ආයතනගත කළ වෛරසය (2 කොටස)
නෙවිල් උදිත වීරසිංහ
මුස්ලිම් ආධිපත්‍යය සහිත ප්‍රදේශයක් ලෙස සැලකෙන බටහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගරයේ සිදුවීම හරහා මුල්පිම් ප්‍රජාවට කොවිඩ්-19 තත්වය තුළ වෙනස් කොට සැලකීම ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත්විය. “ශ්‍රී ලංකාව සිංහල අලුත් අවුරුද්ද භුක්ති විඳීම” අහිමි කළ බවට බේරුවල කොවිඩ්-19 රෝගීන් දෙදෙනෙකුට චෝදනා කළ සෞඛ්‍ය නිලධාරියෙකුගේ ප්‍රකාශයක් දෙරන රූපවාහිනී නාලිකාවේ විකාශනය කෙරිනි. මෙහිදී “බේරුවල ජනයා” යන විශේෂනය භාවිතාවන ආකාරය අපට දැකගතහැකිවිය.
ආගමික කටයුතු සඳහා මුස්ලිම්වරුන් “පොලිස් ඇඳිරි නීතිය” කඩ කරන බවට වූ දුස්තොරතුරු ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල පුළුල් ලෙස පැතිර ගියේය. හොරොපාතානහි ආගමික කටයුතුවලට සහභාගි වූවාය යන චෝදනාව යටතේ මුස්ලිම්වරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු, සමහර සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව චෝදනා පතුරුවා හරින අයුරු නිරීක්ෂනය කලහැකිවිය(IMADR).
2020 මාර්තු 20 වන සිකුරාදා කොළඹ ජමිඋල් අල්ෆාර් ජුම්මා මස්ජිඩ් මුස්ලිම් දේවස්ථානයේ යාඥාවක් පැවැත්වූ බවට සාවද්‍ය ප්රවෘත්ති වාර්තාවන් ‘අද දෙරණ’ විසින් ප්‍රකාශකිරීමට විරෝදය පලකරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය විසින් මාර්තු 27 වන දින ‘අද දෙරණ ප්රවෘත්ති’ වෙත ලිපියක් යවන ලදි. 2019 දී මුස්ලිම් පල්ලියක පැවති ආගමික මෙහෙයක වීඩියෝවක් භාවිතා කරමින්, ඇඳිරි නීතිය අතරතුර මුස්ලිම්වරුන් විශාල ආගමික මෙහෙයක් සිදුකල බවට චෝදනා කරමින් 2020 මාර්තු මාසයේදී හිරු රූපවාහිනී නාලිකාව විසින් සාවද්‍ය ප්රවෘත්තිවක් ප්‍රචාරය කරනු ලැබිනි (FACT Crescendo, 2020 March). වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ බෙදාහරිනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණ අතර, මෙම සිදුවීම් සම්බන්දයෙන් මාධ්‍ය ආයතනවලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න තවමත් පැහැදිලි නැත. මේ අතර, කිසිදු විරෝධයකට මුහුණ නොදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සාමූහිකව පිරිත් සච්ජායනාවන් පැවැත්වීමට බෞද්ධ කණ්ඩායම්වලට හැකි විය(Ground views 03, 2020).
සමාජ මාධ්‍ය තුළ මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශයන් සහිත අන්තර්ගතයන් සහ හඩපට වේගයෙන් සංසරණය වීම සම්බන්දයෙන් 2020 අප්‍රියෙල් 12 වන දින ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලය සහ කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි සම්මේලනය ඇතුළු සංවිධාන සමූහයක් පොලිස්පතිවරයාට පැමිණිලි කෙරිනි. එම එක් ශ්‍රව්‍ය පටයක ශ්‍රී ලංකා සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාවද පටිගත කෙරී ඇති බව පැමිණිලිකරුවන් විසින් සදහන් කර තිබිනි.
කොවිඩ්–19 ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහ ආදාහනය අනිවාර්ය කිරීම සම්බන්දයෙන් 2020 මාර්තු 31 වන දින රජය ගනුලැබූ තීරණය බොහෝ දෙනා සලකනු ලබන්නේ මහජන සෞඛ්‍ය පියවරක් ලෙස නොව සුළුතර මුස්ලිම්වරුන්ට එරෙහි වෙනස්කොට සැලකීම ආයතන ගතවීමේ ප්රකාශනයක් ලෙසය.
කොවිඩ්-19 ව්‍යාප්ත වීම සම්බන්දයෙන් ජනවාර්ගික හෝ ආගමික ප්‍රජාවන් ගැරහීමට ලක්කිරීම “තරයේ හෙළා දකින” ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් 2020 අප්‍රේල් 8 වන දින ඒකාබද්ධ ලිපියක් මගින් රජයයේ අවධානය නැවත යොමුකෙරිනි. එමෙන්ම මුස්ලිම්වරුන්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහි වෛරී ප්‍රකාශයන් වැඩිවීමට එරෙහි පියවර පිළිබඳ තොරතුරු ද රජයෙන් ඉල්ලා සිටින ලදී(LKA 2/2020).