කවිෂ්ක ජයවර්ධන.

ශ්‍රී ලංකාව සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික වශයෙන් අස්ථාවර වූ, දේශපාලනික වශයෙන් ප්‍රමාණාත්මකව නොදියුණු ලෝකයේ රටවල් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටි. ඉන් ප්‍රධාන එකක් වනුයේ වෘත්තිකයන්ගේ රට හැර යාම නිසා උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ ක්ෂේත්‍රවලට සැලකිය යුතු ආකාරයක පසුබෑමක් පැවතිමය. විශිෂ්ට විද්‍යාත්මක, අධ්‍යාපනික, තාක්ෂණික සහ වෘත්තීය දැනුමක් ලබා ගත් පුද්ගලයන් ගුණාත්මක වඩාත් යහපත් ජිවිත අපේක්ෂාවෙන් විදේශ රටවලට යොමුවීම, සංවර්ධනය වෙමින් පවතින රටවල පර්යේෂණ ප්‍රතිඵල සහ අධ්‍යාපනික ගුණාත්මකභාවය අඩුවීමක් සහ තිරසාරභාවයට අවධානමක් බවට පත්වේ.මෙය වෙනත් සමාජිය අර්බුද රාශියකටද මුල පිරිමකි.
සීමාසහිත අධ්‍යාපනික අවස්ථා, ගුණාත්මක ජීවන තත්ත්වය හා වෘත්තීය අවස්ථා අහිමිවිම වෘත්තිකයන් රට හැර යාමට ඇති ප්‍රධාන හේතුවකි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ වෘත්තීය සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් ආයෝජන නොමැතිකම, අවම ගෙවීම් ක්‍රමවේද සහ වැඩකරන පරිසරයේ පවතින සංකීර්ණතා නිසා වෘත්තීයවේදීන් විදේශ රටවලට යොමු වීමට කටයුතු කරති. (තල්ලු කිරීමේ සාධක – අර්න්සට්ස් රැවන්ස්ටීන් සංක්‍රමණ නීති) විදේශ රටවල වැඩි වැටුප්, ගුණාත්මක ජීවන තත්ත්වයන්, අවම වෘත්තීය පීඩනය (state of the global workplace – 2024 report -GAPLLUP) සහ වෘත්තික වර්ධනයට අවස්ථා ලැබීම මෙම ක්‍රියාවලිය තවදුරටත් දිරිමත් කරයි. (ඇද ගැනීමේ සාධක – අර්න්සට්ස් රැවන්ස්ටීන් සංක්‍රමණ නීති)
රට තුළ පැවති විවිධ වාතාවරණයන් හමුවේ ශ්‍රී ලාංකික වෘත්තිකයින් විශාල ප්‍රමාණයක් රට හැර ගිය අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ SLBFE හි නවතම දත්ත වලට අනුව ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 311,056 ක් 2022 දී විදේශ රැකියා සඳහා රට හැර ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 29,000 කට අධික පිරිසකගේ මාසික පිටත්වීම් අනුපාතයක් ඇති විය. (ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය, 2022)
වෙනත් වෘත්තීය පරිලෝකනයන්ට සාපේක්ෂව අධ්‍යාපනික වෘත්තිකයින් රට හැර යාම (බුද්ධි ගලනය- Brain- Drain) උසස් අධ්‍යාපනයේ තිරසාරභාවයට, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, සහ අධ්‍යාපනික විශිෂ්ටතා මධ්‍යස්ථානවල වැඩිම ප්‍රතිඵල දක්වන අධ්‍යාපන වෘත්තිකයන්ගේ අහිමි වීම, විද්‍යාත්මක පර්යේෂණ හා නව සොයා ගැනීම්වල පහත වැටීමකට හේතු සාධක සපයයි. ඉන් පසු වෘත්තීය ගුණාත්මකභාවය අඩුවීමක්, ආචාර්ය මණ්ඩලයේ දුර්වලතා, සහ පර්යේෂණ ප්‍රවණතාවයන් අඩුවීමක් අධ්‍යයන ක්ෂේත්‍රවල තත්ත්වය පහල යාමට හේතුවේ. 2020-2021 කාලය තුළ පර්යේෂණ කටයුතු සඳහා විදේශ ගමන් කළ ශ්‍රී ලංකා පර්යේෂකයන්ගේ ප්‍රතිශතය 18%ක් ලෙස වාර්තා කර ඇත. (ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන කොමසාරිස් කාර්යාලය, 2022)
නවතම තාක්ෂණය සහ විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳ නව දැනුම් ලබා ගැනීම සහ නවෝත්පාදන සදහා සිසුන් යොමු කරවීමට, න්‍යායික හා ප්‍රායෝගික දැනුමැති නව්‍ය පර්යේෂකයන් පිරිසක් බිහි කිරීමේ ජාතික අභිලාෂය යටපත් වීමත්, පරිපූර්ණ කුසලතා පිරි අධ්‍යයනික වෘත්තීයවේදීන් විදේශ රටවලට යාමෙන්, ශ්‍රී ලංකාවේ පර්යේෂණ ප්‍රවණතාවය සහ ඒවායේ ගුණාත්මකභාවය කෙරෙහි ගැටළු ඇති වීම හා ප්‍රතිඵලදායක නොවීම වැනි කරුණු දත්ත සම්පාදනය කළ විශ්වවිද්‍යාල වෘත්තිකයින්ගේ අදහසයි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ 2021 වාර්තාවට අනුව, 2020-2021 කාලය තුළ විදේශ ගමන් කළ වෘත්තීකයන් නිසා රටේ සමාජ, ආර්ථික, සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව 30% කින් අඩු වී ඇත. (ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව, 2021)
විදේශ ආයෝජකයන් හා පර්යේෂණ අරමුදල් හිඟය, පර්යේෂණ කටයුතු සඳහා අර්ථමය අවස්ථා අඩුවීම, සහ නවෝත්පාදන පසුබෑමක් ඇති වීමේන් පර්‍යේෂණයන්ගේ සැබෑ වැදගත්කම හදුනා නොගත් පාලක පරිපාලක පිරිසක් හේතුවෙන් වෘත්තිකයින් රට තුළ ම රදවා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් නොකරන බව ඔවුන්ගේ මතවාද අතර දැක්විය හැකිය.
අධ්‍යාපනයේ සහ පර්යේෂණවල තිරසාරභාවයට මෙම වෘත්තිකයන්ගේ පිටවීමේ ක්‍රියාවලිය විශාල අභියෝගයක් පමණක් නොව රටේ ආර්ථිකයට හා සමාජීය සංවර්ධනයටද බලපායි. රට තුළ ඔවුන් දිරිමත් කළහැකි නව ආකෘති ඇති කරමින්, වෘත්තිකයන් රට තුළ රදවා ගැනීම සඳහා හොඳ වැටුප් සහ වෘත්තීයව කාර්යබහුල කළමනාකරණ පද්ධති හඳුන්වා දීම සහ ඒ සදහා අවශ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගැනීම කාලීන අවශ්‍යතාවයක් වේ. එසේම විදේශී ආයෝජන අවස්ථා පුළුල් කරමින්, පර්යේෂණ අරමුදල් වැඩි කිරීම සහ අධ්‍යාපන ආයතනවල පදනම වන ඉහළ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය වේ. තවදුරටත් වෘත්තිකයන්ගේ රට හැර යාම, රටේ උසස් අධ්‍යාපනය සහ පර්යේෂණවල තිරසාරභාවය පමණක් නොව, රටේ නවෝත්පාදන හා ආර්ථික ප්‍රගතියටද දැඩි අභියෝගයක් මතු කරයි. මෙම ගැටලුව සමනය කිරීමට රට තුළ ගුණාත්මක ඉගැන්වීම් පද්ධති සහ පර්යේෂණ අරමුදල් වර්ධනය කිරීම සඳහා කාර්යක්ෂම වැඩසටහන් හඳුන්වා දීම වැදගත් වේ.
ආශ්‍රිත ග්‍රන්ථ
1. ශ්‍රී ලංකා ජනගහණ හා නිවෙස් සැලසුම් දෙපාර්තමේන්තුව, (2021), ශ්‍රී ලංකා ජනගහණ වාර්තාව.
2. පිරිස්, K., (2022), “උසස් අධ්‍යාපනෙහි අභියෝග සහ තිරසාරභාවය”, උසස් අධ්‍යාපන විද්‍යා පර්යේෂණය
3. පතිරණ, M., (2023), “ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ පිටවීම: ආර්ථික හා සමාජ බලපෑම්”, සමාජ විද්‍යා ගවේෂණය
4. ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව, 2021
5. ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන කොමසාරිස් කාර්යාලය, 2022
6.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය, 2022
7. State of the global workplace – 2024 report GAPLLUP