තොරතුරු දැනගැනීමේ අයිතිය

වත්කම් හෙළි නොකළ මැති ඇමතිවරු

චාමර සම්පත්

මේවනතුරු අල්ලස් හෝ දුෂණය වෙනම කොටසක් ලෙසද වත්කම් බැරකම් වෙනම කොටසක් ලෙසද පැවතුන අතර රජය පසුගිය දා ගෙන ආ නව නීතිය මගින් මේ සියල්ල එක්කර එක් පනත් පනට පත්කර තිබේ. මෙලෙස අලුත් වත්කම් බැරකම් නීතිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගෙන් විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය.

“පරණ වත්කම් පනතට වඩා බොහොම පොහොසත් ප්‍රතිපාදන මේ නව පනතේ තිබෙනවා. මෙතෙක් වත්කම්බැරකම් ප්‍රකාශ ලබාදීමට නියමවී තිබුණු කොට්ඨාශයට වඩා වත්කම් බැරකම් ලබාදිය යුතු ප්‍රමාණය වැඩි කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා , ආණ්ඩුකාරවරුන් , පළාත් සභා මැති ඇමතිවරුන් , පළාත් පාලන ආයතන සභිකවරුන් , සියලුම මහජන නියෝජිතයින්ගේ කාර්ය මණ්ඩල , මහජන සංස්ථාවල නිලදාරීන් , දේශපාලන පක්ෂවල සියලු තනතුරු හොබවන්නන් , මැතිවරණ සඳහා අයදුම්කරන සියලු අපේක්ෂකයින්  කොමිෂන් වල සභාපති ඇතුළු සාමාජිකයින් ලංකාව නියෝජනය කරන තනාපතිවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු කාණ්ඩයට ඇතුළත් වෙනවා. ඒවගේම තීරණාත්මත රාජකාරි කරන මැද පංතියේ නිලදාරීන් සිටින බොහෝ රාජ්‍ය ආයතන තිබෙනවා . ඔවුන්ද මේ යටතට අයත් වෙනවා. ඒවගේම අල්ලස් ලබාගැනීමට හේතුවන තනතුරු දරන නිලධාරීන් සම්බන්ධයෙන් අවධානය යොමුකරන ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට අදාළ රෙගුලාසි නිකුත් කරන්න කොමිෂන් සභාවට බලය තිබෙනවා. ඒවගේම තවදුරටත් වත්කම්  බැරකම් ලබාදිය යුත්තේ කවුදැයි තිරණය කිරීමට කොමිෂන් සභාවට දැන් හැකියාව තිබෙනවා.” 

“පරණ පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ පමණයි ලබාදුන්නේ. නමුත් මේ අලුත් නිතිය යටතේ වත්කම් බැරකම් වගේම ආදායම් වියදම් ලබාදීමත් අනිවාර්යයි.  එවගේම ඔවුන්ගේ අනිතුත් බැදියාවන් අනාවර්ණය කිරීම අනිවාර්යයි.    ඒවගේම තමන්ගේ ආදායම හදිසියේම රුපියල් මිලියන 02 ට වඩා වැඩි උවහොත් වත්කම් බැරකම් ප්‍රකාශය යාවත්කාලීන කිරිම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. මින් ඉදිරියට වත්කම් බැරකම් ප්‍රකාශය අතින් ලියා සම්පුර්ණ කර ලබාදිය යුතු නැහැ. එය ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට මාර්ගගත ක්‍රමට ඔස්සේ ලබාදීමට හැකියාව තිබෙනවා. එලෙස එය යාවත්කාලීන කළ සැනින් අදාළ පුද්ගලයාට සහ ආයතන ප්‍රධානියාට ඒ පිළිබඳ රිසිට්පතක් ලැබෙනවා. ඒවගේම වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට පාර්ලිමේන්තුවට වගේ විවිධ තැන්වලට ලබාදිය යුතු නැහැ.  සියලු දෙනා වත්කම් බැරකම් ලබාදිය යුතු වන්නේ එකම ස්ථානයකට පමණයි. ඒ අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ එකකයටයි. ජනාධිපතිවරයාද තම වත්කම් බැරකම් ප්‍රකාශය ලබාදිය යුතු වන්නේ ද එම ඒකකයට. මෙම විශේෂ ඒකකයට රටේ අනිතුත් ආයතන හා සම්බන්ධ වෙමින් අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා.”

 නියමිත දිනයට වත්කම් නොදෙන අය

නියමිත දිනයට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන පුද්ගලයින්ට නව නීතිය යටතේ එකවරම නඩු පවරන්නේ නැහැ. ඔවුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන්න මාසයක්  ප්‍රමාද  උනොත් මාසයක වැටුපට සමාන අධිබාරයක් අයකරනවා මාස දෙකක් පරක්කු උනොත් මාස 06 ක වැටුපට සමාන අධිබාරයක් ගන්නවා. මාස තුක් පරක්කු කළොත් නඩු දමනවා.  වත්කම් බැරකම් ප්‍රකාශ නොදීම , ප්‍රමාද කිරීම සහ අසත්‍ය තොරතුරු දීම , යන වැරදි වලට කලින් පැවති රුපියල් 1000 ක දඩය වෙනුවට දඩය රුපියල් ලක්ෂ 02 සහ වසරක සිරදඩුවමක් ලෙස සංශෝධනය කර තිබෙනවා. මෙය ලොකු වෙනසක් වෙයි කියලා අපි  විශ්වාස කරනවා.” යැයි සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව නියමිත දිනයට වත්කම් බැරකම් නොදුන් පිරිසක් සම්බන්ධයෙන් මේවනවිට අනාවරණය වීතිබේ. නව පනත යටතේම  මේ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට දැන් හැකියාව තිබේ. (වත්කම් ලබාදුන් ඇමති මණ්ඩලයේ පිරිස ඉහතින් සඳහන් කර ඇති අතර වත්මන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන පිරිස පහතින් සඳහන් කර ඇත.)

වත්මන් අමාත්‍ය මණ්ඩලය

(01) රනිල් වික්‍රමසිංහ මහතා – ආරක්ෂක අමාත්‍ය , මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය , තාක්ෂණ අමාත්‍ය , ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය , කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය

(02) දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

(03) නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය

(04) පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය – වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

(05) ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය

(06) (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා – අධ්‍යාපන අමාත්‍ය

(07) (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ජනමාධ්‍ය අමාත්‍ය

(08) (ආචාර්ය) කෙහෙළිය රඔුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය

(09) මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍යවත්කම් බැරකම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යම් ප්‍රමාණයක නීති පැවතියද මේ වනතුරු ඒවා නිසි අයුරින් බලාත්මක වි නොමැත. ඒසඳහා හොදම උදාහරණය වන්නේ මහජන නියෝජතියින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලිමයි. තොරතුරු පනත මගින් මේ සම්බන්ධයෙන් සොයාබැලීමේදී අනාවරණය වුයේ වත්මන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය ( ඇමති සහ රාජ්‍ය ඇමති සියල්ල) කරන පිරිස අතරින් 24 කු මේවසරට අදාළ  වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බවය. මේවනවිට  ඊට අදාල නිති යාවත්කාලින වි ඇති බැවින් ඒ පිලබද අවධානය යොමු කිරිම කාලෝචිතය.

ජනාධිපති කාර්යාලට ලබාදෙන වත්කම් බැරකම්

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය , රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම කතානායකවරයාද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට ලබාදිය යුතුව ඇත. සාමාන්‍යයෙන් අදාළ වර්ෂයේ මාර්තු මස 31 දා දක්වා වන වත්කම් බැරකම් සම්බන්ධයෙන් ජුනි 30 ට පෙර ලබාදිය යුතුය. ඒ අනුව 2023 ගතවන වර්ෂයට අදාළව මෙලෙස අමාත්‍ය මණ්ඩලයෙන් වත්කම් බැරකම් ලබාදී ඇත්තේ 36 කු පමණි.

මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති  අය මෙසේය,

අගමැති දිනේශ් ගුණවර්ධන මහතා , කතානායක මහින්ද යාපා අබේවර්ධනය මහතා , කෙහෙලිය රඹුක්වැල්ල මහතා, ප්‍රසන්න රණතුංග මහතා, බන්ධුල ගුණවර්ධන මහතා, නිමල් සිරිපාල ද සිල්වා මහතා, එම් යු එම් අලි සබ්‍රි මහතා , රංජිත් සියඹලාපිටිය මහතා ,විදුර වික්‍රමනායක මහතා , සුසිල් ප්‍රේමජයන්ත මහතා, කාංචන විජේසේකර මහතා , ටිරාන් අලස් මහතා , වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ,නසීර් අහමඩ් මහතා ,ජීවන් තොන්ඩමාන් මහතා ,මහින්ද අමරවීර මහතා ,රොෂාන් රණසිංහ මහතා , සිරිපාල ගම්ලත් මහතා , තේනුක විදානගමගේ මහතා , ශෙහාන් සේමසිංහ මහතා , කනත හේරත් මහතා , තාරක බාලසුරිය මහතා , සීතා අරඹේපොල මහත්මිය , ගීතා කුමාරසිංහ මහත්මිය , සිසිර ජයකොඩි මහතා , අශෝක ප්‍රියන්ත මහතා , අනුරාධ ජයරත්න මහතා, මොහාන් ප්‍රියදර්ශන මහතා , අරවින්ද කුමාර් මහතා , ප්‍රමිත තෙන්කකොන් මහතා , චාමර සම්පත් දසනායක මහතා , විජිත බේරුගොඩ මහතා, ඩී බී හේරත් මහතා , පියල් නිශාන්ත මහතා , ජගත් පුෂ්පකුමාර මහතා යන අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන මැති ඇමතිවරුන්ය.

නීතිය කඩකරලා 

 වත්කම් බැරකම් ලබාදිය යුතු බවට සඳහන් සියලුදෙනා අදාළ වර්ෂයට අදාළ සිය වත්කම් බැරකම් සම්බන්ධයෙන් තොරතුරු රජයේ අදාළ පාර්ශව වෙත ලබාදිය යුතු වන අතර එලෙස ලබානොදුන් පිරිස වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට මේවනවිට බලය ලැබී තිබේ.

අලුත් වු වත්නම් නීතිය

(10) (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය

(11) හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය

(12) (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය , කර්මාන්ත අමාත්‍ය

(13) ප්‍රසන්න රණතුංග මහතා – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

(14) අලි සබ්රි මහතා – විදේශ කටයුතු අමාත්‍ය

(15) විදුර වික්‍රමනායක මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

(16) කංචන විජේසේකර මහතා – විදුලිබල හා බලශක්ති අමාත්‍ය

(17) නසීර් අහමඩ් මහතා -පරිසර අමාත්‍ය

(18) රොෂාන් රණසිංහ මහතා -වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

(19) මනුෂ නානායක්කාර මහතා -කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

(20) ටිරාන් අලස් මහතා -මහජන ආරක්ෂක අමාත්‍ය

(21) නලින් ප්‍රනාන්දු මහතා -වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

(22) ජීවන් තොන්ඩමන් මහතා -ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව

(23) ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

(24) රංජිත් සියඹලාපිටිය මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

(25) ලසන්ත අලගියවන්න මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

(26) දිලුම් අමුණුගම මහතා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

(27) කනක හේරත් මහතා – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

(28) ජානක වක්කුඹුර මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

(29) ශෙහාන් සේමසිංහ මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

(30) මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

(31) තේනුක විදානගමගේ මහතා – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය

(32) ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

(33) රෝහණ දිසානායක මහතා – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය

(34) අරුන්දික ප්‍රනාන්දු මහතා – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය

(35) විජිත බේරුගොඩ මහතා – පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

(36) ලොහාන් රත්වත්ත මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

(37) තාරක බාලසූරිය මහතා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

(38) ඉන්දික අනුරුද්ධ මහතා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය

(39) සනත් නිශාන්ත මහතා – ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය

(40) සිරිපාල ගමලත් මහතා – මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය

(41) ශාන්ත බණ්ඩාර මහතා – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය

(42) අනුරාධ ජයරත්න මහතා – අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය

(43) එස්. වියාලේන්ද්‍රන් මහතා – වෙළඳ රාජ්‍ය අමාත්‍ය

(44) සිසිර ජයකොඩි මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

(45) පියල් නිශාන්ත ද සිල්වා මහතා – ධීවර රාජ්‍ය අමාත්‍ය

(46) ප්‍රසන්න රණවීර මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

(47) ඩී.වී. චානක මහතා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය

(48) ඩී.බී. හේරත් මහතා – පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

(49) ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා -වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය

(50) සීතා අරඹේපොල මහත්මිය – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය

(51) කාදර් කාදර් මස්තාන් මහතා – ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය 

(52) අශෝක ප්‍රියන්ත මහතා – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

(53) ඒ. අරවින්ද් කුමාර් මහතා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

(54) ගීතා කුමාරසිංහ මහත්මිය – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

(55) සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා -ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

(56) සුරේන්ද්‍ර රාඝවන් මහතා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

(57) ඩයනා ගමගේ මහත්මිය – සංචාරක රාජ්‍ය අමාත්‍ය

(58) චාමර සම්පත් දසනායක මහතා – ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

(59) අනූප පස්කුවල් මහතා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය

(60) ප්‍රේමලාල් ජයසේකර මහතා -වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts