ජූඩ් රෝෂන් මුතුකුඩ

එකල ගැමියන් අස්වැන්න නෙළනා කාලයේ අස්වැන්නෙන් කොටසක් කුරුල්ලන්ට ඉතුරු කරන්නට විය. නමුත් වර්තමානයේ පරිසරය හා මිනිසා අතර ඇති අන්තර් සම්බන්ධතාවය බිදවැටි ඇත. ලෝකයේ දියුණුවත් සමඟ මිනිසා පරිසරය ආක්‍රමනය කිරීමට පටන්ගෙන ඇත.මීට වසර ගණනාවකට පෙර වැඩිහිටියන් කඩයට යන විට රැගෙන යනු ලැබුවේ පන් මල්ලක් නැතහොත් වේවැල් කූඩයකි. එකල අද මෙන් ෂොපින් කවර තිබුණේ නැත. බොහෝ විට සීනි, පිටි ආදිය ද්‍රව්‍ය ඔතනු ලැබුවේ පත්තර කඩදාසි තුළය.එසේම හාල් වැනි ද්‍රව්‍ය දමනු ලැබුවේ එකල ජනප්‍රිය සිමෙන්ති බෑග් තුළය . මස් කඩයේ , මාළු වෙළෙන්දා ලඟ තිබුණේ තේක්ක හබරල කොළයි. 70 දශකයේ අග භාගය වන විට විවෘත ආර්ථික ක්‍රමයේ සම්ප්‍රාප්තියක් සමඟ මෙරට ප්ලාස්ටික් හා ෂොපින් බෑග ව්‍යාප්තවීම ආරම්භ විය. සුපර්මාකට් සංස්කෘතිය ආගමනයත් සමඟ අද වන විට බහුතරයක් ලාංකික ජනතාව ප්ලාස්ටික් අධිකව භාවිතයට පුරුදු වී ඇති අතර ඒවා භාවිතයෙන් පසුවද තමන් අවට පරිසරයට බැහැර කිරීමට පුරුදුව ඇත. ප්ලාස්ටික් අනිසි ලෙස බැහැර කිරීමෙන් පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළු රාශියක් පැන නැගී ඇත. අද ලංකාව තුළ පරිසරයට මුදා හරින ප්ලාස්ටික් ගැටලුවක් ලෙස ඇතමුන් දැක්වූවත් සැබැවින්ම එය අද වනවිට ව්‍යසනතාවයක් දක්වාම වර්ධනය වී ඇත.
අද ප්ලාස්ටික් අධිභාවිතයෙන් ලංකාව මෙන්ම ලෝකයටම ගැටළුවකට වඩා ව්‍යසන තත්වයක් වී ඇත. ලොවපුරා වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 400 ක් නිපදවන නිසා 2080 වන විට මෙය ටොන් මිලියන 1100 වන ඇතැයි ගණන් බලලලා ඇත. ලංකාවතුල දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 938 ජනනය වන අතර එයින් පළාත් පාලන එකතු කරනු ලබන්නේ මෙට්‍රික් ටොත් 300 ක් ලෙස (32%) වන අතර මෙට්‍රික්ටොන් 638 එකතු කරනු නොලැබෙන අතර විවෘත කසල බිම් වලට මෙට්‍රික්ටොන් 261 පුද්ගලිකවවද, නීත්‍යානූකූල නොවන ලෙස මෙට්‍රික් ටොන් 139 ක්ද, ජලයට මෙට්‍රික් ටොන් 8 ක්ද බැහැර කෙරෙන අතර විවෘතව දහනය වන්නේ මෙට්‍රික්ටොන් 419 ක් විනාශ කෙරේ. එසේම දිනකට ආහාර දවටන( ලන්ච් ශීට් )මිලියන 18 ක් හා ෂොපින් බෑග් මිලියන 10 ක්ද පරිසරයට මුදාහරින අතර මසකට යෝගට් කෝප්ප මිලියන 45 ක් පමණ පරිසරයට මුදා හැරේ. 2024-2030 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳව ජාතික සැලැස්මේ දැක්වේ. මිනිස් ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය අතරින් ප්‍රධානතම තැනක් ගන්නේ ප්ලාස්ටික් හා පොලිතින් බව හදුනාගෙන ඇත.වර්තමානය වන විට ලංකාවේ පරිසරය වනසන ප්‍රධාන සතුරා බවට පත්ව ඇත්තේ ප්ලාස්ටික් හා පොලිතින් ය.
සැහැල්ලු බව දිගු කාලීන පැවැත්ම වියදම අඩුකම පහසුවෙන් හැසිරවිය හැකි නිසා ලාංකීය සමාජයේ ජනප්‍රිය පාරීභෝගික ද්‍රව්‍යයක් බවට අද ප්ලාස්ටික් පත්ව ඇත.ලංකාවේ දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 900 ක් 950 ක් අතර ප්‍රමාණයක් ජනනය වේ. එම ප්ලාස්ටික් කසල වලින් නැවත එකතුකර ගත හැකි වන්නේ ටොන් 300 ක් 350 ක් අතර ප්‍රමාණයකි. ඒලෙස එකතු කර ගන්නා ප්ලාස්ටික් වලින් ප්‍රතිචක්‍රිය කරගැනීම සඳහා යොදාගන්නේ ටොන් 40-50 අතර ප්‍රමාණයකි. මේ අනුව පැහැදිලි එක් දිනකට රටේ ජනනය කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් 80% කට වැඩි ප්‍රමාණයක් අවිධිමත්ව පරිසරයට මුදා හරින බවයි.
මෙම තත්වය සොබාදහමෙන් පොහොසත් රටක් ලෙස සෑම ආකාරයෙන්ම රටට අහිතකරයි.ප්ලාස්ටික් ව්‍යසනය හේතුවෙන් ගොඩබිම වාසස්ථානවල ගුණාත්මක භාවයෙන්ද ප්ලාස්ටික් අපද්‍රව්‍ය රටේ දර්ශනීය සුන්දරත්වයට විනාශ කරනවා පමණක් නොව ස්වාභාවික ජල මාර්ග අවහිර වන අතර ප්ලාස්ටික් නොනැසී පැවැත්ම දිගුකාලීන ප්‍රතිවිපාක ඇති කරනු අතර දිරාපත් වු ප්ලාස්ටික් වලින් නිකුත් කරන විෂ රසායනික ද්‍රව්‍ය පසට කාන්දු විය හැක. එමගින් පානීය ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා ජලයද දූෂණය කරයි.
ලංකාව සොබාව සෞන්දර්යය අතින් සහ ජෛව විවිධත්වය අතින්ද පොහොසත් රටක් ලෙස ලෝකය පුරා නමක් දිනා සිටියි. එවැනි දෙස් විදෙස් සංචාරකයන් නොමද ආකර්ශණයට පාත්‍රවී ඇත. එහෙත් අධික පරිසර දූෂක කාරකයක් වන ප්ලාස්ටික් .ලාංකේය ධරණිය තුල අද වන විට භෞතික පරිසරය ගංගා ඇළ දෙලෙ මෙන්ම අභ්‍යන්තර ජල පද්දතින් වන වැව් පොකුණු ආදියද කලපු තීරයද අප රටට වටා ඇති මුහුදු තීරයද ප්ලාස්ටික් පොලිතින් නිසා දූෂණයට ලක්වන බව නොරහසකි. රට අභ්‍යන්තරයේ අවධිමත්ව ඉවතලන ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු කැලි කසල ගංගා ඇළදොළ හරහා සාගරයට වැටී වෙරළ කලාපයට පැමිණිමෙන් අප රටේ සුන්දර වෙරළ තීරය දූෂණය වේ. තවද ශ්‍රී ලංකාව ආසන්න මුහුදු මාර්ගය තුළින් ශ්‍රි ලංකාව අසලින් ගමන් ගන්නා නැව් මගින් අපගේ ඈත මුහුදට විවිධ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැබැරලීම නිසා එම සාගරය හරහා යන දියවැල් මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගසාගෙනවිත් අපගේ වෙරළ කලාපය දූෂණය කරයි.
ඉන්දියාව, බුරුමය, තායිලන්තය සහ බංගලිදේශය යන රටවලින් නිකුත්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරය හරහා ශ්‍රී ලංකා වෙරල කලාපයට ඇතුලත් විමක් සිදුවේ.ලංකාවේ සාගරය පමණක් නොව ගොඩබිම තුලත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල තෙත් බිම් ප්‍රමාණයක් ආක්‍රමණය කර ඇත. මේ වන විට කසල විවෘත බැහැර කිරීම බිම් ගණනය 349ක් හෙළි කරයි. රටෙහි බහුලව භාවිතා වන විවිධ ප්ලාස්ටික් වර්ග වලින් 50% කට වැඩි ප්‍රමාණයක් මෙම බිම් වල අවධිමත්ව බැහැර කෙරෙන බව සොයා ගෙන ඇත.ප්ලාස්ටික් ස්වාභාවය දිරාපත් වීමට වසර 500 කට වැඩි කාලයක් ගත වන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත..
මිනිසා විසින් සිදුකරන පරිසර දූෂණය සැලකීමේදි ප්ලාස්ටික් මඟින් පරිසරයට වන අනර්ථය ඉතා ඉහළ මට්ටමක් ගනී. නිෂ්පාදන ලාභදායි, පහසුවෙන් ලබා ගත හැකි වීම, පහසුවෙන් ප්‍රවාහනය කල හැකිවීම කල් පැවැත්ම හා ඉවත දැමීමේ පහසුව නිසාත් ප්ලාස්ටික් වර්තමානයේ බහුලව භාවිතා වන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. තවද ප්ලාස්ටික් ද්‍රව්‍ය දහනයේදී වායු දූෂණයවේ. ප්‍රධාන මූලාශ්‍ර වන ශරීරයට අහිතකර රසායන වන ඩයොක්සීන්, ෆියුරාන් වැනි විෂ වායු ගෝලයට මුදාහරින නිසා එමගින් වායු ගෝලය දූෂණය වේ. පරිසරයට එකතුවන විවිධ ප්ලාස්ටික් වර්ග පාරිසරික හෝ මිනිස් ක්‍රියාකාරක්ම් හේතුවෙන් ඉවත් කිරීම අක්‍රමවත් හැඩයෙන් යුක්ත කුඩා කොටස් බවට පත්වේ. නිෂ්පාදන යේදි මිලිමිටර 5 වඩා ප්‍රමාණයක් ප්‍රාථමික ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස හදුන්වනු ලබන අතර රෙදි නිෂ්පාදනයේදී භාවිතාවන කෘතිම තන්තු වැඩි වශයෙන් පරිසරයට එක්වීමද රෙදිපිලි කර්මාන්තය මගින් මඟින් ද්විතීක ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරිසරයට මුදාහැරේ.මයික්‍රෝ මීටර් 1ට වඩා ප්‍රමාණයෙන් අඩු ප්ලාස්ටික් කොටස් නැනෝ ප්ලාස්ටික ලෙ හැදින් වේ
ප්ලාස්ටික් නිෂ්පාදනය කුඩා කොටස් වලට කැඩීම සහා ප්ලාස්ටික් වර්ණ ගැන්වීම වැනි ක්‍රියාවලියේදි පරිසරයට අහිතකර රසායන ද්‍රව්‍ය වායුගෝලයට මුදාහැරිම නිසා විශාල පරිසර දූෂණයක් සිදුවේ.විනිවිදපෙනෙන ස්වරූපය ලබා ගැනීම තාපයට ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීම පහසුවෙන් හැඩය ලබා ගැනීමට ආදි ලක්ෂණ සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරනු ලබන අතර මෙලෙස එකතු කරන ලද රසායනික ද්‍රව්‍ය අතර පිළිකා කාරක සහ බැර ලෝහ අඩංගුවේ.රසායනික ද්‍රව්‍ය සමස්ථ ජීවයේ පැවැත්ම කෙරෙහි ගැටලුකාරීතාවයක් ඇති කරයි. එසේම පරිසර පද්ධතිවල අක්‍රමවත් ලෙස අපද්‍රව්‍ය එක්කිරීම නිසා භූගත ජලයට , පසට විෂ රසායන ද්‍රව්‍ය කාන්දු වීම සිදුවේ. නිසි කළමනාකරණයෙන් තොරව ඉහවතලන කසල , මිනිස් ජනවාස ප්‍රදේශවල මෙන්ම ඇතැම් වනෝද්‍යාන අසල ප්ලාස්ටික් කසල අනිසි ලෙස බැහැර කිරීම නිසා ආහාර සොයා එන අලි ඇතුන් ඇතුළු වන සතුන් එම කසල ආහාරයට ගැනීම තුලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරයට ආහාර මගින් අවතීරණයවේ. සතුන් මරණයට පත්වන අවස්ථා නිතර නිතර මාධ්‍ය මගින් වාර්තාවේ.
ඉහත කරුණු වලට අමතරවය ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම නිසා ඒවා කාණු හා ඇලමාර්ග වල රැදී වර්ෂා කාලයත් සමඟ ජල ප්‍රවාහන පද්ධති අවහිර වීම නිසා ගංගා පිටාර ගැලීම නිසා ගංවතුර තත්වයන් ඇතිවී නොයෙකුත් වංසගත රෝ බෝවන අවධානමක් පවති. මෙයට අමතරව ජලජ පක්ෂීන්,කැස්බෑවන් මයික්‍රෝ ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා භූමියේ සිටින ජීවින්ට මෙන්ම සාගර ජිවින්ටද ප්ලාස්ටික් පොලිතින් දැඩි තර්ජනයක් වී ඇත.ඇතිවේ. එසේම ලාංකික ජලජ පරිසර පද්ධතිය තුල ජෛව විවිධත්වය සුරකින කඩොලාන පරිසරය මගින් පරසර සමබරතාවය රැකිමට දක්වන දායකත්වය ඉතා විශිෂ්ට වේ.අවාසනාවකට මෙන් කඩෝලාන පරිසරය ආශ්‍රිතව අවධිමත්ව ඉවතලන ප්ලාස්ටික්,පොලිතින්,ධිවර දැල්,නයිලෝන් ලනු ආදිය කඩොලාන තුල රැදීම නිසා එම ශාකවල වායව මූල පද්ධතිය තුල පැටලිම නිසා කඩොලාන ශාක පද්දති විනාශවිමේ දැඩි අවදානමක් පවති. එය මෙරට ජෛව විවිධත්වයට එල්ලවු මරු පහරකි.එය ජලජ මසුන්ගේ ජනනයට විශාල බාධාවකි.මසුන්ගේ පැවැත්ම තීරණය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ගෙනෙන කඩොලාන පරිසර පද්ධතිය, ප්ලාස්ටික් සහ පොලිතින් මගින් සිදුවන හානිය සුළුපටු නොවේ.
ප්ලාස්ටික් ව්‍යසනය හේතුවෙන් මිනිස් සෞඛ්‍ය ද අවදානමකට ලක්ව ඇත.BPA (Bispphenol A) හා Poly Chiorinated biphenyl (PCK) වැනි ප්ලාස්ටික් වලඇති රසායනික ද්‍රව්‍ය ආහාර සහ ජල සැපයුම් වලට කාන්දු වි ජලය පරිභෝජනය කරන විට මෙම විෂ ද්‍රව්‍ය අන්තරාසර්ග පද්ධතියට බලපෑම් කල හැකි අතර හෝමෝන අසමතුලිතතාව සහ ප්‍රජනක ගැටළු,පිළිකා වැනි විවිධ ගැටව මතු විය හැක.
ප්ලාස්ටික් වලින් සිදුවන හානිය අවම කිරිම සදහා අප අදම කටයුතු කල යුතුය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සදහා අප ද්‍රව්‍ය ජනනය අවම කිරිම(Reduse),නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීයකරනය (Recycling) යන තුන් වැදෑරුම් ප්‍රතිපත්තිය(3R) වැදගත් වේ.අපට කලහැකි ප්‍රධානතම කාර්ය වන්නේ අත්‍යවශ්‍ය අවශ්‍ය අවස්ථාවකදී හැර ප්ලාස්ටික් භාණ්ඩ භාවිතය අවම කිරිමයි. එසේම ප්ලාස්ටික් භාණ්ඩ භාවිතය වෙනුවට ඒ වෙනුවෙන් භාවිතා කලහැකි පරසරහිතකාමි විකල්ප භාණ්ඩ භාවිතයට ගැනීම වැදගත්ය. අත්‍ය වශ්‍ය කරුණකදි වුවද ප්ලාස්ටික් නිෂ්පාදනයක් භාවිතා කරන්නේ නම් එය ඉවතලන ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියකට යොමු කලහැකි පරිදි නිසි ලෙස ඒවා බැහැර කිරිම අපේ වගකීම වේ. අධි පරිභෝජනයෙන් මිදිම පරිසර හිතකාමි ක්‍රියාවකි. අනාගත පරපුරටද පිවිතුරු පරිසරයක් දායාද කිරිමේ අරමුණ ඇතිව අප ද්‍රව්‍ය ජනනය අවම කිරිමට නොයෙකුත් ක්‍රමවේද භාවිතා කල හැක.මෙහිදි පාරිභෝගිකයාට විශාල මෙහෙයක් ඉටුකල හැකිය. පාරභෝගිකයන්ගේ ආකල්ප සහ පුරුදු වෙනස් කිරිම ප්‍රධානතම සාධකයකි. පාරිභෝගිකයන් නිසි ප්‍රමාණවලින් මිලදි ගැනීම නාස්තිය වලකා ගැනීම ගැනිම තුළින් අප ද්‍රව්‍ය ජනනය අවම කල හැක.එමෙන්ම කල්පවතින විකල්ප භාවිතය තුලින් නිසි ක්‍රමවේද භාවිතයෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සිට පරිභෝජනය දක්වා ජනනය වන ආහාර ඇසුරුම් අවම කර ගත හැකිය.ප්ලාස්ටික් වලින් සිදුවන විශාල පාරිසරික හානිය අවම කිරීම සදහා ඉටුකලයුතු වැදගත්ම කරුණ වන්නේ ප්ලාස්ටික් භාවිතය සම්බන්දයෙන් මහජනතාව දැනුවත් කිරිම තුළින් ආකල්පමය වෙනසක් සමාජය තුළ ඇතිකිරිමයි. පාසල් මට්ටමේ සිට සමස්ථ සමාජයම දැනුවත් කල යුතුය. මේ යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නියමු පාසල් ව්‍යාපෘතිය ,සොබා දහර ගුවන් විදුලි වැඩසටහන කැපී පෙනේ.මීට අමතරව මධ්‍යම පරිසර අදිකාරිය මගින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් අධි භාවිතය අවම කිරිම සදහා (Resposibility Regulation) නව නීතියක් ජාතික පාරිසරික පණතට ගෙන ඒමට කටයුතු කිරිම පැසසිය යුතුය. ඒ යටතේ ප්ලාස්ටික් හා ඇසුරුම් හා භාණ්ඩ නිෂ්පාදකයා විසින්ම එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරිමේ වගකීම නීතියෙන්ම නියම කෙරේ. ඊට අමතරව සියළු ප්ලාස්ටික් ආශ්‍රිත කර්මාන්ත පරිසර හිතකාමි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමෝපායන් හදුන්වා දී ඇත. ඒ යටතේ එම කර්මාන්ත සදහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදීමේදි පරිසර හිතකාමි අයුරින් ප්ලාස්ටික් නිෂ්පාදනය කෙරෙහි කර්මාන්තකරුවන් පෙළඹවිමටද කටයුතු කර තිබේ.මානව වර්ගයාගේ මෙන්ම සමස්ථ පරිසර පද්ධතියම වෙළාගත් ප්ලාස්ටික් දූෂණයෙන් මහපොළව රැක ගැනිම අප සියළුදෙනාටම පැවරුණු දැඩි වගකීමක් ලෙස සිහි තබා ගතයුතුය.