අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ලංකාවේ ළමා අපයෝජනය පිළිබඳ අවධානය සහ විනිවිධභාවය අඩුකම

භාවනා මොහන්

නිසැකයෙන්ම, 2020 කිසිමදෙයක් සම්බන්ධව ධනාත්මක පසුබිමක් පැවති කාලසීමාවක් නොවේ. කොවිඩ්-19 පැහැදිලිවම ප්‍රබල විපතක් සිදුකළ අතරම වෙනත් ප්‍රපංචයක් ද අපගේ දිවයිනේ කේන්ද්‍රස්ථානයට පැමිණ ඇත: 2020 ජනවාරි මස මුල් සති කිහිපය ඇතුළත ඉතා දරුණු ළමා අපයෝජන සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇත. 

මෙම සන්දර්භය සම්බන්ධයෙන් සමස්ත වසරම වඩා යහපත් වූ එකක් නොවුණි. Stop Child Cruelty Trust නම් දේශීය රාජ්‍ය නොවන සංවිධානය විසින් 2020 ජනවාරි – ජුලි අතර සිදු වූ ළමා අපයෝජනයන් සම්බන්ධ සිද්ධීන් 5000කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව වාර්තා කර ඇත. 

වසරේ මැද වන විට, බොහෝ දරුවන් ප්‍රමාණයක් අපයෝජනයට සහ ඝාතනයට ලක් වී ඇත. පසුගිය ජුනි මාසයේ දී වයස අවුරුදු 6ක දරුවෙකුගේ සිරුරක් යාපනයේ ළිඳක තිබී සොයාගෙන ඇති අතර පශ්චාත්-මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ ඇය, ඉතා බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ගෙළ මිරිකා ඝාතනය කර ඇති බව යි. 

එසේම,  ජුලි මස මීගමුවේ දී මාස 16ක් වයසැති දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කළ බවට සැළකෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

අවුරුදු 10ක ගැහැණු දරුවෙකු සර්පයෙකු දෂ්ටකළ බවට  ව්‍යාජ තොරතුරක් ලබාදෙමින් පුත්තලම රෝහලට ඇගේ මව විසින් ඇතුළත් කළ අතර, ඇගේ බාප්පා විසින් සිදුකළ ලිංගික අපයෝජනයේ ප්‍රථිපල ලෙස අධික ලේ වහනය හේතුවෙන් ඇය මිය ගොස් ඇත. 

එසේම, ලිංගික අපයෝජනය සමඟ ඝාතනය ද සිදුකිරීම ලංකාවේ අලුත් සිදුවීමක් නොවේ. එය, බොහෝ වාර ගණනක් නිසැකයෙන්ම සිදුවන්නකි. 

ළමා අපයෝජනය පිළිබඳ දැනුවත්බව වර්ධනය කිරීමේ දී, වාර්තාකරණය සහ ප්‍රමාණයන් වර්ධනය කිරීම සඳහා සහයෝගය දෙන 1998 අංක 5 පනත මඟින් බලය ලබාදෙන එකම අධිකාරිය ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) යි. මේ හා සමාන මතයක් ක්‍රියාකාරීන් ද ප්‍රකාශ කර යි. 

සුදුසු යාන්ත්‍රණයක්, ප්‍රතිෂ්ඨාපන හේතු සැකසීම, සහ දැනුවත්බව හා පැමිණිලි කිරීමේ වාර ගණන අතර සබඳතාවයේ බලපෑම යන කරුණුවලින් තොරව සමාජයේ සිදුවන ළමා අපයෝජනය පිළිබඳ දැනුවත්කිරීමේ මට්ටම මැනගත නොහැක. 

මුල්‍යමය අවහිරතා නිසා ගෘහමූලිකයන් මත පවතින පීඩනය සහ කොවිඩ් -19 හේතුවෙන් ගමනාගමනය සීමාකිරීමේ ප්‍රතිඵල ලෙස, අපයෝජනය සඳහා පවතින වටපිටාව වඩාත් නරක අතට පත්ව ඇත. ළමා ලිංගික අපයෝජන වාර්තාකරණයන් සහ ළමා සූරාකෑම් පිළිබඳ භෞතික දේවල් සමවයස් පිරිස් සිටින ජාලයන් හරහා හුවමාරු කිරීම් මෙම කොවිඩ් -19 වසංගත තත්ත්වයේ බලපෑම් හමුවේ සිදුවන බව ජාත්‍යන්තර පොලිසියේ තක්සේරුකරණයන් ඔස්සේ අනාවරණය වේ. 

ප්‍රතිචාර ශේෂයන් සහ සම්බන්ධයක් නොමැති රාජ්‍ය පද්ධතියක්

අනර්ථදායක වූ මෙවැනි වඩාත් නරක තත්ත්වයකට එරෙහිව සටන් කිරීමට “ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්” හඳුන්වාදීමට දීර්ඝ ප්‍රමාදයක් සිදුව ඇත. NCPA න්‍යාය පත්‍රය හඳුන්වා දී වසර 20කටත් වඩා කාලයක් ගත වූ පසුත්, එම ප්‍රතිපත්තිය ප්‍රකාශනය කරනු ලැබුවේ පසුගිය වසරේ වන අතර එහි ඉංග්‍රීසි පරිවර්තනය මෙතෙක් නිකුත් වී නොමැත. 

තවදුරටත්, NCPA හි වෙබ් පිටුවෙ දක්වා ඇති ක්‍රියා සැළැස්මෙ හි දළ සැකැස්ම ඉතා සමීපව නිරීක්ෂණය කළහොත්, රාජ්‍ය ආයතන එහි අඛණ්ඩතාවය පවත්වාගෙන යාමට ගන්නා උත්සාහයේ අඩුකමක් දැකිය හැකි ය. 2020 ක්‍රියා සැලැස්මෙ හි දැක් වූ ඉලක්කයන්, 2015 ක්‍රියා සැළසුම් සටහනේ ද ඇතුලත්ව පැවති අතර 2020 ක්‍රියා සැළැස්ම සකසා ඇත්තේ පළමුවන කාර්තුව සඳහා පමණි. එසේම, ක්‍රියා සැළසුම් සකසා ඇත්තේ තත්-කාර්ය මූලික කොටගෙන වන අතර පළමු එක 2015 දී, දෙක 2016 දී, තුන 2018 දී සහ නවතම එක 2020 දී පළමු කාර්තුව සඳහා පමණක් නිමවා ඇත. 

NCPA මඟින් ප්‍රකාශිත සංඛ්‍යා දත්ත අනුව, ළමා අපයෝජනයන් සම්බන්ධ සිද්ධීන් සියල්ල වාර්තා කර ඇත්තේ 2010 දක්වා පමණි. එසේම, 2010-2013 දක්වා දත්ත එළිදැක් වූ වසර සඳහා අත්සන් යොදා ඇති දිනය වන්නේ 2014/07/15 වන අතර ඉන් පැහැදිලි වන්නේ, මෙම සංඛ්‍යා ලේඛන යාවත්කාලීන කර ඇත්තේ අතීත දත්ත මත පදනම් වීමෙන් බව යි. අනෙකුත් කරුණු සම්බන්ධ නිරවද්‍යතාවය පිළිබඳ මෙහි දී ගැටළු ඉස්මතු වේ. 

වඩාත් සැළකිලිමත් වියයුතු කරුණවන්නේ, “විවිධ” යන කාණ්ඩය යටතේ ලේබල් කර ඇති පැමිණිලි මොනවාද යන්න පිළිබඳව යි. මෙය, පළමුවෙන් පැමිණිල්ලේ ස්වභාවය කෙබඳු ද, දෙවනුව වාර්ෂික පැමිණිලිවල එකතුවෙන් ප්‍රමාණවත් කොටසක් සංඛ්‍යාත්මකව මෙම වර්ගීකරණයට අඩංගු කර ඇත්තේ ඇයි? යන ආකාරයේ ගණන් කළ නොහැකි තරම් ප්‍රශ්න ඉස්මතු කරන්නක් වේ. විශ්වාසදායක මුලාශ්‍රයක් මඟින් මට දැනුම් දෙනු ලැබුවේ, අවම තොරතුරු මත පදනම්ව NCPA “විවිධ” යන කාණ්ඩයට අදාළ තොරතුරු සැපයීමට අපොහොසත් වී ඇත. 

ඒ අතරතුර, මේ වසරේ ජුලි මස වන විට, 2017 සිට පසුගිය වසර 10ක් දක්වා පසුපසට වාර්තා වූ ළමා අපයෝජන සිද්ධීන් 17000 කට වැඩි ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුව තුල ප්‍රමාද කර ඇති අතර මේ තත්ත්වය 2019 වසරේ අග වන විට 25000ක් දක්වා වර්ධනය විය හැකි බව පවතින විශ්වාසය යි. 

කෙසේවෙතත්, මහජන සබඳතා වාරයන්ට විය හැක්කේ කුමක් ද, අගෝස්තුවල දී නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 2019 ජනවාරි සිට 2020 ජුලි මස කාලසීමාව දක්වා ළමා අපයෝජන සහ හිරිහැරයන්ට අදාළ සිද්ධීන් 12,968ක් “සම්පූර්ණ” කර තිබෙන බව යි. පොලීසිය වෙත යොමු කළ සිද්ධීන් 6149ක් මහාධිකරණයට විභාග කිරීමට ලබා දී ඇති අතර සැකකරුවන් 4372ක් නිදහස් කර ඇත. එසේම, සිද්ධීන් 2447ක් සඳහා මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමට උපදෙස් ලබාදුන් බව ද  එම නිවේදනයේ සඳහන් ය. 

ඉතා සුළු ගණනය කිරීමකින් අනාවරණය වනුයේ, මෙවැනි සිද්ධීන් දිනකට 24ක් එනම් සති අන්තයන් ද ඇතුලත්ව “සම්පූර්ණ” කරන බව යි.    

මධ්‍යගත දත්ත පද්ධතියක හිඟකම: ගැටළුවේ මූලය යි.

ළමා අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි එකම අධිකාරිය NCPA පමණක් නොවේ. එසේම, එහි වෙබ් පිටුවේ හි පළ කර ඇති දත්ත සමස්ත දිවයිනටම අදාළ සංඛ්‍යා ලේඛනවලින් සමන්විත නොවන අතර, එමඟින් නිරවද්‍ය පින්තුරයක් ඇඳ නොදක්ව යි. 

ශාරීරික, ලිංගික සහ මානසික අපයෝජනය, නොසලකාහැරීම සහ කෘරත්වය ඇතුළු ළමා අපයෝජනයන් සම්බන්ධ පැමිණිලි, 1929 ළමා උපකාරක සේවය හරහා මෙන්ම පොලීසිය, පෞද්ගලික ආයතන සහ NGO හරහා වාචික මෙන්ම ලිඛිතව ද NCPA වෙත ලැබේ. 

කෙසේවෙතත්, මේවා NCPA වෙත ඍජුව යොමු කිරීමට රාජකාරීමය යාන්ත්‍රණයක් නොමැත. 

මෙවැනි සිද්ධීන් හි ප්‍රගතිය හා ප්‍රතිඵල දැනගැනීම ඇතුළු ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳ මධ්‍යගත දත්ත පද්ධතියක් නොමැති වීම හේතුවෙන්, “දරුවන්ගේ ආරක්ෂාව” සම්බන්ධව රටේ ප්‍රගතිය පිළිබඳව නිවැරදි තක්සේරුවක් ලබාගැනීමට අපහසු වී ඇත. 

NCPA ට හිමි NCPA පනත හරහා, රාජ්‍යයේ අනෙකුත් අධිකාරීත්වයන් හි බලයන් ඉක්මවා යන අතර, එමඟින් එහි කාර්යයන් ඉදිරියට කරගෙන යාම තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පනතේ අංක 14 වගන්තිය යටතේ බලය ලබා දී ඇත.   

නිදර්ශන ලෙස, 29 වගන්තිය යටතේ අධිකාරියට සහ එහි නිලධාරීන්ට දැරිය හැකි ආරක්ෂණය මෙන්ම 30 වන වගන්තිය යටතේ දක්වා ඇත්තේ අධිකාරියේ සාමාජිකයෙක්ට, නිලධාරියෙක්ට හෝ සේවකයෙක්ට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කළ නොහැකි බව යි. “අධිකාරිත්වය හිමි ඕනෑම නිලධාරියෙකුට ඕනෑම භූමියකට ඇතුල් වීම සහ සෝදිසි කිරීම”, “පිරික්සා බැලීම සහ සොයා බැලීම” සහ “ලියකියවිලි අත්පත් කරගැනීම” යන කරුණු මෙන්ම “ඕනෑම පරිශ්‍රයක”, “ළමා අපයෝජනයක් සිදුව ඇති බව” විශ්වාස කළ හැකි හේතු පවතීනම් සෝදිසි බලපත්‍රයක් නොමැතිව සෝදිසි කිරීමේ බලය ආදිය 33, 34 සහ 35 යන වගන්තිවලින් NCPA සතු හැකියාව විදහා දක්ව යි.

මෙම අප්‍රමාණ බලය සමඟ, NCPA හට පුදුම සහගත දේවල් සිදුකළ හැක. කෙසේවෙතත්, මේ වෙත පවතින ඉලක්ක ගතවීම සහ විනිවිධබව අවම වේ. පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ වී ගනු ලබන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලෙස ඉතා අර්ථවත් වෙනසක් කෙටි කලකින් සිදුකළ හැකි අතර 2021 දී අප අපේක්ෂා කරනුයේ එය යි. නමුත්, එය කිව හැක්කේ කාලයට පමණි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts