අනාවරණ විනිවිදභාවය සමාජ

රැකියා විරහිත උපාධිධාරී තරුණ පිරිස මුහුණ දෙන නුතන සහ අනාගත අභියෝග 

සතිශ්නා කවිශ්මි 

මේ දිනවල දක්නට නොලැබුනත් පසුගිය කාලය පුරාම උපාධිධාරි තරුණ තරුණියන්ගේ උද්ගෝෂණ කොලඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා ඔබ දැක ඇතිවාට සැක නැත.රටේ අනාගතය බාර ගැනිමට සිටින ලංකාවේ තාරුණ්‍ය මෙවැනි ඉරණමකට ගොදුරු වුයේ ඇයි.ඔවුන් වීදි සටන් කරුවන් කිරිමට බල පැ හේතු මොනවාද?

ශ්‍රී ලංකාවේ තරුණ පිරිසට තෘතීය අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසුව රැකියා ජීවිතට පිවිසිම යනු සිහිනයක් බවට පත්ව ඇත.ඒ සදහා රට තුල පවතින සීමා සහිත අවස්ථාවන් හේතුවෙන් තරුණ පිරිස් අපේක්ෂා භංගත්වයට පත් වී තිබේ.ඔවුන් පාරට බැස සටන් කරනුයේ තමන්ට හිමි තැන ඉල්ලා සිටිමිනි. 

 අධ්‍යාපනය ලැබීම සමාජ ක්ෂේත්‍රයේ, ඉහළම ස්ථානයක් කරා ගමන් කිරීමට උපාධි කුසලතාවයක් ලබා ගැනීම අනාගතයේ යහපත් ජීවිතයකට අවශ්‍ය බව එක්තටා අවධියක විශ්වාස කරන ලදි. එහෙත් අද, විශ්වවිද්‍යාල උපාධි කුසලතාවක් ලබාගත් පසුවද රැකියා හෝ ස්ථිර ආදායම් මාර්ගයක් සොයා ගැනීම තරුණ පිරිසට අභියෝගයක් වී ඇත. 

එම නිසා තරුණයන් අතර රැකියා විරහිතතාවය වේගයෙන්ම වර්ධනය වෙමින් පවතී. එය සමාජයට, ආර්ථිකයට, සහ සංස්කෘතියට වඩාත් හානිකර  ගැටලු රැසක් දායක කරමින් තිබේ.. 

රැකියා විරහිත උපාධිධාරී තරුණයන්ගේ වර්තමාන තත්ත්වය

විශ්වවිද්‍යාලවලින් සෑහීමකට පත් අධ්‍යාපන කුසලතා සහිත දස්කම් ඇති තරුණ පිරිසක් බිහි වී ඇත නමුත්, ඔවුන් කෙරෙහි ඇති රැකියා අවස්ථා ප්‍රමාණය සීමා වී ඇති බව පෙනෙයි. විවිධ පාඨමාලා හරහා මොවුන්ගේ අධ්‍යාපන කුසලතාවයන් ඉහළ නැංවීම කළ ද, එම කුසලතා සඳහා කර්මාන්ත සහ ආයතනික වශයෙන් අවස්ථා ලබා දීමේ දුර්වලතාවයක් පවතින බවට එළිවී තිබේ.එමෙන්ම රැකියා අවස්තා පවතින ක්ෂේත්‍ර රාශියකට අවශ්‍ය සුදුසුකම් සම්පුර්න කළ ශ්‍රමිකයන් නොමැති බව පෙනි යයි. 

බොහෝ විශ්වවිද්‍යාල ආයතන සම්බන්ධ විෂයයන්වලින් සහ කාර්මික, තාක්ෂණික විෂයයන්වලින් ලබා දෙන අධ්‍යාපන කුසලතා නිසා උපාධිධාරීහු රැකියා සඳහා සුදුසුම ප්‍රායෝගික පුහුණුවක් සහිතව රැකියා වෙළදපොලට පිවිසුන ද, රැකියා වෙළඳපොළ තුළ ප්‍රායෝගික කුසලතා ඇති කරන ගැටලුකාරී තත්වයන් සහ අධ්‍යාපන ක්‍රමවේදවල ගැටළු මේ සඳහා ප්‍රධාන හේතු වේ.

2024 දෙවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 4.7% කි.  අ.පො.ස. උ/පෙළ සහ ඊට ඉහළ වැනි උසස් අධ්‍යාපනයක් ඇති අය සඳහා, විරැකියා අනුපාතය 7.8%ක් ලෙස සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින අතර, කාන්තා උපාධිධාරීන් 10%ක විරැකියා අනුපාතයකින් වැඩි අභියෝගවලට මුහුණ දෙන අතර පිරිමින් සඳහා වන 5.8%ට සාපේක්ෂව කාන්තාවන් විරැකියාව හේතුවෙන් විවිධ ගැටලු වලට මුහුණ දෙමින් සිටිති.  මෙම විරැකියා රටාව වයස අවුරුදු 15-24 අතර තරුණයින් අතර විශේෂයෙන් දැකිය හැකි වන අතර, එහි අනුපාතය 25.4% දක්වා ළඟා වන අතර, (කම්කරු බල සමීක්ෂණය) ශ්‍රී ලංකාවේ මෑත කාලීන උපාධිධාරීන් සඳහා පවතින රැකියා හිඟය පිළිබඳ නිරන්තර ගැටලුව ඉස්මතු කරයි. (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2024) 

 මීට අමතරව, ශ්‍රී ලාංකික උපාධිධාරීන් අතර, විශේෂයෙන් මැද පෙරදිග රටවලට ආර්ථික සංක්‍රමණය වැඩි වෙමින් පවතී.  උගත් වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම විදේශයන්හි පවතින අවස්ථා සමඟ හොඳින් ගැලපෙන බැවින්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ පුහුණු ශ්‍රමය වැනි ක්ෂේත්‍රවල අවස්ථා සොයන බොහෝ ශ්‍රී ලාංකික උපාධිධාරීන් මෙම කලාප වෙත ආකර්ෂණය වේ.  මැදපෙරදිග පුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රමිකයන් සඳහා ඇති ඉල්ලුම, විශේෂයෙන්ම දේශීය වශයෙන් තනතුරු ලබා ගැනීමට නොහැකි උපාධිධාරීන් අතර, ස්ථාවර සංක්‍රමණ ප්‍රවාහයකට හේතු වී තිබේ.  2022 දී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) වාර්තා කළේ 200,000 කට අධික ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා පිටත්ව ගියබවය.එසේ ගිය බොහෝ තරුණ උපාධිධාරීන් සීමිත දේශීය අවස්ථා හේතුවෙන් තම ආර්ථික තත්ත්වය වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් විදේශීය අංශයේ රැකියා අවස්ථා සදහා යොමු වන බවපවසති.

පසුබැසීම් සහ අසාර්ථකතා

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේද අනුව පාඨමාලා, පන්තීන්, සහ පරීක්ෂණයන් යටතේ ඉගෙනුම ලබාදෙති. තරුණයන්ට විශ්වවිද්‍යාලයේදී ඉගැන්වීමට භාජනය කරන අධ්‍යාපන ක්‍රමවේද, විධායක හා කළමනාකරණ කුසලතා වලට වඩා විෂය මූලික ක්‍රමවේදයන් වේ. මෙම තත්ත්වය කුසලතා මත පදනම් වූ රැකියා සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය නොකරයි.

තරුණ පිරිස රැකියා සෙවීම හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයෙන් පසුවන ආර්ථික හා සමාජ ආන්තීකරණයට ලක් වූ පිරිසක් බවට පත්ව ඇත. රැකියා විරහිතතාවය, විදේශ සංක්‍රමණයකට හෝ වෙනත් රටවල් තුළ රැකියා සදහා  යොමුවිමට හේතු වි ඇත. එය රාජ්‍යයේ සංවර්ධනය පසුපසට ගෙනයාමට මාර්ගය විවර කර ඇත.එය රටට හාහානිදායක ප්‍රතිඵල ලගා කර දෙන්නක් විය හැකිය.

 අනාගත අභියෝග

 උපාධිධාරී තරුණයන්ගේ වැඩි ප්‍රමාණයකට අවශ්‍ය ප්‍රායෝගික හා පුහුණු දැනුම හිඟවීම ඔවුන්ගේ අනාගත අභියෝගයක් ලෙස දැක්විය හැකිය.

ජාත්‍යන්තර ගැටලු හා යුධමය වාතාවරණ 

රැකියා විරහිත භාවය වඩාත් උග්‍ර මට්ටමකට පත්විමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් ද හේතු වි තිබේ. උපාධිධාරීන් කාර්මික, තාක්ෂණික හා ව්‍යාපාරික මට්ටමින් පුරප්පාඩු සහිත ස්ථාන වෙත යෙදවීමට ඇති මෙවැනි ගැටලු හේතුවෙන් ශක්තිමත් තරුණ පරපුරක කාර්‍යශූර සේවා අවස්ථා ගිලිහී ගොස් ඇත.

 රැකියා විරහිත තරුණ පිරිස ස්ථිර ආදායම් මාර්ග සොයා ගැනීමේ අවශ්‍යතාවයකින් විවිධ ව්‍යාපාරයන් සඳහා සහභාගි වීමට හෝ පුද්ගලික ව්‍යාපාර ආරම්භ කිරීමටත් යොමු කරයි.

අධ්‍යාපන පද්ධති සංශෝධනය

අධ්‍යාපන ක්‍රමවේදයන් ප්‍රායෝගික කුසලතා සහිත, වෘත්තීය පුහුණුව ලබාදීමට යොමු කිරීම තුළින්, වැඩි අවස්ථා සැපයීම සහ කුසලතා මත පදනම් වූ සරල ඇගයීමෙන් අධ්‍යාපන ක්‍රමවේදය නැවත සංශෝධනය කිරීම සිදු කළ හැකිය. මෙම ක්‍රියාවලියට විශ්වවිද්‍යාල මට්ටමින් කුසලතා පුහුණුව තවදුරටත් අනිවාර්ය කර ගත යුතුයි.

සංවර්ධිත රටවල ව්‍යාපෘති සහ ශාස්ත්‍රීය පර්යේෂණ

ශාස්ත්‍රීය පර්යේෂණ හා නව තාක්ෂණ හා සංවර්ධන කාර්යයන්හි ප්‍රමුඛත්වය ලබාගැනීම තුළින් අන්තර්ජාතික විධායකයන් හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකාවට ඉහළ අගයක් සපයනු ඇත. 

රජයේ සහාය සහ නව ව්‍යාපාර ආරම්භය 

තරුණ පිරිසට තමන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දක්වීම, රජයේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම සිදු කිරීම මගින් රැකියා අතිරික්තයක් මෙන්ම ශ්‍රම වෙළදපොලක් ඇති කිරීමට සහ රැකියා සොයන්නෙකු නොවී රැකියා ලබා දෙන්නෙකු බවට පත් වීමට තරුණ පිරිසට අවස්ථාව ලබා දිය යුතුය.

තාක්ෂණය සහ අන්තර්ජාලය 

නූතන තරුණ පිරිස් තාක්ෂණික දැනුම උපයෝගී කොට ගනිමින් නව රැකියා අවස්ථා ලබා ගන්නා අතර, අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීම, ව්‍යාපාර සිදු කිරීම, දැනුම බෙදා ගැනීම, ගවේෂණය කිරීම හා වාර්තා කිරීම සිදු කරයි. අන්තර්ජාල පහසුකම් හා තාක්ෂණික දැනුම සහිත පිරිසට මෙන්ම එවැනි පහසුකම් ලබා ගැනීමට නොහැකි පිරිස කෙරෙහිද අවධානය යොමු කරමින් ප්‍රාදේශීය මට්ටමේ සිට නාගරික මට්ටම දක්වා විහිදුනු උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම හා දැනුම්වත් කිරීමෙව් වැඩසටහන් සිදු කිරීම කාලෝචිත වේ. 

රැකියා විරහිත උපාධිධාරී තරුණ පිරිස මුහුණ දෙන අභියෝග අවබෝධ කර ගෙන, ඔවුන්ගේ දක්ෂතා ප්‍රයෝජනවත් හා තිරසාර ලෙස යොදා ගැනීම, ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනයට ඉතාමත් අවශ්‍ය වේ. අධ්‍යාපන පද්ධතිය යථාර්ථවාදී වෙනසකට යොමු කරමින් ප්‍රායෝගික කුසලතා හා වෘත්තීය පුහුණුව සමඟ නවීකරණය කිරීම, තරුණ රැකියා ප්‍රශ්නයේ හේතුවලට ප්‍රතිචාර දැක්විය හැකි වේ. එසේම, රැකියා අවස්ථා නවීකරණය කිරීම, ප්‍රතිඵලදායක නොවන විදේශ සංක්‍රමණය වැළැක්වීමටත් තරුණ ව්‍යාපාර ආරම්භයන් සඳහා සහාය ලබා දීමත් රජය සහ පුද්ගලික අංශ වලින් වගකීමක් ලෙස සිදු විය යුතුය. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts