
රාජ්‍ය සේවාව ඩිජිටල් කරණයේදි මුහුණ දෙන ගැටලු
කවිෂ්ක ජයවර්ධන

ලංකාවේ රාජ්‍ය සේවය සහ ඒ ආශ්‍රිත වෙනත් සේවාවන් පවත්වාගෙන යනු ලබන ආයථන සම්බධයෙන් මහජනයාගේ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ.ඊට බලපා තිබෙන ප්‍රධානම හේතුව ඒවායේ තිබෙන කාර්‍යක්ෂමතාවය පිළිබද ඔවුන් කිසිසේත් සැහිමට පත් නොවිමය.මේ සදහා විකල්පයක් ලෙස හදුන්වා ඩිජිටල් තාක්ෂණය කෙතරම් දුරට සාර්ථක වි තිබේද නොඑසේ නම් ඒ මන්ද යන කාරණය විමසා බැලිය යුතුව තිබේ.
ඩිජිටල් පාලනය යනු, රජයේ සේවාවන් සහ සැපයුම් ක්‍රියාවලිය ඉතා කාර්යක්ෂමව හා තිරසාර ලෙස පරිගණක හා තොරතුරු තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් කළමනාකරණය කිරීමයි. 21වන සියවසේදී, සරලව ඩිජිටල් පාලනය වෙත යොමු වීමේ වැදගත්කම මතු විය. ලංකාව තුළ බොහෝ රාජ්‍ය ආයතන ද, ඩිජිටල් පාලන ක්‍රමවේද මගින් ජනතාවට සේවා සැපයීම වෙනුවෙන් කටයුතු කරන ආකාරය දැකිය හැකිය. එහෙත්, මැදිවයස් පිරිස්, විශේෂයෙන්ම ග්‍රාමිය වූත් වයස අවුරුදු 40-60 අතර පිරිස්, ඩිජිටල් සාක්ෂරතාවය අවම වීම නිසා බරපතල ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත.
ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය මැදි වයසේ පිරිස් අතර අඩු මට්ටමක පවතියි. ශ්‍රි ලංකා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව (2021) අනුව, වයස 40-60 අතර පුද්ගලයින්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් මූලික පරිගණක හා අන්තර්ජාල ක්‍රමවේදයන් භාවිතා කිරීමට නොදන්නා බව හෙළිවී ඇත. මෙම පිරිසට පරිගණක උපකරණ සහ ස්මාර්ට් දුරකථන භාවිතය පහසු නොවන අතර, ඔවුන්ට රජයේ ඩිජිටල් සේවාවන්වලට ප්‍රවේශ වීමට හා භාවිතා කිරීම දුෂ්කර වි ඇත.
ලංකාවේ රජයේ ඩිජිටල් පාලන ක්‍රමවේද, ගිණුම් ගැණුම්, බදු ගෙවීම්, සහ රජයේ සේවා ලබා ගැනීමේ කටයුතු විධිමත් කිරීමට අරමුණු කර තිබේ. 2020-2021 වසරේ දී මෙරට රජය ඩිජිටල් පාලනට වැඩි අවධානය යොමු කළේ කොවිඩ්-19 වසංගතයෙන් ප්‍රතිස්ථාපන උත්සාහයන් හේතුවෙනි. රජයේ ICTA ආයතනය අනුව, 2021දී රජයේ අමාත්යංශ 75%ක් පමණ ඩිජිටල් සේවාවන්ට මාරු වී ඇත.
ඒ සම්බන්ධයෙන්, පූර්ණ වශයෙන්ම ඩිජිටල් පාලන ක්‍රමවලට අනුගත වීම, මැදි වයසේ පිරිස් හට අභියෝගයක් වන අතරම, අවම ඩිජිටල් සාක්ෂරතාවය මෙන්ම, ආර්ථික ගැටළු, මනෝසාමාජීය ගැටළු, අන්රතර් පරායත්න භාවය හේතුවෙන් මතුවන ගැටළු වැනි බාහිර සහ අභ්යන්තර සාධකවලට ඔවුන්ට මුහුණ දීමට සිදු වී තිබේ.
මෙම ඩිජිටල් පාලන ක්‍රමවේද භාවිතා කළ මැදි වයස් කාණ්ඩයේ දත්ත දායකයින් සමග සිදු කළ සාකච්ඡාවලදී හදුනා ගත හැකි වූයේ, ඩිජිටල් තාක්ෂණයන් හරහා සේවාවන් ලබා ගැනීමේදී ඔවුන්ට පරීක්ෂණයකට මුහුණ දෙන ආකාරයේ හැගීමක් ඇති වන බවත්, ඇතැම් විට ඩිජිටල් උපාංග භාවිතා කර ගැනීමේ අපහසුතාවය හේතුවෙන් බොහෝ වේලාවක් රාජ්‍ය ආයතනවල කාලය මිඩංගු කිරීමටත්, වෙනත් රාජ්‍ය හෝ සේවා ලබා ගැනීමට පැමිණි අයෙකුගෙන් උපකාර පැතීමට සිදු වන අවස්ථා මෙන්ම පාරිභාෂික වචන පිළිබදව නොදැනුවත් බව හේතුවෙන් එකම කාර්යය කිහිප වතාවක් කිරීමට වන බවත් එයින් ඔවුනුත්, රාජ්‍ය නිලධාරීනුත් පීඩාවට පත් වන අවස්ථා ඕනෑ තරම් ඇති බවත්, එහිදී ඔවුන්ට අපේක්ෂා භංගත්වයත්, ආත්ම අභිමානය බිද වැටීමත් සිදු වන බවය.
ඩිජිටල් පාලනය මඟින් රජයේ සේවාවන් හා විවිධ කටයුතු ඉතා කාර්යක්ෂමව කළමනාකරණය කළ හැක. නමුත්, එය ආරම්භ කිරීමේදී සාමාන්‍ය ජනයාට ඩිජිටල් සේවාවන් භාවිතය පිළිබඳ අවබෝධය අවමවීමෙන් ගැටලු මතුවන අවස්ථා තිබෙන බව විශේෂයෙන්ම පෙනී යයි.
උදාහරණයක් ලෙස, පරිගණක හෝ ස්මාර්ට් දුරකථන භාවිතා නොකරන මැදි වයසේ පිරිසට, රජයේ සේවාවන් සඳහා අන්තර්ජාලය හරහා ගිණුම් ගැණුම් කිරීම, යොමුවීම් සහ අනෙකුත් සේවාවන් ලබා ගැනීමේදී බාධා ඇති වේ. 2021 වසරේ සංගණන තොරතුරුවලට අනුව, ලංකාවේ ග්‍රාමිය කාන්තාවන්ගෙන් 45% පමණ අන්තර්ජාලය භාවිතා කිරීමට හැකියාව සතු බව සංඛ්යා ලේඛන අනුව දක්වා ඇත.
ඩිජිටල් පාලන සේවා භාවිතා කිරීම මඟින් රටේ ආර්ථික, සමාජ, සුබසාධන කාර්යක්ෂමතාවය වැඩිවී තිබියදී, එම සේවාවල ප්‍රවේශ වීමට අපහසු පිරිස් හට, පළමුව පරිගණක තාක්ෂණය පිළිබඳව හා ඔවුන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කිරීම රජය විසින් ගත යුතු ප්‍රගතශිලි තීරණයක් බවට පත් ව තිබේ.
මෙම ගැටලු විසඳා ගැනීමට, රජයේ සහ පෞද්ගලික ආයතන විසින් සවිස්තරවත් හා ක්‍රමවත් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. උදාහරණයක් වශයෙන්, මැදි වයසේ පිරිස් සඳහා පුහුණු වැඩමුළු, මූලික පරිගණක හැකියාවන් හා අන්තර්ජාල භාවිතය පිළිබඳ මාර්ගගත සහ සෘජු පුහුණු වැඩසටහන් යෝජනා කර තිබේ. ICTA ආයතනය මගින්, දැනටමත් ලංකාවේ ග්‍රාමිය ප්‍රදේශවල පිරිස් සඳහා පරිගණක සහ අන්තර්ජාල කුසලතා වැඩි කිරීමේ උත්සාහයන් ක්‍රියාවට නගා තිබේ.
ඩිජිටල් සාක්ෂරතාවය අවම මැදිවයස් පිරිස රජයේ ඩිජිටල් පාලන ද භාවිතයේ දී මුහුණ දෙන ගැටලුකාරී තතත්ත්වයන්ට විසදුම් සෙවීම මගින් රජයේ පාලන පරිපාලනය වඩාත් විධිමත්ව තව දුරටත් ශක්තිමත් කර ගැනීමටත්, තාක්ෂණය මගින් හසුරුවන සේවාවන් වෙත ජනතාව යොමු කරවීමත්, ඔවුන්ගේ සමාජ, ආර්ථික, සහ මනෝ සමාජීය පැතිකඩටන්ටද ඇති විය හැකි අහිතකර බලපෑම අවම කිරීමට සමත් වන බව දැක්විය හැකිය.