රට වසා දැමීම නිසා ඇති විය හැකි ආර්ථික අවපාතය
සචිනි ඩී. පෙරේරා
ශ්‍රී ලංකාව මේ වන විටත් Covid – 19 වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලට මුහුණ දෙමින් සිටී. තවදුරටත් කෝවිඩ් වෛරසයේ ප්‍රජා ව්‍යාප්තිය පාලනය කිරීම හා සමාජ දුරස්ථතාවය පවත්වා ගැනීමත් අරමුණු කරගෙන 2020 මාර්තු මැද භාගයේ පටන් පළමු රැල්ල ඇති වී මාස දෙකකට ආසන්න කාලයක් මෙරට වසා දැමුණි. ඇඳිරි නීතිය යන්න වර්තමානයේ මිනිසුන් පොදුවේ අත්විඳින දෙයකි. වෛරසය පාලනය වී ඇති බව හැඟෙන තෙක් රටක් දිගු කාලීනව වසා දැමිය යුතුද යන්න තීරණය කිරීම රජය සතු බාරදූර වගකීමකි. මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට රට වසා දැමුවහොත් මානව සම්පත හා සෞඛ්‍ය ක්ෂේත්‍රය නඩත්තු කිරීම සඳහා අධික මුදලක් වැය කිරීමට රජයට සිදු වේ. කෙසේ වෙතත්, ආරම්භක රැල්ල සාර්ථකව පාලනය කළ නිසා එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට විවිධ අංශවල සෘණාත්මක ආර්ථික පසුබෑම් ඇති විය.
රට වසා දමා තිබියදී නව ආර්ථික නිෂ්පාදනයන් හඳුන්වාදීම වෙනුවට නිෂ්පාදන ක්‍රියාවලිය ඇණහිටීම නිසා මෙරට ඉල්ලුම් හා සැපයුම් දාමයන් බොහොමයක් අභියෝගයන්ට ලක්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන අළුත්ගේ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පැනවීමේදී ආනයනික භාණ්ඩ වන වාහන සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ පිටරටින් ගෙන්වීම තහනම් කිරීමට රජයට සිදු විය. එබැවින් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ශ්‍රම බලකායෙන් හතරෙන් තුනක් ඉතා ඉක්මනින්ම බිඳ වැටුණි. එය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රමුඛ කරගත් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ද විශාල වශයෙන් බලපා ඇති බව ඔහු පැහැදිලි කළේය. එනිසාවෙන් දෛනිකව වැටුප් උපයන පුද්ගලයින් පවා රජයෙන් ආධාර ලැබෙන තෙක් ඉවසා සිටියහ.
ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථික කටයුතුවලින් 52% කට වඩා වැඩි දායකත්වයක් ලබා දුන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට තම රාජකාරි නැවත ආරම්භ කරන ලෙස රජය දැනුම් දෙන තුරු දෑස් දල්වා බලා සිටියහ. එකල මිනිසුන් අකමැත්තෙන් අපේක්ෂා කළ එකම දෙය වූයේ අවිනිශ්චිතතාවයයි. තවද ප්‍රධාන මූල්‍ය හා විනිමය වටිනාකම්වලින් සමන්විත සංචාරක කර්මාන්තය ද මෙම වසංගතය හේතුවෙන් බිඳ වැටුණි. එමෙන්ම ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් පැවති අවම පාරිභෝගික අවශ්‍යතාවයන් හදිසියේම ඉස්මතු වීම නිසා ලෝකයේ සංවර්ධිත රටවල් පවා උක්ත පාරිභෝගික ඉල්ලීම් හමුවේ තැති ගැනීමට ලක්විය.
ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ආර්ථික දූෂණයන් පිළිබඳව සිදු කරන ලද දත්ත විශ්ලේෂණ හා ගණන කිරීම් කෝවිඩ් පළමු රැල්ල මර්ධනය කිරීම පිණිස රට වසා දැමුනු කාල පරාසයේදීත් අඛණ්ඩවම සිදු කරන ලදී. ඔවුන් එම විශ්ලේෂණය සුභවාදී හා අසුභවාදී යනුවෙන් අවස්ථා දෙකක් යටතේ දත්ත නිරූපණය කරයි. ජාත්‍යන්තර පුද්ගලික ව්‍යවසාය කේන්ද්‍රය මගින් මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයක දැක්වෙන්නේ සමස්ත දළ දේශීය නිෂ්පාදනය සංවර්ධනීය මට්ටමක පැවතීමට 24% ක සෘණාත්මක බලපෑමක් ද, පහත වැටීමට 39% සෘණාත්මක බලපෑමක් ද ඇති බවයි. සමස්ත විශ්ලේෂණය මගින් පෙන්වා දෙන්නේ රට වසා දැමීමේ කාල පරිච්ඡේදය තුළ අශුභවාදී තත්ත්වය සුබවාදී තත්ත්වයට වඩා 50% කින් වැඩිවී ඇති බවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සංඛ්‍යා ලේඛනවලට අනුව, රට වසා දැමීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර අංශ මුලුමනින්ම රුපියල් බිලියන 514.8 ක මුදලක් පාඩු ලබනු ඇතැයි ද, දළ දේශීය නිෂ්පාදනය 6.1% කින් කඩා වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. රට වසා දැමීමේ පළමු කාලසීමාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම හා පවත්වාගෙන යෑම, ආසාදිතයින් සඳහා ආහාර පාන සැපයීම, නවාතැන් පහසුකම් ලබාදීම, අත්‍යාවශ්‍ය මානව ශ්‍රමය යෙදවීම හා ප්‍රවාහන සේවාවන් සඳහා මුලුමනින්ම මුදල් යොදවන ලද්දේ රජය විසිනි.
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික තත්ත්වය පිළිබඳව ලෝක බැංකු වාර්තා මගින් පෙන්වා දෙන්නේ,
“2019 පාස්කු ප්‍රහාරයෙන් පසු නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබූ මෙරට සංචාරක කර්මාන්තය, නිෂ්පාදන ක්‍රියාදාමයන් හා සේවාවන් කොරෝනා වසංගතය හේතුවෙන් නැවතත් 3.2% කින් අවපාත විය හැකි බවයි”
වසංගතය හේතුවෙන් රට වසා දැමුවහොත් මෙරට ජාතික ආර්ථිකයට දායක වන සුළු හා මාධ්‍ය පරිමාණයේ ව්‍යවසායක අංශ බොහොමයක් සෘණාත්මක බලපෑමට ලක්වන බව අවබෝධ කරගත යුතුය. අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නිෂ්පාදනය, කෘෂිකර්මාන්තය, දැනට අඛණ්ඩව සිදුවෙමින් පවත්නා ඉදිකිරීම් ව්‍යාපෘති, බැංකු හා මූල්‍ය සේවාවන්, කුලී හා බදු දීමේ කටයුතු, නෛතික හා ගිණුම්කරණ කටයුතු, පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රය, පෙර සිට සංවිධානය කර තිබූ විනෝදාත්මක උත්සව, රක්ෂණ සහ විශ්‍රාම අරමුදල් වැනි ආර්ථික ගොදුරක් වූ අංශයන් නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතී. කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් අවශ්‍යතාවය මත පිරිසිදුකාරක ද්‍රව්‍යන් නිෂ්පාදනය කිරීමට තවමත් වරින්වර ඉහළ ඉල්ලුමක් ඇත. රට වසා දැමීම නිසා මූල්‍යමය වශයෙන් ධනාත්මක බලපෑම් ඇති කළ ක්ෂේත්‍රයන්වලින් මහජන සෞඛ්‍ය සේවාව, රාජ්‍ය පරිපාලනය ක්ෂේත්‍රය, පරීක්ෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය, බලශක්ති උත්පාදනය, ජල සැපයුම, විකාශන සේවා සහ ඖෂධ නිෂ්පාදනය ඒ අතරින් ප්‍රමුඛ වේ. රට වසා දැමීමට පෙර 4% ක්වූ ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වන විට 6% – 7% දක්වා ඉහළ ගොස් ඇති නිසා එය රට වසා දැමීමේ කාල පරිච්ඡේදයට පෙර මෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීම දුෂ්කරය. මෙරට ආර්ථික ක්‍රමයේ පවත්නා පසුබැස්මන් හා දුර්වලතාවයන් හේතුවෙන් ප්‍රතිනිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති නිසා යලිත් රට වසා දැමීමට වඩා අනාගත අභියෝගයන්ට මුහුණ දීමට ඇති ශක්‍යතාවයන් පිළිබඳ අවධානය යොමු කිරීම කාලෝචිත බව ආචාර්ය අළුත්ගේ මහතා අවධාරණය කරයි. බස්නාහිර පළාත ප්‍රමුඛ කරගනිමින් ගොඩනැගුණු නිෂ්පාදනය ආයතන, ව්‍යාපාර හා විදේශීය ශ්‍රම බලකාය හේතුවෙන් එය මෙරට ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්විය හැකිය. නමුත්, මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් පොකුරු හඳුනාගත් දා පටන් කෝවිඩ් දෙවන රැල්ල හමුවේ බස්නාහිර පළාතින් 50% වඩා වැඩි මූල්‍යමය අර්බුදයක් අපේක්ෂා කල හැකිය.
එමෙන්ම ආචාර්ය අළුත්ගේ මහතා අවධාරණය කරන්නේ “මෙරට තුළ දුර්ලභ ගණයේ ජාතික ආදායම් උත්පාදනය කිරිමට අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමට උත්සුකවීම මගින් ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති නිෂ්පාදන අපනයනය කිරීමට අපට හැකිවන බවයි. එවැනි අපනයන ආර්ථිකයක් කෝවිඩ් බලපෑමට ලක් වූ ආර්ථිකයකට පවා නවතාලිය නොහැක. එමෙන්ම මෙරට දැනට සිටින විදේශීය ශ්‍රමය බලකායෙන් නුපුහුණු විදේශිකයන් ගණන අවම කළ යුතුය. රජය මෙවැනි වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක නොකරයි නම් මෙරට ඉක්මනින්ම අධික ණය බරට ලක්වනු ඇත. අප හැමවිටම දේශීය නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. වඩාත් ගුණාත්මක කාර්ය සාධන ලබා ගැනීම සඳහා තෙවන ශ්‍රේණියේ ශ්‍රම බලකායට මූලික වැටුප් ලබා දීම දිරිමත් කළ යුතුය. ඉහළ මට්ටමේ වෙළෙඳපොළ අවස්ථා පමණක් ඉලක්ක කිරීම වෙනුවට, ලොව පුරා ඇති කුඩා ප්‍රමාණයේ වෙළඳ ආර්ථිකයන් අත්හදා බැලීමට උත්සුක විය යුතුය. එමගින් මෙරට අනාගත ආර්ථිකයේ ස්ථාවරත්වය ශක්තිමත් කරගත හැකිය. තවද ඉහළ වටිනාකම් සහිත ඉල්ලුමක් පවතින නිෂ්පාදන හා සේවාවන් සඳහා මුදල් වෙන් කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයින් හා ආයෝජකයින් දිරිමත් කළ යුතුය”. රට වසා දමා ඇති කාල පරිච්ඡේදය තුළ ආර්ථික ක්‍රමයේ පැවැති දුර්වලතාවයන් අවම කිරීමටත් වර්තමාන ආර්ථික තත්ත්වය සමතුලිත කිරීම සඳහාත් මේවා ප්‍රධාන විසඳුම් කිහිපයක් වනු ඇතැයි ද ආචාර්ය අළුත්ගේ මහතා පවසයි.