අනාවරණ විනිවිදභාවය සමාජ

රට යන්න පෙර යලි හිතන්න 

Shehan Jayawardhana

ළමුන්ගේ පෞරුෂ සංවර්ධනයේදී මුහුණ දෙන ගැටලු

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා විශාල පිරිසක් යෙදීම නිසා, දරුවන්ගේ මාපිය විහීනතාවය සමාජයේ වැදගත් ගැටලුවක් වී ඇත. විදේශ රැකියා සඳහා යන දෙමාපියන්ගේ දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයේදී මුහුණ දෙන ගැටලු සහ එම ගැටලු විසඳීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සාකච්ජා කිරිම කාලෝචිතය මන්දයත් රටේ ඇතිවි තිබෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බොහෝ දෙනෙක් විදේශගත විමේ ප්‍රවණතාවයක් මේ දිනවල දක්නට ලැබෙන බැවිනි.

මාපිය විහීනතාවය දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයට ඇති කරන බලපෑම

මාපිය විහීනතාවය යනු, දෙමාපියන්ගේ සෘජු මැදිහත්වීමකින් තොරව දරුවන්ගේ දිවිය ගත කිරීමයි. මාපිය විහීනතාව ඇති විය හැකි ආකාර කිහිපයක් ම පවතින අතර, මවගේ හෝ පියාගේ වෙන්වීම, (නීතිමය හා නීනීතිමය නොවන) මවගේ හෝ පියාගේ අභාවය, මව හෝ පියා දරුවන් අතහැර ගොස් තිබීම යනාදිය ප්‍රකට හේතු අතරට ගැනේ.

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා විශාල පිරිසක් යෙදීම නිසා, දරුවන්ගේ මාපිය විහීනතාවය සමාජයේ වැදගත් ගැටලුවක් වී ඇත. විදේශ රැකියා සඳහා යන දෙමාපියන්ගේ දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයේදී මුහුණ දෙන ගැටලු සහ එම ගැටලු විසඳීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සාකච්ජා කිරිම කාලෝචිතය මන්දයත් රටේ ඇතිවි තිබෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බොහෝ දෙනෙක් විදේශගත විමේ ප්‍රවණතාවයක් මේ දිනවල දක්නට ලැබෙන බැවිනි.   බටහිර රටවල single parent සංකල්පය යටතේ දරුවන් දෙමාපියන්ගෙන් එක් අයෙකු පමණක් සිටියදී පවා ජීවිතය ඉදිරියට පවත්වා ගැනීම සහ adaptation සංකල්පයද දරුවන්ගේ මානසික යහපැවැත්ම පිළිබදව සලකා බලා ක්‍රියාත්මක වන බවද දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ මාපිය විහීනතාවය වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ රැකියාවන් සදහා විදේශ ගත වූ පවුල් ඇසුරින් වීම විශේෂත්වයකි. විදේශ රැකියා සඳහා යන දෙමාපියන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ, දරුවන්ගේ මාපිය විහීනතාවය වැඩිවී ඇත. මෙම තත්ත්වය සලකා බලා, 2017 වසරේදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය(SLBFE)  විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට උත්සාහ කරන ලදි . එසේම වයස අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ ගත වීමට සිමා පනවා ඇත.

සමාජයික රාමුව හා න්‍යායාත්මක පසුබිම මෙසේ වුවද, දරුවන්ගේ මානසික හා චිත්තවේගිය වර්ධනයට දෙමාපියන් ප්‍රමුඛ හා ප්‍රබල කාර්‍යයක් ඉටු කරන බව පැහැදිලිය. 

පෞරුෂ සංවර්ධනයේ බලපෑම

මාපිය විහීනතාවය දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයට විශාල බලපෑමක් ඇති කරයි. දෙමාපියන්ගේ ආදරය, ආරක්ෂාව සහ මගපෙන්වීම නොමැතිව, දරුවන්ගේ මානසික සහ සමාජික වර්ධනය අවදානමට ලක් වේ. පර්යේෂණවලින් පෙන්වා දක්වන්නේ, මාපිය විහීන දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය පහළ යාම, ආචාරශීලී ගැටලු සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම වැඩිවන බවයි.

සංඛ්‍යා ලේඛන සහ ජනගහණ දත්ත

ශ්‍රී ලංකා ජනගහණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) 2012 ජනගහණ ගණනය අනුව, විදේශ රැකියා සඳහා යන කාන්තාවන්ගේ ප්‍රමාණය මිලියන 1.5 පමණ වේ. එම කාන්තාවන් බොහෝ දෙනාගේ දරුවන් මාපිය විහීනතාවයට ලක් වන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත. එමෙන්ම, 2015-2022 කාලයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම් පිළිබඳ සංඛ්‍යාලේඛන අනුව, විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යන බව දැක්වෙයි. 

ආරක්ෂාව සහ භාරකාරත්වය පිළිබදව ගැටළු 

මාපිය විහීන දරුවන්ගේ භාරකාරත්වය පිළිබදව අධ්‍යයනය කිරීමේ දී එය ගැටලු සහගත තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. ඇතැම් විටක දරුවන් තෙවන පාර්ශවයක් වෙත ලබා දී මව විදේශගත වන අවස්ථාවලදී දරුවන්ගේ සුරක්ෂාව පිළිබදව නිසි වගකීමක් ඔවුන් සතුව පවතින්නේද යන්න පිළිබද ගැටළුවකි. එසේම මව විදේශගත වීමේදි දරුවන්ගේ භාරකාරත්වය  පියා වෙත පැවරෙන අවස්ථාවලදී, පියා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් නම් ඇති විය හැකි ඛේදවාචකය සුළුපටු නොවේ.එවැනි සිදුවිම් දිනපතා වාර්තාවිම සුලබ වි ඇත. 

වියදම් නියාමනය කිරීම පිළිබදව, පවුල් සංවර්ධනය කිරීම පිළිබදව පවතින දැනුම නොමැති වීම ආර්ථික වශයෙන් අස්ථාවර වීමටද මෙම තත්ත්වයට ජනතාව පොළඹවා ඇත. මෙවැනි හේතු සාධක මත දරුවන් තම පෞරුෂය සංවිධානය කර ගැනීමේ දී බොහෝමයක් මානසික හා චිත්තවේගීමය ගැටලු වලට මුහුණ දෙන බව පෙන්වා දිය හැකිය. 

එසේම මව විදේශගතව සිට නැවත පැමිණීමේදී පියා වෙනත් විවාහයක් සිදු කර ගෙන තිබීම, එම සුළු මවගේ හිරිහැරයන්ට දරුවන් ලක් වීම, විදේශගතව සිට එවන ලද මුදල් අනවශ්‍ය ලෙස වියදම් කොට තිබීම සහ ඉතිරි කිරීම් සදහා යොමු වී නොතිබීම, නිවස හෝ වැඩි දියුණු කළ යුතු ඒවා නිසි පරිදි සිදු නොවී තිබීම හෝ ඇතැම් විට ඒවා සිදු නොකර මුදල් වියදම් කොට තිබීම, ඇතැම් විට ගැහැනු දරුවන් අඩු වයසින් විවාහ වීම හා අඩු වයස් ගැබි ගැනීම් ඇති වීම හා එම පවුල් සංස්ථාවන් අතර ගැටුම් ඇති වීම හා පිරිමි දරුවන්ගෙන් මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහි වීමකට ලක් වීම හා සමාජ අවමානයට ලක් වීම දැක්විය හැකිය. මෙවැනි ගැටලු රාශියක් හමුවේ සමාජ ඒකකයන්ගේ කුඩාම ඒකකය වූ පවුල දෙදරා යාමකට ලක් වන අතර, එය සමාජ සංවර්ධනයටද බලපෑම් ඇති කරයි. 

මෙවැනි තත්ත්වයන් හමුවේ දරුවන් සමාජයෙන් කොන්වීම සිදු වන අතර ඔවුන්ගෙන් ප්‍රගතිශීලි සමාජ හැසිරීමක් පෙන්නුම් කළ නොහැකිය. දරුවන් කායික වශයෙන් දුර්වල වීම හා මානසික වශයෙන් පීඩාවට පත් වීම කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුය. 

විසඳුම් සහ යෝජනා

මාපිය විහීන දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සඳහා පහත පියවර ගත හැකියි:

1. සමාජික සහ ආර්ථික සහයෝගය

දරුවන්ගේ ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා සමාජික සහ ආර්ථික සහයෝගය ලබා දීම.

2. අධ්‍යාපනික සහාය

දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය සඳහා විශේෂ වැඩසටහන් සහ මගපෙන්වීම් සැපයීම.

3. මානසික සෞඛ්‍ය සහාය

දරුවන්ගේ මානසික සෞඛ්‍යය සඳහා උපදේශන සහ ප්‍රතිකාර සැපයීම.

4. ප්‍රජා සහයෝගය

 ප්‍රජාවේ සහයෝගය ලබා දීමෙන්, දරුවන්ගේ ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා අවශ්‍ය පරිසරයක් සකස් කිරීම.

නිගමනය

මාපිය විහීනතාවයෙන් පෙළෙන දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයේදී මුහුණ දෙන ගැටලු සමාජයේ වැදගත් ගැටලුවක් වන අතර, එය විසඳීම සඳහා සමාජික, ආර්ථික සහ අධ්‍යාපනික පියවර ගත යුතුය. දරුවන්ගේ ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා සමාජයේ සියලු පාර්ශවයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.

1. ජනගහණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව (Department of Census and Statistics). (2012). ශ්‍රී ලංකා ජනගහණ සහ නිවාස ගණනය – 2012: මූලික දත්ත වාර්තාව. කොළඹ: ශ්‍රී ලංකා රජය. [http://www.statistics.gov.lk](http://www.statistics.gov.lk)  

2. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (Sri Lanka Bureau of Foreign Employment). (2022). Annual Statistical Report 2022. කොළඹ: SLBFE. [http://www.slbfe.lk](http://www.slbfe.lk)  

3. අධ්‍යාපන අමාත්‍යාංශය (Ministry of Education). (2021). සමාජික හා ආචාරශීලී ගැටලු සහ මානසික සෞඛ්‍යය පිළිබඳ වාර්තාව 2021. කොළඹ: අධ්‍යාපන අමාත්‍යාංශය.  

4. United Nations International Children’s Emergency Fund (UNICEF).(2019). The Impact of Migration on Children in Sri Lanka. Colombo: UNICEF Sri Lanka. Retrieved from [https://www.unicef.org/srilanka](https://www.unicef.org/srilanka)  

5. World Bank Group. (2020). The Effects of Parental Absence on Children’s Education and Well-being in South Asia. Washington, DC: The World Bank.  

6. නෙවිල්, ආර්. & ප්‍රනාන්දු, එස්.(2015). “ශ්‍රී ලංකාවේ විදේශ ගත වීමෙන් ඇතිවන සමාජ ගැටලු”. සමාජ විද්‍යා පරීක්ෂණ, 12(1), 45-60.  

7. Central Bank of Sri Lanka (CBSL). (2022). Annual Report 2022: Labour Migration and Family Well-being. Colombo: CBSL. Retrieved from [https://www.cbsl.gov.lk](https://www.cbsl.gov.lk) 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts