රටක ප්රජාතන්ත්රවාදය සහ දේශපාලන පක්ෂවල ප්රජාතන්ත්රවාදය
ගයාන් යද්දෙහියගේ
ශ්‍රී ලංකාව හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාත්නත්‍රවාදී සමාජවාදී ජන රජය ලෙසිනි.ප්‍රජාත්ත්‍රවාදය යනු කුමක්ද යන්න සම්බන්ධව ජනතාව තුළ මත බොහොමයක් තිබේ.තමන් සතු දැනුම හා අවබෝධය මත ඒ සම්බන්ධ නොයෙකුත් විශ්ලේෂණ ජනතාව විසින් කරනු දැකිය හැකිය.ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යන්න ඉන් එක් ප්‍රමුඛ මතයකි.දේශපාලන විද්‍යාත්මකව ප්‍රජාතන්ත්‍රවාදය යන්නට ලාබදී තිබෙන අර්ථකතනය පිළිබඳ පැහැදිලිව අවබෝධ කර ගැනීම සඳහා එම වචනය ඛන්ඩනය කර ගැනීම තුළින් පහසුවක් ඇති වන්නේය.ප්‍රජාව යනු ජනතාවයි.තන්ත්‍රය යනු පාලනයයි.මෙලෙස ගත් කළ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ පාලනය ලෙසින් අර්ථ කතනය කළ හැකිය.
ජනතාවගේ පාලනය ලෙස මෙය විග්‍රහ කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදය තවත් කොටස් දෙකකට බෙදා වෙන් කිරීමට පුළුවන.ඒ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෙසිනි.ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේදී රටේ සියලු ජනතාව පාලනයට ඍජුව සම්බන්ධ කර ගන්නා අතර එය ග්‍රීසියේ ඇතන්ස් නුවර ක්‍රියාත්මක විය.ජනහණය වැඩිවීමත් සමඟ සියලු ජන කොටස් පාලනයට සම්බන්ධ කර ගැනීම දුෂ්කර බැවින් පසුකාලීනව පාලනය සඳහා ජනතාවට තමන්ගේ නියෝජිතයින් පත්කර ගැනීමේ අවකාශ සැලසෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රචලිත විය.මෙරට තුළ අද ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමය වන අතර ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තවමත් ආරක්ෂා වී පවතින අවස්ථාවක් ලෙස ජනමත විචාරණය පෙන්වා දීමට පුළුවන.රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීම සඳහා ජනතාව තමන්ගේ බලය පවරා දී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාවක් නොමැති අතර ඒ සඳහා අනුමැතිය ජනතාව වෙතින්ම ලබාගත යුතුවීම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැකිය හැකි යහපත් ලක්ෂණයකි.
මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැන්වීමේදී මූලික වන්නේ ජනතාවට තමන්ගේ නියෝජිතයින් පත්කර ගැනීම සඳහා අවකාශ සැලසෙන මැතිවරණ ක්‍රියාවලිය බව පැහැදිලිය.ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා බලපාන්නාවූ ප්‍රධාන කාරනා අතර ප්‍රධාන තැනක් ගන්නේ නිදහස් හා සාධාරණය මැතිවරණ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.අනෙක් කාරනය වන්නේ ජනතාවට තමන්ගේ නියෝජිතයින් පත්කර ගැනීම සඳහා නියම වේලාවට මැතිවරණ පැවැත්වීමයි.නිදහස් හා සාධාරණ ලෙස මැතිවරණ නොපවැත්වීමත් නිසි කළට මැතිවරණ නොපවැත්වීමත් මගින් ජනතාවට නියම ලෙස තමන්ගේ නියෝජනය ලබා දීමට අවස්ථාව මඟ හැරෙන අතර එමඟින් හානි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනමට අප තේරුම් ගත යුතුය.නිදහස් සාධාරණ නොපැවැත් වුණු අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු.චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනපති ධූරය හෙබවූ සමයේ පැවැති වයඹ මැතිවරණය ඊට එක් උදාහරණයක් පමණි.මැතිවරණ කල් දැමීම සම්බන්ධ උදාහරණද ඕනෑ තරම් තිබේ.දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු පළාත් සභා සඳහා නියෝජිතයින් පත්කර ගැනීම දැන් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ කල් දමමින් පවතින බව රටම දන්නා කරුණකි.
නිදහස් හා සාධාරණ මැතිවරණ මෙන්ම කළට වේලාවට මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් හඬ නැගීම පුරවැසි වගකීමකි.නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ආණ්ඩු බිහිවන්නේ දේශපාලන පක්ෂ ක්‍රමය පදනම් කර ගනිමිනි.පක්ෂ එකක් හෝ දෙකක් වෙනුවට පක්ෂ කිහිපයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හේතුවෙයි.රටක ජනතාව එකම මතයක පිහිටා කටයුතු නොකරන අතර ඔවුන්ට තමන්ගේ මතය නියෝජනය කිරීම පිණිස ගැලපෙන පක්ෂයක් තෝරා ගැනීමේ පසුබිම තිබිය යුතුය.නැතහොත් සිදුවන්නේ විකල්පයක් නොමැති නිසා තම ප්‍රතිපත්ති හා නොගැලපුනත් පක්ෂයක ප්‍රතිපත්ති හා බද්ධ වීමට ජනතාවට සිදු වීමය.එමඟින් සැබෑ ජනමතය ඉස්මතු වීමට ඇති ඉඩ යටපත් වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට එක්තරා පැත්තකින් හානිකරය.
ජාති හා ආගම් පදනම් කර ගනිමින් මෙරට තුළ පක්ෂ බිහිව තිබේ.එය එක්තරා අන්දමකින් ප්‍රජාත්ත්‍රවාදයේ සෞඛ්‍ය සම්පන්න බවට තර්ජනයකි.නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් තමන් කැමැති පක්ෂයක් නියෝජනය කරන තමන් කැමැති පුද්ගලයෙකු තමන්ගේ නියෝජිතයා ලෙස පත් කිරීමට වත්මන් පාර්ලිමේනතු මැතිවරණ පනත යටතේ ජනතාවට බලය හිමිවෙයි.එය ජනතා පරමාධිපත්‍ය බලය ලෙස විග්‍රහ කෙරෙයි.පවතින මැතිවරණ ක්‍රමය යටතේ එක් එක් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පක්ෂ වලින් මානප ක්‍රමය යටතේ ජනතාවගේ වැඩි කැමැත්ත උරගා බලමින් මහජන නියෝජිතයින් පත්කර ගැනීම සිදු කෙරෙයි.මෙරට මැතිවරණ වලදී ජනතා හැසිරීම සලකා බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් වන්නේ තමන්ගේ නියෝජිතයින් පත් කිරීමේදී ජනතාව පුද්ගලයින්ට වඩා පක්ෂ වලට මූලිකත්වය දී තිබෙන බවයි.අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙම තත්ත්වය පැහැදිලිව දක්නට ලැබිණි.නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිසිලෙස ක්‍රියාත්මක වීමට මෙය එක්තරා අන්දමක බාධාවක් වන අතර මෙය නිවැරදි කිරීමේ අවස්ථාව ඇත්තේද ජනතාව මතය.අකුරු කියවීමේ හා ලිවීමේ අගය ඉහළ මට්ටමක තිබුණද මෙරට ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඒ හා සමාන මට්ටමක නොපවතින නිසා ජනතාව තම නියෝජිතයින් පත් කිරීමේදී ප්‍රතිපත්ති වලට වඩා මූලීකත්වය ලබා දෙන්නේ හැඟීම් වලටය.මේ නිසා එක්තරා අන්දමකින් ජනතාව තමන්ගේ නියෝජිතයින් ලෙස පත්කර යවනු ලබන පුද්ගලයින් වෙතින්ම ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදුවූ අවස්ථා පසුගිය දශක කිහිපය තුළම අපට දක්නට ලැබිණි.
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට විධායකය,ව්‍යවස්ථාදායක හා අධිකරණය යන බල කණු තුන එක හා සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුය.මේවා එකක් අභිබවා අනෙක ඉස්මතු වීමට යාමෙන් හානි සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමටය.විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් නීතියට උඩින් ජනපති ක්‍රියාත්මක වන ස්වභාවයක් නිර්මාණය විය.එය එක්තරා අන්දමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යම් ප්‍රමාණයකට බිඳ දැමීමක් ලෙස අර්ථ කතනය කිරීමට පුළුවන.නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආණ්ඩු පක්ෂයක් හා විපක්ෂයක් නිර්මාණය වන අතර පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයකට හෝ කණ්ඩායමකට ආණ්ඩු බලය හිමිවෙයි.ඒ හා සමඟ විපක්ෂ කණ්ඩායමක්ද බිහි වෙයි.රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් වීමට නම් ප්‍රබල විපක්ෂයක් සිටීම අත්‍යවශ්‍ය්‍ය කාරනයකි.ආණ්ඩු බලය ලබාගත් පිරිස ජනතා මතයට පයින් ගසමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන්නේ නම් යළි මැතිවරණයක් එනතුරු එය වැලැක්වීමේ ප්‍රධානතම කාර්ය භාරය පැවරෙන්නේ විපක්ෂයටය.
පක්ෂ දේශපාලන ක්‍රමය තුළ ජනතාවට තමන්ගේ නියෝජිතයින් පත්කර ගැනීම සඳහා අවස්ථාව ලැබෙන්නේ පක්ෂ වලින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයින් මගිනි.මේ නිසා දේශපාලන පක්ෂ වල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීම අතිශයින් වැදගත් කාරනයකි.මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සැලකීමේදී ඒවාහි ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේද යන සැකය මතු වන්නේ පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව මත ඒවා ක්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවිනි.රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම සඳහා සියල්ලට ප්‍රථම පක්ෂ වල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතුය.එසේ නොවුන හොත් සිදුවන්නේ ප්‍රජාවට තමන්ගේ නියෝජිතයින් ලෙස සැබෑ පාලකයින් පත්කර ගැනීමට බාධා මතු වීමය.