වෛරී ප්‍රකාශ සංස්කාරක සටහන්

මුස්ලිම් කොවිඩ් සහ කොවිඩ් දහ නවය

සම්පත් දේශප්‍රිය

ලෝක වසංගතයක් ලෙස හඳුනාගෙන ඇති කොවිඩ් 19  මේ වන විට කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බිලිගෙන හමාරය මෙම උවදුරෙන් මිදීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ඊට ප්‍රතිකර්ම සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය යටතේ රටවල් රැසක් පර්යේක්ෂණ වල යෙදෙමින් සිටින අතර ඒ සඳහා වූ එන්නත් කිහිපයක් මේ වන විටත් නිෂ්පාදනය කර තිබේ .වසංගතයට ප්‍රතිකර්ම සොයන අතරම කොවිඩ් 19  වෛරසයේ  ඒ මූලාරම්භය  සෙවීමට ඇමරිකාව උත්සුක වෙමින් සිටින බව දක්නට ලැබේ .ඇමරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් පසුගියදා තම රටේ බුද්ධි අංශ වෙත නියෝග කරනු ලැබූයේ කොවිඩ් වෛරසයේ   මූලාරම්භයපිළිබඳ විමර්ශනයක් සිදුකර  කඩිනමින් තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ය .මෙම නියෝගයට පසුබිම් වූයේ ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවකි .එම වාර්තාවේ සඳහන් වූයේ 2019 නොවැම්බර් මාසයේ චීනයේ වුහාන් හි පිහිටි virus පරීක්ෂණාගාරය ක සේවය කරන පුද්ගලයන් තිදෙනෙක් හදිසියේ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි .මේ හේතුවෙන් එම පර්යේෂණාගාර යෙන් වෛරසය අහම්බෙන් පිට වූවක් බවට සැකයක් යළිත් යළිත් කරළියට පැමිණ තිබීම ජෝ බයිඩ්න් ගේ මෙම නියෝගයට පදනම සකසා තිබිණ .ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් දිගින් දිගටම කියා සිටියේ කොවිඩ් වෛරසය පැමිණියේ චීනයෙන් බවය.මේ සම්බන්ධයෙන් ලෝක සෞක්‍ය සංවිධානය කළ විමර්ශනයකින් පසු ඔවුන් කියා සිටියේ මෙය සතුන්ගෙන් මිනිසුන්ට සංක්‍රමනය වු වෛරසයක් බවය.

                 කොවිඩ් වෛරසයේ වාහකයා  සෙවීමට ඇමරිකාව එවැනි උත්සාහයක නිරත වෙද්දී ලංකාවේ කොවිඩ් වාහකයා සෙවීමට  ලංකාවේ දේශපාලන අධිකාරියේ ඇතැම් පාර්ශ්වයනුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයත් පසුගිය වකවානුවේ කළ අවිනීත අශිෂ්ට උත්සහය විමසා බැලීම කාලෝචිතය .මේ රටේ වෙසෙන සහෝදර මුස්ලිම් ප්‍රජාව  රෝග වාහකයා ලෙස බෞතිස්ම කර ඒ බව බහුතර සිංහල සමාජය වෙත ඒත්තු ගැන්වීමට ඉහත කී පාර්ශව නොනවතින අරගලයක යෙදී සිටියේය .මෙය හුදු ඕපපාතික සිදුවීමක් නොවේ .සැලසුම් සහගත ක්‍රියාවලියකි .වසර 30 ක කාලයක් තිස්සේ පාලකයන් විසින් සිංහල ජන මනසේ රෝපණය කර තිබූ දෙමළ සතුරා 2009දී පරාජයට පත්කළ බව නිගමනය කළ සිංහල ජාතිවාදී බලවේගය සිය පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා මුස්ලිම් සතුරෙක් නිර්මාණය කළේය .එසේ නිර්මාණය කළ මුස්ලිම් සතුරා සිංහල ජන මනස තුළ රෝපණය කළේය .පුද්ගලබද්ධ කාරණා කීපයක් මුල් කරගනිමින් රටේ ස්ථාන කිහිපයක වූ සිදුවීම් වලට  ජාතිවාදී ස්වරූපයක් ලබාදී ගැටුම් නිර්මාණය කරනු ලැබීය .මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් හටගත් අකුරණ,බේරුවල ,දර්ගා නගරය ,මිනුවන්ගොඩ ,අම්පාර ,ප්‍රදේශවල හටගත් ගැටුම් සිංහල කාන්තාවන් වඳභාවයට පත් කරන ලද බවට විද්‍යාත්මක පදනමක් රහිත ව සාෆි වෛද්‍යවරයාට එරෙහිව ගොනු කළ චෝදනා සැලසුම්සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලය .කොවිඩ් වසංගතයේ වාහකයා මුස්ලිම් ප්‍රජාව බවට මතයක් රට රට තුළ ගොඩ නැගීමේ උත්සාහයද ඉහත ක්‍රියාදාමයේ ම තවත් එක් දිගුවකි.

                  රටේ නූතන පාලන තන්තය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ,වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් තැකීමක් නොකොට විද්‍යාත්මක නොවන ක්‍රමවේද ඔස්සේ වසංගතය පිටුදැකීමට විවිධ උපාය උපක්‍රම සකස් කළේය .එහි අවසන් ප්‍රතිඵලය වසංගත ව්‍යාප්තිය ඉහළ යෑමය .ඊට සමාජයෙන් මතු වූ ප්‍රතිවිරෝධය කළමනාකරණය කිරීමට ආණ්ඩුවට සිදුවිය .මුල් අදියරේ ම ආණ්ඩුව ඊට සූදානම් වෙමින් එහි පළමු පියවර ලෙස ජාතික කොවිඩ් වසංගත  කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කෙරිණ .අසරණ රෝගීන් සොයා කෙරෙන විමර්ශන මෙහෙයුම් බවට පත්විය .ආන්ඩුවේ උපදෙස් පිළිනොපදින ජනතාව අත්අඩංගුවට ගැනීම් ගැනීම් ආරම්භ විය .වසංගත තත්වයක් ඒ ආශ්‍රිතව ඇතිවූ පීඩාකාරී වටපිටාවත් පාලනය සම්බන්ධයෙන් යහපත් ආකල්පයක් ගොඩනැගීමට හේතු නොවීය .ජනතාවගේ එම විරෝධය වෙනතකට යොමු කිරීමේ මතවාදී මෙහෙයුම් දේශපාලනඥයන්,පොලීසිය ,හමුදාව සහ මාධ්‍ය ඒකාබද්ධව ආරම්භ කළේය .එහි ප්‍රධාන ඉලක්කය වූයේ ලාංකීය මුස්ලිම් ප්‍රජාව ය.

                   බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කොවිඩ් වැළඳුණු බවට සැක සහිත මුස්ලිම් ජාතිකයකු  ගෙනයාමට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කිරීමේදී ඊට බාධා කරමින් ඔහු ඉතා අසීලාචාර අන්දමින් හැසිරෙන බව දක්නට ලැබිණ .මාධ්‍ය මගෙන් ඔහුගේ හැසිරීම නාටකීය ස්වරූපයෙන් උලුප්පා දක්වමින් ජාතික මට්ටමේ ප්‍රවෘත්තියකට ලබාදෙන වැදගත්කමක් ලබා දුන්නේය .මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජ මාධ්‍ය විසින්  මුස්ලිම් විරෝධයක් මතුකරමින් එකී පුද්ගලික ක්‍රියාව   සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත ආරෝපනය කළේය .covid වසංගතය සිංහල සමාජයට ව්‍යාප්ත කිරීම සඳහා ඔවුන් ප්‍රසිද්ධ ස්ථාන වල කෙළ ගසන බවට ප්‍රචාරයක් පැතිර ගියේය .එය සිංහල සමාජය තුළ යම් කම්පනයක් ඇති කළ බව රහසක් නොවේ.කොවිඩ් වැලදුන සිංහල රෝගින් රෝහල් වලින් පැනයම වැනි දෑ සිදු වුවත් ඒවා සිංහල සමාජය මත එතරම් බලපෑමක් ඇති කළේ නැත.

           රට තුළ මෙවැනි වාතාවරණයක් ගොඩ නැගෙමින් තිබියදී පසුගිය මාර්තු විසි නව වැනි දින ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක පුවත් විකාශනයේදී හමුදාපතිවරයා කොරෝනා රෝගීන් පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් කියා සිටියේ “ඊයේ අකුරණින් අපි රෝගියෙක් සොයා ගත්තා  පසුව අපි පුත්තලමෙන් තවත් රෝගියෙක් සොයා ගත්තා ඔහු බොහෝ පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා තිබුණා ඔවුන් මුස්ලිම් ජාතිකයන් “යනුවෙනි .මුස්ලිම් යන විශේෂ අවධාරණයෙන් කළ වාර්ගික අවමානය සහ ඉන් ඇති කිරීමට උත්සාහ කළ ආකල්පය මැනැවින් පැහැදිලි ය .මේ අතර ආණ්ඩුවේ ඇමතිවරයෙකු වු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා නාවලපිටියෙන් හමුවූ රෝගීන් ගැන මාධ්‍යයට අදහස් පළ කරමින් කියා සිටියේ “අද අපි රෝගීන් විසි දෙනෙක් හඳුනාගෙන තිබෙනවා ඉන් දහනම දෙනෙක් මුස්ලිම් බැතිමතුන් “යනුවෙනි .මේ කෙටි උදාහරණ දෙකක් පමණි .වසංගත ව්‍යාප්තියේ මූලාරම්භයේ සිටම මාස කිහිපයක් යන තෙක් මුස්ලිම් ජනයා රෝග වාහකයන් ලෙස කටයුතු කරන බවට පෙන්වීමට මාධ්‍ය උත්සාහ කිරීම සුලභව දැකිය හැකි විය.

            එම වකවානුවේ එනම් අප්‍රේල් මස තුන් වැනිදා ඇඳිරි නීතිය කඩකරමින් බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක රැස්වීමක් පැවති බවත් එය විසුරුවා හැරීමට පැමිණි සෞඛ්‍ය බලධාරීන්ට මුස්ලිම් තරුණයන් පිරිසක් බැන වැදුණු බවත් මාධ්‍යවල පළවිය .නමුත් පසුව ඒ පිළිබඳ කළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ එම රැස්වීම පවත්වා ඇත්තේ කොරෝනා රෝගීන් බවට සැක කෙරෙන පුද්ගලයන් හඳුනා ගැනීමට බවත් එය සංවිධානය කර තිබුණේ සෞඛ්‍ය නිලධාරීන් විසින් බවත් ය එවැනි බැනවැ දීමක් සිදු නොවූ අතර එම සෞඛ්‍යය කඳවුරට ප්‍රදේශවාසීන්ගේ පූර්ණ සහයෝගය ලබාදුන් බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබිණ .ඉහත අසත්‍ය ප්‍රවෘත්තිය ලැබුණු ඉඩකඩ දෙවැනි ප්‍රවෘත්තියට ලැබී නොතිබිණ.

                   රට මුහුණ දෙමින් සිටී ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ පූර්ව තක්සේරුවක් සහිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණික උගතුන් ආණ්ඩුව සැබෑ ප්‍රශ්නයට විසදුම් සෙවීම පසෙකලා මාධ්‍ය භාවිතා කරමින් වෙනත් අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන බව අවබෝධ කරගෙන සිටි බව දක්නට ලැබේ .ඒ බවට තහවුරු වන ලිපියක් අප්‍රේල් මස පස් වැනිදා රටේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල වෛද්‍ය මහාචාර්යවරුන් පිරිසක් හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාට සහ එවකට සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ට යවන ලද ලිපියක මෙසේ දැක්වේ “සමාජ මාධ්‍ය ජාල හරහා ජනවාර්ගික අසමගිය වැපිරීම වැඩිවෙමින් පවතී රූපවාහිනී නාලිකා  ද මෙම අවමන් කිරීම් ප්‍රවර්ධනය වන අයුරින් සිද්ධීන් ඉස්මතු කරන බවක් පෙනේ ඔවුන් යම් තත්වයන් වූ වගකීමෙන් වාර්තා කළ යුතුය .මෙම ප්‍රවණතාවයන් සියලු දෙනාට විනාශකාරී ප්‍රතිඵල අත්කර දෙමින් වසංගතය පිළිබඳ අවධානය යටපත් කළ හැකිය.

               ඉහත සඳහන් විද්වතුන් අවධාරණය කළ විනාශකාරී ප්‍රතිඵලය ජාති කුල මල භේදයකින් තොරව අප මේ මොහොතේ අත්විඳිමින් සිටිමු .ජාතිවාදයට සමගාමිව සමාජගතවන  මිත්‍යාව මේ මොහොතේ ලාංකීය සමාජය ඇද දමන ලද ව්‍යසනකාරී අඳුරු අගාධය පැහැදිලිය .රට තුළ කොවිඩ් වසංගතය  උත්සන්න වීමත් සමග රග දක්වමින් තිබූ මුස්ලිම් විරෝධී නාට්‍ය කිහිපයක් අතරමග නතර කෙරිණ .පාස්කු බෝම්බ ප්‍රහාරයේ වාර්තාව ,ඇමති රිෂාර්ඩ් බදුර්දීන් වරින්වර අත්අඩංගුවට ගැනීම ,හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ ප්‍රකාශය ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීම හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පිළිබඳ පරීක්ෂණ ,කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව කොවිඩ් වැළඳුණු මුස්ලිම් ජාතිකයන් ගේ සිරුරු ආදානයට ඉඩ නොදීම,බහුතර සිංහල ජන මනස සුවපත් කිරීම සඳහා පසුගිය කාලය පුරා පිටපත් ලියා රඟදැක්වූ නාටක යන්ය.රටේ තත්වය මදක් යහපත් අතට හැරුණු පසු යළි මේ නාට්‍යය රඟ දක්වනු ඇත.

                 මේ තීරණාත්මක මොහොතේ අප තේරුම් ගත යුතු සරල කාරණය නම් සිංහල ,දෙමළ, මුස්ලිම් ,සමාජයේ සිටින ජාතිවාදී ප්‍රවණතාවන්ට සහ දේශපාලනඥයන්ට තමන්ගේ පැවැත්ම සඳහා ජාතිවාදය අත්‍යවශ්‍යය .එක් ජන වර්ගයක ජාතිවාදියෙක් යැපෙන්නේ අනෙක් ජන වර්ගයේ ජාතිවාදය මතය මෙය පරපුටු දේශපාලන ප්‍රපංචයකි .මෙය අවබෝධ කර නොගන්නා තාක්කල් දියුණු රාජ්‍යයක් ලෙස අපට ඉදිරියට යෑම දුෂ්කර වනු ඇත. 

Muslim Covid And Covid-19

முஸ்லிம் கொவிட் மற்றும் கொவிட்-19

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts