මරණීය දණ්ඩනය හා ජීවත්වීමේ අයිතිය
සචිනි ඩී. පෙරේරා
මිනිසුන් විසින් නීතිරීතින් නිර්මාණය කරන ලද්දේ ප්‍රචණ්ඩකාරී හා විනාශකාරී හැසිරීම් පාලනය කිරීමටත්, සදාචාරාත්මක ජීවීන් ලෙස ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමටත් ය. මෙහිදී පැන නගින ගැටලුව වන්නේ චූදිතයෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදාචාරාත්මක හර පද්ධතීන්ට අනුකූල වේ ද යන්නයි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී සදාචාරය හරස් වන ආකාරය පිළිබඳව බොහෝ ආරවුල් සහ කතිකාවන් ඇත.
චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව ඇතුළු රටවල් පිළිගනු ලබන්නේ කිසිදු චකිතයකින් තොරව නැවත නැවතත් භයානක ගණයේ අපරාධවල නිරත වන අපරාධකරුවන්ට එරෙහිව මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීම යුක්ති සහගත බවයි. එම රටවල නීතිඥයන්ගේ මතය වන්නේ එවැනි අපරාධකරුවන් විසින් සිදු කරනු ලබන අහිංසක මනුෂ්‍ය ඝාතනයන් සහ දේපල හානි පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුනට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සාධාරණ බවයි. ඉහළ සදාචාරාත්මක සංස්කෘතික අගයන් සහිත ඉස්ලාමීය රටවල් ගණයට අයත් සෞදි අරාබි රාජ්‍ය පවා මරණ දණ්ඩනට නියමවූ චූදිතයින් වෙනුවෙන් පෙනී නොසිටී. ඔත්තු බැලීම, රාජ්‍ය ද්‍රෝහිත්වය, කොල්ල කෑම, සන්නද්ධ මංකොල්ලකෑම්, කුලී මුදලට අපරාධකරුවන් යොදා මිනීමැරීමට තැත් කිරීම හා කලින් සැලසුම් කරන ලද වෙනත් වැරදි වැනි කාරණා පදනම් කරගෙන සමහර රාජ්‍යන් චූදිතයිනට එරෙහිව මරණීය දණ්ඩනය නියම කරයි.
මෙම මත භේදාත්මක කතිකාව අංශ දෙකකට බෙදා ඇත.
- වින්දිතයාගේ සදාචාරාත්මක ඡීවන අයිතිවාසිකම් තහවුරු කරනු වස්, යුක්තිය පසිඳලීමේ අරමුණින් චූදිතයාගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම.
- සමාජ ජීවියකු ලෙස ජීවත්වීමට චූදිතයාට ඇති මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන මරණ දඬුවම අවලංගු කිරීම.
ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී 1979 අංක 15 දරන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 285 වගන්තියට අනුව මෙරට ජනාධිපතිවරයා විසින් නියම කරන ලද දිනයක හා ස්ථානයක ඔහුට හෝ ඇයට මරණ දඬුවම ලබාදිය හැක. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 286 වන වගන්තියට අනුව අදාළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වනතුරු වරදකරු බන්ධනාගාරයේ සිරගත කළ යුතුය. ශ්‍රී ලංකාවේ අවසන් වරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලද්දේ 1976 ජුනි 23 ය. ජාතියක් වශයෙන් අප ද මරණීය දඩුවම මෙරට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව විවිධ තක්සේරු හා ඇගයීම් කර ඇත්තෙමු. මෙරට නීතිය මගින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවද, මරණ දඬුවමට නියම වූවන්ගේ සංඛ්‍යාව අධික වන්නේ ඔවුන් එල්ලා මරන්නේ කවදා දැයි නොදැනම ඔවුන්ව වසර ගණනාවක් සිරගත කර තැබීම නිසාවෙනි.
මරණීය දණ්ඩනය පිටුපස ඇති සදාචාරාත්මක හරය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ එය ලෝකයේ හොඳ නරක ලෙස අප වෙන්කරගන්නා දෑ තර්ජනයට හා තර්කනය කරන බවයි. එමගින් මිනිසා තුළ පවත්නා ගණනය කළ නොහැකි ස්වකීය මානව අයිතිවාසිකම් ධනාත්මක හා සෘණාත්මක ලෙස ප්‍රතිනිරූපණය වේ. ලොව දැනට සම්මත ඉහළ නීති ක්‍රමවේදයන් භාවිත කිරීමේන් පවා මරණීය දණ්ඩනය හමුවේ සදාචාරය කුමක්වේද යන ගැටලුවට, වින්දිතයන් හා චූදිතයන් යන දෙපිරිසටම එකවර පරිපූර්ණ විසඳුමක් ලබා දිය නොහැක. චූදිතයෙක් අපරාධයක් නැවත නැවත කිරීමට පෙළඹේ නම්, ඔහු කොපමණ වාර ගණනක් සිර ගතව සිටියේ ද යන්න අදාළ නොවේ. අදාල රජය ඔහුට එරෙහිව නිසැකයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට හා වරදකරුගෙන් සමාජයට ඇති බල්පෑම මර්ධනය කිරීමට අවශ්‍ය වෙනත් වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කළ යුතුය. බරපතළ ගණයේ අපරාධකරුවන්ට පරිවාස කාලයක සිර දඩුවමක් පමණක් නියම කිරීම සාර්ථක ක්‍රමවේදයක් නොවේ. නීති ගරුක පුරවැසියන්ගේ ජීවන පැවැත්ම හා ජීවත්වීමේ අයිතිය තහවුරු කරනු වස් අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි නම් එම නෛතික භාවිතයන් අදාළ සමාජයට හා ප්‍රජාවට නිරපේක්ෂ නීතිමය ගැටලු ඇති කරයි. එය නිසැක වශයෙන්ම සමාජයේ සදාචාරාත්මක පැවැත්මට හා නීතියමය ගැටුම් උත්සන්න වීමට හේතුවේ.
එබැවින් සමහර රටවල් (බහමාස්, කියුබාව, ප්‍රංශය, බෙල්ජියම, කටාර්, ජැමෙයිකාව, සිම්බාබ්වේ, උගන්ඩාව) එරට තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තහනම් බව වක්‍රව දක්වා ඇත. (මෙහිදී තහනම් යනුවෙන් හඳුන්වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ රාජ්‍ය ක්‍රියාවන් අත්හිටුවීමේ ගිවිසුමකි) ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම ක්‍රියාත්මක කළ හැකිය. යුරෝපානු සංගමයේ සාමාජික රටවල් බොහොමයක් එල්ලීම, වෙඩි තැබීම, ගල් ගැසීම, විදුලි පුටුවේ තැබීම, හිස ගසා දැමීම, ගෑස් ආශ්වාස කිරීම හා මාරාන්තික එන්නත් ශරීරගත කිරීම වැනි දෑ අමානුෂික යැයි සලකමින් ඔවුන්ට උරුම වූ සදාචාරාත්මක විශ්වාසයන් හා ව්‍යුහයන් මත පදනම්ව මරණීය දණ්ඩනයට එරෙහිව නැඟී සිටිති.
සමහර අවස්ථාවලදී අහිංසක පුද්ගලයකු වරදකරුවෙකු ලෙස හංවඩු ගසා පසුව ඔහු චූදිතයකු නොවන බවට තහවුරු වුවහොත් එම තැනැත්තාගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බව පැහැදිලිව පෙනේ. සමහරක් විදේශීය අධිකරණ තීන්දවලදී චූදිතයා වරදකරුවෙකු බවට තීන්දු කිරීමෙන් පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කොට කාලයකට පසුව නිර්දෝෂී තැනැත්තෙකු බව හෙළි වී ඇත.
නීතියේ ආධිපත්‍ය හා යුක්තිය නිවැරැදිව පසිඳලීමට නොහැකි වීම සම්බන්ධ සිදුවීම්වලට උදාහරණ කිහිපයක් මෙලෙස දැක්විය හැකිය; වී ක්වින්ගන් (චීනය 1984), හැරී ග්ලීසන් (අයර්ලන්තය 1941), මොහොමඩ් හුසේන් මට්ටන් (එක්සත් රාජධානිය 1952) සහ ඇලෙක්සැන්ඩර් ක්‍රව්චෙන්කෝ (රුසියාව 1983) වැනි පුද්ගලයින්ගේ නඩු තීන්දුවලදී සදාචාරය සහ යුක්තිය කිසිසේත් ඉටු නොවී ඇති බව පැහැදිලිව දක්නට ලැබේ.
නිදසුනක් වශයෙන් අයර්ලන්තයේ හැරී ග්ලීසන් (1941) ඝාතනය පිළිබඳව විමසීමේදී දරුවන් 07 දෙනෙකුගේ මවක් වන මේරි මෝල් මැකාර්ති ඝාතනය කිරීම සම්බන්ධයෙන් ග්ලීසන්ට විරුද්ධව බොරු චෝදනා එල්ල වූ අතර අවසානයේදී ඔහුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරිණි. ග්ලීසන්ගේ මාමා කෙනෙකුට අයත් ගොවිපලකදී මේරිගෙ හිසට දෙවරක් වෙඩි තබා ඇත. ප්‍රථම් නඩු වාරයේදී ග්ලීසන් මිනිමරුවෙකු බව අදාළ සාක්ෂි වලින් ඔප්පුවී ඇත.
ග්ලීසන්ගේ දියණිය විසින් සපයන ලද සාක්ෂි පිරික්සීමෙන් අනතුරු පසු කාලීනව නැවත එම නඩු විමසීමේදී ජූරි සභාව තහවුරු කරන ලද්දේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද අවස්ථානුකූල සාක්ෂි පදනම් කරගෙන ග්ලීසන් මිනීමරුවෙකු බව පෙර නඩු වාර වලදී ඔප්පුවී ඇති බවයි. චූදිතයකු ලෙස නම් කෙරුණු බවයි. අවසානයේදී සිදුවූ විශාල වරද පිළිබඳ අයර්ලන්තය රජය විසින් නිළ වශයෙන් ග්ලීසන්ගේ දියණියගෙන් සමාව ඉල්ලා ඇත. පසුව උක්ත සිදුවීම අයර්ලන්ත මානුෂීය සංවිධානයන්ගේ දැඩි විවේචනයට ලක් විය. තවද එරට මරණ දඬුවම අහෝසි කිරීම සඳහා රජයට විරුද්ධව විරෝධතා ද පැවැත්විය. මෙහිදී අවධානය යොමු කල යුතු ප්‍රධාන කරුණ වන්නේ සදාචාරයට, යුක්තියට හෝ මරණීය දණ්ඩනයට අනාගත අපරාධයන් වලකාගත නොහැක යන්නයි. නීතිය හා යුක්තිය දෙපැත්ත කැපෙන මුවහත් අසිපතකට සමානය. එවැනි සංකීර්ණ තත්වයන් හමුවේද මානව වටිනාකම් විවිධ මට්ටම්වලින් මැන බැලීමට අපට සිදු වේ. කිසියම් අපරාධයක ඇති බරපතලකම, සමාජය තුළ රෝපණයවී ඇති සමාජ, දේශපාලන හා ආර්ථික උපයෝගීතාවන් මරණය සඳහා මිනිසා තුළ පවතින මානව භීතිය, නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින විනිවිදභාවය ආදිය මිනිසාට ජීවත්වීමට ඇති අයිතිය පිළිබඳව තීරණ ගැනීමට සිදුවන මෙවැනි අවස්ථාවලදී අපව හුදකලා කර තබයි.