සමාජ

මතක සංරක්ෂණය නිදහසට පසු ශ්‍රී ලංකාව

ගෝරි මහ
බලය විසින් විවෘත කරන ලද ඉතිහාසය පිළිබඳ ලියැවුණු කතාන්තර කියවීමට අප පුරුදු වී සිටි අතර මතක සංරක්ෂණය යන නමින් වන පොත අපට සත්‍ය අත්දැකීම් ඔස්සේ අතීතය දෙස බැලීමට අවකාශ විවර කරනු ලබයි. 2018 දක්වා  ඉතිහාසගත කතාන්තර ඉදිරිපත් කරන මෙම කෘතියෙන් නිදහසට පසු වසර 70ක ඉතිහාසය හා සමෘද්ධිමත් බව වාර්තා කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ මේ වන විටත් එහි ඉතිහාසය භාෂාමය සාහිත්‍ය මගින් සාරවත් කොටගෙන කොට ගෙන ඇති අතර එය සංස්කෘතික ආගමික හා භාෂාමය වශයෙන් විවිධ වේ. කෙසේ නමුත් අපගේ ඉතිහාසය අනෙක් භාෂාවන්ගෙන් සඟරාවන්ට ලිවීම අපගේ සම්ප්‍රදායක් නොවන අතර අපගේ සම්ප්‍රදාය වන්නේ අපගේම ඉතිහාසය අපගේම භාෂාවන්ගෙන් ලිවීම හා කියවීමයි. මෙම තත්ත්වය තුළ මතක සංරක්ෂණයේ වැදගත්කම මෙම කෘතිය තුළින් මෙලෙස ඉදිරිපත් කරනු ලබයි.

මෙම කෘතියෙහි හැඳින්වීමේදී මෙලෙස ප්‍රකාශ කරයි.  “ශ්‍රී ලංකාවේ පශ්චාත් නිදහස් අවධිය ව්‍යාකූල මෙන්ම ලේ වැගිරුණු එකක් නොවන වග අපට කිව නොහැකිය. වර්ගවාදී අරගල තරුණ කැරලි ස්වභාවික ආපදා හා මෑත දශකයක් දක්වා සෙවණැලි වැටුණු දිගැදුණු සිවිල් සිවිල් යුද්ධ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සාමාන්‍ය අත්දැකීම් බවට පත්ව ඇත. ඉතින් අපගේ ඉතිහාසය ආවර්ජනය කිරීම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වෙනවා. ජාතියක් විදියට අප ඉතිහාසයේ සිදුකරන ලද හා අත්පත් කරගන්නා ලද වඩාත් ධනාත්මක දේ වැළඳ ගත යුතු වේ. එහිදී වඩාත් අඩු ධනාත්මක වෘත්තාන්තයන් පවත්නා විට අප ඒවා ප්‍රශ්න කළ යුතු වෙනවා මෙන්ම ඒවා සිදු වූයේ ඇයි හා කෙසේද යන්න ලෙස අප ඉගෙන ගත යුතු වෙනවා.


මාලති ද අල්විස්_එම් හසිනි හපුත්තන්ද්‍රි විසින් සම්පාදනය කර ප්‍රකාශයට පත් කරන ලදී

මතක සංරක්ෂණය කෘතිය කෙටියෙන් පෙන්නුම් කරනු ලබන්නේ පසුගිය වසර හැත්තෑවක් පුරා එනම් 1947 – 2018 දක්වා කාල පරාසය තුළ වූ වෘත්තාන්තයන්හි ඇතුළාන්තය හා එකලට ආවේණික වෘත්තාන්තයන් 70 ක එකතුවකි. වෘත්තාන්තයන් මගින් අපගේ පශ්චාත් නිදහස් ඉතිහාසයෙහි වැදගත්කම අපට මතක් කර දෙනු ලබයි. සෑම වෘත්තාන්තයක් මතක් කර දෙනු ලබන්නේ මෙම කෘතිය ග්‍රන්කරණය කරන ලද හා සංරක්ෂණය කරන ලද මාලතී ද අල්විස් හා හසිනි හපුතන්ත්‍රි විසින් සඳහන් කරන ලද වර්ෂයන් මතකයට ගෙන එනු ලබයි. අප මෙහි ඉදිරිපත් කරනු ලබන වෘත්තාන්තයන් දශක හතක් තිස්සේ සිදුවනු ලද අතීත වෘත්තාන්තයන්ය. මෙහි ඉදිරිපත් කරන්නේ කෙසේ වුවද අප නිරීක්ෂණය කරලා තියෙනවා ඉන් බොහොමයක් වෘත්තාන්තයන් වසර 1980 සිට 2000 දක්වා කාල පරාසයන් තුළදිවයන බව. එහිදී එමගින් සුවිශේෂී දශකයන් හා සුවිශේෂී වර්ෂයන්හි සිදු වූ සිදුවීම් සම්බන්ධ සුවිශේෂී ඇතුලාන්තයක් මෙහි සපයා ඇත.. මෙම ග්‍රන්ථයන්හි වෘත්තාන්තයන් ඉදිරිපත් කරනු ලබන්නේ මෙරට ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ , බර්ගර් හා බෝරා ප්‍රජාව  විසිනි. මෙම වෘත්තාන්තයන් මගින් මෙරට සියලු ප්‍රදේශයන්හි පුද්ගලයින් සන්සිද්ධිමය සංස්කෘතිකමය තත්ත්වයන් හෙළි කරනු ලබයි. මෙමගින් පැහැදිලිව පෙනෙන අදහස වනුයේ ඉතිහාසයේ ලංකාවේ සිදු වූ හා ගොඩනංවන ලද සුවිශේෂී සිදුවීම් වලට මෙරට ජීවත් වූ බහු වාර්ගික ජනතාව සියලු දෙනා සම්බන්ධ වූ බවයි. පශ්චාත් නිදහස් කාල සීමාව තුළ සිදු වූ යහපත් දේ මෙන්ම විනාශයන්ද සියල්ල මෙහිදී ඔවුන් හුවමාරු කරගෙන ඇති බව පෙනේ. රටේ ප්‍රගතිය මෙන්ම කඩා වැටීම් වලට ද සියලු වාර්ගික ප්‍රජාවන් සම්බන්ධ වී ඇත. වෘත්තාන්තයන් සියල්ල ඉදිරිපත් කොට ඇත්තේ ඔවුන්ගේ ම සැබෑ අත්දැකීම් පාදක කරගනිමින් ය.

මෙම කථාන්තර ඉදිරිපත් කරනු ලබන්නන් සිය කතාන්තරයන් ගොඩනංවනු ලබන්නේ ඔවුන්ටම සම්බන්ධ අදහසක් පාදක කරගනිමිනි. ඒ සදහා ඔවුන් තෝරාගන්නා ලද අදහස් ද ඉතා රසවත්ය. එම සියල්ල සමන්විත සියලු අත්දැකීම් හා අදහස්වලින් සමන්විතව ගොඩනංවන ලද කතාන්තර හැත්තෑවක් මෙම කෘතියෙහි අඩංගු වේ. සමහර කතාන්තරයන් කාලයේ අවකාශය සමග සමඟ අභාවයට ගිය ඒවාය. ඒවායේ ඇතැම් වෘත්තාන්තයන් ඉදිරිපත් කරන්නට ඇතැම් සංස්කෘතික අදහස් ඔවුන්ගේ කථා විලාශයන් සඳහා   ලැබී ඇත. මේ ආකාරයට ඔවුන් ඔවුන්ගේ මතකය නැවත ආවර්ජනය කරනු ලබයි. කතාන්තරයක් ඔස්සේ අප නොදැකපු හා නොදන්නා ශ්‍රී ලංකා ඉතිහාසය සම්බන්ධ පැතිකඩ දැක ගැනීමට හැකියාව ලැබී ඇත.
උදාහරණ ලෙස දක්ෂිනී ෆර්ඩිනැන්ඩු සිය වෘත්තාන්තයේ දී රිදී වලල්ල පිළිබඳ විස්තර කිරීමේදී 1948 නිදහස් උත්සවය දින හතරක් පුරාවට මෙරට සැමරූ බව සඳහන් කරයි. ඇය වයස අවුරුදු 20දී පමණ මෙම උත්සවයේ සිරිය වැඩිකිරීම සඳහා එහි ඉදිරිපත් කිරීමකට  සහභාගි වී ඇත. මෙහිදී ඇය පැළඳ සිටිරිදී වළල්ල  ඇයට මවගෙන් ලද ත්‍යාගයකි. මෙම අවස්ථාව පරිශීලනය කරමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ විවිධ සිදුවීම් අවදි දහ හතරකට බෙදා සංගීතමය නාට්‍යයක් ලෙස මෙහිදී ඉදිරිපත් කොට ඇත. රාවණා සහ සීතා බුදුදහමට හැදින්වීමක් හා ධර්මිෂ්ඨ එළාර හා පෘතුගීසි ආක්‍රමණය යන්න සමහරක් තේමාවන් විය. මෙම නිර්මාණයන් සිදුකරනු ලැබුවේ කීර්තිමත් කලාකරුවන් වන සීබට් ඩයස් විසින් වන අතර ඔහු සූර්යයා හා අතුර් ලන්කෙන්බර්ග්ගේ මාමා කෙනෙකු වූ බවද ඇය පවසයි.

සත්‍ය නම් හා සිදුවීම් පාදක කර ගනිමින් ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම අපගේ පැරණි ශ්‍රී ලංකාව දෙස නැවත හැරී බැලීමක් සිදු කරවයි. ඒ හරහා ශ්‍රී ලාංකික ප්‍රජාව ආගමික වාර්ගික හා ජනවාර්ගික බෙදීමකින් තොරව ඓතිහාසික සිදුවීම් වලට ශ්‍රී ලාංකික ප්‍රජාවන් සම්බන්ධ වූ බව ඒ හරහා අපට ඒත්තු ගන්වනු ලබයි. මෙම ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක් හරහා එකල පැවැති බහුසංස්කෘතික ජීවිතයන්හි විවිධ සත්‍යතාවයන් හා සමාජ සමෝධානයෙන් සම්බන්ධව අපට මතකයට නංවනු ලබන අතර අනාගතයේ මෙලෙස ජීවත් වීම සම්බන්ධව ඇති හැකියාව සම්බන්ධයෙන්  සියලූ දෙනා අවදි කරවනු ලබයි.

විජයලක්ෂ්මි ජෙගනාදන් ගේ වෘතාන්තය වන  බිලිං ගස නැමැති වෘත්තාන්තයේ 1983 කළු ජූලිය සම්බන්ධ සිදුවීමට පණ පොවනු ලබයි. ඇය මෙහිදී ආවර්ජනය කරනු ලබන්නේ මෙම අවස්ථාවේ ඇය හා ඇයගේ පවුලේ සාමාජිකයින් බර්ගර් පවුලක් විසින් ආරක්ෂා කරනු ලැබූ ආකාරය හා එම නිවසේ ජීවත් වූ ආදරණීය වයෝවෘද්ධ කාන්තාවක් විසින් ඇයට තෑගි කරන ලද බිලිං පැලයක් ආරක්ෂා කරනු ලැබූ ආකාරය හා පෝෂණය කරනු ලැබූ ආකාරය ඉදිරිපත් කරනු ලබයි. විජයලක්ෂ්මි මේ වන විට අසූ පස් වන වියෙහි පසුවන අතර තවමත් ඇයගේ මතකය ශ්‍රී ලංකා ඉතිහාසයට ඇද ගෙන යනු ලබයි.

මඟුල් මාලය වෘත්තාන්තය ඔස්සේ සුනේත්‍රා බණ්ඩාරනායක විසින් ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය එම තත්ත්වය ළඟා කර ගනු ලැබූ ආකාරය ඉදිරිපත් කරනු ලබයි. අද අප සමග ජීවත් වන බොහෝ පිරිසක් ඔවුන්ගේ මතකයන් මෙහි දී ආවර්ජනය කොට ඇත. සියලු වෘත්තාන්තයන් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ජීවත් වන පුද්ගලයින් විසින්. එසේම සංක්‍රමණිකයන් ද මේ අතර වේ. සමහර පුද්ගලයින් විසින් සිය ආරක්ෂාව හේතුවෙන් තමන්ගේ සත්‍ය නම මෙහි දී වසන් කොට ඇත.

මාලතී ද අල්විස් හා හසිනි හපුතන්ත්‍රී ඉහත සඳහන් කරන ලද සියලු පුද්ගලයන්ගේ මතකයක් ආවර්ජනය කරමින් සියලු දෙනා එක් රැස් කරමින් ඓතිහාසික සිදුවීම් වාර්තාකරණයට ප්‍රබල උත්සාහයක් ගන්නා ලද පුද්ගලයින් දෙදෙනකු ලෙස සඳහන් කළ හැකිය. ඡායාරූප ශිල්පිනිය වන ශානි විජයවර්ධන විසින් ඡායාරූප ඔස්සේ විවිධ අදහස් ඉදිරිපත් කරමින් මෙම කෘතියට තවදුරටත් ජීවය එක්කර සාරවත් කරනු ලැබ ඇත.
This article was originally published on the catamaran.com
SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts