අනාවරණ

බහු ආගමික රටක සියල්ලනට සමාන නීතියක් ප්‍රායෝගික නෑ

ඒ. එම්. ෆායිස්

මෙරට ලංකාවේ මුස්ලිම් නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දැරෙන්නේසමස්තයේ අදහස් විමසීමෙන් තොරව බව පවසන නීති උපදේශක, ත්‍රිකුණාමලයේ හිටපු විනිශ්චකාර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ කථිකාචාර්ය ආචාර්ය ඒ.එල්.ඒ. ගෆුර්, රටේ නීතිය සියල්ලනට සමානත්වය අත් කර දෙන්නේ එය පොදු නීතියක් බවට පත් වූ විට බව කියයි.  

නීතිය සියලු දෙනාටම සමාන වියයුතු බව ඔබ විශ්වාස කරනවා ද ?

අපරාධ හා සිවිල් ගැටලු සම්බන්ධව පොදු නීතිය මඟින් ලංකාවේ සියළුම සිවිල් වැසියන් හසුරුවනු ලබනවා. බහුත්වවාදී රාමුවක් තුළ, සියළුදෙනාටම එක සමාන නීතියක් ක්‍රියාත්මකකිරීමේ හැකියාවක් නෑ. යාපනය ද්‍රවිඩ, නුවර සිංහල හා මුස්ලිම් ජනතාවගේ විවාහ අවස්ථාවල, විවිධ ආගමික හා සංස්කෘතික ලක්ෂණ තියෙනවා. ‘තේසවලාමේ’ නීතිය යාපනය දමිළ ජනතාව සඳහා ද, නුවර නීතිය නුවර වෙසෙන සිංහල ජනතාව සඳහා ද, මුස්ලිම් විවාහයන් සහ දික්කසාද පනත මුස්ලිම් ජනතාව සඳහා ද පවතිනවා. මෙහි කිසිම වරදක් නෑ.

  

MMDA මඟින් සුවිශේෂී වශයෙන් ආවරණය කරන ගැටළු මොනවාද ?

මුස්ලිම් ජනතාව වෙත බල පැවැත්වෙන නීතිය ෂරියා නීතිය යි. මෙම නීතියේ ආරම්භය සිදුවන්නේ කුරානය හා හදිත් මඟින්. නමුත්, ලංකාව, ඉන්දියාව වැනි මුස්ලිම් නොවන රටවල්වල, මුස්ලිම් නීතිය වෙනස් වගේම ෂරියා නීතිය ද වෙනස්. මෙහෙ දකින්න තියෙන්නේ ශුද්ධ ෂරියා නීතිය නෙවෙයි; එය විවිධ සම්ප්‍රදායන්ගේ මිශ්‍රවීමක් සහ ෂරියා නීතිය හා බැඳුන යම් දෘෂ්ටියක්. විවාහයේ සිට දික්කසාදය දක්වා, දරුවන් රැකබලා ගැනීම, දේපළ පරිත්‍යාගය, දායාදය සහ ආගමික ආයතනවලට පරිත්‍යාග කරන ලද දේපළ පාලනය ආදිය මුස්ලිම් නීතියට ආදළ වෙනවා.

  

මුස්ලිම් නීතිය වෙනස්කිරීමට අදාළව යෝජනාවක් පවතිනවා. මේ පිළිබඳව ඔබගේ මතය කුමක් ද?

කාලයෙන් කාලයට මුස්ලිම් නීතිය සංශෝධනය කරලා තියෙනවා. අනෙකුත් නීතින් සමඟ ප්‍රතිවිරෝධතා නොමැති මුස්‌ලිම්වරුන් විසින් මෙම වෙනස්කම් සිදූ කළ යුතු යි. එහි කිසිම වරදක් නෑ. නිදර්ශනයක් ලෙස: දික්කසාදය සම්බන්ධ සිද්ධියක දී, ඉස්ලාම් දහම නිර්දේශ කරනවා,’දික්කසාද බිරිඳ ත්‍යාගශීලී විය යුතු යි, මන්ද ඇය ඔබ සමඟ ජීවත්වෙලා තියෙන නිසා’. නමුත්, MMDA  තුළ මෙවැනි දෙයක් නෑ. ඒක තමයි, මේ සිද්ධියේ දී විනිසුරු සර්වානන්ද අවධාරණය කරලා තිබුණේ. මෙවැනි ගැටළු, උසාවි තීරණයක් හරහා හෝ පාර්ලිමේන්තුව හරහා නීතිය තුළට ගෙන එන්නට පුළුවන්. ඉස්ලාමය තුළ දික්කසාද කාන්තාවට වන්දි ගෙවනවා මෙන්, මෙම නීතිය ඒ හා සමානවම අනෙකුත් ප්‍රජවන්ට ද අදාළ කළ හැකි යි. ක්වාසි විනිසුරුවරයෙකුට, නීතිය උල්ලංඝනය කිරීමකින් තොරව එය සිදුකළ හැකි යි.

  

ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ ක්වාසි උසාවි සම්බන්ධව, ඔවුන් අතර විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් අතර යම් අතෘප්තිමත් තත්ත්වයක් පවතිනවා. ඔවුන් යම් ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තියෙනවා. ඒ පිළිබඳව ඔබට පැවසීමට ඇත්තේ කුමක් ද ?

ක්වාසි නීති පද්ධතිය සම්බන්ධව යෝග්‍ය අන්දමේ වෙනස්කම් ගෙන ඒමට සුදානමක් තියෙනවා. ප්‍රථමයෙන්ම ක්වාසි උසාවි, නිසි පරිපාලනයකට හා අධීක්ෂණයකට ලක්කළ යුතු යි. ගැළපෙන පුද්ගලයන් ඒ සඳහා පත් කළ යුතු යි.

නිදර්ශන ලෙස, දික්කසාද වීමෙන් පසු කාන්තාවක් දරුවා රැකබලා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් දැම්මොත්, බොහෝ ක්වාසි උසාවිවලට දික්කසාද දීමනා තීරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කළ නොහැකි යි. දරුවාගේ මූලික අවශ්‍යතා තෘප්තිමත් වන ආකාරයේ දික්කසාද දීමනාවක් අවශ්‍යවෙනවා. පෙනෙන විදිහට, ක්වාසි උසාවිවලට මේ පිළිබඳ නිසි දැනුවත්බවක් නොතිබුණ ද පොදු නීතියට අදාළ දික්කසාද දීමනාව සම්බන්ධ නීතිය තුළ, මේ පිළිබඳව විස්තරාත්මකව සඳහන් කර තිබෙනවා. යම් සිද්ධියක් ක්වාසි උසාවිය වෙත ගෙනගිය පසු, එය විමර්ශනය කරන අතර විනිශ්චය දෙනු ලබනවා. විනිශ්චය සම්බන්ධයෙන් අභියාචකයා තෘප්තිමත් නොවන්නේ නම්, එම අභියාචනය ක්වාසි මණ්ඩලය වෙත යන අතර එයට වසර පහක් පමණ ගතවෙනවා. මේ කාලය තුළ දරුවාට කිසිම දීමනාවක් ලැබෙන්නේ නෑ. මේ අතරින්, සිද්ධීන් කීපයක් පමණක් මහේස්ත්‍රාත් උසාවිය වෙත ගෙන යනු ලබ යි. එම නිසා, මගේ නිර්දේශය වන්නේ මෙවැනි සිදුවීම් මහේස්ත්‍රාත්වරයා වෙත ගෙන යා යුතු බව යි.

  

දික්කසාදයෙන් පසුව විවාහයේ දී ලබාදුන් දෑවැද්ද ආපසු ලබාදීම සම්බන්ධයෙන් විවිධ ගැටලු පවතිනවා.

විවාහයේදී, කයිකුලී (දෑවැද්ද) සම්බන්ධ ගැටළුව ඉස්මතුවෙනවා. ක්වාසි නියමයට අනුව, වෙන්වන කාලයේ දී එය නැවත කාන්තාවට ගෙවිය යුතු යි. සියල්ලටම පෙර, මෙය ඉස්ලාමයට ගෙන ආවේ කවුද? මෙය ඉස්ලාම් ඉගැන්වීම්වලට පටහැනි යි. මෙය ඉස්ලාමය වෙනස්වීමට අවශ්‍යයි යන මතයට යම් ආකාරයට පටහැනි වූ දෙයක්.

  

ක්වාසි විනිසුරුවරුන් ලෙස කාන්තාවන් පත් කිරීම සඳහා පවතින බාධක මොනවාද ?

අපේ නීති පද්ධතිය තුළ  ස්ත්‍රී හා පුරුෂ විනිසුරුවරුන් සිටිනවා. ඉස්ලාමයට අනුව, අධිකරණය පවසන්නේ යහපත් සදාචාරාත්මක හා සංවේදී පුරුෂයා විය යුත්තේ විනිසුරුවරයා බව යි. නමුත්, විනිශ්චය ලබාදීමේ දී කාන්තාවන්ට ඒ සඳහා සහයෝගය ලබාදෙන්න පුළුවන්. එසේවුවත්, පාකිස්ථානය, මැලේසියාව සහ අනෙකුත් රටවල්වල කාන්තා විනිශ්චයකරුවන් පත් කරලා තියෙනවා. මෙම රටවල්වල ඉස්ලාම් නීතියක් නෑ. ලංකාවේ නීතීන් සමාන යි. එනිසා, අපිට ඒ වෙත අවධානය යොමු කරන්න පුළුවන්.

  

බහුභාර්යා සේවනය සම්බන්ධයෙන් පවතින මුස්ලිම් නීතිය තුළ අඩංගුවන්නේ කුමක් ද යන්න පිළිබඳව ඔබට පැහැදිලි කළ හැකි ද?

කාන්තාවන්ට, සමානව හා ධාර්මිකව සැළකීමට හැකියාවක් පවතින්නේ නම්, පුරුෂයෙකුට එක් කාන්තාවකට වඩා විවාහ කරගත හැකි බව කුරාණයේ ඉතා පැහැදිලිව සඳහන් කර තියෙනවා. එවැනි පුද්ගලයෙකු ශාරීරික වශයෙන් ශක්තිමත් වියයුතු අතර, ආර්ථික වශයෙන් ස්ථාවර වියයුතු යි. දෙවැනි විවාහයක් සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටීන් පිළිබඳව MMDA හි ඇතුළත්වෙනවා. පකිස්ථානය, තුර්කිය හා අප්‍රිකානු රටවල්වල එක් පවුලකට වඩා නඩත්තු කිරීමට, අදාළ පුරුෂයාට හැකියාවක් පවතින්නේ ද යන්න තක්සේරුකිරීම සඳහා එම රටවල්වල පවුල් සංගමයක් පවතිනවා. අදාළ කොන්දේසි සම්පූර්ණ කළ හැකි නම් පමණක් එම අවසරය ලබාදෙනවා. අපිටත් එවැනි සංශෝධනයන් මේ පද්ධතියට අන්තර්ගත කරන්න පුළුවන්.

  

අපරාධ සමබන්ධයෙන් මුස්ලිම් නීතිය තුළ කුමන ආකාරයේ හෝ ඉඩක් පවතී ද ?

අපරාධ හා සම්බන්ධ සියළුම ගැටළු, පොදු අපරාධ නීතිය යටතේ තීරණය වේ. උදාහරණ ලෙස, මුස්ලිම්වරයෙක් අනාචාරයේ යෙදෙන්නේ නම්, එය ඉස්ලාමය තුළ දැඩි අපරාධයක්. නමුත්, එම ඉස්ලාමිය නීතිය ලංකාව තුළ ක්‍රියාත්මක කළ නොහැකි යි. එය සම්පුර්ණයෙන්ම සම්බන්ධවන්නේ රටේ අපරාධ නීතිය සමඟ යි. අපිට එයට අතපොවන්නට බෑ. අපරාධ හා සම්බන්ධ වැරදි සමඟ, සම්ප්‍රදායික නීතියට ගනුදෙනු කරන්න බෑ.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts