සාමය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාවන්, දමිළ ජනතාව තුළ අවිශ්වසනීයත්වයක් ඇති කර ඇත්තේ ඇයි?

එන්. මදියලහන්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊසාන දිග  දමිළ ජනයාගේ සම්ප්‍රදායික ඉඩම් තම අණසක යටතට ගනු ලැබුව ද, මෙම දේපළ අතරින් ඉඩම් 144ක් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත බවට ගැසට් නිවේදනයක් මේ වන තෙක් ප්‍රකාශයට පත්කර නොමැත. මෙය සැකසහිත ක්‍රියාවක් වශයෙන් දමිළ ජනතාව සළකයි. පුරාවිද්‍යාත්මකව වැදගත් ප්‍රදේශ ලෙස දක්වමින් තවත් ප්‍රදේශ කිහිපයක් ඔවුන්ගේ අණසකට ගැනීමට උත්සාහ කළ ද, එය මතභේදයට තුඩු දී ඇත. 

සුළුතරය නියෝජනය කරමින් යමෙකු පත්කිරීමට කිසිවෙක් පියවර ගෙන නොමැත. නැගෙනහිර පළාත් පුරාවිද්‍යා කාර්යසාධක බලකායට පත්වීම් ලද පිරිසෙන් 14 දෙනෙකු බහුතර ප්‍රජාව නියෝජනය කරයි. නැගෙනහිර පළාත තුළ දමිළ ප්‍රජාව බහුතරයක් සිටින පසුබිමක කාර්යසාධක බලකායට දමිළ ප්‍රජාවෙන් කිසිවෙකුත් පත්නොකළේ මන්ද යනුවෙන් දෙමළ දේශපාලන පක්ෂ ප්‍රශ්න කර තිබේ. එසේම, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද නැගෙනහිර ප්‍රදේශයට පත්වීම් ලබාදීමට තමන් පියවර ගත් බව පැවසුව ද, පසුව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන නිහඬ විය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාවන් ඔස්සේ, මෙම සුවිශේෂී ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයන් අදාළ ස්ථානයන්ට ඇතුල්වීමෙන් වළක්වා ඇති බව සොයාගෙන ඇත. සුළුතරය අතුරින් ඉස්මතුවන එක් ජනවාර්ගික කණ්ඩායමකට පමණක් ඕනෑම දෙයක් සිදුකිරීමේ හැකියාව පවතින බව මෙමඟින් පැහැදිලි වන අදහස යි.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙවැනි ක්‍රියාවන් මඟින් දමිළ ප්‍රජාවගේ පැවැත්ම සම්බන්ධයෙන් බොහෝ ගැටළු මතු වේ. ද්‍රවිඩ පක්ෂ මෙවැනි චෝදනාවන් කරනුයේ මන්ද යන්නට බොහෝ හේතු පවතී. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, උතුරු ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන 251ක් පවතින බව දැක්වුව ද, ඉන් ගැසට් වී ඇත්තේ ස්ථාන 108ක් පමණි. ඉතිරි 143 සඳහා මේ වන තෙක් ගැසට් නිවේදනයක් ඉදිරිපත් කර නොමැත. සියළුම පක්ෂයන් හි අනුමැතිය ලද පසුව, ගැසට් නිවේදනය සම්බන්ධ විවේචනයන් ඔවුන් විසින් නොසලකාහැර තිබුණි. 

එසේම, යාපනය දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ස්ථාන 109ක් පැවතුන ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කර ඇත්තේ ස්ථාන 57ක් පමණි. යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන 10ක්, නල්ලූර් ප්‍රා.ලේ.කො. ස්ථාන 8ක්, නැදුන්තිව් ප්‍රා.ලේ.කො. ස්ථාන 11ක්, වෙලනෛ ප්‍රා.ලේ.කො. ස්ථාන 11ක් සහ කයිට්ස් ප්‍රා.ලේ.කො. ස්ථාන 12ක් පුරාවිද්‍යාත්මක ප්‍රදේශ වශයෙන් හඳුන්වා දී ඇත. 

එමෙන්ම, කරෛනගර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන 2ක් ද, චන්දිලිප්පයි ප්‍රා.ලේ.කො. ස්ථාන 5ක් ද, සන්ගනා ප්‍රා.ලේ.කො. ස්ථාන 5ක් ද, උඩුවිල් හි ස්ථාන 4ක් ද සහ තෙලිප්පලයි ප්‍රා.ලේ.කො. ස්ථාන 7ක් ද පවතී. එසේම, කෝපායි හි ස්ථාන 10ක් ද, කරවෙඩ්ඩි හි ස්ථාන 9ක් ද, පේදුරුතුඩුවේ ස්ථාන 7ක් ද, මුරුතන්කර්නි හි ස්ථාන 5ක් ද සහ චාවකච්චේරි හි ස්ථාන 3ක් ද වශයෙන් සමස්ථ ස්ථාන ප්‍රමාණය 109කි. 

මෙසේ, යාපනයේ ස්ථාන 109 අතුරින්, ගැසට් වී ඇත්තේ 57ක් පමණි. ඉතිරි ස්ථාන 52 ගැසට් නිවේදනයකින් තොර බව පැහැදිලි වේ. 

කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ මෙම දෙපාර්තමේන්තුව යටතේ ස්ථාන 21ක් පැවතිය ද, ඉන් ගැසට් නිවේදනයක් ඔස්සේ ප්‍රකාශයට පත්කර ඇත්තේ ස්ථාන 8ක් පමණක් වන අතර, තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ දෙපාර්තමේන්තුව මඟින් එය තහවුරු කර ඇත. සොයාගත් ස්ථාන 21 අතුරින්, ස්ථාන 15ක උපරිම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ පූනකර්නි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ය. එසේම, ස්ථාන 3ක් කරචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ද, ස්ථාන 2ක් පච්චිලයිපල්ලි  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ද සහ එක් ස්ථානයක් කඳවල ද ලෙස සමස්ථ ස්ථාන 21 දැක්විය හැකි ය. ඉතිරි ස්ථාන 13 සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති බව තහවුරු වේ. 

කිලිනොච්චි හි පිහිටි ස්ථාන 8 පිළිබඳ ගැසට් නිවේදනය 2016 මාර්තු 24 ප්‍රකාශයට පත්කර ඇත. වව්නියාව දිස්ත්‍රික්කයේ ස්ථාන 45ක් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන 25ක් ද සහ මුලතිව් හි ස්ථාන 53ක් ද දෙපාර්තමේන්තුව මඟින් පාලනය කෙරේ. 

 

වව්නියාවේ ස්ථාන 43න් 8කට පමණක් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන 25න් ස්ථාන 14කට පමණක් ද සහ මුලතිව් හි ස්ථාන 53න් ස්ථාන 23කට පමණක් ගැසට් නිවේදන නිකුත් කර ඇති බව දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත. උතුරේ පුරාවිද්‍යාත්මක ස්ථාන 63 සම්බන්ධයෙන් අවශ්‍ය ලියකියවිලි දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ද ඔවුන් ස්ථිර කර ඇත. 

එසේම, යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන 108 අතුරින් 38ක සහ කිලිනොච්චියේ ස්ථාන 4කට අදාළ සිතියම් සහ ඊට අදාළ ලියවිලි නොමැති බව ද තහවුරු කර ඇත. එමෙන්ම, වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල සමස්ත ස්ථාන 21ක කිසිඳු ලියවිල්ලක් නොමැති අතර උතුරු පළාතේ සමස්ථ ප්‍රදේශ 63ක කිසිඳු ලියවිල්ලක් නොමැත. 

දමිළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රසිද්ධියේ චෝදනා කරමින් පවසනුයේ, එහි ප්‍රධාන කාර්යය වන ඉතිහාසය සංරක්ෂණය කිරීම වෙනුවට ඇතැම් ඓතිහාසික ස්ථාන ඔවුන් වෙත නැඹුරු කරගෙන ඇති බව යි. ඔහු නැදුන්තිව් නිදර්ශනයට ගනිමින් සඳහන් කරනුයේ, නැදුන්තිව් පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානයක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශ කරමින් යාපනය දිස්ත්‍රික්කයේ ඉතිහාසය විකෘති කර ඇති බව ශ්‍රීධරන්ගේ චෝදනාව යි. 

නැදුන්තිව් වෙදියරසන් කොටුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තෙවරක් ගැසට් නිවේදනයන් මඟින් ප්‍රකාශයට පත්කර ඇත. මෙහි මිනුම්වල වෙනස්කම් නොතිබුණේ නම්, එහි ගැටළුවක් නොමැත. නමුත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වන පුරාතන ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීම වුව ද, ඔහු චෝදනා කරනුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉතිහාසය වෙනස්කරන බව යි.

දෙපාර්තමේන්තුව “වෙදියරසන් කොටුව” යන නාමය යටතේ 2007.02.23 ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, පසුව එම ස්ථානයම “ථුප” යන නාමය යටතේ 2011.11.30 ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඉන්පසු, තෙවැනි වර එම ස්ථානයම “පන්සල” වශයෙන් 2020.11.28 දින ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අසන ලද දෙපාර්තමේන්තුව ඉතිහාසය සංරක්ෂණය කරන්නේ ද, විකෘති කරන්නේ ද ප්‍රශ්නයට දෙපාර්තමේන්තුවට පිළිතුරක් නොමැති විය. 

මාර්තු 22 වන දින, දෙපාර්තමේන්තුව විසින් මන්නාරම දිස්ත්‍රික් අධිකරණ ගොඩනැගිලි කොටස් ඉවත් කරගැනීමට දිස්ත්‍රික් පරිපාලනයෙන් ඉල්ලාසිටියේ ඔවුන්ගේ අධිකරණ බලතල යොදාගනිමිනි. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංචාරක අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසියේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක්, කොටුව සහ මන්නාරම අවට සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත්කිරීමට අදාළ ගවේෂණයන් සිදුකර ඇති අතර ඊට අදාළ පියවර ගැනීමට නියමිතව ඇත. 

මෙයට ප්‍රතිචාර දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ, මන්නාරම කොටුව පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් ඊට අදාළ ගැසට් නිවේදනය 1983 දී ප්‍රකාශයට පත්කර ඇති බව යි. ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ කාලයේ, කොටුවේ මීටර් 400ක ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවේ පරිපාලන කොටස වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. නිවේදනය අනුව බොහෝ නිවාස සහ දෙපාර්තමේන්තු මෙම කොටසට ඇතුළත් වුව ද, දෙපාර්තමේන්තුවෙන් එයට අවසර ලැබී නොමැත. එමනිසා, අපි මෙම මීටර් 400ක කොටස මේ මොහොතේ කලාප 3කට බෙදා දක්වමු. ඒ යටතේ, පළමු කලාපයට මීටර් 70ක් ලෙස ද, මීටර් 150ක් දක්වා කොටස දෙවන කලාපය ලෙස ද, ඉතිරි සමස්ත කොටස තෙවන කලාපය ලෙස ද වෙන්කෙරිණි. ගොඩනැගීමේ කටයුතු සඳහා පළමු කලාපයේ කොටස සම්පූර්ණයෙන් ඉවත්කර ඇත. කොටුවේ පළමු කොටස මෙන්, දෙවන හා තෙවන කලාපයන් ද ඉවත්කිරීමට නියම කර ඇත. 

ඔහු පැවසුවේ, පොලිස් ස්ථානය මීටර් 40 ඇතුළත ද, බන්ධනාගාරය සහ පල්ලියක් ඇතුළු නිවාස 8ක් පළමු කලාපයේ පිහිටා ඇති අතර ඒවා ඉවත් කළ යුතු ය. දෙවන කලාපයේ පිහිටි සංචාරක ප්‍රදේශය සහ ඊට යාබද ප්‍රදේශ ද මේපරිදි ඉවත් කළ යුතු ය. උසාවි ගොඩනැගිල්ලේ අනවශ්‍ය නිවාස කොටස් ඉවත්කිරීමට ඔවුන් නියම කර ඇත. 

මේ මොහොතේ, අධිකාරිත්වයන් කුමක් කළ යුතු දැයි නොදැන දෙගිඩියාවකින් පසු වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අඛණ්ඩව උතුරු හා නැගෙනහිර පළාත් හි තවත් ස්ථානයන්ට අයිතිවාසිකම් කියාපාන අතර, මේ වන විට ඉහත ගොඩනැගීම් මඟින් එහි නීතිය උල්ලංඝණය කළ බවට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා උසාවියේ මැදිහත්වීම අපේක්ෂාවෙන් සිටී. පළමු වතාවට, එය උතුරු සහ නැගෙනහිර පළාත්වල උසාවි භූමි ඉල්ලාසිටී. 

දමිළ පාර්ලිමේන්තු නියෝජිතයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඊළඟ පරම්පරාවට දායාද කරන්නේ ඉතිහාසය ලිඛිතව තබාගැනීමට සහ සංරක්ෂණයට පවතින ප්‍රධාන දෙපාර්තමේන්තුවක් ලෙස ද නැතහොත් ඉතිහාසය විකෘති කළ දෙපාර්තමේන්තුවක් ලෙසට ද යනුවෙනි.  

Why Do The Activities Of The Department Of Archeology Make Tamils Suspicious?

தொல்லியல் திணைக்களத்தின் செயற்பாடுகள் தமிழரிடம் சந்தேகத்தை ஏற்படுத்துவது ஏன்?

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts