පරිසරයට විශාල හානියක් සිදු කරන ‘සායනික අපද්‍රව්‍ය’.
හයා අර්වා
2020 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ නගර සහ ගම් අලංකාරකරණය සහ සුරැකීමත්, පරිසරය පිරිසිදුව තබා ගැනීමත්අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වූ විවිධ ක්‍රියාමාර්ග රැසක් දක්නට ලැබිණි. එවැනි කටයුතු සඳහා පොදුවේ ජනතා සහයක් ලැබුණ අතර විශේෂයෙන්ම තරුණ පිරිසගේ සහයෝගය කැපී පෙනෙන මට්ටමක පැවැතිණි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය උග්‍රවීමත් සමඟ නගරවල සහ ගම්වල පරිසරය අලංකාර කිරීමට, පිරිසුදුව තබා ගැනීමට, ආරක්‍ෂා කිරීමට දරනු ලැබූ මෙවැනි උත්සාහයන් උඩු යටිකුරු වී සායනික අපද්‍රව්‍ය පරිසරයට දැඩි හානිදායී ආකාරයෙන් ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇත.
මධ්‍යම පරිසර අධිකාරියට අනුව 2018 වසර දක්වා ශ්‍රී ලංකාවේ සායනික අපද්‍රව්‍ය කළමනාකරණයේ ගැටලු පැවති නමුත් මේ වන විට ඒ සියල්ල සාර්ථකව විසඳා ඇත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල එක්ව සිදුකළ ඇගයීම් වලින් මෙම ප්‍රකාශය තහවුරු වී ඇතත්, සත්‍යය නම් බස්නාහිර පළාත හැර අනෙකුත් පළාත් සඳහා මෙම ප්‍රකාශය වලංගු නොවේ යන්නයි.
උදාහරණයක් ලෙස පිටරටින් දැවැන්ත කන්ටේනර් මඟින් සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන්වූ අවස්ථාවේදී කොළඹ වරායේදී ඒවා අත්අඩංගුවට ගනු ලැබිණි. මෙම සිදුවීම නිසා රටතුළ දැඩි කැළඹීමක් ඇති වූ අතර ශ්‍රී ලංකාව ලෝකයේ කුණු කන්ද බවට පත්කිරීමේ උත්සාහයක් ලෙසද විවේචනයට ලක්විය.
ඊට අමතරව කොරෝනා සමයේ භාවිත කළ සායනික අපද්‍රව්‍ය ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලද ගොඩගැසී මිනිස් සෞඛ්‍යයට සහ පරිසරයට තර්ජනයක් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් නිකුත් කර තිබිණි.
කොරෝනා යුගයේදී අධික ලෙස භාවිත වූ සිරින්ජර, ආසාදන පරීක්ෂණ කට්ටල සහ එන්නත් වැනි අපද්‍රව්‍ය නිසා පාරිසරික තර්ජනයක් ඇති වනු ඇති බව කියනු ලැබේ. මෙහි ඇති ගැටලුව වන්නේ සායනික අපද්‍රව්‍ය මත කොරෝනා වෛරසය ජීවමානව පවතින විට, අපද්‍රව්‍ය පුළුස්සා පිරිසිදු කරන සෞඛ්‍ය සේවකයින් ආසාදනය වීමේ අවදානමකට ලක් වීමයි. එසේම, අපද්‍රව්‍ය දහනය කරන විට භූගත ජලයේ ගුණාත්මකභාවයට බලපෑම් ඇති විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව වාතය හරහා රෝග පැතිරීමේ අවදානමක් ද ඇත.
සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත් කල, 2021 නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදයෙන් ලබා දුන් පුද්ගලික ආරක්ෂක උපකරණ පමණක් ටොන් 87,000 කට ආසන්න බවත්, මෙම ප්‍රමාණය තල්මසුන් සිය ගණනකගේ බරට සමාන වන බව මෙන්ම මේවායෙන් වැඩි ප්‍රමාණය ක් සායනික අපද්‍රව්‍ය ලෙස පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. එසේම, භාවිත කරන ලද පරීක්ෂණ කට්ටල මිලියන 140 ක් පමණ ඇති බවත් ඒවා මඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 2,600 ක් පමණ ජනනය කිරීමේ හැකියාව ඇති බවත් දක්වා ඇත. දැන් මේවා සායනික අපද්‍රව්‍ය ලෙසද පවතී. එපමණක් නොව, ගෝලීය වශයෙන් භාවිත කරන ලද කොරෝනා එන්නත් බිලියන 8 කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම වීදුරු කුප්පි සහ ආරක්ෂිත බහාලුම් අපද්‍රව්‍ය ටොන් 144,000 කට ආසන්න ප්‍රමාණය ක් ජනනය කළ බව වාර්තාව ඇස්තමේන්තු කර ඇත. දැනට පවතින සායනික අපද්‍රව්‍ය ප්‍රමාණයෙන්
තුනෙන් එකක් පිරිපහදු කළ නොහැකි වන තත්වයක් මත, කොරෝනා වසංගතය නිසා ඉහළ යන සායනික අපද්‍රව්‍ය මිනිස් සෞඛ්‍යයට සහ පරිසරයට ඉතා අහිතකරවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇත.ශ්‍රී ලංකාව තුළ, කොරෝනා වෛරසයේ බලපෑම කෙතරම් තීව්‍ර වීද යත්, පුද්ගලයින් ලක්ෂ 7 ක් දක්වා ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වූ ඇති අතර පුද්ගලයින් 17000 ක් දක්වා ප්‍රමාණය ක් ජීවිතක්ෂයට පත් විය. වසංගතය පාලනය කිරීමේ අරමුණෙන් පළමු මාත්‍රාවේ සිට 4 වැනි මාත්‍රාව දක්වා කොරොනා එන්නත් කෝටි 4කට අධික ප්‍රමාණයක් ජනතාවට ලබා දී ඇති අතර, ඉන් ශ්‍රී ලංකාව තුළ සායනික අපද්‍රව්‍ය ටොන් කොපමණක් ජනනය වන්නට ඇත්දැයි තක්සේරු කළ හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි කොරෝනා කාලපරිච්ඡේදය තුළ භාවිත කරන ලද සායනික අපද්‍රව්‍ය ටොන් දහස් ගණනකි. රටේ දැවැන්ත ආර්ථික අර්බුදය සහ ගෑස් සහ ඉන්ධන හිඟය නිසා මෙම සායනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට ඉඩ නොලැබුණි. 2018 වසර දක්වා සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලු පැවතියද ඒ සියල්ල සාර්ථකව විසඳා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි වන්නේ එබැවිනි.
සායනික අපද්‍රව්‍ය යනු රෝගියාට රෝහලේදී ප්‍රතිකාර කිරීමෙන් පසු පිටවන අපද්‍රව්‍ය වේ. භාවිතා කරන ලද සිරින්ජර, එන්නත්, පිහි, මිනිස් පටක, කෘතිම ශ්වසන නල, ලේ සහ සැරව සහිත පුළුන්, වෙළුම් පටි, අත්වැසුම් ආදිය මෙයට ඇතුළත් වේ. එමෙන්ම විවිධ අවස්ථාවලදී ඉවත් කරන ලද ඇඟිලි හෝ අත් පා වැනි කොටස්, ක්ෂුද්‍රජීවී අපද්‍රව්‍ය, කල් ඉකුත් වූ ඖෂධ මෙම සායනික අපද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් වේ.රුධිර බැංකුවල ගබඩා කර ඇති රුධිරය පවා දින කිහිපයකට පසු නිෂ්ඵල සායනික අපද්‍රව්‍ය බවට පත්වේ.
මෙවැනි සායනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුනහොත් එය හරහා බරපතල ආසාදන පැතිරීමේ අවදානමක් පවතී. එසේම මෙම සායනික අපද්‍රව්‍ය නිසා ජීවිත හානි පවා සිදුවීමට අවධානමක් ඇත. එබැවින් ඒ සඳහා රජය විවිධ නීති රෙගුලාසි පනවා තිබුනද ඒවා ශ්‍රී ලංකාව තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය. අවශ්‍ය උෂ්ණත්වයට වඩා අඩුවෙන් ක්‍රියාත්මක වන දහන යන්ත්‍ර ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිකම, අපද්‍රව්‍ය නියමිත වේලාවට බැහැර නොකිරීම සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂණයක් නොමැතිකම මෙම තත්ත්වයට හේතු වී ඇති බව පෙන්වා දෙයි.
අන්තරායකර සායනික අපද්‍රව්‍ය බොහෝ රෝහල්වලින් නිසි ලෙස බැහැර නොකරන අතර පොදු ස්ථානවල, ජල මූලාශ්‍ර වල, එළිමහනේ සහ ගබඩාවලට බැහැර කරනු ලැබේ. මෙම සායනික අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කිරීමකින් තොරව මෙවැනි පොදු ස්ථානවලට සහ මිනිසුන්ගේ වාසස්ථාන අසලට බැහැර කිරීම නිසා සායනික අපද්‍රව්‍ය බරපතල රෝග වාහක විෂබීජ බවට පත් වේ. මේ අනුව, එක් රෝගියෙකු සුව කිරීමෙන් ජනනය වන සායනික අපද්‍රව්‍ය නව රෝගීන් දස දෙනෙකුගේ වර්ධනයට හා මරණයට හේතු වේ. රෝගීන්ට නොමිලේ සායනික සේවා සපයන රජයේ රෝහල්වලට වඩා මෙලෙස අධික ලෙස සායනික අපද්‍රව්‍ය පොදු ස්ථානවලට දමා රෝගීන් වැඩි ප්‍රමාණය ක් නිර්මාණය කරන්නේ රෝගීන්ගෙන් මුදල් ඩැහැගැනීමට බලා සිටින පෞද්ගලික රෝහල් සහ සායන ය.
පෞද්ගලික රෝහල් නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකර තම රෝහල්වල අපද්‍රව්‍ය කෙසේ හෝ බැහැර කරන අතර බොහෝ විට සිදු වන්නේ වාහනයකට අඩු මුදලක් ගෙවා මේවා පටවා යැවීමයි. මෙලෙස මෙම සායනික අපද්‍රව්‍ය රැගෙන යන පුද්ගලයින්ද තම වාහනවලින් එහා මෙහා ගෙන ගොස් රෑ බෝ වන විට ජනාකීර්ණ නොවන ස්ථානයකට බැහැර කර යති. මෙය රට පුරා සිදුවෙමින් පවතී. සායනික අපද්‍රව්‍ය අද මානව වර්ගයා මුහුණ දෙන විශාලතම අභියෝගය බවට පත්ව ඇත්තේ මේ නිසා ය.
ශ්‍රී ලංකාවේ රෝහල්, සෞඛ්‍ය සේවා පහසුකම්, රසායනාගාර ආදියෙහි දිනකට සායනික අපද්‍රව්‍ය ටොන් 40ක් පමණ ජනනය වේ. මේවා වර්ග අනුව ඛාණ්ඩ කොට ඇත. රෝහල් කාර්ය මණ්ඩලය මිනිස් සිරුරේ අපද්‍රව්‍ය, ක්ෂුද්‍රජීවී අපද්‍රව්‍ය, තියුණු (ඉඳිකටු) අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය වර්ග 10 කට වෙන් කොට ඇත. මෙම අපද්‍රව්‍ය එක් එක් වර්ණ ආවරණ වල එකතු කරනු ලැබේ. පසුව ඒවා නියමිත ආරක්ෂිත ස්ථානවලදී පුළුස්සා විනාශ කර දමනු ලැබේ. රෝහලක සාමාන්‍යෙන් එක් ඇඳකට සායනික අපද්‍රව්‍ය ග්‍රෑම් 250ක් පමණ වාර්තා වේ. පැය 48 ක් ඇතුළත ඒවා ඉවත් කළ යුතුය. නමුත් යථාර්ථය නම් රෝහල්වලට ඇතුළු වන සායනික අපද්‍රව්‍යවලින් අඩකට වඩා නිසි ලෙස බැහැර කිරීම හෝ විනාශ නොකිරීමයි.
සායනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම වරදක් ලෙස ශ්‍රී ලංකා මධ්‍යම පරිසර ආරක්ෂණ අධිකාරියේ විනය නීති ගැසට් කර ඇතත් ප්‍රායෝගිකව බොහෝ රෝහල්වල එය ක්‍රියාත්මක නොවේ. එලෙස අනුකූල නොවන රෝහල්වලට එරෙහිව කිසිදු පියවරක් නොගනී.
ශ්‍රී ලංකාවේ කුණු කඳු හාරා අවුස්සා බැලුවේ නම් එහි සායනික අපද්‍රව්‍ය පමණක් නොව මිනිස් ශරීර කොටස් ද පවා දැකගත හැකිය. මීට උදාහරණයක් ලෙස මීතොටමුල්ල කුණු කන්දෙන් සායනික අපද්‍රව්‍ය සහ මිනිස් ශරීර කොටස් සොයා ගැනීම පිළිබඳව ඉංග්‍රී සි පුවත්පතක සාක්ෂි සහිත ප්‍ර වෘත්තියක් පළකර තිබුණේ මීට වසර කිහිපයකට පෙරය.
සායනික අපද්‍රව්‍ය ඒ සඳහා වෙන් කර ඇති ප්‍රදේශවල පිළිස්සීම, වළදැමීම හෝ බැහැර කිරීම ශ්‍රී ලංකාවේ සාමන්‍ය සිරිතකි. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ස්ටොක්හෝම් සම්මුතිය මෙම ක්‍රම මගින් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඇති විය හැකි අයහපත් බලපෑම පිළිබඳව අනතුරු අඟවා ඇත.
සායනික අපද්‍රව්‍ය පිලිස්සීමේදී කාබන් මොනොක්සයිඩ්, රෝග කාරක සහ ඩයොක්සින් වැනි විෂ රසායන ද්‍රව්‍ය වාතයට මුදා හැරෙන අතර එමඟින් පරිසරයට සහ මහජනතාවට අවදානමක් ඇති විය හැකිය. එබැවින් විෂ වායු නිකුත් කරමින් පුළුස්සා දැමීම වෙනුවට විකල්ප තාක්ෂණයන් භාවිතා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට උපදෙස් දී ඇත.
සායනික අපද්‍රව්‍ය පොදු කුණු බැහැර කිරීමේ ස්ථාන වලට හා පොදු ඉඩම් වලට හා ජල මූලාශ්‍ර වලට බැහැර කිරීම රෝග වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වේ. සායනික අපද්‍රව්‍ය විවෘතව පිළිස්සීමෙන් හෝ දාහකයක් මඟින් පිලිස්සීමේදී එමඟින් නිකුත් වන දුම ආශ්වාස කිරීම නිසා ශ්වසන අපහසුතා ඇති විය හැකි අතර පිළිකා අවධානම පවා ඇති විය හැක.
දියවැඩියා රෝගීන්ගේ වැඩිවීම සහ විවිධ සෞඛ්‍ය තත්ත්වයන් යටතේ තම නිවෙස්වල සිට ප්‍රතිකාර ලබන රෝගීන් විසින් ජනනය කරන සායනික අපද්‍රව්‍ය වෙනත් අපද්‍රව්‍ය සමඟ සෘජුවම මිශ්‍ර වීමේ හැකියාව ඇත. මෙය ඉතා භයානක තත්ත්වයකි. සායනික අපද්‍රව්‍ය නිසා කුරුල්ලන්ට සහ සතුන්ටද විශාල බලපෑමක් එල්ල වේ. කුණු කසළවල තිබෙන පොලිතින්, ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් සතුන්ගේ ආහාර නාල සිරවේ. මරණය සිදුවේ. සාමාන්‍ය අපද්‍රව්‍යවලට සායනික මුවහත් උපකරණ සහ සායනික අපද්‍රව්‍ය එකතු කිරීම නිසා මෙම අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින්ටද තුවාල සිදුවීමේ හා රෝග පැතිරීමේ ඉහළ අවදානමක් පවතී.
එබැවින් සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේදී අප, අපගේ සමාජය, අපගේ අනාගත පරම්පරාව සහ අපගේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අප සෑම දෙනෙකුම කාර්යභාරයක් පැවැරී තිබේ. විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් සහ සායන තම වගකීම තේරුම් ගෙන ක්‍රියා කරන්නේ නම් අපව මෙන්ම පරිසරයත් සායනික අපද්‍රව්‍ය අනතුරෙන් ආරක්ෂා කර ගැනීම ඉතා දුෂ්කර කාර්‍යයක් නොවනු ඇත.
சுற்றுச் சூழலுக்கு சவாலாகும் ‘மருத்துவக் கழிவுகள் ලිපියේ සිංහල පරිවර්තනය