ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

නොදියුණු සමාජ ආර්ථිකයක – බැටකන ලාංකිය ස්ත්‍රිය

චාන්දනී දිසානායක

“ඇමරිකන් සොල්දාදුවන්ට නිත්‍යානුකූල පියවරු නොමැති අවජාතක දරුවන් බිහි වෙනවා .ඒක හරිම අපරාධයක්

1963 පර්ල් එස් බක් පදනම බිහිවූයේ එවන් දරුවන්ගේ සුබසාධනය සඳහා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ එක් පැතිකඩක් පිළිබඳව ඇති වෙනස්කොට සැලකීම නිසා අනාගතයට එකතුවෙන ගැටලුවක් ලෙස නොබෙල් ත්‍යාගලාභී ගත් කතුවරියක් වන පර්ල් එස් බක් අනාගතය වෙනුවෙන් එලෙස ඉදිරිපත් වූවාය.

     පසුගිය දසක ගණනාවක් තිස්සේ ලංකා ඉතිහාසයේ ද ශ්‍රම බලකායට කාන්තාව එකතුවූයේ නා නා මාදිලියේ සමාජ ප්‍රතිසංස්කරණ සහ අධ්‍යාපනික දොරටු විවර වීමේ  ප්‍රතිඵලයක් වශයෙනි.’

    කාන්තාව මේ සමාජය විසින් සාම්ප්‍රදායික ස්ත්‍රී ප්‍රතිරූපයට අනුරූප වූ ක්‍ෂේත්‍ර වලට  සීමා කර තිබියදී ඇය විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන්නට යොමුවිය.කල නොහැක්කක් නැති බව ඇය බොහෝ අවස්ථාවල ක්‍රියාවෙන් ඔප්පු කළාය.

ඊට අමතරව මෙරට දේශපාලකයන් සාඩම්බරයෙන් කතා කරන විදේශ විනිමය වැඩි වශයෙන් ගෙන ඒමට දායක වනක්‍ෂේත්‍ර වල වැඩි වශයෙන් කාන්තාවන් ්‍රමිකයන් ලෙස යොදා ගැනීම වතු කම්කරුවන් ලෙස  ,   නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවන් ලෙස ,   විදෙස්ගත ගෘහ සේවයේ නිරත කාන්තාවන්  ලෙස යොදා ගැනීම තුළින් කාන්තා ශ්‍රමය සූරාකෑමට  ලක් වන්නේ ද ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ඇති අඩුලුහුඬුකම් පදනම් කරගෙනය.

        අතීතයේ සිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ තිරසාර හෙටක් සඳහා කතා කළ අවස්ථා ඕනෑ තරම් හමුවේ.

ඒ සඳහා විවිධ ආයතන විවිධ සංවිධාන මගින් පර්යේෂණ සිදුකරමින් තිරසාර හෙටක් වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කෙරිණි.

         ශ්‍රී ලංකාව තුළ මෙවැනි මාතෘකාවක් කතා කිරීමටඅවස්ථා ගණනාවක් උදා විය.තිස් වසරක යුද්ධය හමාර කරමින් කාන්තා මූලික පවුල් බිහිවූ සමයක තිරසාර හෙටක් වෙනුවෙන් ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ කතා කළ අවස්ථා තිබුණි.

              මේ හරහා සමාජයේ ඇති වූ විවිධ ගැටලු එදා මෙන්ම වර්තමානයේ ද සාකච්ඡාවට බඳුන් වී ය. විශේෂයෙන්ම ලිංගිකත්වය පදනම් කරගෙන ඇති වූ සමාජමය ගැටලු මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම අසන්නට දකින්නට ලැබෙන සුලබ මාතෘකාවක් වේ.

2015 වසරේ දී කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිකුත් කළ තොරතුරු වලට අනුව ස්වාමි පුරුෂයන් අහිමි වූ ගෘහමූලික කාන්තාවන් සංඛ්‍යාව සියයට විසි තුනක් සිටින බව සංඛ්‍යා ලේඛනවලින් හෙළිදරව් කොට තිබේ.

           ඒ අනුව සමාජයේ වෙනස්කොට සැලකීම සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ව කතා කරමින් ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් සෙවීමට විවිධ ආයතන සහ විවිධ සංවිධාන ඉදිරිපත්  පත්විය.

             පුරුෂාධිපත්‍ය,  සමාජ ව්‍යුහය, කම්කරු  පන්තියේ නැතහොත් දිළිඳු බව, යුද්ධය, සුනාමිය , දේපල අහිමි වීම, ස්වාමිපුරුෂයා හා දෙමව්පියන් අහිමි වීම, යනාදී සියලු දෙයින් පීඩාවට පත්වන  කාන්තාවන් පිළිබඳව තිරසර හෙටක් නිර්මාණය විය යුතුව ඇත.

  යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කාන්තාවන් උතුර , නැගෙනහිර  පමණක් නොව දකුණේ ද සිටිති. යුද්ධ වැදුනු දකුණෙ  හමුදා සොල්දාදුවන්ගේ බිරින්දෑවරු ද වැන්දඹුවන් බවට පත් වුහ. සකල විධ දුක්ක දෝමනස්නයන්ට ඔහුද මුහුණ දෙති. 

          ඒ පිළිබඳව රණවිරු සේවා අධිකාරියේ හිටපු නියෝජ්‍ය සභාපති උපුලාංගනී මාලගමුව මහත්මිය හෙළිදරව් කළ කරුණු වලට අනුව මෙරට යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත්වූ තිස් දහසකට වැඩි කාන්තාවන් නැවත නැවත පීඩාවට පත්ව ඇත්තේ එම කාන්තාවන් දරුවන් වෙනුවෙන් මියගිය ස්වාමියා වෙනුවෙන් කටයුතු කිරීමේදී ලිංගික අඩත්තේට්ටම් වලට ලිංගික අල්ලස් වලට ගොදුරු නිසා බවය. එවැනි තත්ත්වයකදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටියද වුන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට හැකියාව ඇති ඇතැම් කාන්තාවන් වුවද ඔවුන්ට වෙනස් කොට සැලකූ බව ඇය සඳහන් කළාය.  

          ඉහත හේතුන් මත එය එම කාන්තාවන්ගේ ගෞරවයට ද හානි වූ බව ඇය සදහන් කළාය. මේ නිසා යුද්ධය හා සම්බන්ධව දැඩිව මානසිකව කායිකව වධහිංසාවට ලක්වූ වැඩිම කාන්තාවන් පිරිසක් ලංකාවේ ද සිටින බවත්, ඔවුන් වෙනුවෙන් නීති සම්පාදනය වීම.ළමා හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීම වැඩි වශයෙන් විය යුතුය ඇතැයි ඇය ගේ අදහස විය.

කාන්තාවන් දරිද්‍රතාවය හේතුවෙන් විදෙස්ගතවිම පවුල කේන්ද්‍ර කරගනිමින් ගැටලු රැසක් නිර්මාණය කර ඇත. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සහ අධ්‍යාපන ක තත්ත්වය ගොඩනංවන්නට එදා සිටම අද දක්වා විවිධ අවස්ථාවල විවිධ ආයතන කටයුතු කළ ද එය සියයට සියයක් හෝ ඉන් අඩක්වත් සාර්ථක කරගැනීමට හැකි වී නැති බව කාන්තා සංවිධාන ද  හෙළිදරව් කරයි.

            ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මගින් “කාන්තාවන් වන අපි ද මේ රටේ පුරවැසියන් වෙමු .ගරුත්වයෙන් ජීවත්වීමට අපට ඉඩක් දෙන්න.”

 යනුවෙන් කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටියේ,  ුද්දයේ දී අවතැන් වූ දිස්ත්‍රික්ක 4ක ගෘහමූලික කාන්තාවන් 300 ක් යොදාගෙන සමීක්ෂණයක් කරමිනි . 

එම සමීක්ෂණයට අනුව වැසිකිලි නැති විදුලිය වතුර නැති පවුල් දෙසීයක් පමණ සිටිය දී ඔවුන්ගේ ආර්ථිකය හා සමාජ මට්ටම පිළිබඳව කතා කිරීම ට  මාතෘකා ඕනෑතරම් තිබිණි.

වර්තමාන නව ලිබරල් වාදී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයෙහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් පිටස්තරයන් කරන ලද අවස්ථා ඕනෑ තරම් දැකිය හැකිය.

ඒ ඔවුන් ඔවුන්ගේ කුටුම්භය ගොඩනඟා ගැනීම සඳහා අවිධිමත් ක්ෂේත්‍ර වලට ප්‍රවේශ වීමේ අනතුර ලෙසයි.

    පුරුෂාධිපත්‍ය මර්දනකාරී ක්‍රියා ඇතුළු සමාජයක ජීවත් වන කාන්තාවන් ස්වාමිපුරුෂයන් නොමැතිව තනිව ජීවත් වීමේ දී ඔවුන් නිදහසේ ජීවත් වීමට ඉඩ නොදෙන තත්ත්වයකට පත්කරමින් පසුගාමී සංස්කෘතික තත්ත්වයන් ඉස්මතු වේ. සාමාන්‍යයෙන් ලිංගික අපයෝජන සිදුවීමෙන් ඔවුන් සමාජයෙන් කොන් වන තත්ත්වයටත් ඔවුන්ගේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑමක් එල්ල කිරීමටත් හේතු වේ මේ සියලු කාරණා වලට ලිංගිකත්වය පන්තිය ධ්‍යාපනය ආර්ථිකය හේතු වී ඇත.

             මෙහි අවසාන ප්‍රතිඵලය බන්ධනාගාරය හෝ පවුල් වල ගැටුම්කාරී තත්ත්වයයි. වෙනස් කොට සැලකීමේ ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර ගතවන කාන්තාවන් පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය විසින් කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව කළ විමර්ශනයකදී ඔවුන් හෙළිදරව් කරනු ලැබුවේ පවුලේ ආර්ථිකය වෙනුවෙන් ලිංගික වෘත්තියේ යෙදෙන වාණිජ ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් මත්ද්‍රව්‍ය වලට පෙළඹී ඇති බවයි.ඊට අමතරව සොරකම් කිරීම මත්ද්‍රව්‍ය වෙළඳාම වාණිජ ලිංගික වෘත්තිය වැනි ක්‍රියාවල නිරත කාන්තාවන් බවට තොරතුරු අනාවරණය කරගත් ගෙන ඇති බව එම වාර්තාව සඳහන් කරයි. ඔවුන් අවදානම් කණ්ඩායම් බවට පත් කරමින් සමාජ රෝග ආසාදනය වැනි සෞඛ්‍ය ගැටලුවලට ද මුහුණ දී ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

මේ පදනම් කරගනිමින් කාන්තා සංවිධාන මෙන්ම කාන්තාවන් සඳහන් කරනු ලබන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන කාන්තාවන්ට වෙනස්කොට සැලකීම ම කළ හැක්කේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමෙන් සහ ආර්ථිකය ගොඩනැංවීමේ බවයි.

            විධිමත් ආර්ථික රටාවක් තුළ  ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳව යහපත් ආකල්ප ගොඩනැගෙන බවත් , එය හෙට දවසේ කාන්තාවගේ උන්නතියට ද හේතු වනු ඇත

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts