Uncategorized

නූතන කෘතීම බුද්ධි තාක්ෂණය සහ සමාජ අභියෝග 

කවිෂ්ක ජයවර්ධන

එදා මෙරට පැවති සමාජානුයෝජනය හා අදට ඔබින සමාජානුයෝජනය කුමක්ද? දරුවන් සමාජ පරිසරයට යොමු කිරීමේදී දෙමාපියන් මුහුණ දෙන නවිණ තාක්ෂණය ආශ්‍රිතව මුහුණ දෙන ගැටලු මොනවාද? 

දරුවාගෙන් පටන් ගෙන වැඩිහිටියා දක්වාම වගවිය යුතු වගකිව යුතු  සංකල්පයක් වූ සමාජානුයෝජන ක්‍රියාවලිය පිළිබද අර්ථ විග්‍රහයකින් ඔබ්බට වූ විශ්ලේෂණාත්මක විවරණයක් ගෙන හැර දැක්වීම වඩාත් කාලෝචිතය. එය කාලින අවශ්‍යතාවයකි.

දරුවන්ගේ සමාජානුයෝජනය යනු, ඔවුන්ගේ පරිසරයෙහි සමාජ සාධක අනුව යමින් සහ සමාජ නීති රීතින්ට අනුගතවීම පිළිබඳ අධ්‍යයනයකි. දරුවන්ට පවුල, පාසල, සහ ප්‍රජාව තුළ සමාජ සම්බන්ධතා ගොඩනැගීම අත්‍යවශ්‍යය. නමුත් වර්ථමානයේ, විශාල තාක්ෂණික මැදිහත්වීම මගින් ඔවුන්ගේ සමාජ අත්දැකීම් වෙනස් වෙමින් පවතී.මේ හේතුකොට ගෙන සංකිර්ණ සමජ ගැටළු රැසක්ද නිර්මාණය වෙමින් තිබේ.

AI ක්‍රම දරුවන්ගේ ඉගෙනීමේ, සමාජ සම්බන්ධතා ගොඩනැගීමේ සහ විනෝදාස්වාද මාර්ගයන් යන ක්ෂේත්‍ර වල විශාල ලෙස ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස, Siri, Alexa වැනි AI සහිත පරිපාලක වෘත්තිකාරී උපකරණ සහ මෘදුකාංග විවිධ විෂයන් පිළිබඳ දැනුම ලබා ගැනීමට ඉඩ සලසයි. එමෙන්ම, AI තාක්ෂණය මඟින් සමාජ මාධ්‍යවල සහ ඔන්ලයින් ජාලවල සම්බන්ධතා රටා වර්ධනය කරයි.

නූතන දරුවාගේ සමාජානුයෝජනය කුමන මගකට යොමු වී ඇත්දයි මාපියන් නොදනී. නවීකරණය, නව තාක්ෂණය, නව සාමාන්‍යකරණය හුරු පුරුදු වචන වූ කාලයක දරුවාගේ මනස ද ඒ ආකාරයෙන් ම නව්‍යත්වයට මුල පුරා ඇත. 80-90 දශකයේ විසූ දරුවන්ගේ තත්ත්වයට වඩා ඉදුරාම වෙනස්ව 20 වන සියවසේ දරුවන්ගේ තත්ත්වය වාසනාවක් ද ඛේදවාචකයක් කරපින්නාගෙන පැමිණි වග පැහැදිලිය. ගෝලීයකරණ ව්‍යාපෘතියේ අන්තර්කරණ ක්‍රියාවලියේ තවත් එක් මුහුණුවරක් ලෙස අන්තර්ජාලය, ඩිජිටල් තාක්ෂණය, මෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණය නූතන මිනිසාගේ වැඩ කටයුතු පහසු මෙවලමක් ලෙස ක්‍රියාත්මක වන බව පැහැදිලිය.

එහෙත්, කෘතීම බුද්ධි තාක්ෂණය දරුවන්ගේ සමාජ ආවර්ජනයට අභියෝගයක් බවට පත්විය හැක. කුඩා වයසේ දරුවන් වාණිජ මාර්ගවල අතිශය සම්බන්ධ වීම, සමාජ සාධක මගහරවා, AI මගින් නිර්මාණය කරන ලද සත්‍ය නොවන පණිවිඩ හා පරිසරයට යටත් වීම හේතුවෙන් සමාජ සංවර්ධනය අඩාල වීමක් ඇති විය හැකිය. එමෙන්ම, සමාජ මාධ්‍ය සහ AI යෙදවුම් මගින් සම්ප්‍රේෂණ ගැටලු ඇතිකරයි, හා සමාජීය භාවිතයන්ට සහ ආදර්ශයන්ට අහිතකර බලපෑම් පැනනැගිය හැක.

නූතන ලෝකයේ දරුවන්ගේ සමාජානුයෝජනය අතිශය සංකීර්ණ සහ චාල්‍යීකරණයක් ලබාගෙන තිබේ. කාර්යබහුල බව සහ තාක්ෂණික ප්‍රගතිය සමග තාක්ෂණික මෙවලම්වල මැදිහත් වීම වර්ධනය වී තිබේ. මෙහිදී, කෘතීම බුද්ධි තාක්ෂණය (AI) විශාල බලපෑමක් ඇති කරයි. AI තාක්ෂණය මගින් ඉගෙනුම් ක්‍රම පරිවර්තනය වී ඇති අතර, සමාජ සම්බන්ධතා සහ වාණිජ ක්‍රියාකාරකම්ද බලාපොරොත්තු වඩාත් අභියෝගාත්මක ලෙස සලකා බලනු ලබයි. 

සමාජානුයෝජනයේ කාරකයන් ලෙස පවුල, දෙමාපියන් දරුවා කෙරෙහිත්, ඔහු හෝ ඇය මීළගට පියමනින සමාජය කෙරෙහිත්, දරුවා සක්‍රීයව දායක වන සමාජ සබදතා, හා පරිසර තත්ත්වයන් කෙරෙහි ද විචක්ෂණශීලී අවධානය යොමු කළ යුතුමය. නූතන දරුවන්ගේ සමාජානුයෝජනය කෘතීම බුද්ධි තාක්ෂණය තුළින් සාධනීය මෙන්ම නිෂේධනීය බලපෑම් ඇති කරයි. AI තාක්ෂණය දරුවන්ගේ ඉගෙනුම්, සම්බන්ධතා, හා සමාජ භාවිතයන් නව අදහස් සහ ඉගැන්වීම් ලබාදීමේදී ගැටලු මතු කරයි. AI තාක්ෂණික සම්බන්ධතා තිරසාර අන්දමින් භාවිතා කිරීමට යොමු කරවීම මගින් ප්‍රතිඵලදායක මගකට යොමු විය හැකි බව පෙන්වා දිය හැකිය.

දත්ත සම්පාදනය කිරීමේ දී, නාගරික ප්‍රදේශවල දෙමාපියන්ගේ මතය වූයේ, දරුවන් පාසල් අධ්‍යාපනය ලබන කාල සීමාව තුළ පමණක් සමාජ ආශ්‍රය ලබන මුත් පාසල හමාර කොට නිවසට පැමිණීමෙන් පසුව කිසිදු බාහිර ක්‍රියාකාරකමකට යොමු නොවන බවයි. හැකි සෑම අවස්ථාවක දීම, ඔවුන් ජංගම දුරකථනය භාවිතා කරන බවත්, පාසලෙන් ලබා දෙන ගෙදර වැඩ සිදු කරනු ලබන්නේද දුරකථනය උපයෝගී කොට ගෙන බවත්,ඒ සදහා දෙමාපියගෙන් හෝ වැඩිමහල් සහෝදරයෙකුගෙන් උදව් ලබා නොගන්නා බවත් දක්වයි.

නාගරික මධ්‍යම පාන්තික පවුල්වල තත්ත්වය මීට වඩා සාමාන්‍ය වෙනසක් දැකිය හැකි අතර, දරුවන් හුදෙකලා වීමේ වැඩි ප්‍රතිශතයක් පවතින නමුත්, දෙමාපියන් එය හුදෙක් ආර්ථික කාරණාවක් ලෙස සලකා දරුවන් තාක්ෂණය හා සම්බන්ධ වීමේ ධනාත්මක පැතිකඩ විවරණය කරනු ලබයි.

ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ තත්ත්වය මීට වඩා  වෙනස් තත්ත්වයක් ගන්නා අතර, ඔවුන් සමාජ සම්බන්ධතා සමග සෘජුව දායක වේ. දෙමාපියන් – දරුවන්, දරුවන් – වැඩිහිටියන්, දරුවන් – සමාජ ප්‍රජාව සමග සම්බන්ධ වීමේ ප්‍රවණතාව වැඩි වේ.

තාක්ෂණය සහ තාක්ෂණික දැනුවත් භාවය සීමිත වීමත්, නගරයට සාපේක්ෂව ගම ඉක්මනින් සංවර්ධනය නොවීමත්, පහසුකම්වල පවතින සීමාසහිත බවත් හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් AI තාක්ෂණය හා සම්බන්ධ වන අවස්ථා ඉතාමත් සීමිත වන බව දෙමාපියන්ගේ අදහසයි.

එසේම ග්‍රාමීය ප්‍රදේශයන්හි දෙමාපියන්ට AI තාක්ෂණය, දියුණු වන තාක්ෂණික උපකරණ, සහ උපාංග පිළිබදව පවතින අවම දැනුවත් භාවය හේතුවෙන්, සැලකිය යුතු මට්ටමක ප්‍රතිවිරෝධි අදහසක් ඔවුන්ගෙන් ඉස්මතු වන බව දැකිය නොහැකිය. සමස්තයක් වශයෙන් ඔවුන්ගේ අදහස වූයේ තාක්ෂණය සමග තම දරුවා ඉදිරියට ගමන් කරන්නේ නම්, එය දරුවාගේ ඉදිරි අනාගතයට යහපතක් වන බවයි.

කෙසේ වෙතත්, AI ඉගෙනීම සහ අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා නව ක්‍රම ඉදිරිපත් කරන අතර, සමහර ළමුන්ට ඔවුන්ගේ සමාජ සංවර්ධනයට බාධාවක් විය හැකි, මාර්ගගත වේදිකා මගින් පහසුකම් සපයන නියාමනය නොකළ අන්තර්ගත සහ සයිබර් හිරිහැර කිරීම්වලට නිරාවරණය වේ.  අධ්‍යයනයන් කිහිපයකදී සොයා ගැනීම් වලට අනුව, AI තාක්‍ෂණයන්හි අධීක්‍ෂණයකින් තොරව භාවිතා කිරීම සදාචාරාත්මක හැසිරීම් වල පිරිහීම වැනි ගැටළු වලට තුඩු දිය හැකිය. (මූලාශ්‍රය: UNESCO ඩිජිටල් පාලන වාර්තාව, 2023).  එබැවින්, AI හට දරුවන්ගේ සමාජ අනුවර්තනයට ධනාත්මක ලෙස සහාය වීමේ හැකියාව ඇති අතර, අහිතකර බලපෑම් වැළැක්වීම සඳහා ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම අවශ්‍ය වන අතරම නව අභියෝග ද ජයගැනිම සදහා

ඒ පිලිබද ප්‍රමාණාත්මක දැනුවත් භාවයද අවශ්‍යවේ.

නවීන AI තාක්‍ෂණය ළමුන්ගේ සමාජගත කිරීමේදී ද්විත්ව භූමිකාවක් ඉටු කරයි – සංවර්ධනය සඳහා මෙවලමක් ලෙස ක්‍රියා කරන අතර සමාජ සංකූලතා ඇති විය හැකි මූලාශ්‍රයක් ලෙසද ක්‍රියා කරයි.  දෙමාපියන් සහ අධ්‍යාපනඥයින් AI හි ප්‍රතිලාභ ලබා ගැනීම සහ එහි අවදානම් අවම කළ යුතු අතර සමතුලි භාවයක් ඇති කිරිම සදහා වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

ආශ්‍රිත ග්‍රන්ථ

1.UNESCO ඩිජිටල් පාලන වාර්තාව, 2023

2. ගුණසේන, R., (2023), “කෘතීම බුද්ධි තාක්ෂණයේ සමාජමය බලපෑම්”, සමාජ විද්‍යා පර්යේෂණ ගවේෂණ

3. ශ්‍රමකාන්ති, S., (2022), “නූතන තාක්ෂණයේ යටතේ දරුවන්ගේ සමාජ සංවර්ධනය”, තාක්ෂණික සංවර්ධන විශේෂාංගය

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts