සමාජ

නිවස ඔබේ ලෝකයයි !! කොරෝනා එය තහවුරු කරයි !?

බානු කාර්ත්තිකේසු

“කාන්තාවන්ට නිවස ලෝකය වේ. පිරිමින්ට ලෝකයම නිවසක් වේ.” යනුවෙන් ගැමි කියමනක් තිබේ. මේ වන විට කොරෝනා වසංගතය ලොවම උඩු යටිකුරු කර ඇත. එහිදී මෙම ‘නිවස’ වැදගත් තැනක් ගනී. ලෝකයම තමාට නිවසක් යැයි කියමින් රවුම් ගසමින් සිටි පිරිමින්ට ඇඳිරි නීතිය හා සංචරණ සීමා නිසා නිවසේම සිටින්නට සිදු වී තිබේ. දවසේ පැය 24 පුරාම තම නිවසේ තම පවුලේ අය සමඟ ගත නොකළ අය දැන් සති හා මාස ගණනක් නිවසට වී සිටිය යුතුය. කාන්තාවන්ගේ ‘නිවස ලෝකයම වේ’ පාඨය දැන් පිරිමින්ටද වලංගු වී ඇත. 

මෙහිදී තවත් දෙයක්ද සිදුවී ඇත. නවීන තාක්‍ෂණයේ දැවැන්ත දියුණුව ලෝකය විසින් නිවස තුළටම ගෙනවිත් තිබීමයි. පාසලේ පන්ති කාමරවල ඉගැන්වීම්, විශ්ව විද්‍යාල දේශන, සම්මන්ත්‍රණ වැනි අධ්‍යාපන කටයුතුද, වැඩමුළු, කාර්යාල කටයුතු, නිල රැස්වීම් හා මිතුරන් හා ඥාතීන් හමුව, සැමරුම් ආදී සියලුම දේවල් අන්තර්ජාලය හරහා නිවසටම පැමිණ තිබේ. ‘නිවස ලෝකයම වේ.’ යන්න අනාවැකියක් වීද යන්න සිතෙන තරමට සැම කටයුත්තක්ම නිවස තුළටම වී සිදුකරගැනීමට හැකි වී ඇත. 

මෙහිදී නිවසට වී සිටින්නට වීමෙන් දෛනික වැටුප් ලබන්නන්ගේ හා කායික ශ්‍රමයෙන් රැකියා කරන පුද්ගලයින්ගේ දිවිය මහත් අභියෝගයකට ලක්වී ඇත. 

“ මාගේ ස්වාමිපුරුෂයාට පොළේ කුකුළු මස් කඩයක් තිබුණා. කොරෝනා ආසාදනය වීම නිසා හා ඇඳිරි නීතිය සහ සංචාරණ සීමා පැනවීම නිසා කිසිවක් කර ගැනීමට නොහැකි තත්වයට පත්වුණා. අපට ළමුන් 6 දෙනෙක් ඉන්නවා. ස්වාමිපුරුෂයා හෘද රෝගියෙක්. ඔහුගේ ඖෂධ පිරිවැය, දරුවන්ගේ  ආහාර සහ අනෙක් වියදම් පිරිමහගන්නේ කොහොමද? මම ගෙදර සිට ආහාර පිස විකිණීමට ආරම්භ කළා. විශාල වශයෙන් නොවෙයි, දිනකට ආහාර පාර්සල් දහයක් පහළොවක් විකුණාගත හැකියි. ආසන්න වශයෙන් රුපියල් 300 සිට 400 දක්වා ලාභයක් අපේක්ෂා කළ හැකියි. මා වැය කරන කාලය, ශ්‍රමය සහ භාණ්ඩවල මිල සලකා බලන විට එම ලාභය ප්‍රමාණවත් නැහැ. කෙසේ වෙතත්, එය එදිනෙදා වියදම් පියවාගැනීමට සහ යම්තාක් දුරකට ණය අඩුකර ගැනීමට උපකාරී වෙනවා. මෙවර අලුත් අවුරුද්දට ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබේවි යයි මම බලාපොරොත්තුවෙන් සිටියා. ඒත්, එතරම් විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබුනේ නැහැ. අහල පහල සිටින්නන්ගෙන් සවාන් පහකට හයකට පමණ ඇණවුම් ලැබුණා, “ හලාවත සවරන ප්‍රදේශයේ  පදිංචි 40 හැවිරිදි ෆාතිමා නහා පැවසුවාය.

උදැසන රැකියාවට ගොස් සවස් වන විට වැටුපද රැගෙන නිවසට පැමිණෙන ස්වාමිපුරුෂයන්ට කිසිදු අදායමක් නොමැතිව නිවසට වී සිටින්නට සිදු වී ඇති මෙම වාතාවරණය තුළ කාන්තාවන් විවිධ ආකාරවලින් ආදායම් උපයා ගැනීමේ ක්‍රම නිර්මාණය කරගනිමින් සිටිති. මෙහි හලාවත ප්‍රදේශයේ විවිධ නිවෙස් ඉදිරිපිට ආහාර, එළවලු හා මාලු වෙළඳසැල් මතු වී ඇත. ගෙවතු වගාව සහ ගෘහ කර්මාන්ත නැවත පණ ලබමින් සිටී.


“මගේ සැමියා ත්‍රීරෝද රථ රියදුරෙක්. අපිට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. කොරෝනා වසංගතයෙන් පස්සෙ සැමියාගේ ආදායම බෙහෙවින් අඩු වෙලා. ඇඳිරි නීතිය හා සංචරණ සීමා දැමු පසු ආදායමක් ඇත්තේම නැහැ. ඒ නිසා අපි එළවළු, මාළු, මස් සහ ඉස්සන් විකුණන කුඩා කඩයක් ආරම්භ කළා,” යි අලූත්වත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සංගීතා පෙරේරා පැවසුවාය.


මෙම වෙළඳසැලෙන් දිනකට රුපියල් 1000 ක් පමණ උපයන බවත් එම ආදායමෙන් යම්තාක් දුරකට දෛනික වියදම් පියවාගත හැකි බවත් පැවසුවාය. පිටතට යා හැකි විට ඇගේ සැමියා එළවළු, මාළු, මස් සහ ඉස්සන් මිලදී ගෙන එයි. එය පිරිසිදු කර විකුණන්නේ සංගීතා ය. සමහර විට සංගීතාගේ මව ද පැමිණ උදව් කරයි.
“කොරෝනා වසංගත සමයේදී බොහෝ ඇය ගැවසෙන ස්ථානවලට යාමට අකමැතී, යෑමට නොහැකි අසල්වාසීන් හා මේ මාර්ගයෙන් ගමන් කරන්නන් මගෙන් බඩු මිලදී ගනීති.” සංගීතා පෙරේරා පවසයි.

සංගීතා විවාහයට පෙර එම ස්ථානයේම ‘කොමියුනිකේෂන් සෙන්ටර්’ එකක් පවත්වාගෙන ගියාය. විවාහ වී දරුවන් ලැබුණු පසු එය නතර කොට පවුල රැකබලා ගැනීම පිලිබඳ පමණක් අවධානය යොමු කළාය .
“අවුරුදු දොළහකට විතර පස්සෙ තමයි මම නැවත ව්‍යාපාරයක් කිරීමට පටන් ගත්තෙ. දැන් මාගේ දරුවන්ද ද ඔවුන්ට හැකි පමණින් මේ ව්‍යාපාරයට සහයෝගය ලබා දෙනවා. කෙසේ හෝ මෙම අමාරු කාලය ගෙවා ගැනීම සඳහා මෙය කරනවා. නමුත් මෙම තත්ත්වය දිගටම තිබුණොත් නම් අපට තවත් ඔරොත්තු දෙන්න බැහැ. ස්ථිර ආදායමක් සඳහා මොකක් කරන්නද කියලා සිතා බලන්න ඕනැ.’’ ඇය පැවසුවාය.


ඔව්, අමාරු කාලය ගෙවා ගැනීම සඳහා කාන්තාවන් රැකියා කිරීමට පෙළඹී සිටිති. ශ්‍රී ලංකාව පුරා දෛනික අදායමෙන් ජීවත්වන ජනතාව දැඩි ලෙස බලපෑමට ලක් වී ඇත. රජය ඉඳහිට රුපියල් 5,000 ක් ගෙවන නමුත් එම පුද්ගලයින් වෙත ළඟා වන්නේද? එම මුදල ඔවුන්ට ප්‍රමාණවත්ද? යන්න ප්‍රශ්නාර්ථය.


මෙලෙස දෛනික අදායමෙන් දිවි ගෙවන පවුල්වල අර්බුද කාලය ගැහැනුන් විසින් කළමනාකරණය කර ගනිමින් සිටිති. ඒ අතරම ලෝක මට්ටමින් මෙම ආදායම් ගැටලුව පවතී. කොරෝනා ලොව පුරා ආධිපත්‍යය පතුරමින් සිටී. අප රටේ ජීවත්වන පවුල්වලට දුෂ්කරතා වලට මුහුණ නොදී ජීවත් වන්නට හැකිවන්නේ විදේශ රටවල තත්වයද යහපත්ව තිබීමෙන් පමණි.

විදේශ රටක පදිංචිව සිටින තම පුතුට ආදායමේ ගැටලුවක් ඇති බැවින් තමා ව්‍යාපාරයක් ආරම්භ කළ බව සංගුතට්ටානෛ ප්‍රදේශයේ දිවි ගෙවෙන 70 හැවිරිදි රංජිතමලර් නවරත්තිනරාජා පැවසුවාය.


“ මගේ සැමියා කාර්මික ශිල්පියෙකි. මට දරුවන් 4 දෙනෙකි . ඔවුන්ගෙන් 3 දෙනෙක් විදේශගතවී සිටින අතර ඔවුන් විවාහකය. මම දැනට ජීවත් වන්නේ මගේ බාල පුතා සමඟයි. වර්ථමාන කොරෝනා තත්ත්වය හේතුවෙන් විදේශගතව සිටින මාගේ දරුවන්ට මුදල් යැවීමේ ගැටලුවක් පවතී. එහිද ඔවුන්ගේ රැකියා වලට බලපෑම් ඇතිවී ඇත. ඔවුන්ට තම පවුල්ද බලාගනිමින් සහ අප ගැනත් බලාගැනීමට දුෂ්කර වී ඇත. ඒ නිසා අවට ඇති සමහර සිල්ලර වෙළඳසැල් සඳහා පරිප්පු වඩේ, පකෝඩා වැනි ආහාර සාදා විකුණන්නට පටන් ගතිමි. සමහර පවුල් වලට තුන් වේලටම ආහාර උයා දෙමි. මහා පරිමාණයෙන් ඇණවුම් ලැබෙන්නේ නැත. නමුත් ලැබෙන අදායමෙන් එදිනෙදා වියදම් පියවාගැනීමට හා මගේත් මගේ සැමියාගේත් ඖෂධ සඳහා වන වියදම් පියවාගැනීමටත් හැකි විය. මෙවර අලුත් අවුරුද්ද සඳහා රස කැවිලි ඇණවුමක් ලැබුණි. එමනිසා වැඩිපුර මුදල් ප්‍රමාණයකුත් උපයාගත හැකිවිය. කෙසේ හෝ ණය නොවී ජිවත් වන්නෙමු ”රංජිතමලර් පැවසුවාය.


එසේම, සැමියා අහිමි වූ දෙදරු මවක් වන අලුත්වත්ත ප්‍රදේශයේ ජිවත් වන 57 හැවිරිදි ලලිතා ඇග්නස් ෆර්නැන්ඩස් වසර පහකට පසු නැවත ඇඳුම් මැසීමට පටන් ගත්තාය.


“ මගේ දියණිය විවාහකය. මට පුතෙකුත් සිටියි. ඔහු ඔහුගේ බිරිඳත් රුසියාවේ පදිංචි වී සිටිති. මාගේ වියදමට මුදල් එව්වේ ඔවුන් විසිනි. මෙම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහු එහි කරමින් සිටි රැකියාවද අහිමි වී ඇත. ඔවුන් එහි නව රැකියාවක් සොයමින් සිටිති.. මෙම තත්වය තුළ මමත් ඔවුන්ට කරදරයක් නොවිය යුතුය. මම නැවත මසන්නට පටන් ගත්තේ එම නිසාය. මට ඔවුන්ට උදව්‍ කල නොහැකි නමුත් මම ඔවුන්ට බාධාවක් නොවිය යුතුය. මෙම මහලු වියේදී මගේ දරුවන්ට මට කළ හැකි එකම උපකාරය මෙය වනු ඇතැයි මම සිතමි. මේ වන විට මට සතියකට රුපියල් 1500 සිට 2000 දක්වා මුදලක් ලැබේ. මට එය ප්‍රමාණවත්ය. එය තනි පුද්ගලයෙකු ලෙස විදුලි සහ ජල බිල්පත ගෙවාගනිමින්,මගේ එදිනෙදා වියදම් සහ ඖෂධ සඳහා වන වියදම් පියවාගනිමින් මා දිවි ගෙවමි. ” ලලිතා පැවසුවාය.


තම පුතු අධ්‍යාපනය ලැබීමට ජපානයට යවා ඇති අවුරුදු 27දි වැන්දඹුවක් වු 47 හැවිරිදි ආර්.ඩී. නිල්මිණි ටත් උදා වී ඇත්තේ එවැනිම තත්ත්වයකි.


“මගේ පුතා ජපානයේ ඉගෙනුම ලබමින් රැකියාවක නියුතු වෙයි. මෙම කොරෝනා වසංගතය නිසා ඔහුට රැකියාව අහිමි විය. මෙම තත්වය තුළ ඔහුට කරදර කිරීමට මට කැමැත්තක් නැත. මගේ පුතා හදා වඩා ගැනීමට පෙර සිටම මා තල බෝල ව්‍යාපාරයක් කරගෙන සිටියෙමි. අවුරුදු 5 කට පසු නැවත එය ආරම්භ කළෙමි. ” ආර්.ඩී. නිල්මිණි පැවසුවාය. මුල් දිනවලදී මට සතියකට රුපියල් 7000 ක පමණ අදායමක් ලැබණු නමුත් මෙම වාතාවරණය හේතුවෙන් දැන් මට ලැබෙන්නේ සතියකට රුපියල් 3000 ක පමණ අදායමකි. මෙම මුදලෙන් මමත් මාගේ නැන්දම්මාත් දිවි ගෙවන්නෙමු. මෙම අමාරු කාලය ගෙවාගැනීමට මා දන්නා එකම රැකියාව මෙයයි. ඉතින් මා එය සතුටින් කරන්නෙමි. “ නිල්මිණි පවසන්නීය.


කාන්තාවෝ සැමවිටම ප්‍රාණය, ජීවිතය හා සතුට ලබා දෙති. ‘ලෝකයම නිවසක් වේ.’ කියමින් සැරිසැරූ පිරිමින්ව කොරෝනා වසංගතය විසින් සිර ගත කලේද යන්න සිතා බැලිය යුතුය. ‘නිවස ලෝකය වේ.‘ කියා සිටි කාන්තාවන් ලෝකය ඇත්තේ නිවස තුළ බව ඔප්පු කරමින් සිටිති..! කොරෝනාවත් එය ඔප්පු කරමින් සිටියි.

வீடே உலகம்! பெண்களுடாக நிரூபிக்கிறது கொரோனா!?

Corona Has Proven That Home Is Your World

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts