නිල ඇඳුම් නොමිලේ? අවුරුද්දට ම එකම කමිසය
වෛරමුත්තු තුෂාන්තන්
ළමයින් පාසල් නොපැමිණීමට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. නමුත් අදින්න කමිසයක් නැතිව පාසල් නොයන ළමුන් රාශියක් ඉන්නවා. වැහි කාලයේදි තෙත්වුණු රෙදි පහසුවෙන් වේලෙන්නෙ නැහැ. සමහර සිසුන් තෙත ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ ආවම පාසලේ ඩෙස් පුටුවල එකතුවෙලා තියෙන දූවිලි ලේසියෙන් ඇලෙනවා. එවිට ඒ කමිසෙ කිලුටු කරගෙන එනවා කියලා දෙමව්පියන් චෝදනා කරනවා.
“මොකක්ද ඒ කමලම් අක්කා”
“සුදු කමිසේ වේලිලා නෑ එච්චරයි”
මේ වගේ සංවාද කිහිපයක් අපට ඇහෙනවා මේ ගමේ මිනිස්සුන්ගෙන්.
සමහර වෙලාවට ළමයින් තෙත කමිස ඇඳගෙන පාසල් යනවා. අපේ ගමේ ළමුන්ට පාසල් යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ නිල ඇඳුම් හා පොත් පත් නොමිලේ ලැබෙන නිසයි. එහෙම නැත්නම් ඔවුන්ට අධ්‍යාපනය ලබාගන්න හැකියාවක් නැහැ. ඔවුන්ට අමතරව නිල ඇඳුම් මිලදී ගන්න නොහැකි නිසා රජයෙන් ලබාදෙන්න ඇඳුම් මත පමණක් යැපෙන සිද්ධවෙලා තියනවා. පාසල දින එකසිය අසූවක් (180) පැවැතුණත් ඒ මුලු කාලයම පුරාම මේ දරුවන්ට අඳින්න වෙන්නේ එකම ඇඳුම. මම හිතන්නේ රජයෙන් ලැබෙන ඇඳුම වැඩිම කාලයක් භාවිතා කරන්න මෙහෙ පාසල් දරුවන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ පදුවන්කරෙයි ප්‍රදේශයේ පාසල් සිසුන් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කරනු ලැබූයේ වන්නමානි සිවප්පිරකසම් ය.
ළමයින් පාසල් නොපැමිණීමට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. නමුත් අදින්න කමිසයක් නැතිව පාසල් නොයන ළමුන් රාශියක් ඉන්නවා. වැහි කාලයේදි තෙත්වුණු රෙදි පහසුවෙන් වේලෙන්නෙ නැහැ. සමහර සිසුන් තෙත ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ ආවම පාසලේ ඩෙස් පුටුවල එකතුවෙලා තියෙන දූවිලි ලේසියෙන් ඇලෙනවා. එවිට ඒ කමිසෙ කිලුටු කරගෙන එනවා කියලා දෙමව්පියන් චෝදනා කරනවා.
නගරවල ජීවත්වන බොහොමයක් මිනිස්සු දන්නෙ නෑ ඇයි රජයෙන් නිල ඇඳුම් සඳහා මුදල් දෙන්නෙ කියලා. සමහරු කියනවා ඒ සල්ලි වලින් එක හොඳ කමිසයක් වත් මිලට ගන්න බෑ කියල. අපේ දරුවන්ට දවස් පහට කමිස පහක් ඕනේ අඳින්න. ඔවුන් නොමිලේ ලැබෙන ඇඳුම් වවුචරය සම්බන්ධයෙන් සැලකීමක් කරන්නේ නැහැ. නගර වල දරුවන් බොහෝ දෙනෙක් වගේ සාමාන්‍යයෙන් පාසල් එන්නේ වාහන වලින්. ඉතින් ඇඳුම් කිලිටු වෙන එක හරිම කලාතුරකින් වෙන දෙයක්. නමුත් මේ තත්ත්වය ග්‍රාමීය දරුවන්ටපොදු නැහැ.
පාසල හා නිවස අතර පවතින්නේ සැලකිය යුතු දුරක්. ළමුන්ට සිද්ධ වෙනවා වළවල් හා අගල් මතින් සෑහෙන දුරක් ඇවිදගෙන යන්න. ඇවිදගෙන යන්න තියෙන කෙටිපාරවල් කටු පඳුරු වලින් පිරිල තියෙන්නෙ. එසේම පාසලේ ක්‍රීඩා කාලයේ දී ඇඳුම් කිළුටු වෙන්න තියෙන අවස්ථා ඉතා ඉහළයි. ළමුන්ට ඊට පස්සේ පාසල් යන්න හැකියාව ලැබෙන්නේ එම ඉරුණු කමිසයට අණ්ඩයක් දමා සකස් කරගත් විට පමණයි. මෙලෙස ප්‍රකාශ කළේ මුත්තුලින්ගම් නවරත්නම් නම් අවුරුදු හැත්තෑ දෙකක් වූ මේ ගමේ පදිංචි කරුවෙක්.
ඔහුගේ මුණුපුරන්ද ඉගෙනුම ලබන්නේ පදුවන්කරෙයි පාසලේ. ඔහුගේ කාර්යභාරය වෙන්නේ ඒ දරුවන් උදේට පාසලට රැගෙන යාම සහ නැවත නිවසට කැඳවාගෙන පැමිණීම.
මල්ලි ඔයා කමිස කීයක් මාරුකරනවද? අපි හැමදාම එකම කමිසය අඳිනවද කොහෙත්ම නැහැ. නමුත් පාසල් යන මේ දරුවො හැමදාම අදින්නේ එකම කමිසය. සමහර වෙලාවට මේ දරුවන් ආහාරයට ගන්න පලතුරු නිසාවෙන් මේ කමිස අපිරිසිදු වෙන්වා. ඒත් පැල්ලම් ලේසියෙන් ඉවත් කරන්නවත් හෝදන්නවත් බැහැ. නමුත් ඊළඟ අවුරුද්ද නව නිල ඇඳුම් ලැබෙන බලාපොරොත්තුවෙන් මේ දරුවන්ට සමස්ථ අවුරුද්ද පුරාම එකම කමිසය අඳින්න සිද්ධ වෙනවා. අපි දෛනික වැටුප් ලබන ඔහු ඉතා සැලකිල්ලෙන් ප්‍රකාශ කළා.
පදුවන්කරෙයි කෘෂිකාර්මික ගමක්. පුරුෂයන් නිසි පරිදි ඇඳුමක් නොමැතිව එළිමහනේ වැඩ කටයුතු කරනව. කාන්තාවන් දිරාගිය හා සායම්ගිය ඇඳුම් තමයි වැඩ කරනකොට ශරීරය ආවරණය කරගන්න භාවිත කරන්නේ. මේ තත්ත්වය උඩ නොමිලේ ලැබෙන නිල ඇඳුම් මේ දරුවන්ට වටිනා ත්‍යාගයක්. නමුත් ටික කලකට පසුව මේ නිල ඇඳුම දිරාපත් වන අතර සුදු පාට ලා කහ පැහැති වර්ණය හැරෙනවා. මේ ප්‍රදේශයේ දරුවන් තනිකරම බලාපොරොත්තු වන්නේ පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන්. මේ දරුවන්ට හවස විශේෂ පන්තියක් පාසලේ පැවැත්වූ විට ඊළඟ දවසේ පාසල් යන්න නොහැකි වෙනවා.
පාසලේ සවස් වරුවන් හි විශේෂ පන්ති පැවැත්වුවහොත් මේ දරුවන් නිවසට පැමිණෙන විට සන්ධ්‍යා කාලය වෙනවා. ඉතින් ඔවුන් පාවිච්චි කරන ලද කමිසේ රාත්‍රියේ සේදීම කළ නො නොහැකි ය. මේ තත්ත්වය මත ඊළඟ දිනයේ පාසල් යාමට නොහැකි වෙනවා. වැසි කාලයක නම් ළමුන්ගේ පාසල් පැමිණීම ඉතාම අඩුයි. පාසල් ගුරුවරයෙකු වූ ඉලෛය තම්බි කුගනාතන් පැවසීය .
සියයට පනහකට (50%) වැඩි ළමුන් ප්‍රමාණයකට එක කමිසයයි තියෙන්නේ. පාසල් යනවද නැද්ද යන්න පදනම් වෙන්නේ එම කමීසය මත. සුදු කමිස වෙනුවට වර්ණ කමිස එක දවසක්වත් ආදේශ කරන්න ළමුන්ට අවකාශයක් නැහැ.
ඉතාම වැදගත් පාඩම් උගන්නපු දවස් ඕනතරම් තියනවා. එහෙම දවස් වලට මට ඇඳන් යන්න ඇඳුමක් නැති නිසා මම පාසල් නොගියපු දවසුත් තියෙනවා. අනෙක් ළමුන්ට මේ තත්ත්වය කියන්න මට ලැජ්ජයි. මගේ ගුරුවරු මට පාසල් නොපැමිණීම නිසා දඬුවම් කරලා තියෙනවා. යනුවෙන් 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ප්‍රකාශ කළාය.
රජය ඉස්සෙල්ලා නිල් ඇඳුම් සඳහා රෙදි ලබා දුන්නා. නමුත් 2016 ඉඳලා ළමුන්ට රෙදි ගන්න වවුචරයක් ලබා දුන්නා. ඉතිං තවමත් දෙමව්පියන්ට රෙදි මැසීමටත් ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. ශිෂ්‍යාවකගේ ඇඳුමක් මහන්න රු.200 ක් අයකරන අතර සිසුවකුගේ නිල ඇඳුම් (කමිස සහ කලිසම) මහන්න රුපියල් හාරසියක් අය කරනවා. සමහර පවුල්වල ළමයි හතරක් ඉන්නවා. දරන්න බැරි වියදම නිසා මේ දරුවන් එක ඇඳුමක් භාවිතා කරමින් පාසල් යනවා.
පදුවන්කරෙයි තත්ත්වය ලංකාවේ බොහොමයක් කෘෂිකාර්මික ප්‍රදේශයන්ට සමානයි. රජය මගින් නොමිලේ නිල ඇඳුම් සපයා නොදෙන්නේ නම් බොහොමයක් දරුවන් පාසල් අධ්‍යාපනයෙන් විතැන් කිරීමට එය හේතුවක් වෙනවා.
This article was originally published on the catamaran.com