නිරෝධායන නීතියට සිරකල නොහැකි මූලික අයිතිවාසිකම්
ජූඩ් ආර්. මුතුකුඩ
රජය මගින් නිරෝධායන නීතියට භාවිතා කරමින් මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම , සමාජ මාධය මර්ධනය කිරිම, විරුද්ධ මතධාරීන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රවණතාවයක් රට තුළ පෙන්නට තිබේ.
රජයේ ප්‍රතිපත්තිමය තීරණ වලට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් රට තුළ විරෝධතා හා උද්ඝෝෂණ කරති.ඒ අනුව රට තුළ පසුගිය මාස 05 ක කාලය තුළ විවිධ උද්ඝෝෂණ 847ක් වාර්තා වී තිබුණි.ගොවින්ගේ පොහොර ගැටළුව, ගුරු විදුහල්පති වැටුප් ගැටළුව ඒ අතරින් කැපී පෙනේ.මෙම අරගල පාලනය කිරිමට ආණ්ඩුව පැත්තෙන් නිරෝධායන නීතිය පාවිච්චි කරන බවට ප්‍රති විරුද්ධ පාර්ශව චෝදනා කරති. ගුරු විදුහල්පති වැටුප් ගැටළු උද්ඝෝණයේදි ලංකා ගුරු සංගමයේ ලේකම් ඇතුව පිරිසක් නිරෝධායන නීති කඩකල බවට අත්අඩංගුවට ගැනිම එක් උදාහරණයකි. එහිදි අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පිරිසට ඇප ලැබුණද පසුව එම පිරිස බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථායක් වෙත රැගෙනයන ලදි.මේ ආකාරයෙන් පුද්ගලයන් නිරෝධායන හා රෝග වැළැත්වීමේ ආඥා පණතට අනුව අත්අඩංගුවට ගැනිමට නිතිමය ප්‍රතිපාදන පවතීද යන්න විමසා බැලිය යුතුය.
1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්විමේ ආඥා පණත යටතේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂජෙනරාල් වරයාගේ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයාට නිරෝධායන ඇදිරි නීතිය පැනවිය හැකිය.රටේ පොදු මහජන ආරක්ෂාව වෙනුටවන් නීති පැනවීමට රජයට සාධාරණ අයිතියක් ඇත.නමුත් ගැටළුව වී ඇත්තේ නිරෝධායන නීතියට මුවා වෙමින් රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන පරිදි කටයුතු කිරිමයි.සාමකාමි උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කිරිම සදහා තහනම් නියෝග උසාවිය හරහා ලබා ගැනිමට පොලිසිය කටයුතු කල ආකාරයක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් එම අවස්ථා ගණනාවේදිම ගරු අධිකරණය ඊට එරෙහිව කරුණු දක්වමින් ජනතාවට සාමකාමි උද්ඝෝෂණ පැවත්විමේ මූලික අයතියට බාධා නොකරන ලෙසත් අධිකරණය පොලිසියට නියෝග කරන ලදි.
වසංගත තත්වයකදී රෝග පාලනය සදහා සෞඛ්‍ය නීති රීති පැනවිම මගින් රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනිමේ බැරැරුම් අභියෝගයකට රට මුහුණදි තිබේ. ව්‍යසනකාරි පසුබිමක වුවත් රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරිමට රජයට සුවිශේෂි ජනවරමක් ජනතාව ලාබාදී ඇත. ආණ්ඩුවේ සමහර තීන්දු තීරණ නිසා රට තුළ ගැටළුකාරි වාතාවරණයක් නිර්මාණය වෙමින් තිබේ.රජයේ තීරණ දැඩි විවේචන වලට ලක්වෙමින් ඇත.වසංගත තත්වය හමුවේ රාජ්‍ය සේවයේ මෙහෙවර අගය කිරිම කලයුතු මෙන්ම රාජ්‍ය සේවයේ අකටයුතුකම් ගැන සාධාරණ විවේචනය කිරිමේ අයිතියක් ජනතාවට තිබිය යුතුය.විවේචකයන් බිය වැද්දීම සදහා විශේෂයෙන් රාජ්‍ය නිළධාරින් විවේචනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට සිදුවන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට දැනුම්දී තිබීම ඊට ආසන්න උදාහරණයකි.විවේචකයන්ට හා විරුද්ධවාදින්ට එරෙහිව පනවන නඩුවල ඉල්කකය වන්නේ දඩුවම් පැනවිමට වඩා මවුන් මානසික වෙහෙසට පත්කිරිමයි. එමගින්සමාජ ක්‍රියාකාරකම් උදාසිහින කිරිමයි.ඉහත සදහන් සිදුවිම් සම්බන්දයෙන් ආණ්ඩුවට එරෙහිව ප්රජාතන්ත්රවාදයට ලැදි ජනතාවගෙන් සහ සිවිල් සමාජයෙන් මෙන්ම නිතිය සුරකින ආයතන වලින් එල්ල වු විරෝධය සැලකිල්ලට ගනිමින් එවැනි ක්‍රියාවන් තාවකාලිකව හෝ නතරවේ යැයි උපකල්පනය කළද එය එසේ නොවන බව පසුගිය දා යලි තහවුරුවිය.ඒ රටපුරා සුරාසල් විවර කිරිමට එරෙහිව පැවති උද්ඝෝශකයන් අතඩංගුවට ගැනිමත් සමගය.ජිනිවා මානවහිමිකම් කොමිසමේ කොමසාරිස්වරියගේද අවධානයට ලක්වී තිබුනද පොලිසිය හෝ එය මෙහෙයවන ආණ්ඩුව ඒ පිලිබද සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ.
එසේම ව්‍යාජ පුවත් පලකිරිම වසංගත අවස්ථාවක පාලනය කිරිම සිදුකල යුතු බව සත්‍යයක් වුවද එහිදී රජය ගතයුතු නිවැරදි ක්‍රියාපිළිවෙත වන්නේ ව්‍යාජ පුවත් වැරදි තොරතුරු පළවන්නේනම් ඒවා නිවැරදි කරමින් පිළිතුරුදිය හැකි නිවැරදි පුවත් ප්‍රචාරය කිරීමේ මාර්ග බහුල කිරිම ඒවායේ විස්වසනීයත්වය ඉහළ නැන්විමයි.ඒ සදහා ඉහල ප්‍රෙක්ෂක ආක්ර්ෂණයක් දිනා ගත හැකි රුපවාහිනි සහ සෙසු අවශේෂ මාධ්‍ය භාවිතා කර ජනතාවට තොරතුරු සැපයිමට රජය වගබලා ගත යුතුය.ව්‍යසනකාරි වටපිටාවක සිදුවන කරුණු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිම සදහා ලංක දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන පවතීද යන්න පැහැදි කර ගත යුතුය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 24 පරිච්ඡේදයේ මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහි වැරදි යටතේ අංක 262 යටතේ ආන්තරයක් වූ රෝගය පැතිරවිමට තුඩුදෙන නොසැලකිළිමත් ක්‍රියා පිළිබදවත් ,අංක 263 හි ජිවිතයට අන්තරායක් වු රෝගය පැතිරවිමට තුඩුදෙන ද්වේෂ සහගත ක්‍රියා පිළිබදවද ,අංක 264 යටතේ රෝග නිවාරණයට අකීකරුවීම යටතේද පොලිස් නිළධාරයෙකුට පුද්ගලයෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකිබව සදහන් වේ.මෙම වගන්ති තුළින් පැහැදිලි දක්වා ඇත්තේ රෝග නිවාරණයට අදාල කරුණු මත පදනම්ව අත්අඩංවට ගැනිම් පමණකි. එයින් කිසිසේත් රටේ මුලික අයිතිවාසකම් වලට අදාල වන නිදහසේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ,සාමකාමි උද්ඝෝෂණ පැවත්වීම, සංවිධානය විමේ අයිතිය මෙම නීති මගින් සීමා නොවේ.
මෙහිදි සාධාරණ භාවිතය සදහා පවතින නීති රිතින් මර්දනය සදහා යොදා ගැනිම කිසිදු නීතිගරුක සමාජයක් අනුමත නොකරනු ඇත. වැරදි තොරතුරු මුදා හරිම මත මහජන සෞඛ්‍ය යට හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ප්‍රකාශ කරමින් අත්අඩංගුවට ගැනිම්ද සිදුව ඇත. . ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් අර්ථ නිරුපනයේ පැහැදිලිව දක්වා ඇති පරිදි පැනවෙන කිසිම නීතියක් මගින් මූලික මිනිස් අයිතිවාසිකම් වලට බාධාවක් නොවිය යුතු බව සදහන්වේ.ඒ අනුව සලකා බලන කල නිරෝධායන නීතිය මගින් හෝ ලංකා දන්ඩ නීති සංග්‍රහයේ නිති හෝ මහජන ආරක්ස පණතේ නීති මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරඇති භාෂණයේ නිදහස සහ සාමකාමි රැස්විමේ සංවිධානයට ඇති අයිතිය කිසිසේත් යටපත් කල නොහැකි බව නොවේද