සාමය

නැගෙනහිර සාමයේ තීරණාත්මක සාධකයක් වන ඉඩම් අයිතිය (දෙවන කොටස)

නෙවිල් උදිත වීරසිංහ

නැගෙනහිර වෙසෙන ජනවර්ග අතර සාමය හා සංහිදියාව සදහා අහිතකර ලෙස බලපා ඇති සාදක අතරින් එක් ප්‍රධාන සාදකයක් වශයෙන් නැගෙනහිර ප්‍රදේශයට ආවේනික වූ ඉඩම් ප්‍රශ්නය හදුනාගත හැකිය. 

රටේ කෘෂිකර්මාන්තය සදහා භාවිතා කරණු ලබන භූමියෙන් 43% භූමි ප්‍රමාණයක් අයත් වන්නේ නැගෙනහිර පලාතටය. ‍මෙහි රටේ සමස්ථ වී නිශ්පාදනයෙන් ¼ ප්‍රමාණනයක් නිශ්පාදනය කරනු ලබයි. 2012  ජනගහන සංගනණයට අනූව නැගෙනහිර ජනගහනය ආසන්න වශයෙන් දෙමළ ජනයා 40%, මුස්ලිම් ජනයා 37% සහ සිංහල ජනයා 23% වේ. දිස්ත්‍රික් පදනම මත, අනුරූප අනුපාතය වූයේ අම්පාර දිස්ත්‍රික්කය තුළ දළ වශයෙන් දෙමළ ජනයා සදහා 17% ක්, මුස්ලිම් ජනයා සදහා 44% ක්, සිංහල ජනයා සදහා 39%ක් ය.  මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ‍දෙමළ ජනයා 72%,  මුස්ලිම් ජනයා 25% සහ සිංහල ජනයා 1% සහ ත්‍රිකුණාමලය තුළ දෙමළ ජනයා 31%,  මුස්ලිම් ජනයා 40% සහ සිංහල ජනයා 27% වශයෙනි. 

මුස්ලිම් බුද්ධිමතෙකු වන අමීර් අලී මහතා පැහැදිලි කරන ආකාරයට නැගෙනහිර වෙසෙන මෙම ප්‍රජාවන් තුන අතර ඉඩම් කොටස් බෙදාදීම  “ සැබෑම ක්‍රීඩාව” වන බවයි. මෙම බෙදාදීම තුළ මුස්ලිම් ජනයා විශාලතම පාඩු ලැබූවන් පිරිස බවට පත්ව ඇත. නැගෙනහිර ජනගහනයෙන් 1/3 වන මුස්ලිම් ප්‍රජාව සතුව පවතින්නේ නැගෙනහිර ඉඩම් වලින් 3% ප්‍රමාණයක් පමනි. නිදහස ආසන්නයේ දී නුවර ගොවි ජනතාව අතර ඉඩම් සඳහා කුසගින්න පැවතුණා සේම දැන් නැගෙනහිර වෙසෙන දෙමළ සහ මුස්ලිම් නිවැසියන් අතර ඉඩම් සාගින්නක් පවතී. සිංහල-බෞද්ධ ජාතිකවාදීන් කෝපයට පත් වේ යැයි බියෙන්, සුලු ජන ප්‍රජාවන් දෙකට ඉඩම් (crownland) වෙන් කිරීම රජය ප්‍රතික්ෂේප කරන අතර, සුළු ජාතීන්, ඔවුන්ගේ දේශපාලන නායකයින්ගේ දිරිගැන්වීම මත” එකිනෙකාගේ ඉඩම් ආක්‍රමණය කිරීමේ අන්‍යෝන්‍ය විනාශකාරී ක්‍රීඩාවක නිරත වෙමින් සිටිති. අමීර් අලී මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ නැගෙනහිර ප්‍රදේශයේ දෙමළ හා මුස්ලිම් ප්‍රජාව අතර ඉඩම් සදහා පවතින තරගය දෙමළ හා මුස්ලිම් ජනයා අතර සම්බන්දය සදහා බලපානු ලබන කේන්ද්‍රීය ප්‍රශ්නය වනබවත්, එය විසදාගැනීමට දක්වන සමත්කම හෝ අසමත්කම විසින් අනාගතයේදී නැගෙනහිර පළාතේ බොහෝ දෑ තීරණය කරනු ඇත. 

සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2007 දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සම්බන්දයෙන් නිකුත් කෙරුනු වාර්ථාවට අනූව ත්‍රිකුණාමලයේ ජනගහනය ප්‍රතිශතයක් වශයෙන් මුස්ලිම් ජනයා  45.4%, දෙමළ ජනයා 28.6%, සිංහල ජනයා 26.4% සහ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා 0.6%කි.  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2016 වාර්ථාවට අනූව ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජීවත්වන ඉස්ලාම් භක්තිකයන් 189,243, හින්දු භක්තිකයින් 117,576, බෞද්ධයින් 84,766, රෝමානු කතෝලික භක්තිකයින් 16,119 සහ වෙනත් ක්‍රිස්තියානි භක්තිකයින් 3,014 වේ. ජනවාර්ගික සංයුතිය අතින් නැගෙනහිර පලාත තුළ ඉහලම විවිධත්වයක් පවතින්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුලයි. 

වර්ශයසමස්ථ ජනගහනයසිංහල ජනයාශ්‍රී ලාංකීය දෙමළ ජනයාඉංදීය දෙමළ ජනයාමුස්ලිම් ජනයාවෙනත්
1963138,55339,925 28.8%5108136.9%3,3712.4%40,77529.4%34012.5%
1971188,24554,74429.1%66,68835.4%50612.7%59,92431.8%18231.0%
1981255,94885,50333.4%87,76034.3%5,3722.1%75,03929.3%22740.9%
2007334,36384,76625.4%95,65228.6%4900.1%151,69245.4%17630.5%

සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2007 දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සම්බන්දයෙන් නිකුත් කෙරුනු වාර්ථාවට අනූව 1963 සිට 2007 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනවාර්ගිකත්වය අනූව ජනගහනයේ බෙදීයෑම මෙම වගුවෙන් දැක්වෙයි. 

ඉහත වගුවට අනූව 1963 සිට 2007 දක්වා ජනගහනය වර්ධනය වීමේ ප්‍රතිශතය අනූව ත්‍රිකුණාමලය ප්‍රදේශය තුළ මුස්ලිම් ජනගහනයේ වර්ධනයක් අපට හදුනාගත හැකිය. ලේඛකයාගේ නිරීක්ෂනයට අනූව ත්‍රිකුණානාමලය නගරයේ බහුතරයක් ව්‍යාපාර මුස්ලිම් ජාතිකයින්ට අයත් ව්‍යාපාරයන්ය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනවාර්ගික සංයුතියට සාපේක්ෂව වර්ධනය වන වාර්ගික ධ්‍රැවීකරණය හා වාර්ගික ආතතිය ප්‍රකාශයට පත්වීම අපට   ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ යුද්ධයට පසුව වර්ධනය වෙමින් පවතින සංචාරක ව්‍යාපාරය හරහා පැහැදිලිව හදුනාගත හැකිය. 

ත්‍රිකුණාමලයේ ඇලස් වත්ත යනු සංචාරක ව්‍යාපාරය හරහා වේගයෙන් සංවර්ධනය වූ ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ දශක කීපයක් පුරා පදිංචි වී ස්වෝත්සාහයෙන් ඉදිරියට පැමින සිටින දෙමළ කාන්තාවක් (මෙහි ඇයගේ නම සදහන් නොකරමි) ප්‍රකාශකරසිටියේ “ මම හරිම දුක්විදල තමයි මේ ගොඩනැගිලි හදාගත්තෙ. එක ගොඩනැගිල්ලක් මම සංචාරක නිකේතනයක් සදහා සිංහල පුද්ගලයෙකුට කුලියට දීල තයෙනව, තව ගොඩනැගිල්ලක් මුස්ලිම් තරුණයෙකුට සංචාරකයන් සදහා අවන්හලක් කරගෙනයන්න කුලියට දීල තියෙනව. මම මුස්ලිම් සහ සිංහල අයට ව්‍යාපාර කරන්න මගේ ගොඩනැගිලි කුලියට දුන්න කියල ගමේ බොහෝ දෙනෙක් මට විරුද්ධයි”  

ඉහත දළ වශයෙන් සාකච්ජා කෙරුනු නැගෙනහිර ප්‍රදේශයට සුවිශේෂ වූ ජනවාර්ගික ද්‍රැවීකරනයන් හා ආතතීන් සමනය කිරීමට නැගෙනහිර ජනයා අතර සාමය හා සංහිදියාව වර්ධනය කෙරෙන ක්‍රියාකාරීත්වයන් වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තකි. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts