වෛරී ප්‍රකාශ

ධම්මික පැණියත් සමග පැමිණි ව්‍යාජ පුවත් රැල්ල

නෙවිල් උදිත වීරසිංහ 

ලංකාවේ සමාජ මාධ්‍ය හා සමහරක් ප්‍රධාන දාරාවේ මාධ්‍ය තුලද ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිශ්පාදනය කරන ලද ‘ආයුර්වේද පැනිය’ පිලිබද  මාතෘකාව සදහා විශේෂ අවධානයක් හිමිවී පැවතිනි. 

ලංකාවේ සමාජ මාධ්‍යන්ගේ හැසිරීම පිලිබදව නිරන්තර ගවේශනයක නිරතවෙමින් සිටින # පරපුර නම් සංවිධානය විසින්  2020 දෙසැම්බර් මාසයේ ලංකාවේ සමාජ මාධ්‍යයන් තුළ වෛරී ප්‍රකාශ හා දුස්තොරතුරු ප්‍රකාශවීම සම්බන්දයෙන් නිකුත් කෙරුනු වාර්තාවේ සදහන් වන ආකාරයට දුස්තොරතුරු සම්බන්දයෙන් 2020 දෙසැම්බර් මාසය සඳහා වාර්තා වී ඇති වඩාත්ම කැපී පෙනෙන සිදුවීම් කේන්ද්‍රගත වී ඇත්තේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිර්මාණය කරන ලද ‘ආයුර්වේද පැනිය’ සම්බන්ධයෙන් බවයි. 

දම්මික බන්ඩාර  මහතා කියා සිටින්නේ ඔහුගේ ආයුර්වේද මිශ්‍රණය කොවිඩ් –19 “සුව කිරීමට” හැකියාව ඇති බවයි. සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රකාශය විශාල වශයෙන් සංසරණය වීමේ ප්‍රථිපලයක් වශයෙන් දම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරියෙහි විශාල ජනකායක් එක්රැස්වන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.  රජරට විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම සමාලෝචන කමිටුව බණ්ඩාරා මහතාට “සායනික පරීක්ෂණ සඳහා අවසර ලබා දී” ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කලේය. 

දම්මික බණ්ඩාර මහතා ගේ එම පැනිය සම්බන්දයෙන් සමාජ මාධ්‍ය තුළත්  ප්‍රධාන ධාරාවේ සමහර මාධ්‍ය තුලත් විශාල වශයෙන් සාකචිජා වීමේ පසුබිම තුළ  එවන් වෙදමහත්වරු කිහිපපළක්ම මාධ්‍ය හරහා කියා සිටියේ කොවිඩ් 19 ට එරෙහිව ප්‍රතිකාර හා ප්‍රතිශක්තිකරණය ලබා දෙන පැණි සකස් කර ඇති බවයි. #පරපුර වාර්ථාව සදහන්කරන ආකාරයට  දම්මික බන්ඩාර මහතා විසින් සෙනග ඒකරාශිවීම පෙන්වන ජායාරූප හා වීඩියෝ දර්ශන හරහා ඹහු සැලකිය යුතු ප්‍රසිද්ධියක් අත්කරගත් බවයි.  

# පරපුර වාර්ථාවට අනූව කොවිඩ් –19 “සුව කිරීමට” හැකියාව ඇතැයි ප්‍රකාශ කෙරුනු මෙම ආයුර්වේද පැනි සම්බන්දයෙන් 2020 දෙසැම්බර් 4 සිට 31 දක්වා සමාජ මාධ්‍ය තුළ තැපැල්පත් කිරීම් (පෝසට්) 2848 සහ ඒහා බැදුනු ප්‍රතිචාරයන් 317.2  නිරීක්ෂනය කර ඇත. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හරිත අලුත්ගේ මහතා ප්‍රකාශකර සිටියේ “ අපට විශ්වාස එන්නතක් ගැන පමනයි” යනුවෙනි (News 1st’2020). 

රටේ විවිධ පලාත්වල කොවිඩ් 19 සදහා සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වන ආයුර්වේද පැනි වැඩිදියුණු කිරීම් සම්බන්දයෙන් ප්‍රකාශ වන වාර්ථාවන් සම්බන්දයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තොට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍යට ප්‍රකාශකර සිටියේ “කොවිඩ්-19 ආසාදිතයින් සඳහා පැනි පරීක්‍ෂා කිරීමෙන් පසු වලංගු භාවය තහවුරු කරන ලෙස මම ඉල්ලා සිටිමි” වශයෙනි. 

2020 දෙසැම්බර් 23 දින ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් දේශීය වෛද්‍ය වරයාට ආයුර්වේද නිශ්පාදන කිරීම සදහා බලපත්‍රයක් පිරිනමන ලදී. 

ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා මාධ්‍යට ප්‍රකාශකර සිටියේ පැනිය කොවිඩ් -19 සදහා ඖෂධයක් වශයෙන් හදුනාගෙන නොමැති අතර එය  සිරප් පානයක් වශයෙන් පමනක් අනුමත කර ඇති බවයි. 

සෞඛ්‍ය අමාත්‍යවරිය සහ රජයේ නීති සම්පාදකයින් විසින්  දම්මික බණ්ඩාරගේ පැනිය පානය කිරීමට එරෙහිව විරුද්ධත්වයක් වර්ධනය වෙමින් පැවති අතර සමහර කණ්ඩායම් විසින් විශ්වාස කරනු ලැබුයේ එය කොවිඩ් -19 සඳහා සාර්ථක ප්‍රතිකාරයක් බවයි. 

දම්මික බණ්ඩාර මහතා විසින් දේශීය ආයුර්වේද වට්ටෝරුවකට අනූව  නිශ්පාදනය කෙරුවා යැයි ප්‍රකාශ කෙරුනු  පැනිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පානය කර එයට අනුමැතිය දක්වන අයුරු මාධ්‍ය හරහා වාර්ථා කෙරිනි. නමුත් පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍ය වරිය ඇතුලු එම පැණිය පාණය කළ පාර්ලිමේන්තු නියෝජිතයන් ඇතුලු කිහිපදෙනෙක් ම කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. කෙසේ වුවද ධම්මික බණ්ඩාර මහතා ද සිය සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ඒ පිළිබද පුලුල් ප්‍රචාරයක් ගෙනයන ආකාරය දැකගත හැකි විය. ඒ පිළිබද ආයුර්වේද පරීක්ෂණ අවසන් නොවූවද අදාළ පැණිය බෙදා හැරීම, අලවිය දිගින් දිගටම සිදුවන ආකාරයක් ද දක්නට ලැබුණි. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts