සමාජ

දේශපාලනයේ කාන්තා සහභාගිත්වය අවම ඇයි?


කුරිංචි පාර්තන

“අපගේ අයිතීන් අත් හැරීමකින් තොරව කාන්තාවන්ට දේශපාලනට සම්බන්ධ වීම ඉතා දුෂ්කර කාර්යයක්. අප එය ඉතා නැණවත් ලෙස භාවිත කළ යුතුය”. මෙසේ ප්‍රකාශ කරන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිණියක හා ස්ත්‍රීවාදිනියක වන ෂිරීන් අබ්දුල්ලා සරූර් ය.

ශ්‍රී ලාංකිකයින් තවත් මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වෙලා ඉන්නවා. රටේ ජනතාවගෙන් 52% ක් කාන්තාවන් නියෝජනය කරන අතර ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ විසින් කාන්තා අපේක්ෂිකාවක් නම් කර නැහැ. ස්ත්‍රීවාදී ක්‍රියාකාරිණියක් ලෙස මේ සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද?

ප්‍රධාන පක්ෂයක් හරහා නැතිවුනත් කාන්තාවක් මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඇයට කොපමණ ප්‍රමාණයක් මහජන සහය සහයෝගයක් ලැබේ ද යන්න ගැටලුවක්. පවුල් දේශපාලනය මේ රටේ ධර්මතාවයක් වෙලා තියෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක සාර්ථක වුණේ ඇගේ ඇගේ සැමියාගේ මරණය නිසා. චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් අනුකම්පා සහගත ඡන්ද ප්‍රමාණයක් ලැබුනා. අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්වී සිටින තත්ත්වයක පුද්ගලයින්ටද දේශපාලනයට ඇතුළත්වීමට හැකි තත්ත්වයක් පවතින්නේ. එසේත් නැත්නම් ඔවුන් වර්ගභේදවාදී හෝ මූලධර්මවාදීන් විය යුතුයි. පවත්නා සංස්කෘතිය තමයි මේ. කාන්තාවට මෙම දේශපාලන රාමුව කඩා දමමින් දේශපාලන ඇතුළත් වෙන්න අසීරු තත්ත්වයකුයි තියෙන්නේ. කාන්තාවන් යම් මූලධර්මයට අනුව වැඩ කරන්නේ. ඒකයි ඔවුන් සාර්ථක නොවන්නේ. කාන්තාවක් විදියට චන්ද්‍රිකාව වෙනසක් කිරීමට උත්සාහ ගත්තා. නමුත් ඇයටත් සිද්ධ වුණා පවත්නා තත්ත්වය පිළිගන්න වගේම එකී නියමයන් තවදුරටත් පවත්වාගෙන වැඩ වැඩකටයුතු සිදුකිරීමට.

 ඔබ සිතන්නේ යහපත් ගුණාංග සහිත පුද්ගලයින්ට මැතිවරණ ජයග්‍රහණය කරන්න බැරි බව ද?

මගේ අදහස වෙන්නේ නූතන සංදර්භය තුළ එය විය නොහැක්කක්. කොහොම වුනත් ගෝල්ෆේස් හි ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන ලද රැලිය ජනතාවට උත්ප්‍රේරකයක් වුණා. එම පක්ෂයේ පවත්නා පාර්ලිමේන්තුව විවේචනය කිරීම, වැරදි සහගත දේ ප්‍රශ්න කිරීම වැනි කටයුතු නිසා විශාල ජනතාවක් ඒ වටා එක් රැස් වූ බව නිරීක්ෂණය කරන්න පුළුවන්. අප එය දකින්නේ වෙනසක් විදියට. ඉතින් ප්‍රතිපත්තිවල වෙනසක් වෙන්නයි යන්නේ කියලා හඳුනාගන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී වැරදි සිදු කළා. මා එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

කාන්තා සංවිධාන හා සිවිල් සංවිධාන දේශපාලනයට කාන්තා සහ සහභාගීත්වය වැඩි කිරීමට පියවර ගත් බවට පවත්නා මිනුම් මොනවාද?

නිදහසේ පටන් කාන්තා සංවිධානයන් 25% කෝටාව රැගෙන ඒමට අරගල කරනු ලැබුවා. පිතෘ මූලික දේශපාලනය,  ඡන්දය ලබාදීමේ වරණය සම්බන්ධව පමණක් නොව ස්ථාපනය සම්බන්ධව ද ගැටලුවක්. කිසිම පක්ෂයකට අදාල ඉහළ තනතුරු කාන්තාවන් විසින් දරන්නේ නැහැ. ප්‍රධාන පක්ෂයන්වල කිහිප දෙනෙක් සිටියත් ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන් ඒවායේ රැඳී සිටින්නේ නාමමාත්‍රික බවයි.

මෙම වර්ෂයට පෙර ප්‍රාදේශීය සභා මැති මැතිවරණයේදී 25% ක් පමණ වන කෝටාවෙන් 23.8% ජයග්‍රහණය කරගත හැකි වුණා. කාන්තා දේශපාලනඥයන්ට ඉහළට නැගී සිටීමට මාර්ගයක් සපයලා දීලා තියෙන්වා. එසේම එම අවස්ථාවේම  කෝටාව වෙනුවෙන් කාන්තාව හැඩ ගස්සන්න අමාරුයි. පළමුව ඔවුන් වැඩ බොහොමයක් කළ යුතු වෙනවා. මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා දූෂණය අයුක්තිය සෑම අවස්ථාවකදීම ප්‍රශ්න කළ යුතුයි. මෙය සෑම මට්ටමකින් ම සිදුකළ යුතු වෙනවා. කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කර තබනු ලබන එවැනි සංස්කෘතීන් ප්‍රථමයෙන් ඉවත් කළ යුතු වෙනවා සහ කාන්තාවන් දේශපාලනයට රැගෙන ආ යුතු වෙනවා. එය අපේ වගකීමක්.

කාන්තාවන්ගේ සහභාගිත්වය ඉහළ නැංවීම  සම්බන්ධයෙන් ආණ්ඩුවේ කුමන මිණුම් භාවිතයට ගත හැකිද ?

25% කෝටාව පමණක් මෙයට ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුවේ සියලු මට්ටම් වල ව්‍යුහාත්මක වෙනසක් තිබිය යුතු වෙනවා. මේ සඳහා වඩාත් වැදගත් ව්‍යුහය වන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි. එක් දිස්ත්‍රික්කයක සහකාර මැතිවරණ කොමසාරිස්වරියක් හැරෙන්නට කිසිම කාන්තාවක් එය නියෝජනය කරන්නේ නැහැ. අප මෙය ප්‍රශ්න කරන විට අපට කියන්නේ මේ ව්‍යුහය ප්‍රචණ්ඩත්වය සමග නිරන්තර ව සම්බන්ධ වන නිසාවෙන් කාන්තාවන්ට ඉඩක් ලබා දී නැති බවයි. ප්‍රචණ්ඩත්වය පවතින්නේ නම් පොලිසිය තත්ත්වය පාලනය කිරීමට යෙදවිය යුතු අතර, කාන්තාවන්ට දේශපාලනට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්ථාව සපයා දිය යුතු නමුත් අප සිදුකරන්නේ ප්‍රචණ්ඩත්වය සිදුකරන අපරාධ කරුවන් යටපත් කිරීම වෙනුවට කාන්තාවන් යටපත් කිරීමයි. රාජ්‍ය හා රාජ්‍ය ව්‍යුහය විසින් කාන්තාවන්ට දේශපාලනයට ඇතුළත් වීමට අවශ්‍ය උපකාරී, සහයෝගී පරිසරයක් නිර්මාණය කළ යුතුයි.

දැනට පවත්නා රජයට සැලකිය යුතු දායකත්වයක් සිවිල් සංවිධාන මඟින් ඉටු කර තිබෙනවා. මේ තත්ත්වය තුළ චෝදනාවක් පවතිනවා මෙම අවුරුදු 4 1/2 කාලය තුළ ආණ්ඩුව අත්පත් කරගන්නා ලද දෙයක් නොමැති බවට.  මේ  සම්බන්ධයෙන් ඔබගේ අදහස් කුමක්ද?

කිසිදු දෙයක් අත්පත් කරගත්තේ නෑ කියලා කියන්න බැහැ. පසුගිය රජයට වඩා මෙම ආණ්ඩුව තරමක් හොඳයි. හේතුව තමයි සිවිල් සමාජයක් විදිහට පොදු අපේක්ෂකයෙකු ගෙන ඒමට අපට අවශ්‍ය වුණා. එක්සත් ජාතික පක්ෂයට සහාය දීමත් නෙමෙයි. නමුත් කෙසේ හෝ අරාජිකත්වය අවසන් කරන්න අවශ්‍ය වුණේ.

දැන් මාධ්‍ය නිදහසේ ක්‍රියාත්මක වෙනවා. විරෝධතා පවත්වන්න බාධාවක් නැහැ. මහජනතාවට ආණ්ඩුවට විරෝධය පෑමට අවස්ථාව ලැබිලා තියෙනවා. මම කියනවා මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මේ හැම දෙයක්ම කරන්න නිදහස් තියෙනවා. තොරතුරු දැන්ගැනීමේ පනත ඉතාමත් ඉදිරිගාමී දෙයක්. කොමිෂන් සභා නිර්මාණය යනු යහපාලනයේ සංකේතයක්. බොහෝ දෙනෙක් අල්ලස් හා දූෂණ කොමිසම පිළිබඳ විශ්වාස තබල තියෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනපතිගේ බලය අවම කරලා තියනවා. මේවා වත්මන් ආණ්ඩුවේ ඉතා යහපත් සුබවාදී කටයුතු.  කොහොම උනත් ත්‍රස්තවාදය සමග ගනුදෙනු කිරීමේ ආණ්ඩුවේ යාන්ත්‍රණය පිළිබඳව සෑහීමකට පත්වෙන්න බැහැ. අවුරුද්දකට ආසන්න කාලයකට පෙර සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ගත් විට, ඔවුන්ගේ වර්ධනය සම්බන්ධව රජය දැනුවත්ව සිටිය.  රජයට ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න නොහැකි වුණේ ?

දෙමළ ජනතාව සම්බන්ධයෙන් ගත් විට ඔවුන්ට ඉටු කිරීමට පොරොන්දු වූ කිසිදු පොරොන්දුවක් රජය විසින් ඉටුකර නැහැ. මේ සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද?

ඔවුන් පොරොන්දු වුනා දෙමළ ජනතාව සම්බන්ධ ප්‍රශ්නයට ඉක්මනින් ආමන්ත්‍රණය කරනවා කියලා. ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවට සහතික වෙලා තියෙනවා ඒ සම්බන්ධව. අපිත් ඒ සම්බන්ධයෙන් විශ්වාස කරා. නමුත් ජනාධිපති හා අගමැති අතර පැවති අභ්‍යන්තරික අර්බුදයෙන් වඩාත් බලපෑමක් වුණේ දෙමළ ජනතාවටඅතුරුදන්වූවන්ගේ කාර්යාලය විවෘත කරලා තියෙනවා. පළමු කාර්යාලය මන්නාරම ආරම්භ කළ නමුත් එහි කිසිම කෙනෙක් නැහැ. යාපනයෙ කාර්යාලයක් විවෘත කළා. එයට කිසිම කෙනෙක් ගිහින් නැහැ. මේ තත්ත්වය මත ආණ්ඩුව මෙම අතුරුදහන් වූවන්ගේ මව්වරුන්ගේ උනන්දුව හා අරගලය නිශ්ඵල තැනකට පත් කරලා තියෙනවා. යුද අපරාධකරුවන් ආණ්ඩුව විසින් දිගින් දිගටම ආරක්ෂා කරලා තියෙනවා. ඉතා ආසන්න උදාහරණ තමයි යුද හමුදාපති පත් කිරීම. අතුරුදන්වූවන්ගේ මව්වරුන් ගේ ඇඟිල්ඟිල්ල දික් වෙනවා ඔහු වෙත මේ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු ලෙස.

කාන්තා අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් ලෙස මෙම මැතිවරණයේදී ඔබගේ ඉල්ලීම් මොනවාද ?

අප ඉතිහාසය දෙස නැවත හැරී බැලිය යුතුයි. අත්වැරදීම් නැවත සිදුවිය නොහැකියි. හැරී බලන්න අප පසු කර ආ මග දෙස. ඒ වැරදි මාර්ගයක්. ඒ අතීතය අපට බොහෝ රිදවීම් කලා. සුළුතරය පමණක් නොව යම් අවස්ථාවල දී බහුතරය පවා රිදවීමට ලක් වුනා. ලක්ෂ හයක තරුණ ජනතාව ඡන්දය භාවිත කිරීමට සූදානම් වී සිටිනවා. ඔවුන්ව අත්පත් කරගන්න අපේක්ෂකයින් දීපු පණිවිඩය කුමක්ද?  ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව යුද අපරාධකරුවන්ට මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඉඩදිය යුතු නැහැ.  එවැනි මිනිසුන්ට මනාපය භාවිතා නොකර සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපේ ඡන්දය ඔවුන්ට එරෙහිව භාවිතා කළ යුතුයි. අපේ අයිතිය අත්හැර නොගනිමින් එය නුවණක්කාර ලෙස භාවිත කළ යුතුයි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts