පද්මා පොඩි මැණිකේ

ගිග් ආර්ථිකය යනු කුමක්ද?
නව තාක්ෂණික යුගයේ නිර්මාණයක් වු ගිග් ආර්ථිකය යනු සාම්ප්‍රදායික කාර්ය මණ්ඩලය පරිපාලනයෙන් ඔබ්බට ගිය සංස්කෘතිමය පරිවර්තනයකි. මෙය පූර්ණ කාලීන රැකියා ස්ථාන වලට සාපේක්ෂව බාධාවන් නොමැති පෞද්ගලික සේවාවන් මත මූලිකව, ව්‍යාපාරික අවශ්‍යතා සම්පුර්ණ කිරිමේ නව ක්‍රමයකි. සෙසු රැකියාවලට වඩා නිදහස්, යාවත්කාලීන, නව තාක්ෂනය මුසු වු ආදායම් ලාභයක් සලසන ක්‍රමයකි.
20-27 වයස් කාණ්ඩයට ගිග් ආර්ථිකයේ වැදගත්කම
මෙම වයස් කාණ්ඩය ජීවනෝපාය මාර්ග සහ අලුත් අරමුණු සහ ස්වාධීනභාවයක් සොයන මානසිකත්වයකින් යුත් සමාජ ස්ථරයකි. ගිග් ආර්ථිකය මෙම තාරුණ්‍යට ආකර්ශනීය විසඳුමක් වේ.
1. ගිග් ආර්ථිකයේ ස්වාධීනභාවය
තරුණයන්ට නිදහස් ලෙස රැකියා නියුක්තිකයන් බවට පත් කිරීමට වේගයෙන් වර්ධනය වන මෙම ආර්ථිකය තුල ඉඩ සලසයි. ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී තිබෙන ආයතන විශේෂයෙන් Pizza Hut, Dominose Pizza, KFC, Pickme, Uber වැනි සේවා මඟින් මෙම ක්ෂේත්‍රය දියුණුවේ උච්චතම මට්ටමට පත්වී ඇත.ලෝකයේ නොදන්නා තැනක සිටින අයකු පවරන කාර්‍යයක් තාක්ෂනය ඔස්සේ සමබන්ධ වි තමන්ට අදාල විෂයෙහි ප්‍රවිණත්වය අනුව සේවාව ලබාදිමට මෙමගින් අවස්ථාව ලැබේ.
2. අත්දැකීම් වර්ධනය සහ නව්‍යකරණය
තරුණ පරපුරේ රැකියා අවස්ථා සීමාසහිත රටවල්වලින් පිටතට විහිදී ගිය නව පියවරක් ගන්නා ගිග් ආර්ථිකය නව අත්දැකීම් සපයන මෙන්ම ස්වයං රැකියා අවස්ථා උදාකර දි තිබේ.රැකියා අවස්ථා සිමිත රටවල් පමණක් නොව දියුණු රටවල් පවා මෙම ගිගා ආර්ථිකයට ආකර්ශනය වෙමින් තිබෙන බව පෙනේ.උතුරු ඇමරිකාව සහ බටහිර යුරෝපා රටවල රැකියාවල නියුතුව සිටි මිලියන 150 ක පිරිසක් ඉන් ඉවත් වි මෙම රැකියා අවස්ථා සදහා යොමුවි ඇති බව හාවඩ් විශ්ව විද්‍යාලය කළ සමික්ෂණයකදි අනාවරණය වි තිබේ.
ගිග් ආර්ථිකය තරුණ ජීවනෝපාය ශක්තිමත් කරන්නේ කෙසේද?
1. අවකාශ මනාව භාවිතා කිරීම
තරුණයන්ට තම කාලය නියමිත ලෙස භාවිතා කිරීමට ගිග් ආර්ථිකය අවස්ථාව සලසයි. උදාහරණයක් ලෙස, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමඟ ස්වයං රැකියා සඳහා කටයුතු කළ හැක. එමගින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය යම්තාක් දුරකට ස්ථාවර මට්ටමකට පත් කර ගත හැකිය.
2. සුවිශේෂී ආදායම් අවස්ථා
ගිග් ආර්ථිකය ඉහළ ගෙවීම් සපයන අංගයකි. විශේෂයෙන් තාක්ෂණික සේවාවන් මත පදනම්ව වියදම් අවම සහ ආදායම් ඉහළ යන තත්ත්ව සලසයි.
3. ස්වයං රැකියා හැකියාවන් පෝෂණය කිරීම
ගිග් ආර්ථිකය තුළ තරුණයන්ගේ නව කුසලතා මෙන්ම මෘදු කුසලතා (transferable skills) හඳුනාගැනීමට හා ඒවා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දේ.
4. අන්තර්ජාලය හා ජාත්‍යන්තර සම්බන්ධතා
ගිග් ආර්ථිකය තරුණ පරපුරට අන්තර්ජාලය තුළින් ගෝලීය ගණුදෙනු සිදු කිරීමට, ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළ වටිනාකමක් ලබා ගැනීමට ඉඩ සලසයි.
තරුණ පරපුරට ගිග් ආර්ථිකයේ ප්‍රතිලාභ
1. ව්‍යාපාරික හැකියාවන් පිළිබඳ අවබෝධය
තරුණයන් ව්‍යාපාර හා කළමනාකරණය යන අංශයන්ගෙන් පසුබැසීමකින් තොරව හා තවදුරටත් නව විකල්ප සෙවීමට පෙර, ලෝක වෙළඳපොළේ ප්‍රවණතාවන් සොයාගන්නා අංගයන් භාවිතා කළ හැක.
2. නොනවතින ආදායම් පාලනය
ඇඳිරි නීතියක් හෝ ලෝක ආර්ථික අර්බුදයක් මතුවුවද, ගිග් ආර්ථිකය බාධාවක් නොමැතිව ආදායම් ලාභය පවත්වාගන්නා හැකියාව සපයයි.
3. නව සම්බන්ධතා වර්ධනය
ගිග් ආර්ථිකය නව සම්බන්ධතා පවත්වාගෙන යාමට, පාරිභෝගිකයන් හා සබැඳි වී නව ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමට, විශාල අවස්ථා සපයයි.
අභියෝග සහ විසඳුම්
1. සුරක්ෂිතතාවේ අඩුවීම
ගිග් ආර්ථිකය ව්‍යවස්ථා මාලාවක් මත පදනම් වු ආයතන ගත ස්වරුපයක් නොමැති බැවින් රැකියා සුරක්ෂිත භාවය පිළිබද , ආරක්ෂණයක් නොමැත.
2. සංස්කෘතික සහ සමාජ සීමාවන්
සමාජ මත ගිග් ආර්ථිකය පිළිබඳ වැරදි ආකල්ප මතුවීම මඟහරවා ගැනීමට හොඳ උපදේශන ක්‍රමවේද අත්‍යවශ්‍ය වේ.
තරුණ පරපුරේ ගිග් ආර්ථිකය පිළිබඳ දැනුම අවබෝධය වර්ධනය කිරීම, ඔවුන්ගේ ජීවනෝපාය, ස්වයං රැකියා, සහ ආර්ථික ස්ථාවරය ගොඩනැගීමට උපකාරිවේ.