සමාජ

තනිව සටන් කිරීමෙන් මානව හිමිකම් දිනාගත නොහැකියි

කලවර්ශනි කනගරත්නම්

“මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධ පැමිණිලි අපවෙත ලැබුණවිට, අපි සාමූහිකව එක්ව මානව අයිතිවාසිකම් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීම හරහා තමයි එම කටයුතු ඉදිරියට ගෙනයනු ලබන්නේ. මානව සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයන්, ජාලයක් වශයෙන් එක්ව වැඩ කිරීමට අවශ්යේ යි” යනුවෙන් මානව අයිතිවාසිකම් සඳහාවන මධ්යුස්ථානයේ විධායක අධ්ය්ක්ෂක සුරංගි ආරියවංශ පවස යි.

ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ අසමර්ථතාවලට හේතු මොනවා ද?

ප්‍රධානම හේතුවවන්නේ, මහජනතාවට මානව හිමිකම් පිළිබඳව පවතින පැහැදිලි බව සහ දැනුවත් බව අවම වීම යි. මානව හිමිකම් යනු, මනුෂ්‍යයාගේ මූලික අයිතිවාසිකම් වේ. කෙසේවෙතත්, මේ පිළිබඳ රට තුළ පවතින පැහැදිලිකම අවමවීම නිසා ඇතැම් පුද්ගලයන් මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම්වලට යොමු වී සිටිනවා. මානව හිමිකම් පිළිබඳ ගැටළු, සාර්ථකව විසඳා ගැනීමට නොහැකිවී ඇත්තේ, එම ගැටළුවලට නිසිපරිදි ආමන්ත්‍රණය කළහැකි ආකාරයේ ප්‍රමාණවත් ආයතනයන් අවම වීම හේතුවෙනි.

ළමා අයිතිවාසිකම් හා ස්ත්‍රීත්වය සම්බන්ධ සියළුම දෘෂ්ටීන් මානව අයිතිවාසිකම්වලට ඇතුළත්වෙනවා. කෙසේවෙතත්, මේවා සහතික කිරීම සඳහා අපේ රට තුළ ප්‍රමාණවත් ඒකකයන් නොමැතිකම අවාසියක්. පසුගිය වසර 10-15ක කාලය තුළ, මානව හිමිකම් පිළිබඳව යම් තරමක අවබෝධයක් ඇති වී තිබෙනවා.

  මෙය සිදුකිරීමට, ඔබගේ සංවිධානය විසින් ගෙන ඇති පියවරයන් මොනවා ද?

වත්මන් තත්ත්වය තුළ, මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් තනිව අරගල කර සංවිධානයකට ජයගැනීමට නොහැකි යි. මානව අයිතිවාසිකම් සංවිධාන හා සිවිල් අයිතිවාසිකම් සංවිධාන, ජාලයක් වශයෙන් එක්ව කටයුතු කිරීමට අවශ්‍ය යි. අපි ජාලයක් වශයෙන් ක්‍රියා කරන්නේ නම්, අපගේ ශක්තීන් වඩාත් බලවත්වෙනවා. විශේෂයෙන්ම, මානව අයිතිවාසිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධ සිද්ධීන්වල දී, අපි සමූහයක් ලෙස එක්ව මානව හිමිකම් කොමිසමට අභියාචනා කරනවා, එමඟින් විසඳුමක් කරා එළඹීම පහසු යි.

2013දී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන ඔස්සේ විවිධ දිස්ත්‍රික්කවල ජනතාව හා විවිධ වෘත්තියවේදීන් සමඟ එක්ව, මැතිවරණ නිරීක්ෂණය කරන, ධීවර, කෘෂිකාර්මික හා අධ්‍යාපනික කටයුතු සමඟ ගණුදෙනු කරන සිවිල් සංවිධානයන්ගේ සහයෝගය මඟින්, දිස්ත්‍රික් ජාලයක් නිර්මාණය කළා. එම දිස්ත්‍රික් ජාලය හරහා ජාතික ජාලයක් නිර්මාණය කරන්නට ව්‍යාපෘතියක්, අපි ඉතා සාර්ථකව සංවිධානය කරලා, සංවර්ධනය කර තිබෙනවා. ලංකාවේ මානව හිමිකම් කොමිසමට ඕනෑම ගැටළුවක් ආමන්ත්‍රණය කළ හැකි ආකාරයේ පරිසරයක් දැන් තියෙනවා. විශේෂයෙන්ම, මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන්නේ නම්, මෙම ජාලය හරහා දැනුවත්කිරීමට අපි එය නිර්මාණය කළා. මෙය අසරණභාවයට පත්වූවන් සඳහා යුක්තිය ළඟා කරගැනීමට වැඩිදුරටත් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් වෙනවා. එමනිසා, අපේ ඉලක්කය වන්නේ මානව අයිතීන් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් සාමූහිකව විසඳුම් සෙවීම පමණක් නොව ඊළඟ දශකය අවසානයේ සියළුම ජනතාව සඳහා මානව අයිතිවාසිකම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් සැපයීම යි.

  ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්, මිනිසුන් ටිකදෙනෙකුට දඬුවම් කර තිබෙනවා. මේ පිළිබඳව ඔබට පැවසීමට ඇත්තේ කුමක් ද?

මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නිදර්ශනයන් පවතින අතර, පැමිණිල්ලක් ගොනු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත්, මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ යුතු කාල පරාසය පිළිබඳවත් ජනතාවට අපැහැදිලි බවක් පවතී. විශේෂයෙන්ම, ඔබ ඒදෙස ග්‍රාමීය මට්ටමේ සිට බලන්නේ නම්, මානව හිමිකම් උල්ලංඝණය වීම්වලට බොහෝ නිදර්ශන පවතී. කෙසේවෙතත්, පෙනීයන පරිදි ලැබෙන පැමිණිලි හුදෙක්ම සැකසෙනුයේ පොලිසිය සඳහා යි. මෙසේ, මානව හිමිකම් උල්ලංඝණය කරන්නන්, බාහිර සමාජය තුළ නිදහසේ හැසිරෙන අතර අසරණභාවයට පත්වූවන්, විසඳුම් සෙවීමේ දී  බොහෝ අපහසුතාවලට මුහුණපා යි.

  වැඩකරන ස්ථානය තුළ සිදුවෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සහ පීඩනයන් පිළිබඳව පිටත දී කතාබහට බඳුන් නොවේ. නමුත්, එවැනි සිද්ධීන්ගේ අඩුවක් නොමැත. මෙය වැළක්වීමට කළ හැක්කේ කුමක් ද?

මේකට හේතුව තමයි, දකුණු ආසියාතික රටවල් තුළ පවතින පිතෘ මූලිකත්වය පිළිබඳ පිළිගැනීම. පිරිමි පාර්ශවයට, කාන්තාවන් තුළ පවතින කීකරුබව යන විෂය බොහෝවිට ආගමික හා සංස්කෘතික වශයෙන් කතා කරනවා. තීරණ ගන්නන් පිරිමි අය, කාන්තාවන් ඔවුන්ව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන් සමඟ එකඟ නොවන්නේ නම් හෝ හුවමාරුවන ආකාරයේ කරුණක් පවතින්නේ නම්, එය ප්‍රචණ්ඩත්වයකට හා අරගලයකට මෙහෙයවනු ලබනවා. මෙය ඉතා හදිසියේ වෙනස් කළ නොහැකි යි. කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳව ප්‍රථමයෙන්ම දැනුවත් බවක් ඉස්මතු කිරීම වැදගත්වෙනවා. ගෘහස්ත හිංසනය මෙවැනි පැහැදිලිකරගැනීම් මඟින් වළක්වාගත හැකි යි. මීළඟට, ප්‍රචණ්ඩත්වය සහ අධිකාරිත්වය වැඩකරන ස්ථානය තුළ දැකිය හැකිනම්, කාන්තාවන් එය අනාවරණය කරන තුරු විසඳුමක් සොයාගැනීමට නොහැකිවේවි. සෑම කාන්තාවකටම බලවත් පිඩාවට හා ප්‍රචණ්ඩත්වයට පත්වීමේ අවධානමක් යම් තරමකට හෝ පවතිනවා. සෑම එකකම කතාවක් පවතිනවා. නමුත්, ඔවුන් ඒවා අනාවරණය කිරිමට අකමැතිවන්නේ නම්, ඒ වෙනුවට අපරාධකරුට එමඟින් වාසියක් සැලසෙනවා. එමනිසා, කාන්තාවන් ස්වේච්ඡවෙන්ම එවැනි දේවල් හෙළිකරනවා නම් වැඩකරන ස්ථානයේ පවතින ප්‍රචණ්ඩත්වය සහ පීඩනය අවසන් කළ හැකි යි. මන්ද, අනෙක්අය එවැනි දේවල් කිරීමට බියවන නිසා.

  මහ ඇමති ඉදිරියේ දණගැසීමට, බදුල්ල පාසලක විදුහල්පතිනියකට සිදුවුණා. පැමිණිලි වඩාත් නිරවද්‍ය අන්දමින් සිදුවුවත්, එම පුද්ගලයා තවමත් බලයේ සිටිනවා?

අපගේ මානව හිමිකම් සංවිධානය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර ලෝකය දැනුවත් කළා. ලංකාවේ මානව අයිතිවාසිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා වගේම ආරම්භ කළ විමර්ශනය තවමත් සිදුවෙනවා. අදාළ මහ ඇමතිවරයාව කාර්යාලයෙන් ඉවත්කිරීමට අපි විවිධ පියවර අරගෙන තිබෙනවා. අපි, රජය වෙත මේ සම්බන්ධයෙන් විශාල පීඩනයක් එල්ල කරනු ලැබුවා. කෙසේවෙතත්, එම මහ ඇමතිවරයා නියෝජනය කරන පක්ෂය විසින් මේ පිළිබඳ සැළකිල්ලක් දැක්වූයේ නෑ. මෙවැනි තත්ත්වයන් අඛණ්ඩව පැවතීම සඳහා හේතුවන කාරණා මේවා බවට කිසිඳු සැකයක් නොමැති අතරම, එය රටේ දේශපාලන සංස්කෘතිය යි. මහ ඇමති ඉවත්කිරීම සඳහා හේතු තිබියදීත්, දේශපාලන වාසි ලබාගැනීම සඳහා ඔහුට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනුණි. කෙසේවෙතත්, අපි නිරන්තරයෙන් මානව හිමිකම් වෙනුවෙන් අරගල කරනවා. සාක්ෂි සමඟ පැමිණිලි අපිට ලැබුනොත්, අපි අනිවාර්යෙන්ම එයට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ලබනවා.

  ස්ත්‍රී මූලික පවුල් සම්බන්ධයෙන් ඔබගේ වැඩ කටයුතු සිදුවන්නේ කෙසේ ද?

ස්ත්‍රී මූලික ගෘහස්ථයන් අද, උතුරු-නැගෙනහිර ප්‍රදේශවල බහුලව පවතිනවා. යුධ කාලසීමාවේ දී හා ස්වභාවික විපත් වල දී, ජනතාවට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් ඇතුළු වැදගත් ලියකියවිලි අහිමි වී තිබෙනවා. එමනිසා, ස්ත්‍රී මූලික පවුල්වලට අදාළව අපගේ සේවය අපි ගෙනයනු ලබනවා. සුවිශේෂ වශයෙන්, ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා උප්පැන්න සහතිකයක් අවශ්‍යවෙනවා. කෙසේවෙතත්, කිසිඳු ලියවිල්ලක් නොමැති ජනතාව සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී දුෂ්කර ප්‍රදේශවල කාන්තාවන් සඳහා ප්‍රාදේශීය කාර්යාල හරහා හැඳුනුම්පත් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදුන්නා. මේ රටේ 500,000 ආසන්න ජනතාවකට ජාතික හැඳුනුම්පත් නැහැ. මෙය ඉතා බරපතල ගැටළුවක්.

  දේශපාලනය තුළ කාන්තාවගේ භූමිකාව සැළකිය යුතු අන්දමින් වර්ධනය වී නෑ. මේ සම්බන්ධයෙන් ඔබ ගෙනයන වැඩකටයුතු මොනවා ද?

2012 සිට, දේශපලනය තුළ කාන්තා නියෝජනය වර්ධනය කිරීම පිළිබඳව අපි කතා කරලා තියෙනවා. අපි දිස්ත්‍රික් මට්ටමින් සාකච්චා පැවැත්වූවා. ප්‍රාදේශීය, පළාත් සහ පාර්ලිමේන්තු මට්ටම් තුළ කාන්තාවන් සඳහා හිමිවිය යුතු කොටස පිළිබඳ යෝජනාවන් පුත්තලමේ පැවැත්වූ සාකච්චාවේ දී ඉදිරියට ගෙනඑනු ලැබුවා. සියළුම ප්‍රාදේශීය සභාවන් තුළ මේවනවිට 25%ක් කාන්තාවන් නියෝජනය කරනවා. අපගේ සංවිධානය, මෙම ප්‍රතිශතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය වැඩකටයුතු අඛණ්ඩව සිදුකරන අතරම, තවදුරටත් පාර්ලිමේන්තුව තුළ පවා එය ආරක්ෂා කරගෙන යාමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරනවා.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts