අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ඥාති ඝාතකයෝ / ඝාතක ඥාතියෝ – කුටුම්භ හිංසනය නිරාවරණය කිරීම

කුටුම්භ හිංසනය තුළින්, බලහත්කාරය නිවැරදි බව නිවසේදී   දරුවන්ට උගන්වන්නේ නම් අප ලෝකයේ අර්බුදයන් බලහත්කාරය තුළින් විසඳීමට ඇතිවන නිෂ්ඵල අවේගය සුව කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද?  ” ඇමරිකානු කතුවරියක හා ක්‍රියාකාරිණියක වන ලෙටි කෝටින් පොග්‍රෙබින් ප්‍රශ්න කරයි. මෙම ලිපිය තුලින් අප ආමණ්ත්‍රණය කරනු බලන්නේ අප විසින් නිතරම සඟවා අමතක කිරීමට බලන බරපතල කරුණක් පිළිබඳව බව, පාඨකයාට දන්වා සිටීම වඩාත් සුදුසු බව මම සිතමි. වෙනත් වචනවලින් කියන්නේ නම් මෙහි ඇත්තේ අපගේ කුටුම්භ තුළම සිටින සතුරන් පිළිබඳවය. හරි හැටි පිළියම් සෙදීමක් සිදු නොකළොත්, ඝාතන සිදුකිරීමේ හැකියාවක් ඇති පුද්ගලයන් ගැනය.

 

ගෘහස්ථ හිංසනය යනු සාමාන්‍ය ශ්‍රී ලාංකික කතිකාවේ නිරන්තර මාතෘකාවක් වූවත් “කුටුම්භ / පවුලේ හිංසනය“ නම් වදන, නොසලකා හරින බවක් හෝ මකා දැමීමට තැත් කරන බවක් දැකිය හැක.  ගෘහසථ හිංසනය කාලත්‍රයන්/ සහකරුවන් අතර සිදුවේ අප විශ්වාස කිරීමට පෙළඹෙන නමුත් එය මිත්‍යා විශ්වාසයකි. අප මෙම හිංසනය නරඹන්නන් – එනම් දරුවන්– අමතක කිරීමට තැත් කරමු.  ආකෝශකාරි සහකරුවෙකු දික්කසාද කිරීමට ඇති අයිතිය වෙනුවට ‘දරුවන් ගැන හිතල” විවාහයේ රැඳී සිටින ලෙස පවුලේ වැඩිහිටියන් අවවාද දෙන සමාජයකි මේ. එසේ වුවත් උත්ප්‍රාසාත්මක ලෙස එමඟින් අප විසින් අනතුරේ හෙලන්නේ දරුවන්ගේ යහපැවැත්මයි. හිංසනය දැකීම නිසා සිදුවන මානසික කම්පනය; හිංසනයට ලක් වීම තරම්ම බරපතල හා භයානක විය හැකිය. එබඳු භීෂණාකාරි දෑ දැකීමද එක්තරා ආකාරයක හිංසනයකට ලක් වීමක් වේ. කුටුම්භ හිංසනයේ ප්‍රතිඵලයක් ලෙස කුඩා දරුවන් තුළ අන්තර්වර්තී චර්යාවන් ඇති විය හැක.  කුටුම්භ භීෂණය දකින දරුවන් තුළ සමාජය කෙරෙහි සිය විශ්වාසය අහිමි විය හැක. පියජේගේ   දරුවන්ගේ මනෝ සමාජීය සංවර්ධනයේ අවධීන්ට අනුව, වයස අවුරුදු 2 ක් තරම් කුඩා දරුවෙකුට වුවද ඇය / ඔහු අවට ලෝකය වටහා ගත හැකි අතර, “ඔවුන්ගේ චලනයන් හා සංවේදනයන් තුළින් ලෝකය දනී” (චෙරි, 2020).

 

ශ්‍රී ලංකාවේ බොහෝ විට අප සියදිවිනසා ගැනීම; ආදර සබඳතා බිඳ වැටීමේ  ප්‍රතිඵලයක් ලෙස ලේබල් ගසමු . ලෝක ජනගහණ සමාලෝචන වෙබ් අඩවියට අනුව සියදිවිනසාගැනීම් අනුව ලෝකයේ 29 වැනි තැන, එනම් 100,000 කට 14.9 ක සියදිවිනසා ගැනීමේ අනුපාතයක් ඇතිව, රටවල් ලැයිස්තුවේ ඉහළ තැනක ශ්‍රී ලංකාව රැඳී සිටියි (http://archive.cmb.ac.lk/). එසේ වුවත් මේ සියලු සියදිවි නසා ගැනීම් ආදර කතාවල ඛේදජනක අවසානයන් නිසා නොවේ. බොහෝ සියදිවි නසාගැනීම් සිදුවන්නේ තමන් අවට වාතාවරණය  කෙතරම් බලාපොරොත්තුවෙන් තොරද යන්න දකින යෞවනයන් මුහුණ දෙන මානසික අවපීඩන තත්ත්වයන් නිසා වේ. කුටුම්භ හිංසනය නිසා දරුවන් වැඩුණු පසු තමන්ද එම වැරදිම සිදු කරන්නන් බවට පත් වීම හෝ ලිංගික සහකරුවන් ඇතුළු සෙසු අය සමඟ  මානව සබඳතා ප්‍රතික්ෂේප කරන්නන් බවට පත්වීම ද සිදු විය හැක. ශ්‍රී ලංකාවේ කුටුම්භ හිංසනය සාමාන්‍යකරණය කිරීමේ භයානක ප්‍රවණතාවයක් ඇති අතර “ මේවා හැම පවුලකම තියෙන ප්‍රශ්න, මේවා සාමාන්‍ය දේවල්“ යැයි නිරතුරුවම පුද්ගලයන් පවසනු අයුරු අසන්නට ලැබේ. එවැනි අදහස් සමාජයේ දැනටමත් පවතින පීතෘමූලික මතවාදයන්ට අයත් වන අතර  එමඟින් කාන්තාවන් නිරතුරු වින්දිතයන් බවටද   පිරිමින්, අන්තරායකරුවන් බවට පත්කරයි.පවුලේ, සමබර, මානුෂීය, සාමකාමී පුද්ගලයකු සඳහා අඩිතාලම දැමිය යුතු ඒකකයක්, වෙනුවට ප්‍රචණ්ඩත්වය කෙරෙහි උදාසීන බවක් දක්වන සමාජයක් නිර්මාණය කරයි, එහිදී පවුල නම් සමාජ ව්‍යුහය තුළ සිටීමෙන්ම ප්‍රචණ්ඩත්වය නීත්‍යානුකූල වේ. .

 

වර්තමාන කොවිඩ් 19 තත්ත්වය යටතේ මිනිසුන් ඉතාම  දීර්ඝ කාලයක් තිස්සේ නිවෙස්වලට කොටුවී ඇති හෙයින්, ගෘහස්ථ හිංසනය සහ විශේෂයෙන් කුටුම්භ හිංසනය පිළිබඳ සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. එවැනි වැඩිවීමක් සමඟ, කුටුම්භ හිංසනයේ අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කිරීම සහ එවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්හි සිටින පුද්ගලයින් සඳහා සහාය ලබා දීම ඉතා වැදගත් වේ. සුමිත්‍රයෝ සහ තවත් ආයතන කිහිපයක් ශ්‍රී ලංකාව තුළ නොමිලේ උපදේශනය සහ මග පෙන්වීම ලබා දෙයි. එහෙත් කළ යුත්තේ ‘කුටුම්භ හිංසනය’ කිසිම අයුරකින් සාමාන්‍ය දෙයක් නොවන බව ජනතාව පිළිගන්නා පරිදි  කතිකාවක් නිර්මාණය කිරීමයි. වඩා හොඳ සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පරමාදර්ශී මුල් ගලක් බවට කුටුම්භය පත් කළ යුතු නම් , අප සමඟ ජීවත් වන මානසික සාමයේ සතුරන් නිරාවරණය කළ යුතුය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts