ආර්ථික සමාජ ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

ග්‍රාමීය කාන්තාවගේ සාම්ප්‍රදායික  භූමිකාව වෙනස් වීම 

පද්මා පොඩි මැණිකේ

ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාව සාම්ප්‍රදායික වශයෙන් ගෘහස්ථ කාර්යයන් පමණක් සීමා කර තිබූ සංස්කෘතිය කාලානුරුපිව වෙනස්වී ඇත. ගෝලීය තාක්ෂණික ප්‍රගති, ආර්ථික විපර්යාස, සහ සමාජ ආකෘතිවල වෙනස්කම් ග්‍රාමීය කාන්තාවගේ භූමිකාවට නව අර්ථකතනයක් ලබා දෙමින් සිටී. .

1. ආර්ථික සංවර්ධන සහ නව ව්‍යාපාරික අවස්ථා

අලූත් ව්‍යාපාරික අවස්ථා, විශේෂයෙන් සංචාරක කර්මාන්තය, ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික පදනම ශක්තිමත් කිරිමට ඉවහල් වි ඇත. ග්‍රාමීය ප්‍රදේශවල සංචාරක වැඩසටහන් තුළින්, සාම්ප්‍රදායික ආහාර පිසීම, කුසලතා මත ඇඟළුම් නිෂ්පාදනය, සහ අතින් නිපදවන භාණ්ඩ විකිණීම සඳහා කාන්තාවන්ට පුළුල් අවකාශයක් උදා වී තිබේ (Silva, 2019).

නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ලාභදායී ණය යෝජනා සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මඟින් ග්‍රාමීය කාන්තාවන්ට මූල්‍ය ආධාර ලබා දීම මගින් සාම්ප්‍රධායිකව ඔවුන් වෙත පවරා තිබු වගකිම් රටාව වෙනසකට ලක් වී තිබෙන අතර එය වඩාත් සංකිර්ණ තලයකට ඔසවා තබා ඇත. 

2. අධ්‍යාපනය හා තාක්ෂණික ප්‍රවේශය

අධ්‍යාපන මට්ටම වර්ධනය කාන්තාවන්ගේ සාම්ප්‍රදායික භූමිකාව වෙනස් කළේය. පසුගිය දශක කිහිපය තුළ ග්‍රාමීය කාන්තාවන් අතර උසස් අධ්‍යාපනය ලබාගැනීමේ අනුපාතය නිරතුරුව ඉහළ ගොස් ඇත (Department of Census and Statistics, 2021).

තාක්ෂණය දැනුම සෑම මට්ටමකම කාන්තාවන් භාවිතා කිරීමට යොමුවිම ගෘහස්ථ කාර්යයන් පමණක් සීමා වූ කාන්තාවන්ට නව වෘත්තීය අවස්ථා උදාවි  ඇත. උදාහරණයක් ලෙස, ඩිජිටල් වෙළඳපොළ මඟින් කාන්තාවන්ට නිවසේ සිටම තම නිෂ්පාදන අලෙවි කිරීමට හැකියාව ලබා දි ඇත. 

3. සමාජ ආකෘතිවල හා ස්ත්‍රී පුරුශ  සමානත්වයේ වර්ධනය

ග්‍රාමීය සමාජය සමාජය තුල පැවති පුරුෂ ප්‍රභූත්වය   මුල් කරගත් සමාජ ආකෘතිය වෙනස් වි තිබේ.  කාන්තාවන්ගේ අධිකාරිභාවය වැඩි කිරීමේ වැඩසටහන් මඟින් මෙම සීමාවන් අඩු කිරීමට හැකිවී ඇත (Wijesekara, 2020).

කාන්තාවන්ගේ සාම්ප්‍රදායික භුමිකාව අහෝසි කරමින් නව භූමිකා තුළ  සජීවී වෙනස්කම් දක්නට ලැබේ. මූල්‍ය හා වෘත්තීය අවස්ථාවන් සඳහා ගැමි සමාජය තුළින් අවස්ථා සනාථ කොට දීමක් දැකිය හැකිය.

4. අන්තර්ජාතික සහ රාජ්‍ය මූල්‍ය වැඩසටහන්

ජාත්‍යන්තර සංවිධාන මෙන්ම රාජ්‍ය මට්ටමේ මූල්‍ය සහ සංවර්ධන වැඩසටහන් ග්‍රාමීය කාන්තාවන්ගේ වෘත්තීය ව්‍යාපෘතිවලට බලපායි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ක්‍රියාත්මක කළ ප්‍රජාසංවර්ධන වැඩසටහන්, ග්‍රාමීය කාන්තාවන්ට ආර්ථික සහ සමාජ සන්නිවේදන මධ්‍යස්ථාන තුළ විශේෂිත භූමිකා දැරීමට අවස්ථාව ලබාදි තිබේ.

5. ගැටලු සහ අභියෝග

කාන්තාවන්ගේ භූමිකාවන්ට විශාල පරිවර්තන ඇති වූ පසු, විවිධ ගැටලු මතුවේ.

1. ගෘහස්ථ සහ වෘත්තීය ආකාරය අතර සම්බන්ධතාවය

 ගෘහස්ථ කාර්යයන් හා වෘත්තීය කාර්යයන් අතර දෝලනයක් තිබීම කාන්තාවන්ගේ සෞඛ්‍යය හා ආතතිය මත බලපෑමක් කර තිබේ (Fernando, 2022).

2. වෙනස්කම්

 සාම්ප්‍රදායික සමාජ මනෝභාවයන් වෙනස් කිරිමට බල කෙරෙන නව ප්‍රවේශය,සාමාන්‍ය සමාජය මත ඇතිකර තිබෙන නව තත්ත්වයන් විසින්  විශේෂයෙන් පිරිමි පාර්ශවයෙන්,  ගැටුම් හා මතභේද මතු කරයි.

ග්‍රාමීය කාන්තාවන්ගේ සාම්ප්‍රදායික භූමිකාව වෙනස් වීමට සමාජික, ආර්ථික, සහ තාක්ෂණික සාධකවල විශාල බලපෑමක් තිබේ. මෙම වෙනස්කම්, කාන්තාවන්ගේ ආර්ථික ස්වෛරීභාවය, නව ව්‍යාපාරික අවස්ථා, සහ සමාජ ව්‍යුහය තුළ ස්ත්‍රි පුරුශ සමානත්වය වර්ධනය කිරීම සඳහා වැදගත් වේ. එහෙත්, වර්තමානයේ මෙම පරිවර්තනය ආසන්නව සිටින ගැටලු සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා නව ප්‍රවේශවල අවශ්‍යතාවය සුවිශේෂ කොට සැලකිය යුතුය.

මූලාශ්‍ර

1. Department of Census and Statistics. (2021). Sri Lanka Labour Force Survey Annual Report 2021.

2. Fernando, M. (2022). “Rural Women’s Challenges in Balancing Household and Professional Work,” Journal of Rural Studies.

3. Silva, T. (2019). “Impact of Tourism on Rural Women’s Livelihood,” Sri Lanka Economic Journal.4. Wijesekara, N. (2020). “Gender Roles and Changing Dynamics in Rural Sri Lanka,” Sociological Perspectives on Development.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts