අනාවරණ

කොවිඩ් ලැම්ඩා ප්‍රබලද? එන්නත් වැඩක් නැද්ද?

සබීර් මොහොමඩ් සහ හර්ෂණ තුෂාර සිල්වා

ලෝකය වටා සිටින බොහෝ විද්‍යාඥයන්, කොරෝනා වෛරසය හෝ “කොවිඩ් 19” සම්බන්ධ පර්යේෂයණවල නියැලී සිටින අතර දහස් ගණනින් වෛරසය පිළිබඳ යාවත්කාලීන දත්ත දිනපතා ප්‍රකාශයට පත් වේ. 

නව කොරෝනා වෛරසයේ හෝ “කොවිඩ් 19 ” හි නව ප්‍රභේද බොහොමයක් වත්මන් සන්දර්භය තුළ සිදුවන විද්‍යාත්මක පර්යේෂණවලින් හඳුනාගෙන තිබේ. මෙම නව වෛරසයන් පිළිබඳ විවිධ විශ්මයජනක වූ තොරතුරු දිනෙන් දින ලැබෙමින් පවතී. 

ලැම්ඩා ප්‍රභේදය යනු එසේ හඳුනාගත් නව වර්ගයේ වෛරසයකි. පුවත්පත්, රූපවාහිනී සහ සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳ බොහෝ කතාබහ සිදු වේ. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, මෙම නව වෛරසය එනම් “ලැම්ඩා” ප්‍රභේදය පිළිබඳව ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පැහැදිලි කිරීමක් මෑතක දී දක්වා ඇත. 

https://tinyurl.com/tyyyntud

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක විද්‍යා පීඨයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ ලැම්ඩා වෛරස ප්‍රභේදය මෙතෙක් ලංකාවෙන් සොයාගෙන නොමැති බව යි. මෙය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා කාර්යාලය මඟින් ද සනාථ කර ඇත. 

තවදුරටත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා ප්‍රභේදය “සැළකිලිමත් වියයුතු ප්‍රභේදයක්” ලෙස මෙතෙක් නම් කර නොමැත. මේ දක්වා, “ඩෙල්ටා”, “ඇල්ෆා”, “බීටා” සහ “ගැමා” යන වෛරස ප්‍රභේදයන් වඩා අවධානය යොමුකිරීමට අවශ්‍ය සහ අනතුරු සහගත ප්‍රභේද වශයෙන් නම් කර ඇත. 

වැඩිදුර තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙන් ලබාගත හැක:

https://www.who.int/en/activities/tracking-SARS-CoV-2-variants/

කෙසේවෙතත්, ජාත්‍යන්තර පුවත් වාර්තා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා නිකුත් කරන මාධ්‍ය සාකච්චා අනුව, “ඩෙල්ටා” ප්‍රභේදයේ බලපෑමට ලක්වීමෙන් ලෝකය පුරා අති බහුතර අසාදිත ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී ඇත. 

ලෝක සෞඛ්‍ය සංවිධානය, නව කොරෝනා වෛරසයේ ප්‍රභේදයන් නම් කර ඇත්තේ ග්‍රීක සහ රෝම ඉලක්කම් අනුව වන අතර, එමඟින් මුල්වරට මෙම ප්‍රභේදයන් සොයාගන්නා රටවලට අසාධාරණයක් හෝ වෙනස්කම්කොට සැළකීමක් සිදුනොවේ. 

වැඩිදුර තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙන් ලබාගත හැක:

https://www.who.int/en/activities/tracking-SARS-CoV-2-variants/

ඉහතින් ලබාගන්නා තොරතුරු සහ දත්ත, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යාවත්කාලීන කරන අතර සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ද ඉතා පහසුවෙන් පිවිසිය හැක. 

ලැම්ඩා ප්‍රභේදය සම්බන්ධයෙන් ජුලි 27 දින අල් ජසීරා මඟින් විස්තරාත්මක වාර්තාවක් නිකුත් කර ඇති අතර මේ දක්වා රටවල් 28 පුරා මෙය ව්‍යාප්තව ඇති බව එහි සඳහන් ය. එසේම, ලැම්ඩා ප්‍රභේදය මුලින්ම සොයාගෙන ඇත්තේ පේරු රාජ්‍යයෙනි.

අපේ රටේ ඉතා සීමිත පුවත් වාර්තාවන්වල, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සඳහන්ව පැවතුණේ මෙම ලැම්ඩා ප්‍රභේදය කිසිඳු කොවිඩ් එන්නතකට ප්‍රතිරෝධයක් නොදක්වන බව යි. කෙසේවෙතත්, පැහැදිලිවම සඳහන් කළ හැක්කේ එය ජනතාවගේ සිත් අවුල්කරන ආකාරයේ වැරදි පුවතක් බව යි. 

ලංකාවේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය මඟින් සඳහන් කරන්නේ, කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් සඳහා එන්නත්වල බලපෑම පිළිබඳ පර්යේෂණයන් සිදුවෙමින් පවතින බව සහ වර්තමානයේ භාවිත සෑම එන්නතක්ම, නව කොරෝනා වෛරසයේ සියළු භයානක ප්‍රභේදයන්ට එරෙහිව සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත් ය. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයේ ප්‍රවීනයන් අවධාරණය කරන්නේ එන්නත ලබාගැනීමේ වැදගත්කම යි. මේ වන විට සොයාගෙන ඇත්තේ, එන්නත් ලබාගත්ත ද කොරෝනා වෛරසය ආසාදනයවීමේ අවධානමක් පවතින බව යි. කෙසේවෙතත්, වෛද්‍ය ප්‍රවීනයන්ට දක්වන්නේ එන්නත ලබාගත් පුද්ගලයන් සඳහා වෛරසයේ බරපතල අතුරු බලපෑම් අවමවීම හේතුවෙන් රෝහල් ගතකිරීම අඩුවන බව යි. 

රූටර්ස් පුවත් සේවය මඟින් මෑතකාලීනව සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශේෂඥයන් විසින් දැක් වූ නිර්දේශයන් උපුටාගත් ලිපියක සඳහන් කර තිබුණේ, “එන්නත ලබාගැනීමේ වැදගත්කමවන්නේ, එසේ එන්නත ලබාගත් පිරිස්වලට එම එන්නත නිසාම ඔවුන්ගේ රෝගය පාලනය වී පවතින බව”යි. 

එන්නත් සම්බන්ධ සියළු තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ කාර්යාලයේ වෙබ් අඩවිය තුළ යාවත්කාලීන කර ඇත. එම තොරතුරු භාෂා තුනෙන්ම ලබාගත හැක. සබැඳිය:

https://www.who.int/srilanka

• ජපන් පර්යේෂකයන්ට අනුව, විද්‍යාගාර පර්යේෂණ මඟින් පෙන්වාදෙන්නේ කොරෝනා වෛරසයේ පළමු ප්‍රභේදයට වඩා ලැම්ඩා ප්‍රභේදයට මෙම එන්නත් ප්‍රතිරෝධී වන බව යි. 

ඒ සම්බන්ධ පුවත්:

වැඩිදුර අවධානය සඳහා;

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් දෙකම ලබාගත්ත ද, මුඛ ආවරණයක් පැළඳීම, අත් හොඳින් සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි වෛරස විරෝධී භාවිතාවන් සහ මාර්ගෝපදේශයන් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වේ. එක්සත් ජනපද රජයේ නිවාරණ සහ පාලන මධ්‍යස්ථානය විසින් මෑතක දී යාවත්කාලීන කළ තොරතුරුවල සඳහන් කර ඇත්තේ, සම්පුර්ණයෙන්ම එන්නත ලබාගත් ජනතාව පොදු ස්ථානයන් හි දී මුඛ ආවරණයක් පැළඳිය යුතු බව යි. 

(මෙම ලිපියේ සඳහන් දත්ත ලබාගත්තේ තලයිමුරෛ සත්‍යායන යාන්ත්‍රණය මඟිනි). 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts