
කුළුණ තරම්ම උස වූ අම්බුලුවාවේ සංහිඳියාව
– සුදීප ලක්ෂාන්
අම්බුලුවාව කුළුණ මධ්‍යම පළාතේ බස්නාහිර බෑවුමේ ගම්පොළ නගරයට ආසන්නව තේජාන්විත අයුරින් නැගී සිටී. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට පාත්‍ර වන මෙයින් ඇසින් දකිනා මනරම් දසුන ඉක්මවා ගිය සමාජීය සහ පාරිසරික සේවාවන් රැසක් ඉටුවන බව එහි තොරතුරු ගවේෂනයේදි පෙනියයි.

අම්බුලුවාව කුළුණ සහිත මෙම ස්ථානය .දිසානායක මුදියන්සේලාගේ ජයරත්න (හිටපු අගමැති දි.මු.ජයරත්න) ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය යන නමින් හඳුන්වනු ලබන අතර මුහුදු මට්ටමේ සිට අඩි 3567ක උසින් පිහිටා තිබේ. ගම්පොළ නගරයේ සිට උස අඩි 2017 කිග අම්බුලුවාව යන නම සෑදී තිබෙන්නේ .අබ ූ උලු ූ වා ූ ගල. යන පද එක්වීමෙනි එහි අරුත වන්නේ අබ – ජලයල උලු – උල්පත්ල වා – වෑහෙන ගල හෙවත් දිය උල්පත් වෑහෙන ගල යන්නෙනි. අක්කර 400ක පමණ බිම්කඩකට හිමිකම් කියන අම්බුලුවාව පිළිබඳව ඓතිහාසික මූලාශ්‍ර දක්නට නැත. ගම්පොළ යුගයේදී රචනා කළ ලංකාවේ පළමු සංදේශ කාව්‍ය වන මයුර සංදේශයේ 26 වන කවියේ ,අම්බුලුවාකඩ, හරහා යා යුතු බව සඳහන් වේ. මෙය අම්බුලුවාව පිළිබඳ අපට හමුවන එකම ලිඛිත සාක්ෂියයි. ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි 4 වන බුවනෙකබාහු රජ දවස මෙහි ඔසු උයනක් පැවති බව විශ්වාස කෙරේ. විවිධ වර්ගයේ වටිනා ඔසු පැල රාශියක් අම්බුලුවාව බිමෙන් හමුවීම මේ ජනප්‍රවාදය පිළිගැනිමට අපට බලකර සිටි.
අම්බුලුවාව භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. මෙය මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති එකම හුදෙකලා කන්දය. එසේම මෙය ශේෂ කඳුවලින් එකකි. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3 කට වැඩි ප්‍රමාණයක් අම්බුලුවාවේ සිට නැරඹීමට හැකි වීම විශේෂත්වයකි. මීගමුවේ කොච්චිකඩේ සිට මාතර වැලිගම යන තෙක් ලංකාවේ මුහුදු තීරය මෙහි සිට දර්ශනය වේ. අම්බුලුවාවට මායිම් බෙදීම් ආකාර 4ක් වේ. එනම්ල සබරගමු සහ මධ්‍යම පළාත වෙන් කරමින් පළාත් මායිමත්ල මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කය වෙන් කරමින් දිස්ත්‍රික් මායිමත්ල උඩපළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන්කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිමත් ගම්පොළ ආසනය සහ මාවනැල්ල ආසනය වෙන් කරමින් මැතිවරණ කොට්ඨාස මායිමත් මේ අතර වේ.
අම්බුලුවාව සම්බන්ධ අනෙක් සුවිශේෂී දෙය නම් අම්බුලුවාව කඳු මුදුනට වැටෙන වැසි ජලයෙන් බස්නාහිර දෙසට ගලා යන කොටස ලංකාවේ දිගම ඔය වූ මා ඔයට එක්වී මීගමුව කොච්චිකඩෙන් මුහුදට එකතු වන අතර නැගෙනහිර දෙසට ගලා යන ජලය ලංකාවේ දිගම ගංගාව වූ මහවැලි ගඟ ඔස්සේ ගොස් ත්‍රීකුණාමලයෙන් මුහුදට එකතු වේ. ලාංකාවේ මෙවැනි ස්ථාන දෙකක් පවතින අතර අනෙක් ස්ථානය වනුයේ ගිනිගත්හේන පොලීසියේ වහලයට වැටෙන වැසි ජලයයි. ඒවා මහවැලි සහ කැළණි ගංගා වලට එකතු වේග මෙලෙස භූගෝලීය පිහිටීම සැලකීමේදී අම්බුලුවාව ඉතා වැදගත් ස්ථානයකි.
1997 වසරේ මාර්තු 29 වන දින සිට අම්බුලුවාව ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය සෑදීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ. මෙහි නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ හිටපු අගමැති ගරු දි. මු. ජයරත්න මැතිතුමාය. අනෙකුත් ඉඳිකිරීම් මෙන් නොව ඇස්තමේන්තුල ව්‍යාපෘති සැලසුම් හෝ වාර්තා රහිතව මෙහි කටයුතු අරඹා අඛණ්ඩව කරගෙන යාම විශේෂත්වයකි. එසේම මෙහි පාර සෑදීමල කුළුණල ආගමික ස්ථාන ඇතුළු අනෙකුත් ගොඩනැඟිලි රාශියක් ඉඳිකර තිබෙන්නේ ශ්‍රමදාන සහ පරිත්‍යාග ආධාරයෙනි. මෙහිදී ආගම් භේද ජාති භේද නොසලකා සියලු දෙනා එක්ව එක් අරමුණක් වෙනුවෙන් ශ්‍රම හා මූල්‍ය දායකත්වය ලබා දී කටයුතු කර තිබීම විශේෂත්වයකි. එසේම ගම්පොළ නගරයේ සිංහල දෙමළ සහ මුස්ලිම් යන ජන කොටස් ජීවත්වන අතර මෙරට ප්‍රධාන ආගම් හතරට අයත් පුද්ගලයන් ද ජීවත් වේ. මෙලෙස විවිධත්වය තුළ ශ්‍රී ලාංකිකයන් ලෙස ශක්තිමත් වූ මොවුන්ගේ පරිශ්‍රමයෙන් අම්බුලුවාව තැනීම තුළින් මේ සියලු දෙනාගේ එකමුතුකම සහ සංහිඳියාව පිළිඹිබු වේ. ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා අම්බුලුවාව කුළුණ පාමුල පන්සලක්ල පල්ලියක්ල කෝවිලක් සහ මුස්ලිම් පල්ලියක් නිර්මාණය කර තිබේ. එබැවින් අම්බුලුවාව ලංකාවේ සර්වාගමික වන්දනා ස්ථානයක් ලෙස දැක්විය හැකිය. ලෝකයේ එවැනි සර්වාගමික සහජීවනය පිළිඹිබු වන ස්ථාන ඇත්තේ අතලොස්සකි. අප රටට එවැන්නක් හිමි වී තිබීම ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියල්ලන් ලැබූ ජයග්‍රහණයකි. ඕනෑම පුද්ගලයකුට අම්බුලුවාවට පැමිණ තමන්ගේ ආගමික වතාවත් සහ ආගමික උත්සව කටයුතුවල නිරත විය හැකිය.
ජෛව විවිධත්ව සහ පාරිසරික සංරක්ෂණය සඳහා අම්බුලුවාව ඉතා වදගත් කාර්යභාර්යයක් ඉටු කරයිග දැනට ලංකාවේ හමු වී ඇති විශාලතම අං කටුස්සා හමු වූයේ අම්බුලුවාවෙනි. එසේම උකුසු වර්ග 14ක් එකම ස්ථානයකින් දැකිය හැකි වන්නේද මෙහිදිය. හූනන් වර්ග විශාල ප්‍රමාණයක් සහ ශාකවල විශාල විවිධත්වයක් ද මෙහි දක්නට ලැබේ. එසේම පාෂාණ වර්ග 14ක් එකම තැනක හමු වන්නේද අම්බුලුවාවෙනි.
අම්බුලුවාව කන්ද මත ප්‍රතාපවත් ලෙස දිස්වෙන කුළුණ මුල් කාලයේ නම් කර තිබෙන්නේ .වී බිස්සාකාර ගොවිජන සෑය. යන නමිනි. මෙය අඩි 179ක් උසල පොලොව යටට අඩි 35ක් දක්වා බැසිය හැකි අතර අඩි 160ක් පමණ උසකට නැග වටපිටාව නැරඹීමට හැකියාව ලැබේ. මෙහි චූඩාමාණික්‍යයේ උස අඩි 1 1රැ2කි. මෙයට වී බිස්සාකාර ගොවිජන සෑය ලෙස නම් ලැබී තිබෙන්නේ එදා මෙදා තුර ලංකාවේ විසූ ගොවි ජනතාවට උපහාරයක් වීම සඳහාය. මෙම කුළුණේ පහළ පළමු කොටසින් වී බිස්සක යට කොටසේ හැඩය නිරූපණය වන අතර දෙවැනි කොටසින් වට්ටක්කා ගෙඩියක හැඩයක් දල තුන්වැනි කොටසින් කොකෝවා ගෙඩියක හැඩයක් ද :මේ අනුව ධාන්‍යල එළවළුල සහ පළතුරු* පිළිඹිබු වන අයුරින් නිර්මාණය කර තිබේ. අම්බුලුවාව කන්ද උඩ වැව් දෙකක් නිර්මාණය කර ජල සංරක්ෂණය සිදු කර තිබේ. මේ නිසා පහළ බිම්වල ජනතාවට ගොවිතැන් කිරීමට ජලය සපයන උල්පත් නොසිඳී අවුරුද්ද පුරාවටම පවතී.
වර්තමානයේ විදේශීය සංචාරකයින්ගේ අවධානය අම්බුලුවාවට වැඩි වශයෙන් යොමු වී තිබේ. එසේම මෙහි විදේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ ප්‍රතිසංස්කරණයන් සිදු කරමින් අලුතින් කොටස් එක් කරමින් සංවර්ධන කටයුතු අඛන්ඩව සිදුකෙරේ. දැනට ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ගෙන් සියයට 8් පමණ අම්බුලුවාව නැරැඹීමට පැමිණෙන අතර එය ලබන වසර වන විට 15් ක් දක්වා වර්ධනය කර ගැනීම පාලනාධිකාරියේ ඉලක්කයකි. එසේම ඒ සඳහා සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට විවිධ ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමල අම්බුලුවාව කඳු මුදුනේ වැවේ බෝට්ටු සවාරිල නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් බොහෝ දේ සිදු කරයි. එලෙසම අම්බුලුවාවට අනුයුක්තව ලංකාවේ පළමු හා දිගම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
මෙහි පරිපාලනයල නඩත්තුව සහ මූල්‍ය කටයුතු නියාමනය කිරීම සඳහා .2009 අංක 44 දරන අම්බුලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදල පනත. නම් පාර්ලිමේන්තු පනතක් පවතී. පනතට අනුව අම්බුලුවාවේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා අම්බුලුවාව භාරකාර මණ්ඩලයක් සිටින අතර මොවුන් ස්වේච්ඡා සේවයක් සිදු කරයි. මීට අමතරව කාර්ය මණඩලයේ සාමාජිකයින් 36 දෙනෙකු පමණ දැනට මෙහි සේවය කරති.
ඉහත පනතේ දැක්වෙන පරිදි අම්බුලුවාව මඟින් පවත්වාගෙන යන අරමුදලේ අරමුණු කිහිපයක් පවතින අතර ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම
– අම්බුලුවාව ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය ආරක්ෂා කර සංවර්ධනය කිරීම.
– අම්බුලුවාව කඳු පෙළ වටා ප්‍රදේශය වැඩි දියුණු කිරීම.
– ප්‍රජාව අතර සාමයල හොඳහිත අවබෝධය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම.
– අන්තර් ආගමික සංකලනය සහ සමාජ අනුකලනය ප්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම.
– ශ්‍රී ලාංකිකයන්ගේ ආගමික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.
– ආගමික ක්ෂේත්‍රය පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම සහ අවබෝධය වර්ධනය කිරීම.
– ශ්‍රී ලංකාව තුළ සහ විදේශයක ආගමික ක්ෂේත්‍රය පිළිබඳ සම්මන්ත්‍රණල වැඩමුළු සහ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
– මානව අයිතිවාසිකම් පිළිබඳව ජනතාව තුළ දැනුවත්භාවය වැඩි කිරීම.
– ක්‍රීඩා සහ විනෝද කටයුතු සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම.
– සම පැවැත්මෙන් යුත් ආගමික ප්‍රතිපත්ති පදනම් කරගෙන ලෝක සාමය පිණිස ජාතිය මෙහෙයවීම සහ ඒ මඟින් සැලසුම් සහගත සංවර්ධනයක් ඇති කිරීම.
– ලංකාවට ආවේණික ඖෂධ සහ බෙහෙත් පැළෑටි ආරක්ෂා කිරීම.
යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නිරන්තරයෙන් වෙර දරයි.
එබැවින් අම්බුලුවාව වනාහි හුදෙක් සිමෙන්ති වලින් බැඳි කුළුණක් පමණක් ම නොවන බව පැහැදිලිය. මේ තුළ ජාතික සංහිඳියාව සහ සාමය ගැබ් වී තිබේ. සියලුම ජාතීන් ආගමිකයින් ශ්‍රී ලාංකික දරුවන් ලෙස සාමයෙන් අත්වැල් බැඳගන්නා පූජිත ස්ථානයක් ලෙස අම්බුලුවාව ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය වැදගත්වේ. මෙය වැඩිදියුණු කරමින් ආරක්ෂා කර ජාතික සමඟිය ශක්තිමත් කිරීම තුළින් අම්බුලුවාව කුළුණ මෙන් රටේ දියුණුව වෙනුවෙන් නැගී සිටීමට අප සැවොම කටයුතු කළ යුතු වේ.
:තොරතුරු
– අම්බුලුවාවේ ඉඳිකිරීම් උපදේශක විජේසිංහ මහතා
– 2009 අංක 44 දරන අම්බුලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදල පනත*