කාන්තාවන් හා ළමුන් හා මුහුණදෙන නූතන අභියෝග
සතීෂ්ණා කවීශ්මි

සමාජ සුබසාධක සහ ළමා සුරක්ෂා සේවාවන් ශ්‍රී ලංකාවේ කාන්තාවගේ සහ ළමයින්ගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කරමින් සිටින එකීෂ්ට ආධාරක සංවිධාන වේ. නමුත්, මෙම ක්ෂේත්‍රයන්වලට ඇති අභියෝග සහ සමාජ ගැටලු හඳුනාගෙන, නිසි කාලීන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගත නොහැකි නම්, රටේ සමාජ සංවර්ධනයට, ළමා හා කාන්තාවන්ගේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇති විය හැක.
වර්තමානයේ දරුවන් හා ළමුන් මුහුණ දෙන ගැටලු රාශියක් සමාජ කතිකාවතට ලක් වී තිබේ. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම පවතින දෙමාපියන්, භාරකරුවන් ම දරුවන්ට අමානුෂික ලෙස තරවටු කරන ආකාරය මෙන්ම කාන්තාවන්ට නොයෙකුත් ආකාරයෙන් සිදු වන හිරිහැරයන් පිළිබදව නිරන්තරයෙන් ජනමාධ්‍ය මගින් දැකගන්නට ලැබේ.
එහිදී දරුවන්ගේ වගකීම හා භාරකාරත්වය පිළිබදව යම් ගැටළුකාරී තත්ත්වයන් ඉස්මතු වන අතරම රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත්වීම අවශ්‍ය වන අතර ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීම හා පවතින නීතිමය රාමුව පිළිබදව අවබෝධයක් ලබා දීම කාලීන අවශ්‍යතාවයකි.
කාන්තාවන්ගේද සුබසාධනය පිළිබදව සලකා බැලීමේදී, ඔවුන් පිටත සමාජය තුළ හා ඇතුළත සමාජය තුළ ආරක්ෂාකාරි පරිසරයක පහසුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සමාජයේ සියලු කණ්ඩායම් විසින් සලසා දිය යුතුය.
නූතන ගෝලීයකරණ හා තාක්ෂණික දියුණුව හේතුවෙන් මෙවැනි ගැටළු තවදුරටත් ඉස්මතු වීම දැක ගත හැකි අතර, ප්‍රධානතම අභියෝගයක් ලෙස සයිබර් කාන්තා පීඩනය හා වෛරීය කථනය දැක්විය හැකි අතර, මෙය ඔවුන්ගේ ආරක්ෂාවට හා නිදහසට ගැටලුවක් වේ. එමෙන්ම, ළමුන්ට අන්තර්ජාලයෙන් සහ සමාජ මාධ්‍යයෙන් ලැබෙන අසාර්ථක දැනුම සහ අසත්‍ය තොරතුරු සහ අභිරුචි දරුවන්ගේ සංජානනය සකස් කිරීමේ දී අවදානම් සහගත ලෙස ක්‍රියා කරයි.
අභ්‍යන්තර පවුල් ආරවුල්, ගෘහස්ථ හිංසනය සහ මාපිය විහීනතා ගැටුලු මෙන්ම ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීමත් සමග, කාන්තාවන්ට සහ ළමුන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදු වේ. ළමා මනසට සෘජුව බලපාන ක්‍රියාකාරකම්වලට දායක කරවීමත්, අනුබල දීමත් හේතුවෙන් ඔවුන්ගේ සංවර්ධනයට හා ආරක්ෂාවට බලපෑමක් වේ. ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාම සහ සමාජය තුළ ව්‍යාප්ත වන අඅනාරක්ෂිත භාවය මඟ හරවා යාමට අධ්‍යාපනික හා නීතිමය ක්‍රියාමාර්ග වඩාත් වැදගත් වේ. විශේෂයෙන් ම දරුවන්ගේ මානසික, චිත්තවේගීය සහ කායික වර්ධනය සදහා සුරක්ෂිත සමාජ අවකාශයක් නිර්මාණය කර දීම වගකීමක් ලෙස සැලකිය හැකිය.
සමාජ සුභසාධනය සහ පරිවාස සේවා, ශ්‍රී ලංකාවේ සමාජීය සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් හා ප්‍රමුඛ සේවාවක් ලබා දෙන ක්ෂේත්‍රයකි. මෙම ක්ෂේත්‍රයන්හි ප්‍රධාන අරමුණ වන්නේ ආන්තීකරණයට ලක් වූ කාන්තාවන්, ළමුන්ට සහ දුර්වල පවුල්වලට ආරක්ෂාව සහ සුරක්ෂාව ලබා දීම, ඔවුන්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජීය සුභතාවය ප්‍රවර්ධනය කිරීමයි. ශ්‍රී ලංකාවේ රජයේ සමාජ සුභසාධක සේවා සහ පරිවාස සේවා (Probation) හරහා මෙවැනි කටයුතු ක්‍රියාත්මක කරයි.
සමාජ සුබසාධක සේවාවන් යනු, ජනතාවගේ දුර්වල කලාප සහ සමාජ කරුණු කේන්ද්‍ර කොට ගෙන හඳුනාගත් පිරිසට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා රජයේ සහ ප්‍රාදේශීය මට්ටමින් හඳුන්වා දෙන වැඩසටහන් සහ ප්‍රතිපත්ති වේ. ශ්‍රී ලංකාවේ මෙම සේවාවන් රාජ්‍යය විසින් සෘජුවම හෝ ප්‍රාදේශීය සභා මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.
පරිවාස සේවාවන් (Probation Services) යනු, අධිකරණය මඟින් නීතිවිරෝධී හෝ සමාජ අපගාමී චර්‍යාවන් හෝ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ දරුවන් සහ තරුණයින් සඳහා සමාජ නමනීකරණයක් ලබාදීමට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ගොඩ නැගීම සහ යථා තත්ත්වයට පත් කිරීමේ සේවාවන් පිරිනමනු ලබන ආයතනයකි. පරිවාස සේවා මගින් ශ්‍රී ලංකාවේ ළමයින් හා කාන්තාවන්ට ආරක්ෂාව සහ සහාය සපයන අතර, එය සෞඛ්‍ය, ආරක්ෂාව, අධ්‍යාපනය හා නීතිමය සේවාවන් සමඟ සම්බන්ධ වේ. විශේෂයෙන්ම පවුල් අස්ථායි කම්පනයන්ට ලක් වූ පවුල්වල ළමයින්ගේ ආරක්ෂාව සහාය වන වැඩසටහන් පවත්වාගෙන යනු ලබයි. 2020 වසරේදී පරිවාස සේවා මගින් පවත්වාගෙන ගිය වැඩසටහන්වලින් 15,000 ක් ළමයින්ට සහාය ලැබී ඇත. (Ministry of Women and Child Affairs, 2021).
ළමා සුරක්ෂා සේවා (Child Care Services)
ළමා සුරක්ෂා සේවාවන් යනු, සුරක්ෂිත නැවුම් පරිසරයක් ගොඩනැගීමට, දරුවන්ගේ යහපත්භාවය සහ සංවර්ධනය පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. මෙය සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂණ සහ සමාජ ආරක්ෂාවක් යන මානව සංවර්ධන ක්ෂේත්‍ර කිහිපයක් සමග සම්බන්ධ වේ. ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව අතිශයින්ම වැදගත් කරුණකි. රාජ්‍යයේ සමාජ සුභ සාධන සහ පරිවාස දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන වැඩසටහන්, දෙමාපිය විහීනතාවය හේතුවෙන් හෝ අඩු ආදායම් පවුල්වලින් පෝෂණය වන ළමයින් සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එමෙන්ම, ළමයින් පෞද්ගලික ලෙස ගැටලූකාරී තත්ත්වයන්ට ලක් වූ විට, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පරිවාස නිලධාරීන්ට වගකීම් පැවරී තිබේ. (Department of Probation and Child Care Services, 2022).
නීතිමය ආරක්ෂණය
ශී‍්‍ර ලංකාවේ නීතිමය පද්ධතිය මගින් ළමයින් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති රීති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. 1995 අංක 22 දරුවන්ගේ සුරැකුම් පනත මඟින් ළමයින්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සුරැකීමට රාජ්‍ය ප්‍රතිපත්ති විශාල ලෙස ශක්තිමත් කර ඇත. මෙම නීතිය මගින් ගැටලූකාරී සමාජ තත්ත්වයන්ට ලක් වන ළමයින්ට සහාය සැපයීමට පරිවාස නිලධාරීන්ට හා සමාජ සේවකයන්ට වැඩි බලතල පවතී. (Department of Probation and Child Care Services, 2022).
පවුල් ප්‍රතිසංස්කරණය සහ කාන්තා සංරක්ෂණ
කාන්තාවන්ට පමණක් නොව පවුල්වලටද ප්‍රතිසංස්කරණ සහ ආරක්ෂණ වැඩසටහන් පරිවාස සේවා මඟින් ක්‍රියාත්මක වේ. පවුල් ප්‍රතිසංස්කරණය මඟින් පවුල් ආරක්ෂණය, පවුල් සංවිධානය කිරීමේ ගැටලුවලට විසඳුම් සොයා ගැනීම, පිරිමින් සහ කාන්තාවන් අතර සමාජීය සහාය පද්ධති සකස් කිරීම වැනි කරුණු ගණනය කරයි. මෙම වැඩසටහන් මඟින් කාන්තාවන්ට නව ජීවිත මං පෙන්වීමේ අරමුණ ඉටු කරයි (Wijesinghe, 2023).
කෙසේවෙතත් මෙවැනි ප්‍රතිලාභ සැපයීමේ දී, පහත ආකාරයේ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වන බව පෙන්වා දිය හැකිය.
1. විදේශීය ගණුදෙනු හා ගැටළු
ආන්තීකරණයට ලක් වු ළමුන් සඳහා සමාජ සුබසාධක සහ ළමා සුරක්ෂා සේවාවන් වඩාත් සාර්ථක විය යුත්තේත් මෙම ක්ෂේත්‍රවල අරමුදල් අඩුවීම සහ පරිපාලන සංකීර්ණතාවයන් නිසා නිසි ලෙස ක්‍රියාත්මක වීමේ අභියෝග ඇතිවී තිබේ.
2. නීති ක්‍රියාමාර්ග සහ සම්බන්ධතා අර්බුද
වෘත්තීයවාදයට යොමුකළ නොහැකි ළමයින්ගේ ගැටලු සහ පරිවාස වෘත්තීයයන්ගේ සමාජ ක්‍රියාමාර්ග අසාර්ථක වීමද ප්‍රධාන ගැටලුවකි.
3. කාන්තා සහ ළමා අධිකාරිය ළමයින්ගේ ආරක්ෂාවට සහ සාමකාමී ජීවන තත්ත්වයක් ලබාදීම සඳහා කාන්තා සහ ළමා අධිකාරිය (National Child Protection Authority) විසින් නියමිත ක්‍රියාමාර්ග ගන්නා නමුත් එහි සාර්ථකභාවය සඳහා විශාල ප්‍රමාණයකින් අභියෝග සහ ගැටලු ඇතිවෙයි.
පහත ක්‍රියාමාර්ග ඔස්සේ එවැනි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙන බව පෙන්වා දිය හැකිය.
1. නිසි ප්‍රතිපත්ති හා පනත්
ළමා සුරක්ෂා සහ පරිවාස සේවා ක්ෂේත්‍රයන්වල නව නීති ක්‍රියාත්මක කිරීම, සහ ළමා ආරක්ෂණයට වැඩි අවධානයක් යොමු කිරීමත්, ජාතික මට්ටමින් මෙම ගැටලු සඳහා සවිමත් වෘත්තීය ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුය.
2. ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව
ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර සංවිධාන සමග වැඩි දියුණු කළ සහයෝගීතා ගොඩනැගීමෙන්, ළමයින්ගේ ආරක්ෂාව හා සුබසාධනය පිළිබඳ ප්‍රගතිශීලි වැඩපිළිවෙලක් ලබාගත හැක.
3. ළමයින්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා සමාජ හා නීතිමය පද්ධතිය වඩාත් සක්‍රිය කිරීමේ අවශ්‍යතාව පවතී. පරිවාස සේවාවන්, ආරක්ෂාව සැපයීම වැනි ක්‍රමවලින් සමාජ අපවාදයට හෝ ආන්තීකරණයට ලක් වූ පාර්ශ්වයන්ට නොසලකා හරින තත්ත්වයන්ට සාධනීය ප්‍රතිඵල ලබා දිය හැකි බව පැහැදිලිය. (Department of Probation and Child Care Services, 2022).
සමාජ සුබසාධක සහ ළමා සුරක්ෂා සේවාවන් ශ්‍රී ලංකාවේ කාන්තාවගේ සහ ළමයින්ගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කරමින් සිටින එකීෂ්ට ආධාරක සංවිධාන වේ. නමුත්, මෙම ක්ෂේත්‍රයන්වලට ඇති අභියෝග සහ සමාජ ගැටලු හඳුනාගෙන, නිසි කාලීන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගත නොහැකි නම්, රටේ සමාජ සංවර්ධනයට, ළමා හා කාන්තාවන්ගේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇති විය හැක.
ආශ්‍රිත ග්‍රන්ථ
1. ශ්‍රී ලංකා සමාජ සුබසාධක සහ ළමා ආරක්ෂණ කාර්යාංශය, (2023), ළමා ආරක්ෂණ වාර්තාව
2. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA), (2022), “ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සහ පනත”, ජාතික ළමා ආරක්ෂණ අධ්‍යයනය
3. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව. (2022) වාර්ෂික වාර්තාව. ශ්‍රී ලංකාව.
4. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය. (2021). ශ්‍රී ලංකාවේ කාන්තා සහ ළමා සුභසාධන වැඩසටහන්. ශ්‍රී ලංකාව.
5. විජේසිංහ, පී. (2023). ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තා ආරක්ෂාව පිළිබඳ පරිවාස සේවා අභියෝග.