තොරතුරු දැනගැනීමේ අයිතිය

ඉටුකම අරමුදලෙන් 90% මුදල් භාවිතා කර නොමැත

කොවිඩ්-19 වෛරසය පැතිරීම නිසා ලොව බොහෝ රටවලට 2019 වසරේ අග කාර්තුවේ සිට මේ  වන තෙක් විවිධාකාරීය අර්බුදයන්ට මුහුණදීමට සිදු විය. දේශ දේශාන්තර සීමාවකින් තොරව සීග්‍රයෙන්   පැතිර ගිය මෙම වසංගත තත්ත්වය විශේෂ වශයෙන්ම සංවර්ධනය වන රටවල සෞඛය, ආර්ථිකමය  සහ සංවර්ධනය අතින් විශාල පසුබෑමක් ඇති කිරීමට ප්‍රධානතම හේතුවක් විය. ලංකාව මේවනවිට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට බලපැ එක් හේතුවක් ලෙස කොව්ඩ් වසංගතය හදුනාගත හැකිය. 

එවැනි වටපිටාවක් තුළ ශ්‍රි ලංකාවේ කෝවිඩ්-19 මුල්කරගත් “අවදානමට ලක්ව සිටින ජනතාවට සහනාධාර සැපයීමට” අවස්ථාවක් සලසා දීමේ වැඩසටහනක් ලෙස “ඉටුකම අරමුදල” ව්‍යපෘතිය ආරම්භ විය. මෙම අරමුදලේ මූලික සහ ක්ෂනික අරමුණුගත ඉලක්කය වන්නේ සෞඛ්ය අංශයේ සහ අනෙකුත්  අත්‍යවශ්‍ය සේවා සපයනන්ගේ සෞඛ්ය හා ආරක්ෂාව සහතික කිරීම වන අතර එලෙසින්ම කෝවිඩ්-19 නිසාවෙන් අවදානමට ලක්ව සිටින ජනතාවට සහනාධාර සැපයීමට අවස්ථාව සලසා දීමයි.මෙම අපේක්ෂිත ඉලක්ක අත්පත් කර ගැනිම සදහා අරමුදල යොදාගත් අකාරය පිලිබදව කිසියම් ආකාරයක චිත්‍රයක් ලබා ගැනිමට එය වියදම් කළ ආකාරය වැදගත් බැවින් ඒ සදහා අවධානය යොමු කළෙමු. 

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව අප විසින් 2022.04.22 වන දිනට ශේෂය විමසා ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලුම් පතට තොරතුරු සපයමින් ඉටුකම අරමුදල ඉදිරිපත් කර තිබූ තොරතුරු මේසේය.  

2022.04.22 වන දිනට ඉටුකම ශේෂය රුපියල් එකසිය අසූ තුන් කෝටි හය ලක්ෂ දාහත් දහස් අටසිය හැත්තෑ හතයි ශත අසූ හතරක  (1,830,617,877.84 ) මුදලක් අරමුදල සතුව ඇත. 2022.01.01 දින සිට 2020.04.20 දක්වා ඉටුකම අරමුදල සඳහා අලුතෙන් එකතු වූ ශේෂය රුපියල් එක් කෝටි හතළිස් හත් ලක්ෂ අසූ දෙදහස් දෙසිය හැත්තෑ හතරයි ශත දොළහකි ( 14,782,274.12 ). මෙම අරමුදල භාවිතයෙන් කිසිඳු වන්දි ලබාදීමක් හෝ හානි පූරණය කිරීමක් සිදු කර නොමැති අතර පැවති (ආරම්භක) ශේෂය රුපියල් විසි කෝටි විසි අට ලක්ෂ දාහඅටදහස් හයසිය පනස් තුනයි ශත හතලිහයි ( 202,818,653.40 ).

වෙන් කිරීම්   මුදල
පී.සී.ආර් පරීක්‍ෂණ 42,605,812.00
උපදේශන වැඩසටහන්67,543,967.56
නිරෝධායන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම38,031,065.00
ජාතික එන්නත්කරණ වැඩසටහන41,545,980.00
දැඩි සත්කාර ඒකක ඇඳන්7,750,000.00
අරමුදල් සංක්‍රාම ගෙවීම්3,832.00
විගණන ගාස්තු88,000.00

මේ අනුව 2022.04.20 දිනට ඉදිරියට ගෙන යන ලද ශේෂය රුපියල් එකසිය අසූ තුන් කෝටි හය ලක්ෂ දාහත් දහස් අටසිය හැත්තෑ හතයි ශත අසූ හතරක  ( 1,830,617,877.84 ) මුදලක් වන අතර කොවිඩ් 19  ඉටුකම අරමුදලෙන් 90% ක් තවමත් භාවිතා කර නොමැත.කොවිඩ් වසංගතය සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බව වෛද්‍යවරුන් මේ වන විටත් පවසති. එබැවින් අපේක්ෂ්ත ඉලක්ක හබායැම සදහා අරමුදල මෙහෙයවිමේ වගකිමෙන් වගවිමෙන් මිදිමට අරමුදලේ බලදරයන්ට නොහැකි වනු ඇත. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts