වෛරී ප්‍රකාශ

ආහාර වර්ණ ගැන්වීම සඳහා යොදාගන්නා රසකාරක සෞඛ්‍යාරක්ෂිත ද?

අයි. කේ ප්‍රභා

වැඩ බිමක සේවයෙහි නිරත සේවකයින් මෙන්ම අධ්‍යායාපන කටයුතු වල නිරත තරුණ පිරිස් තම නිවසේ හෝ නේවාසිකාගාරයේදී සාදාගන්නා ආහාර වලට අමතරව ක්ෂණික හා කල් තබා ගත හැකි ආහාර භාවිතයට අධිකව යොමු වී ඇති නමුත් ඔවුන් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර පාරිභෝගිකයෙක් ලෙස තමා මිලදී ගන්නා ආහාරයෙහි

  • ප්‍රමිතිය
  • නැවුම් බව
  • රසය
  • කල් ඉකුත්වීමේ දිනය, එහි අඩංගු වර්ණ හා රසායනික සංඝටක පිළිබඳව  නිවැරදි දැනුමකින් තොරවීම කණගාටුවට කරුණකි.

මෙවැනි පසුබිමක ක්ෂණික බඩගින්න නිවා ගැනීම සඳහා ආහාරයට ගන්නා කුඩා ආහාරය මුළු මහත් ජීවිත කාලය පුරාවටම විඳවීමට තරම් හේතුවක් වන බව ඒ මොහොතේ දී කිසිවෙකුටත් නොසිතීම අරුමයක් නොවේ.  පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රසිද්ධ බිස්කට් බෙදා හැරීමේ සමාගමක නිෂ්පාදිත බිස්කට් ඇසුරුමක,

“‍Sunset Yellow (E110) and  Carmisine (E122)

 May have an adverse effect on Activity and attention in Children”

යනුවෙන් ලේබල් කිරීමෙන් අනතුරුව විදේශීය රටක එම ලේබලය සහිතවම බිස්කට් පැකට්ටු බෙදාහරිනු ලැබූ පුවත සමාජ මාධ්‍ය පුරාවට ආන්දෝලනාත්මකව පැතිරෙන්නට විය. එම පුවතේ ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කිසිදු වගවිභාගයකින් තොරව, සමාජ මාධ්‍ය පරිශීලකයින් එවැනි පුවත් ව්‍යාප්ත කිරීමට තම වටිනා කාලය කැප කිරීම මගින් කොතරම් අසතුටුදායක හැසිරීම් රටාවක් නිරූපණය වේද? අදාල ලාංකික බිස්කට් සමාගම පිළිබඳව හා එහි සන්නාමය පිළිබඳව මා මෙහිදී සඳහන් නොකරන අතර එම ලේබලයේ සඳහන් වර්ණක දෙක පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.  ආහාර රස ගැන්වීම සඳහා යොදා ගන්නා සියලුම කෘතීම රසායනික ද්‍රව්‍ය නිපදවීම සඳහා ගල් අඟුරු තාර (Coar tar) රසායනික සංයුතිය යොදාගන්නා අතර,  ආහාර වෙළඳපල තුළ කෘතීම ආහාර වර්ණක දෙදෙහසකට අධික ප්‍රමාණයක් පැවතිය ද, අනුමත ආහාර වර්ණක ඇත්තේ 10ක් පමණි. 

(Source;https://www.science.gov/topicpages/d/dye+sunset+yellow.html)

  • රතු – Carmosin E, Fast Red E, Ponceau 4R 
  • නිල් – Indigo Carmine, Brilliant Blue
  • කහ – Tetrazine, Amaranth, Sunset Yellow
  • කොළ – Green s, Green FCF

(Source;https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/sunset-yellow-fcf)

මෙම වර්ණක අධික පිළිකාකාරක සංයෝග වන අතර, දීප්තිමත් වර්ණක සහිත අධික රසකාරක  හෝ  සුවඳවත් ආහාර ද්‍රව්‍යවල මෙම රසායනික සංයුතිය අඩංගුය. මේ නිසාවෙන්ම මස්, මාලු, පලතුරු , එළවළු, කෝපි, තේ කොළ, බටර්, පාන්, Ice – cream, උකු කිරි, වියළි කිරි පිටි, චීස්, ළදරු ආහාර වැනි ආහාර ද්‍රව්‍ය සදහා කෘතිම වර්ණක එකතු කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

(source;https://www.megha-international.com/carmoisine.html)

  • E 100 Curcumin& – මාගරින්
  • E 101 Eiboflavin& – සෝස් වර්ග
  • E 102 Tatracine& – සිසිල් බීම
  • E 110 Sunset Yellow FCF& – බිස්කට්
  • E 120 Cochineal&- මත්පැන්
  • E 122 Carmosine&  – ජෑම්
  • E 155 Chocolate Brown – චොකලට් කේක් 

(Source; http://vidathanet.blogspot.com.2016.07.blog-post_31.html)

ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේ කතාබහට ලක්වුණු වර්ණක ද්විත්වය පිළිබඳ ජාත්‍යන්තර තත්වය මෙසේ ය.

Sunset YellowE 110

සන්සෙට් යෙලෝ (E 110) යනු අයිස් ක්‍රීම්, කැඩ්බරි ක්‍රීම්, බිත්තර, ජෙලි, බෝංචි, සිසිල් බීම, රස කැවිලි හා බේක් කරන ලද නිෂ්පාදන වල අඩංගු කහ පැහැති වර්ණකයකි. ඛණිජ තෙල්වලින් ලබා ගන්නා තැඹිලි අසෝ සායම් වර්ගය ”සන්සෙට් යෙලෝ” (FCF) (Sunset Yellow – E 110) නමින් හැඳින්වේ. එය PH අගය මත රදා පවතින උපරිම අවශෝෂණය PH 1 හි පමණ වන අතර PH 13 දී එහි අගය වෙනස් වේ. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම රසකාරකය හැඳින්වීම සඳහා “FD & C Yellow 6”  යනුවෙන් හා යුරෝපය තුළ මෙම රසායනිකය හැඳින්වීම සඳහා “E අංක E 110” මගින් දක්වනු ලැබේ. 

2007 වර්ෂයේ දී Lancet හි පළවූ පුවත්පතක සඳහන් කර ඇත්තේ මෙම රසායනික ද්‍රව්‍ය ඇතුලත් නිෂ්පාදන ආහාරයට ගැනීම කුඩා ළමුන්ගේ අධි ක්‍රියාකාරී හැසිරීම් හා ඔවුන්ගේ සංවර්ධනය සඳහා අහිත කර ලෙස බලපෑම් ඇති කිරීම, ආමාශයේ කැක්කුම, සම ඉදිමීම, ළමුන්ගේ IQ හැකියාව පාලනය වීම, දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ ලිංගාශ්‍රිත රෝග විනිශ්චය, කළහකාරී හැසිරීම හා නරක අතට නැඹුරු වීමේ ප්‍රවනතාවයට බලපෑම් කරන බවයි. එය දරුවන්ගේ ක්‍රියාකාරකම් හා අවධානය කෙරෙහි බලපාන බවත් ආහාර ඇසුරුම්වල ඒ පිළිබඳව දන්වා ලේබල් කල යුතු බවත් යුරෝපා සංගමය විසින් සඳහන් කර ඇත. 

(Source;http://www.fao.org/fileadmin/user_upload/jecfa_additives/docs/monograph5/additive-450-m5.pdf)

CarmoisineE112

සින්තෙටික් රතු වර්ණය (Carmoisin, Azorubine synthetic red 920) ආහාර රස ගැන්වීම සඳහා භාවිත කරයි. පැසවීමෙන් පසු තාප පිරියම් කළ යුතු ආහාර සඳහා භාවිත කරන කෘතිම රතු අසෝ සායම් වර්ණකය (Blancmange, Marzipan, Swiss roll, James and Preserves, Sweets brown sauce Flavored) කලින් සූදානම් කළ ආහාර කල්තබා ගැනීමට, රසකැවිලි වල ඇති කෘතිම රතු සායම්, දුඹුරු සෝයා, රසකල යෝගට්, පැකට් කල සුප්, ජෙලි, ලව් ටෝස්ට්, ගැලැක්සි මින්ස්ටූල්ස්, කැඩ්බරි, මිනි බිත්තර, ලොලි පොප්, චීස් සහ කේක් මිශ්‍රණ වලද දක්නට ලැබේ. ආසාත්මිකතා ඇති රෝගීන් තුළ ජලය රදවා තබා ගැනීමටද හේතුවේ. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම රසායනික ද්‍රව්‍ය තහනම් කර ඇත. යුරෝපානු ආහාර ප්‍රමිති ඒජන්සිය විසින් 2009 වසර අවසන් වන විට කෘතිම වර්ණක 06 ක් ඉවත් කරන ලෙස නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටින ලදී. එම වර්ණක 06 පහත පරිදි වේ.

1.  Tartrazine (E102)

2.  Quinoline Yellow (E104)

3.  Sunset Yellow (E110)

4.  Carmisine (E112)

5.  Sunset Yellow (E110)

6.  Ponceau 4R (E124) and Allura red (E 129)  

 (Source;http://www.fao.org/fao-who-codexalimentarius/en/?id=124)

එය එසේ වුවත් London FSA ආහාර ප්‍රමිති ආයතනයෙහි සභාපති ඩෑම් ඩියර්ඩේ හටන් පවසන්නේ “පාරිභෝගිකයාට මුල් තැන දීම තමන්ගේ යුතුකම බවත් එම වර්ණක වලින් ආහාර වලට වර්ණයක් පමණක් ලබා දීම හැර වෙන කිසිදු බලපෑමක් සිදු නොවන නිසා එය අධ්‍යයනයන් අනුව ඉවත් කළ හැකි බවයි.” 

(Source;http://www.ukfoodguide.net/e122.htm)

අක්‍රමවත් හා අවිධිමත් ආහාර භාවිත පුරුදු නිසා පියයුරු හා මහ බඩ වැල ආශ්‍රීත ප්‍රදේශයේ පිළිකා සෛල වර්ධනය වන බව පර්යේෂණවලින් සනාථ වී ඇත. (සිරුරේ අසාමාන්‍ය හා පාලනයකින් තොරව ගණනය වන සෛල නිසා පිළිකාකාරක ශරීරය පුරා ව්‍යාප්තවේ – Malignant Cell) විවිධ ආහාර වර්ග මත වැඩෙන ක්ෂුද්‍ර ජීවීන් නිපදවන විෂ වර්ගද පිළිකාකාරක ලෙස ක්‍රියා කරයි. ඒ සඳහා විවිධ පෝෂණ ද්‍රව්‍යවල ඌනතා බලපානු ලැබේ. විටමින් A,C සහ E, ප්‍රතිඔක්සිකාරක විටමින් වර්ග, සින්ක් (Zinc), සෙලිනියම් (Selenium), ඛනිජ ලවන, එළවළු, පලතුරු මෙන්ම පලා වර්ග අඩුවෙන් ආහාරයට ගැනීම නිසාවෙන් ද පිළිකාව වැලදීමේ අවදානමක් පවතින බව අධ්‍යයන මගින් තහවුරු කර ඇත.

ලාංකිකයින් ලෙස අප ආහාර පුරුදු හා ආහාර තෝරා ගැනීමේදී කොතරම් සැලකිලිමත්ද යන්න නැවත සිහිපත් කර බැලිය යුතුය.

  1.  2011/01/14 සිකුරාදා දින අංක 1688/28 දරණ ගැසට් පත්‍රය
  1. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය – 2003 අංක 09 දරණ පනත
  1. 1979 අංක 01 දරණ පාරිභෝගික ආඥා පනත
  1. 1987 අංක 01 දරණ සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත
  1. 173 වන අධිකාරිය වූ මිල පාලන පනත 

(Source;http://www.documents.gov.lk/si/gazette/php)

වර්ෂ 1980 අංක 26 දරන ආහාර රෙගුලාසි පනත (1980. ජුලි. 25) දින ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එහි අංක 1, 472/19 – 2006 නොවැම්බර් 23 බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද ගැසට්පත්‍රය මගින් Sunset Yellow (E110) හා  Carmisine (E122)  ආහාර වර්ණ ගැන්වීම සඳහා යොදාගත හැකි අනුමත වර්ණක ලෙස නම් කර ඇත. 

(Souece;http://eohfs.health.gov.lk/food/images/pdf/regulations/food_colouring_substances_regulations_2006_si.pdf)

තවද,

වර්ෂ 1980 අංක 26 දරන ආහාර රෙගුලාසි පනතේ කාණ්ඩ අංක 2 (1) යටතේ,

– සෞඛ්‍යයට අහිතකර, ස්වභාවික හෝ එකතු කළ සංඝටක අඩංගු ආහාර

– මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර

– කළවම් කරන ලද ආහාර

– ආහාර පනත/ රෙගුලාසි මගින් අනුමත නොකොට සංඝටක එකතු කිරීමට ඇති ආහාර

– යම් පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හා බෙදාහැරීම නොකළ යුතු බව දන්වා ඇත.

කාණ්ඩ අංක 2 (2) යටතේ,

– ආහාර නිෂ්පාදනය, සකස් කිරීම, ගබඩා කිරීම, හැසුරුම් කිරීම හෝ අනාරක්ෂිතව හැසුරුම් කිරීම ආදිය නොකල යුතු බව සඳහන්ය.

කාණ්ඩ අංක 3 යටතේ,

හානිකර විකිණීම, ලේබල් කිරීම, ඇසිරීම, ප්‍රවාහන ක්‍රියාවලියේදී හෝ එම ආහාරයේ ගුණය, වටිනාකම පිළිබඳව සාවද්‍ය හෝ වැරදි වැටහීමෙන් හැඟෙන තොරතුරු ඉදිරිපත් නොකල යුතුය යන්න සඳහන් කර ඇත.

උක්ත පනත් හා කෙටුම්පත් මගින්, ආහාරවලට නිරාවරණය වන රසායනික මාත්‍රාව කුමක්ද? එමඟින් අපේ සෞඛ්‍යය අවදානමට ලක්වේද? උක්ත රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් මිදීමට නොහැකි ද? යන්න ලිඛිතව සඳහන්ව ඇති නමුත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම හා මහජනයාට ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා නොදීම සැබැවින්ම කණගාටුවට කරුණකි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts