අරුගම්බේ ගැන කතාවක්
ඒ. එම්. ෆායිස්
අරුගම්බේ යනු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා ස්ථානයකි. මේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අරුගම්බේ පිළිබඳ වන කතාබහකි.
“පසුගිය මාස තුනහමාරක කාලය තුළ මට අතිවිශාල ලෙස දේවල් අහිමිවුණා. මගේ ආපනශාලාව සුළු කාලයක් විවෘතව තියලා, පසුව වසා දමනවා. මගේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන්, මට බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන්න සිද්ධවුණා. දේශීය ප්‍රජාව සඳහා මිල අඩුකිරීමෙන් අවධානය යොමු කර ගැනීමට උත්සාහ කළත්, ඒකත් උපකාරී වුනේ නෑ. පසුගිය සති දෙක තුළ සංචාරකයින් පැමිණීමේ කිසියම් යහපත් තත්ත්වයක් පවතින බව පේනවා. මේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන සර්ෆින් තරඟ සඳහා සංචාරකයින් බහුල වශයෙන් පැමිණෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා” යනුවෙන් ආපනශාලා හිමිකරුවෙකු වන එස්.එම්.අසීස් පැවසීය.
අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අරුගම්බේ යනු සංචාරක ආකර්ෂණය යොමුවුණු ප්‍රධාන ස්ථානයන්ගෙන් එකකි. 2011න් පසුව ගොඩනැගුව අසීස්ගේ ආපනශාලාව විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මත රඳා පැවතුනා. පාස්කු ඉරිදා ප්‍රහාරයන් සමඟ සියල්ල කඩාගෙන වැටුනා. ඔහු අපිට කිව්වා, කර්මාන්තය නැවත නගා සිටුවන්නේ කෙසේ ද කියලා.
“මේ අහිමිවීම් හමුවේ වුවත්, මට විශ්වාසයි මගේ ව්‍යාපාරය ලබන අවුරුද්ද වෙනකොට නැවත ගොඩනගාගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන්, අවාරයේදී අරුගම්බේ වෙත සංචාරකයන්ගේ පැමිණීම ඉතාම අඩු යි. කෙසේවුවත්, අපි ලෑස්තිවෙමින් ඉන්නේ මේ මාසේ පැවැත්වෙන සර්ෆින් තරඟය සඳහා. මේ ප්‍රදේශය තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි අලුත් ස්ථාන හඳුනාගැනීමටත්, ඒවගේම ඒවා පිළිබඳ ප්‍රචාරණය කිරීමටත් රජය පියවර ගතයුතු යි. පොදු ප්‍රවාහනය, විදුලිය කැපීම හා මාර්ග සංවර්ධනය ආදී ගැටලු යථා තත්ත්වයට පත්කිරීමටත් රජය කටයුතු කළ යුතු යි. මේ දේවල් සංචාරක කර්මාන්තය සඳහා ඉතා වැදගත්” යනුවෙන් එක්සත් රාජධානියේ සිට පැමිණි ජෝසප් ජෝආඕ විසින් පැවසීය. ඔහු අරුගම්බේ පිහිටි හෝටලයක හිමිකරුවෙකි.
ආයෝජකයන්ට ආයෝජන කටයුතු සිදුකිරීම සඳහා වඩාත් සාමකාමී හා ධනාත්මක වටපිටාවක් පැවතිය යුතු යි.
ශ්‍රී ලංකාව සංවර්ධනයවෙමින් පවතින රටක් වශයෙන්, විවිධ දිරිදීමනා විදේශීය ආයෝජකයන්ට ලබාදෙමින් රජය ඔවුන්ව ධෛර්යමත්කරන ආකාරයක් දක්නට ලැබෙනවා. ආයෝජකයන්ට තම ආයෝජන කටයුතු වෙරළේ සිදුකිරීම සඳහා වඩාත් සාමකාමී හා ධනාත්මක වටපිටාවක් පැවතිය යුතු යි. ජෝඕවා ද, අපේ රටේ ඒවන විට පැවති තත්ත්වය පදනම් කරගෙන, 2011 න් පසුව මෙරටට පැමිණි ආයෝජකයෙක්.
“සංචාරක ව්‍යාපාරය පදනම් කරගෙන විවිධ ආකාරයේ ව්‍යාපාරයන් දියුණු කළ හැකි යි. ඒ අතරින්, වඩාත් සාර්ථක ව්‍යපාරයක් වන්නේ දේශීය හස්ත කර්මාන්ත සහ ඇඳුම් වෙළදාම යි”යනුවෙන් හස්ත කර්මාන්ත අලෙවිකරුවෙකු වන තංගරාජා ජෙගන් විසින් පැවසීය. “පසුගිය අවුරුද්දේ මේ කාලවකවානුව වනවිට ව්‍යාපාරයන් ඉතා උසස් තැනක පැවතුණා. මේ වසරේ ව්‍යාපාරයන් 10%කින් පමණ කඩා වැටිලා තියෙනවා. ඉදිරි මාසවල දී මේ තත්ත්වය යහපත් අතට පත්වේ යැයි අපි අපේක්ෂා කරනවා. අපි විශේෂයෙන්ම බලාගෙන ඉන්නේ සර්ෆින් තරඟ ගැන”
දියමත ලිස්සා යන පුවරු (surf board) විකුණන වෙළඳසලක සේවය කරන ඒ.එල්.එම්.ජවුෆර් සඳහන් කළේ “දියමත ලිස්සා යන මෙම පුවරු මිලදී ගැනීමට, කුලියට ගැනීමට හෝ අලුත්වැඩියා කර ගැනීමට කවුරුවත් එන්නේ නෑ. නමුත්,මේ කාලයේ අපිට ලොකු අපේක්ෂාවක් තියෙනවා. අපේ නිරීක්ෂණයන්ට අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ සංචාරකයින්ගේ පැමිණීම 80% කින් පමණ පහත වැටුණා වගේම, අපේ ආදායමත් අඩුවුණා. මන්ද, හදිසි නීතියත් සමඟ සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල හමුදා බලකායන් මුර සංචාර සිදුකරනු ලැබූ අතර එම ප්‍රදේශවල සිදු වූ අසතුටුදායක සිදුවීම්, සංචාරකයින් තවදුරටත් අධෛර්යමත් කිරීමට හේතු වුණා. ආරක්ෂාව අත්‍යවශ්‍ය යි. නමුත්, බර අවිගත් හමුදාව වෙනුවට රජය යොදවන්න ඕන සංචාරක පොලිසිය යි. ආයුධ සමඟ වීදිවල සැරිසරන හමුදාව, සාමකාමී ස්ථානයකට අදාළ සංකේත පෙන්නුම් කරන්නේ නෑ. ප්‍රධාන ලෙස හඳුනාගත් ප්‍රදේශ සඳහා මෙවැනි දැඩි ආරක්ෂාවක් යෙදවීම ගැටලුවක් නෙවෙ යි, නමුත් සෑම ප්‍රදේශයකම එසේ කළයුතු නෑ. වර්තමානයේ රටේ පවතින තත්ත්වය මෙලෙසම පවතිනතාක්, ඉදිරි සතිවල සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්” යනුවෙන් ඔහු පැවසීය.
ඕස්ට්‍රේලියානු සංචාරකයෙක් වන නිතියා හට වඩාත් ධනාත්මක දැක්මක් පවතිනවා.
ඇය පවසන පරිදි “ලංකාව කියන්නේ හරිම ලස්සන රටක්. මෙහෙ එන්න දැන් මම බය නෑ, තත්ත්වය ඉතා සාමකාමී යි. වීසා ලබා ගැනීමේ ක්‍රියාපටිපාටියත් මගේ කාලය ඉතිරි කළා. ඔබ එකසැරයක් තීරණය කළොත් ලංකාවට යන්න ඔබට ගුවන් ගමන ලබාගතහැකි අතරම ඔබ ළඟාවෙන ස්ථානයෙන් වීසා ලබා ගත හැකිවෙනවා. මෙවැනි සහනයක් ලංකාවේ රජය මඟින් ලබාදීමෙන් පැහැදිලිවෙනවා, ඔවුන්ගේ ආදරණිය පිළිගැනීම පිළිබඳව.”
වාර්තාවන්ට අනුව, 2018දී විදේශීය සංචාරකයන් මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට පැමිණ තියෙනවා වගේම, බිලියන 4.5 ක විදේශ විනිමයක් උත්පාදනය කරලා තියෙනවා. නමුත්, මෙම වසරේ එය ප්‍රබල ලෙස පහත වැටිලා තියෙනවා. ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කිරීමේ උත්සහයක් ලෙස රජය විසින් රටවල් 46කට අදාළ විදේශිකයන් සඳහා රටට ළඟා වූ පසු වීසා ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම හරහා මෙම තත්ත්වය මර්ධනය කිරීමට උත්සාහ කළා.
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත සභාව මඟින්, සංචාරක කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින් සඳහා මාර්ගෝපදේශයන් සැපයීමේ අතරමැදියෙකු ලෙස ක්‍රියාකරමින් ව්‍යවසායකයන් මුහුණදෙන ගැටලු විසදීම සඳහාත්, ඔවුන්ගේ ආදායම් වර්ධනය කිරීම සඳහාත් උපකාරීවෙනවා.
මෙම සභාවේ සභාපති ඒ.එම්.ජවුෆර් පවසන්නේ “පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව හමුදා සොල්දාදුවන්ගේ හා සිවිල් ජනතාවගේ සහයෝගය මත පසුගිය මාස දෙක ඇතුළත මෙම ප්‍රදේශයේ තත්ත්වය යම් මට්ටමකට සාමාන්‍ය අතට හැරිලා තියෙනවා. වර්තමානයේ, සංචාරකයන් ගලා ඒමේ වර්ධනයක් පවතිනවා. අප්‍රේල් සිට නොවෙම්බර් දක්වා කාලය කියන්නේ, අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සඳහා වඩාත් හොඳ කාලයක් වෙනවා. සංචාරක කර්මාන්ත සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධනයට හා සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය මුදල් වෙන්කරලා තියෙනවා. මෙම මාසයේ දී, ලෝක සර්ෆින් තරඟාවලිය පැවැත්වෙන බැවින්, සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් මෙන්ම සංචාරක කර්මාන්තයේ සංවර්ධනයක් ඇතිවේ යැයි අපි අපේක්ෂා කරනවා. හෝටල් ගොඩනැගීම සඳහා හා ඊට අදාළ ව්‍යාපාරික කටයුතු සඳහා ණය මුදල් ලබා ගත් පුද්ගලයන්ට එම මුදල් ආපසු ගෙවීමේ කාලය රජය විසින් වසරක කාලයකට දීර්ඝ කර තිබෙනවා. සංචාරක ව්‍යාපාර ව්‍යවසායකයන්ට, තම ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ග්‍රාමීය සංවර්ධන බැංකුව හරහා ලක්ෂ 5ක් දක්වාවන පොලී රහිත ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මකකරලා තියෙනවා. රජය විසින් මෙම ණය ලබාදීමේ වැඩපිළිවෙල සඳහා ග්‍රාමීය සංවර්ධන බැංකුව පමණක් තෝරා ගැනීම හේතුවෙන්, බලපෑමට ලක් වූ පාර්ශවයන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී තිබෙනවා. මෙය වළක්වාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ජංගම බැංකු සේවාවන් හරහා මෙම ක්‍රියාවලිය පහසුකිරීමේ විධිවිධානයන් සකස් කළ යුතු යි.
This article was originally published on the catamaran.com