තොරතුරු දැනගැනීමේ අයිතිය

අභිමානවත් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 2,23,508 ක් රජයෙන් සහනාධාර ඉල්ලති

මොහොමඩ් ආසික්

ශ්‍රි ලාංකිය ඉතිහාසය ගවේශනයේදි පෙර රජ දවස සිට ඊට හිමි වනුයේ සුවිශේෂි ස්ථානයකි අතීත ශ්‍රී විභුතිය හේතුවෙන් ද ගොවිතැන සහ වෙනත් බව භෝග වගාවෙන්ද මහනුවර සුපෝෂිත නගරයක් ලෙස විරුදාවලිය ලබා ඇත.එහි වෙසෙන අභිමානවත් වැසියන්ගේ ජිවිත වර්ථමානයේ මුහුණ දි සිටින ඛේදවාචකයේ තරම මැනවින් පැහැදිලි වනුයේ සහනාධාර මත යැපෙන ජනතාවක් අහ එහි වෙසෙන බව හෙළිවිමත් සමගය.

රජය මගින් අඩු ආදායම්ලාභී  පවුල් සඳහා ලබා දීමට යෝජනා කර ඇති නව සහනාධාර ක්‍රමය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් සහනාධාර ලබා ගැනීම සඳහා පවුල් 2,23,508ක් ඉල්ලුම් කර ඇති බව 2016 අංක 12 තොරතුරු දැන ගැනීමේ පනත  යටතේ  කරන ලද ඉල්ලීමකට ලැබුණු පිළිතුර  අනුව හෙළිව තිබේ.

මහනුවර දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාස 13 කින්  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  20 කින්  සහ ග්‍රාම නිලධාරි වසම් 1188 කින් සමන්විතව තිබේ.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ඉල්ලීමක් සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරි සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.පි.යූ. කේ. ජයරත්න මහතාගේ අත්සනින් එවා ඇති තොරතුරු අනුව මේ බව හෙළි වෙයි.

මහනුවර දිස්ත්‍රික්කය වර්ග කිලෝ මීටර් 1940 කින්, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 20 කින් සහ ග්‍රාම නිලධාරි වසම් 1188 කින් සමන්තිව වෙයි.

ග්‍රාමීය ජනගහනය වැඩි වශයෙන්  ජීවත් වන මහනුවර දිස්ත්‍රික්කය තුළ නාගරික සහ වතු ජනතාවද සැලකිය යුතු ප්‍රමාණයකින්  ජිවත් වෙති.

රජය මගින් ලබා දීමට යෝජනා කර ඇති නව සහනාධාර ක්‍රමය යටතේ දිස්ත්‍රික්කයේ තත්වය පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම්  පනත යටතේ  ලබා ගත් තොරතුරු පදනම් කර ගෙන මෙම  ලිපිය සැකසේ.

මහනුවර දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාව 3,48,019 ක් වන අතර එය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අනුව මෙසේයි. තුම්පනේ  9,926 ක් , පූජාපිටිය 14,246 ක්, අකුරණ 13,546 ක්, පාතදුම්බර 22,130 ක්, පන්විල 7,076 ක් උඩදුම්බර 6,382 ක්,මිනිපේ 14, 178 ක්, මැදදුම්බර 16,310 ක් කුණ්ඩසාලේ 32,327 ක් ගඟවටට කොරළය 37,230 ක්, හාරිස්පත්තුව 22,603 ක් හතරලියද්ද 8,129 ක් යටිනුවර 27,305 ක් උඩුනුවර 27,517 ක් දොළුව 13,131 ක්. පාතහෙවාහැට 15,127 ක්..දෙල්තොට 7,797 ක් උඩපළාත 23,318 ක් ගඟ ඉහළ කෝරළය 14,388 ක් සහ පස්බාගේ කෝරළය 15,353 ක් වන අතර එය සමස්ත වශයෙන් පවුල් 348,019 ක් වෙයි. 

ග්‍රාමීය නාගරික මෙන්ම වතු ආශ්‍රිත පවුල්ද ජීවත් වන මහනුවර  දිස්ත්‍රික්කයේ රජය මගින් ලබා දීමට යෝජිත  නව සහනාධාරය සඳහා  පවුල් 2,23,508 ක් ඉල්ලුම් කර ඇති අතර එම පවුල්  සංඛ්‍යාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙලෙස සටහන් වෙයි. 

ගඟවට කෝරළය පවුල්  15,248 ක්. කුණ්ඩසාලේ  පවුල් 20,770 ක් පාතදුම්බර  පවුල් 12,663 ක් පන්විල 5,194 ක් යටිනුවර 12,666 ක් උඩනුවර 14,531 ක් උඩපළාත 14,960 ක්. දොළුව 11,010 ක් පාතහේවාහැට 11,291 ක් දෙල්තොට 8,081 ක් මැදදුම්බර 14,315 ක් . උඩදුම්බර 5,735 ක් මිනිපේ 12,498 ක් අකුරණ 8,887 ක් පූජාපිටිය 13,787 ක් හතරලියද්ද 5,109 ක් තුම්පනේ 5,381 ක් ගඟ ඉහළ කෝරළය 10,965 ක් සහ පස්බගේ කෝරළය 11,728 ක් වශයෙන් දිස්ත්‍රික්කයේ පවුල් 2,23,508 ක් සහනාධාර ඉල්ලා ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

2019 වසරේ කරන ලද සමීක්ෂණයක් අනුව  මහනුවර දිස්ත්‍රික්කයේ වතු ප්‍රජාව වශයෙන් පුද්ගලයින් 91,857 දෙනෙකු වාර්තා වී ඇති අතර  වතු ආශ්‍රිත ජනගහණය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙලෙස සඳහන්ව තිබේ.  පූජාපිටිය 1,297 ක් ,අකුරණ 231 ක් , පාතදුම්බර 275 ක් පන්විල 14,558 ක් උඩදුම්බර 1,853 ක් මැදදුම්බර 9,846 ක් කුණ්ඩසාලේ 912 ක් , ගඟ වට කෝරළය 2,341 ක් හාරිස්පත්තුව 807 ක්,හතරලියද්ද 428 ක් ‍.යටිනුවර 2,182 ක් උඩුනුවර 1,116  ක්,දොළුව 7,391 ක්. පාතහේවාහැට 2,704 ක්  දෙල්තොට 10,123 ක් උඩපළාත 13,752 ක්, ගඟ ඉහළ කෝරළය 5,497 ක්,පස්බාගේ කෝරළය 16,545 ක් වශයෙන් දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයින්  ගණන 91,857 කි. 

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව මෙම තොරතුරු ලබා ගැනිමේ අරමුණ වුයේ මහනුවර දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවය පිළිබඳව සොයා බැලීමයි.  රජය මගින් ලබා දීමට යෝජිත නව සහනාධාර සඳහා පවුල් 2,23,508 ක් ඉල්ලුම් කිරිම මගින් දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවයේ යම් පැතිකඩක් පෙන්නුම් කළද, සහනාධාර ලබා දීම සඳහා තෝරා ගත්  ප්‍රමාණය ගැන සටහනක් නොමැති නිසා එය තහවුරු කළ නොහැකි වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ 2019 සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දිස්ත්‍රික්කයේ පවුල් 43,800 ක පුද්ගලයින් 2,04.700 ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට ලබා දී ඇති තොරතුරුවල සටහන්ව ඇති අතර එය සමස්ත දරිද්‍රතා  ප්‍රතිශතය අනුව සියයට 6. 7 ක් වෙයි.  2001 දී  එම ප්‍රමාණය පවුල් 9,000 පුද්ගලයින් 42,700 ක් වී ඇත. එය දරිද්‍රතා ප්‍රතිශතය සියයට 6.2 ක් වෙයි.

මහනුවර දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ දෙවැනි අගනගරය පිහිටි ප්‍රධාන දිස්ත්‍රික්කයයි.  ආර්ථිකය අතින්ද යම් පෝෂණයක් ලබා ඇති කෘෂිකර්මයට මුල් තැන දෙනු ලබන දිස්ත්‍රික්කයක්ද වෙයි. මෙම දිස්ත්‍රික්කය තුලද ජීවත් වන ජනතාව අතරින් සමාජය යටින් දිවෙන දරිද්‍රතාවය පෙන්නුම් කරන මිනුම් දඩු වශයෙන් මෙම සංඛ්‍යාලේඛන සටහන් කළ හැකිය. 

පසුගිය වසර  තුනක පමණ කාලය තුල රටේ පැවැති කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කබලෙන් ලිපට වැටුණු ජනතාවට  මේ වන විට රජයෙන් සහනාධාර ඉල්ලීම හැර වෙන විකල්පයක් නොමැති බව ද මෙම සංඛ්‍යාලේණවලින් හෙළි වන තවත් කරුණකි. සහනාධ‌ාර ඉල්ලා ඇති පවුල් අතුරින් සහනාධාර  ලැබීම සඳහා සුදුසුකම් ලබන පවුල් අනුව මෙහි බැරෑරුම් කම තව දුරටත් වටහා ගත හැකි වනු ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts