අනුලා රැජින:ස්ත්‍රි පුරුෂ භාවය, සංහිඳියාව පිළිබඳව එක් රාත්‍රියක ඇතිවූ සංවාදයක්
නැටලී සොයිසා සමඟ කසුන් මුණසිංහ
ව්‍යාජ බුද්ධිමය සංවාද ශ්‍රි ලංකාව තුල අති සුලභ දෙයකි. නිතරම අප විවිද මාතෘකා පිළිබඳව මෙවන් සංවාද වල යෙදෙන අතර, “සංහිඳියාව” අතිශයින්ම ජනප්‍රිය මාතෘකවකි.තවත් එමෙන්ම ජනප්‍රිය මාතෘකාවක් වන්නේ “ස්ත්‍රී පුරුෂ භාවය”යි. මේ අතරතුර හදිසියේම අපගේ කතිකාවේ ප්‍රමුඛස්තානය අනුලා රැජිනට ලැබේ.
” නපුරු රැජින” ලෙස නම්ලත් මැය ගැන ඔබ පෙර අසා තිබේද?
ශ්‍රි ලංකාවෙහි පළමු සහ එකම රැජින තම රට පාලනය කළ අයුරු පිළිබඳව අපගේ ඉතිහාස පොත් වලද කිසිදු සටහනක් ද නොමැත.කොටින්ම කියුවහොත්, ශ්‍රී ලංකාවෙහි පළමු සහ එකම රැජින තම රට පාලනය කළ අයුරු පිළිබඳව අපගේ ඉතිහාස පොත් වලද පැහැදිලි සටහනක් නොමැත.
අපේ ඉතිහාස පොත්වලට අනුව අනුලා රැජින ශ්‍රී ලංකාව පාලනය කෙරූ රැජිනකි. ඇය අනුරාධපුර යුගයේදී රජකම් කළේ වසර පහක් වැනි කෙටි කාලයක් තුළ ය. ඇයගේ පාළනය ඉතා කෙටිකාලීන වුවද, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම කරුණක් වන අතර ඇය අප රටෙහි පළමු රාජ්‍ය නායිකාව වූවා සේම මුළු ආසියාවේම ප්‍රථම රාජ්‍ය නායිකාව යැයි ද පැවසිය හැක. මෙරට පාලනය කළ කිසිම පිරිමි රජෙකුට මෙම ගති ලක්ෂණ නොතිබුණාක් මෙන්, ඉතිහාස පොත්වල මෙන්ම, සාමාන්‍ය ජනයා අතරද අනුලා රැජින ප්‍රචලිත වී ඇත්තේ මිනීමරු, ද්‍රෝහී, බලයට කෑදර වූ රැජිනක් ලෙසයි. පිරිමියෙකු මෙන් හැසිරීම සහ පිරිමි ගති ලක්ෂණ ඇති වීම නිසා අපි කාන්තාවක් හෑල්ලුවට ලක් කරන විටදී, අප නොදැනුවත්මව අප අසලම සිටිනා පුද්ගලයන්, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය පමනක්ම සැලකීමට ගෙන ඔවුන් සමඟ වෙන්වීමක් සහ බෙදී යෑමක් සිදුවේ.
වලගම්භා රජතුමාගේ මරණයෙන් පසු (77 BC), ඔහුගේම පුත්‍රයා වන චෝරන්ග කුමරා හට තම ඔටුන්න අහිමි කරමින්, වලගම්භා රජතුමාගේ බෑණා, මාකුලී මහාතිස්ස ලෙස නම් ගෙන කිරුළු පළඳීයි. මෙයින් ඉමහත් ඊර්ෂ්යාවට පත්වූ චෝරංග, සිංහාසනය තමන් වෙත ලබා ගැනීම සඳහා, මාකුලී මහතිස්ස රජුගේ මරණය තෙක් වර්ශ 14ක් පමන ඉවසීමේන් ගත කළහ. චොරංග කුමරා රජ ලෙස කිරුළු පළඳින විටදී, ඔහු තම ප්රධාන බිරිඳ වන අනුලා සිය රැජින ලෙස රැගෙන ගියේය. චෝරංග රජුගේ පාලනය වසර 12 ක් පුරා පැවතුන අතර, ඉන් ඉක්බිත්තේන්, අනුලා රැජින තම රාජකීය මන්ත්රීවරුන්ගේ සහාය ඇතිව චෝරංග රජුට වස පෙවූ බවට ඉතිහාසයේ ලියවී ඇත. කිරුළ හට කිසිදු හිමිකමක් නොමැති අනුලා රැජින ඉන්පසුව නාමයෙන් පමනක් එවකට රැජින ලෙස කිරුළු පැළඳීය. ඇය හට පාලක බලතල නොමැති වූවද, ඇයට රාජකීය සේවකයන් පාලනය කිරීමට හැකියාව සහ ඉඩ කඩ තිබුනි. මාකුලි මහාතිස්සාගේ පුත් කූඩා තිස්ස, චෝරංගයන්ගෙන් පසු රජ වූ අතර ඔහුද අනුලා ව තම රැජින ලෙස පත් කළේය. කුඩා තිස්සගේ පාලනය වසර තුනක් වැනි ඉතා කෙටි කාලයක් පැවතුන අතර අනුලා රැජින ඔහුට ද වස දී මාලිගාවේ මුරකරුවෙකු වෙත කුඩා තිස්සගේ බලතල භාර දුන්නේය. මේ වනවිටදී, අනුලා රැජින නිල වශයෙන් බලයේ නොසිටියද, සියළුම රාජකීය සේවකයන්ගේ පාලනය ඇය යටතේ පැවතුනි. රජකමට කිසිදු ලෙස හිමිකම් නොකී කෙනෙකුට කළ හැකි දේ ඉතා ඉමහත් බව මෙයින් පැහදිලි වේ. නමුත් ඉතිහාසය ඇයගේ කතාව අපට පවසන්නේ එලෙස නොවේ. ඇය මානසිකව සහ කායිකව ඉතාමත්ම ශක්තිමත් කාන්තාවක් වූ බව පසෙකළා, ඇයගේ අඩුපාඩු සහ ක්රියාවලිය පිලිබඳව පමනක් ඉතිහසයේ සඳහන් වී ඇත.
ජනප්‍රිය සංස්කෘතියෙහි සහ ඇතැම් ඉතිහාසාත්මක ග්‍රන්ථවලට අනුව අනුලා රැජින හැඳින්වෙන්නේ “අනුලා බිසව” ලෙස මිස “අනුලා දේවිය” ලෙස නොවේ. “බිසව” යන්නේන් හඳුන්වන්නේ, කිසිම අර්ථවත් බලයකින් තොර, රජකුගේ ප්‍රධානම භාර්යාවයි. එහෙත්, “දේවිය” යන්නේන් හඳුන්න්වන්නේ, සැලකිය යුතු රාජකීය බලයක් ඇති රාජකීයකු ය. මෙවන් ආමන්ත්‍රණයන් අප ඉතිහාසයේ භාවිතාවෙන් පෙනී යන්නේ, අනුලා රැජින හට පාලකයා ලෙස බලය තිබුනද, ඇයව සැබෑ “රැජිනක්” ලෙසසි කිසිවිටකදී පිලිගෙන නොතිබුනු බවයි.එක් “රජෙකුගෙන්” තවත් රජෙකු දක්වා මාරුවීමට ඇයට හේතු වූයේ මෙය යැයි ද කෙනෙකුට තර්ක කළ හැකිය. කුඩා තිස්ස රජුගේ ඝාතනයෙන් ඇය බලය ලබාගත් අනතුරුව, හතර වතාවකදීම, ඇය තමන්ගේ ස්වාමිපුරුශයා ලෙස සිටි අයවළුන් විටින් විට වෙනස් කෙරූ බව ද් සඳහන් වේ. ඉතිහාසයට අනුව, රජකු හට තම බිරිඳ වෙනස් කිරීමට අවශ්ය වුවහොත් කළ යුත්තේ ඇයව වෙනත් බිරිඳක් සඳහා මාරු කිරීමක් පමනි.කෙසේ වෙතත්, අනුලා රැජින ඇයගේ සැමියා හට සංකේතාත්මක බලය ලබා දී තිබූ අතර, එම තනතුර සැබැවින්ම පාළනය කළේ ඇය විසින්ය. එමනිසා, ඇය හට තම සැමියන් වෙනස් කිරීමට අවශ්ය වූ විටදී එය කළ හැකි එකම විදිහ වන්නේ ඔවුන්ව ඝාතනය කිරීමේන් පමනි. රූපමය රජු හට තම රාජධානිය කෙරෙහි සැබෑ බලයක් ලබා ගැනීමට අවශ්යතාවයක් ඇතිවිය හැකි හෙයින් ඇයට මෙම ක්‍රම භාවිතා කිරීමට සිදු වූ බව කෙනෙකුට තර්ක කළ හැකිය.
අනුලා රැජිනගේ කතාව මිනීමැරීම්, පාවාදීම් සහ බලයට කෑදරකම පිළිබඳ ලියැවුණු කතාවකි.නමුත් ඇගේ පිරිමි සගයන් හා සසඳන විට, සමහරු අනාවැකි නිසා ඔවුන්ගේ නෑදෑ පුත්රයන් ද ඝාතනය කළ අතර, ඇගේ ලේ සෙලවීම් හා නොසලකා හැරීම අනෙක් නායකයින් ගේ ක්රියාවට වඩා කිසිසේත් වෙනස් නොවේ. ඉතිහාසමය සාහිත්යයට අනුව, රජවරුන් තමන්ගේ විනෝදය සඳහා උපභාර්යාවන් විය ගනනක් තබා ගැනීම අතිශයින්ම දුලභ විය. මේ සියල්ලම එක හා සමාන නම්, අනුලා රැජින ඇගේ උපසැමියන් සහ ඝාතනයන් සම්බන්ධයෙන් සුප්රකට වන්නේ ඇයි? රාජ්ය නායකයෙකු අතින් මෙවන් දේවල් සිදු වීම සාමාන්ය දෙයක් වූ කලී, ඉතිහාස පොත් තුල ඇයව ද්රෝහී, දුෂ්ඨ, කෲර කාන්තාවක් ලෙස නිරූපණය කළේ ඇයි? ඒ ඇය කාන්තාවක් වූ නිසා පමණි. අප කාන්තාවන් දෙස බලන ආකාරයෙහි බරපතල වැරැද්දක් ඇති අතර එය වෙනස් වන බවක් නොපෙනේ.
මෑත කාලයේදී ද අප හට දැකගන්න පුළුවන් වන්නේ, කාන්තා දේශපාලකයින් සහ ලොව බලවත් කාන්තාවන් අතින් සිදුවන, පිරිමින්ට පහසුවෙන් ගැලවිය හැකි දෑ හේතුකොටගෙන ඔවුන්ව හංවඩු ගැසීමකි. දික්කසාදය, කාමමිථ්යාචාරය සහ මත්පැන් පානය කිරීම පුරුෂයින්ට හා කාන්තාවන්ට සමාජීය ලෙස වෙන් වෙන්ව හුවාදක්වන අතර, සමාජීය මතයන් ද මෙලෙස බෙදී වෙන්කොට ඇත. කාන්තාවන් හට බලය තිබුනද නොමැති වූවද, සැරයටියේ කෙටි අග කාන්තාවන්ටම සෑමවිටකදීම ලැබෙන අතර අපට එයින් මිදීමට මාර්ගයක් සොයා ගත නොහැකි බවක් දිස් වේ. අප සිටින ආකාරයට සහ සැබැවින්ම තමන් වීමට ඇති අකමැත්ත සහ අපහසුතාවයන් ඉවත් කර අප නිර්භීත වන තුරු, මෙම අදහස් මැලියම් මෙන් අප සමඟ දිගටම ඇලී පවතිනු ඇත.
බලයේ සිටින කාන්තාවන් සමඟ සාමය ඇති කර ගැනීමට සහ සංහිඳියාවෙන් ක්‍රියා කිරීමට අපේ සමාජයට ඇති නොහැකියාව, කුඩා සිදුවීමකින් පවා හැකියාවෙන් යුතු නැගී එන කාන්තාවකට තම සමස්ත වෘත්තියම බිඳ වැටීමට ඇති ඉඩ අති විශාලය. දිවයිනේ පළමු කාන්තා නායිකාව පත්වී සියවස් විස්සකට පසුවත් ශ්‍රී ලංකා සමාජය බලයේ සිටින කාන්තාවන් සමඟ සමගි වී නැති බව පෙනී යයි. අප මේ සමඟ සමාදාන වීමට කාලය පැමිණ තිබේ.
අද රෑ අපේ සංවාදය වූයේ එයයි. මාගේ හිතට නැගෙන්නේ හෙට අපගේ මාතෘකාව කුමක් වේවිත් එය කිනම් මාතෘකාවකින් කෙළවර වේවිද යන්නයි. ජාතිය නැත්නම් ආගම? නමුත් එය තවත් දිනක් සඳහා ය. දැනට, සුබ රාත්‍රියක්.
Queen Anula: Gender, Reconciliation & A Late Night Conversation
அனுலா ராணி – பால்நிலை, நல்லிணக்கம் பற்றிய ஒரு நள்ளிரவு உரையாடல்