සමාජ

අන්තවාදී පිරිස් අන් අය නොමඟ යවනවා

ඉසෙඩ්. ඒ. රහුමාන්

ශ්රී‍ ලංකාවේ ජනවාර්ගික පදනමක් සහිත පාසල් ගොඩනැඟීමෙන් පසු, ජනවර්ග අතර පරතරය වැඩිවීමේ ඉඩ කඩක් පැනනැඟුණු බව පවසන අඩාලච්චෙන ගුරු විද්යා ලයේ ජ්යෙිෂ්ඨ කථිකාචාර්ය අන්සර් ෆලීල් මවුලානා අපේ රට තුළ සෑම ආගමකම පවතින යහපත් දේවල්, සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් සිසුන්ට උගන්වන සාරධර්ම අධ්යා පන පද්ධතියක් ක්රිසයාත්මක විය යුතු බව කියයි.

වෘත්තීය කථිකාචාර්යවරයෙකු වශයෙන්, ඔබ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රචාරක කමිටුවේ සාමාජිකයෙක්. ආගම මත පදනම් වූ ජනතා කරලිය මත ඔබ ක්‍රියාකරන්නේ කෙසේ ද?

මගේ ප්‍රජා සේවයේ කොටසක් වශයෙන්, මම සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රචාරක කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරනවා. මේ ඔස්සේ, මම ජනවාර්ගික සංහිඳියා ක්‍රියාකාරකම් බොහොමයක් ක්‍රියාත්මක කරනු ලබනවා. සුවිශේෂී ලෙස, ජනතාව අතර වර්ගවාදී සහජීවනය නිර්මාණය කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රචාරණ ශිල්ප ක්‍රම මොනවාද යන්න පිළිබඳව ආගම උගන්වන්නන් (මවුලවීවරු) සඳහා සුදුසු වැඩසටහන් පවත්වනවා මෙන්ම ආගමික ඉගැන්වීම් පිළිබඳවත් පැහැදිලි කරනවා. ජාතිවාදී සහ අන්තවාදී අදහස් වැළක්වීම අරමුණු කරගත් සම්මන්ත්‍රණ මම පවත්වනු ලබනවා. මීට අමතරව, විද්‍යාපීඨය හා ගුරු විද්‍යාලය තුළ, වාර්ගික සහජීවනය පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් අනුබල ලබාදෙනවා. සංහිඳියාව පිළිබඳ පණිවිඩය, ඉදිරියට ගෙන යා හැකි ශිෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීම මගේ චේතනාව යි.

  

ජනවාර්ගික සංහිඳියාව පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටිකෝණය කුමක් ද?

මුස්ලිම් පුද්ගලයෙක් සාමයට කැමති පුද්ගලයෙක් විය යුතු යි; ඉස්ලාම් ධර්මය වාර්ගික හෝ අන්තගාමී නොවේ. සමහර පුද්ගලයන් මේ පිළිබඳ වැරදි වැටහීමකින් සිටිනවා මෙන්ම ව්‍යාකූලත්වයකින් යුතුවෙනවා. ඉස්ලාම් ධර්ම දේශකයා වන මුහම්මද් පැවසුවේ “ඔබ අතරින් හොඳමකෙනා වන්නේ, අන් අයට කරුණාව දක්වන තැනත්තා යි” යනුවෙනි. මෙයින් අදහස්වන්නේ, ජනවාර්ගිකත්වය පිළිබඳ නොසළකා, මුස්ලිම් පුද්ගලයා සියළුම මිනිසුන්ට උපකාර කළයුතු බව යි. එය තමයි ඉස්ලාමීය මතය.

  

ශිෂ්‍යයන් අතර පවතින වාර්ගික බැඳීම හීනවෙමින් පවතින බවට දෝෂාරෝපණයක් පවතිනවා. අපි මෙය ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේ ද ?

නිදහසින් පසුව, ආගම හා භාෂාව මත පදනම්ව පාසල් වෙන්කරනු ලැබුවා. ජනවාර්ගික හෝ ආගමික වශයෙන් සමාන ශිෂ්‍යයන් එක් පාසලක් තුළ ඉගෙනගැනීම ආරම්භකළා. මෙසේ, අනෙකුත් ප්‍රජාවන්ගේ ආගම හා සංස්කෘතිය පිළිබඳ සිසුන්ට දැනගැනීමට ඉඩප්‍රස්ථා ලැබුනේ නෑ. මෙය, ප්‍රජාවන් අතර සබඳතාවයන් ගොඩනැගීමට බාධාවක් වුණා. මෙවැනි පසුබිමක් සහිතව විශ්වවිද්‍යාලවලට පැමිණි සිසුන්, මෙම විභේදනය එලෙසම පවත්වාගෙන ගියා. ඔවුන්ගේ පාසැල්වල මෙන්, සමාන ජනවාර්ගික ප්‍රජාව සමඟ හවුල්වීමට ඔවුන් බොහෝ කැමත්තක් දැක්වුවා. මේ හේතුවෙන්, ජනවාර්ගික සබඳතා වර්ධනය කිරීමට අපහසුවෙනවා. එම නිසා, උසස් අධ්‍යාපන ආයතනවල, විද්‍යාලවල, විශ්වවිද්‍යාලවල සහ අපේ වගේ බහු -ජනවාර්ගික රටවල්වල “සාරධර්ම අධ්‍යාපන’’ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා.

  “ සාරධර්ම අධ්‍යාපනය”යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද?

සාරධර්ම අධ්‍යාපන යනු ආගමික අධ්‍යාපනය සඳහාවන විකල්පයක්. එය සියළුම ආගම් තුළ පවතින යහපත් සහ පොදු තේමාවන් එක් කරගනිමින් සකස් කරගත් දෙයක්. නිදර්ශන ලෙස, එය, සෑම ආගමකම ඇතුළත්වන සෑමදෙනාටම ආදරය කිරීම, සියළුදෙනාටම සමානාත්මතාවයක් සහිත යුක්තිය, ත්‍යාගශිලීත්වය, සාධාරණත්වය සහ අවංකකම වැනි සාරධර්මයන් මඟින් ආවරණය කරනු ලබන අධ්‍යාපන ක්‍රියාපිළිවෙළක්. සෑම ආගමික ජනතාවකටම අවශ්‍යවන්නේ මෙය යි. බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය වැනි යුරෝපීය රටවල්වල, පාසල් මට්ටමින් සහ උසස් අධ්‍යාපන ආයතනයන් හි මෙම වැඩ සටහන ක්‍රියාත්මකවන අතරම, විශ්වවිද්‍යාල තුළ විශේෂිත විෂයක් වශයෙන් වර්ධනය කර තිබෙනවා. එය මානවවාදී අධ්‍යාපන පීඨය ලෙස හඳුන්වයි. ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය සහ මාලදිවයින වැනි ආසියානු රටවල්වල ද මෙම සාරධර්ම අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. සාර්ක් ප්‍රකාශනයේ ද මෙය සඳහන් කර තිබෙනවා. සෑම ආගමකින්ම යහපත් වටිනාකම් ළඟාවෙනවා. කුමන ආගමික පාඨයන් ඉගැන්වීම් සඳහා පාදක කරගෙන තිබේ ද යන්න පිළිබඳව, යුරෝපියානු උසස් අධ්‍යාපන වැඩසටහන්වල සඳහන්වන්නේ නෑ. කෙසේවෙතත්, පකිස්ථානය, බංගලාදේශය සහ මාලදිවයින වැනි ආසියානු රටවල්වල, ඔවුන් පාඨයන් උපුටාගත්තේ කුමන ආගමික ග්‍රන්ථයන්ගෙන් ද යන්න සඳහන් කර තිබෙනවා (කුරානය, බයිබලය, භගවත්ගීතාව, මහාවංශය).

  ශ්‍රී ලංකාවට සාරධර්ම අධ්‍යාපනය හඳුන්වාදීමට පවතින හැකියාවන් කෙබඳු ද?

ශ්‍රී ලංකාවේ පවතින ශාස්ත්‍රපති හා දර්ශනශුරී උසස් අධ්‍යාපන පාඨමාලා සඳහා මෙම අධ්‍යාපන ක්‍රමය දැනටමත් අඩංගුකර තිබෙනවා. විශේෂ වැඩසටහනක් වශයෙන් පාසල් මට්ටම සඳහාත් මෙය හඳුන්වාදීමට හැකි යි. සාරධර්ම අධ්‍යාපනය සඳහා පළමුවෙන්ම ගුරුවරුන් පුහුණු කළ යුතු යි. ඇතැම් විශ්වවිද්‍යාල තුළ පත්‍රිකා හා ලිපි ඉදිරිපත් කිරීම සඳහා සාරධර්ම අධ්‍යාපනය පිළිබඳව ඔවුන් ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන අතර, එය තවදුරටත් ධෛර්යමත් කළ යුතු යි. පාසැල් විෂය මාලාව තුළට, සාරධර්ම අධ්‍යාපන ක්‍රමය අන්තරගත කිරීම සඳහා ආගමික අධ්‍යාපනඥයින්ට හා ආගමික නායකයන්ට දායකවෙන්න පුළුවන්.

  ප්‍රජාවන් අතර යම්කිසි පීඩාකාරී තත්ත්වයක් වර්ධනය වීමේ දී, එය පාලනයට යටත්ව තබා ගැනීමට නොහැකි වන්නේ ඇයි? එයට හේතුව ලෙස ඔබ සිතන්නේ කුමක් ද ?

බලය සහිත වර්ගවාදීන්, ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරනු ලබ යි. ඔවුන් වෛරීසහගත කතාවන්‌ ප්‍රකාශ කරනවා. මේවා, මාධ්‍ය මඟින් ඉතා ඉක්මනින් ව්‍යාප්ත කර හරිනවා. මෙය, සාමාන්‍ය ජනතාව අතර සැකමුසු හැඟීමක් හා කලකිරීමක් නිර්මාණය කරනවා. මෙමඟින්, එකිනෙකා අතර විවෘත මනසකින් කතාබහ කිරීමට ඇති හැකියාව නැතිකරනවා. අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව අපි දැක්කේ මෙවැනි දෙයක්. වඩාත් ඛේදජනක තත්ත්වයක් වුණේ, අන්අය පිළිබඳව සත්‍ය කතාකරන ජනතාව පවා මෙම කාලසීමාවේ දී නිහඬ වුණා. මෙමඟින් ප්‍රචාරණය වූ බොරු සහ වෛරසහගත කතාවන් ජනතාවට බලපෑම් කරනු ලැබුවා.

ලංකාව තුළ ව්‍යාප්ත පුවත් සහ වෛරසහගත කතාවන්, ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය දිනාගැනීමට සමත් වුණා. මේ නිසා තමයි, මෑතක දී ආගමික නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂිත පුද්ගලයෙකු වන අහමඩ් සහෙබ් ලංකාවට පැමිණ, වෛරසහගත කතාවන්ගෙන් වළකින ලෙසට විශේෂ ඉල්ලීමක් කරමින් ලංකා රජයට ජාතික සංහිඳියාව පිළිබඳ විවිධ නිර්දේශයන් ලබාදුන්නේ.

  ඔබ ජනමාධ්‍ය වෙත දොස් පවරනු ලබනවා. නමුත්, මෙහි අපරාධකාරයෝවෙන්නේ ජනතාව නෙමෙයි ද? 

ඔව්. නමුත්, ජනතාව අධ්‍යාපනය හරහා එක් අයෙකුගේ ජනවාර්ගිකත්වය සඳහා ගරු කරන්නට ඉගෙන ගත යුතු යි හෝ යමෙකුගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේපවන්නේ නම්, අන්අය පීඩාවට ලක් වූ පුද්ගලයා වෙනුවෙන්, අවම වශයෙන් මානවවාදී පදනමකින් හඬක් නැඟිය යුතු යි. එහෙමවුනා නම්, ජනතාව අතර ව්‍යාජ කතන්දර හෝ වෛරසහගත කතාවන් ඇති නොවේවි. ජනතාව නොමඟ යවන දේශපාලකයන්, වර්ගවාදීන් හා ජනමාධ්‍ය නිහඬ වේවි. ජනතාව, ඔවුන්ගේ කටයුතු දේශපාලකයන්ට බාර කිරීමේ දී නිවැරදි තෝරාගැනීම් සිදුකළ යුතු යි. අපි ඡන්දය භාවිතා කළ යුතුවන්නේ කවුරුන් උදෙසා ද යන්න පිළිබඳ ඉතා ප්‍රවේශම් සහගත වියයුතු ය. ජනතාව වෙත බලපෑම් කිරීමේ දී ජනමාධ්‍ය පමණක් නොව, ආගමික ප්‍රජාව ද වැදගත්වෙනවා.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts