අතුරුදහන්කරවීම මානව වර්ගයාට එරෙහි බරපතල අපරාදයකි
අසංක අබේරත්න
[මේ ලිපිය; බලහත්කාරී අතුරුදහන්කිරීම්වලට ගොදුරුවූ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි- එය සෑම වසරකම අගෝස්තු 30වන දිනට යෙදී තිබේ.]
එක්තරා සමයක සිද්ධාර්ථ ගෞවුතමයන් පස්වග මහණුන් අමතා මෙසේ පැවසීය- “..පියේහි විප්පයෝගෝ දුක්ඛෝ..” එනම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්https://namo.lk/dhammachakkappavattana-sutta/‘. සැබවින්ම කවුරුන් හෝ විසින් අපගේ සමීපතයෙකු හිටි හැටියේම පැහැරගෙන ගියහොත් හදවතට කුමක් දැනෙනු ඇත්ද? එය අප අපගෙන්ම අසාගත යුතු ප්රශ්නයකි- එහි වේදනාව ගැන සිතීමටවත් බැරිය- ඇත්තෙන්ම එය එතරම්ම දුකකි, කටුක වේදනාවකි- සමහරවිට අපගේ ආදරණීයයකු මියගිය පසු අපට කාලයත් සමඟ දුක හා වේදනාව සමනය කර ගැනීමට යම් හැකියාවක් තිබිය හැකිය- හේතුව නම් ඔහු මියගිය බව අප හොදාකාරවම දන්නා බැවණි- එහෙත් කෙනෙකු අතුරුදහන්වූ විට එසේ දුක සමනය කර ගැනීම ඉතා අපහසුය- අවම වශයෙන් බදා වැළදගෙන වැලපෙන්නට හෝ මියගිය කෙනාගේ සිරුර දැසින් දැකිය යුතුය- එහෙත් කෙනෙකු අතුරුදහන්වූ පසු ඔහු ජීවතුන් අතර සිටීද? නැතිද? ආපසු පැමිනේවිද? නොයේවිද? මෙවැනි නොයෙකුත් ප්‍රශ්න සමඟ මානසිකව පොරබදිමින් සදාකාලික දුක් පීඩාවෙන් ජීවත් වීමට සිදු වේ-
කෙනෙකු අතුරුදහන්වූ විට ඔහුගේ සමිපතයින්ට නිතරම අවනිශ්චිතතාවයෙන් යුතුව දිවි ගෙවීමට සිදුවීම මෙහි තිබෙන බරපතලම මානසික පීඩාවයි- අතුරුදහන්වීමට ගොදුරුවූ ආදරණීයයා පමණක් නොව ඔහුගේ සමීපතයින්ද වින්දිතයින් බවට පත්වන්නේ ඒ නිසයි- එබැවින් පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම මානව වර්ගායටම එරෙහිව සිදු කරන සාහසික අපරාදයකි- එයට ජාති, ආගම්, කුල, වර්ණ, ස්ත්‍රී පුරුෂ හෝ වෙනත් කියා භේදයක් නැත- දරනු අපරාධකරුවකු හෝ රාජ්‍යයට එරෙහි සටන්කාමියෙකු වූ පමණින් පුද්ගලයෙකු අතුරුදහන් කළ නොහැකිය- එය නීතියෙන් බරපතල අපරාදයක් වනවා සේම මනුෂ්‍යත්වයට එරෙහි සාහසික ක්‍රියාවක්ද වේ- එහෙත් කණගාටුවට කරුණ නම් අදවන විට බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම ලෝක වසංගතයක් බවට පත්ව තිබේ- යුද ගැටුම් හා වෙනත් ප්රචණ්ඩ ක්‍රියාවලදී එයට සම්බන්ධ කණ්ඩායම් සමාජය භිය වැද්දවීම සහ ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීම සඳහා සිදු කරන අතුරුදහන්කරවීම් ලෝකයේ නොකඩවාම දක්නට ලැබෙන ඛේදජනක සිදුවීමකි- ඒ නිසා අදවන විට පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම නොනවතින අපරාධයක් බවට පත්ව තිබේ-
ශ්‍රී ලංකාවේ තත්ත්වය
පුද්ගලයින් බලහත්නාරයෙන් අතුරුදහන්කරවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව වාර්තාවක් තබා ඇත- එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන සංඛ්‍යා දත්තවලට අනුව ඉරාකයට පසුව ලෝකයේ වැඩිපුරම පුද්ගලයන් අතුරුදහන්වන දේශය බවට අපගේ මවුබිම පත්ව තිබේ- 1980 දශකයේ සිට මෑත කාලීන අත්දැකීම්වලින් සනාථ වන්නේ පුද්ගලයින් පැහැරගෙනයාම සහ අතුරුදහන්කරවීම පිලිබඳ අපේ රටේ කටුක ඉතිහාසයයි-
එවකට මවු පෙරමුණ සංවධානය සමඟ කටයුතු කළ ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ සංඛ්‍යා අනුව දකුණේ සිවිල් කැරලිවලදී අතුරුදහන්කරවීමට ගොදුරුවූ වින්දිතයින් සංඛ්‍යාව 60000කට ආසන්ය- දශක දෙකහමාරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ ජාතිවාදී යුද ගැටුම නිසා මිනිසුන් 80,000ක් පමණ ජීවිත අහිමි විය. “අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම සඳහා මේ වන විට පැමිණිලි 20,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව එම කොමිසම පවසයි”
http://sinhala.adaderana.lk/news.php?nid=48010‘. අතුරුදහන් වූවන්ගේ ජනාධිපති කොමිසම, 2014 වාර්තාවට අනුව යුද්ධයෙන් පසු අතුරුදහන්කිරීම, පැහැරගැනීම සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳ පැමිණිලි 21,353ක් රජයේ ආරක්ෂක අංශ, එල්ටීටීඊ සහ නාඳුනන සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ඉදිරිපත්ව ඇත. සන්නද්ධ ගැටුමේදී, පාර්ශව දෙකම පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන්කර තිබෙන බවට අනාවරණයවී තිබේ.
සත්‍ය සහ යුක්තිය තවමත් ප්‍රමාද ඇයි?
අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් අඩසියවසක පමණ කුරිරු ඉතිහාසයක් තිබුණද සත්‍ය හෙළි කිරීම සහ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් ස්ථීර ආයතනයක් පිහිටු වීමට ලංකාව අසමත් විය. 1990 වසරේ සිට අතුරුදහන්වූවන්ගේ පවුල් පැවති පාලනයන්ට ඉදිරිපත් කළ දුක් ගැනවලි සහ නොයෙකුත් යෝජනාද අඩුවක් නොවීය- එහි එක් යෝජනාවක් වූයේ අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමට ජාතික මට්ටමේ ආයතනයක් අවශ්‍යය බවයි. උතුර නැගෙනහිර දමිළ වින්දිතයින් 2012 වසරේ සිට ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටී- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේදී ශ්‍රී ලංකා රජයට 30/1 යෝජනාව ඉදිරිපත් වන්නේ ඒ අනුවයි- එම යෝජනා මාලාවේ එක් ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේදී අතුරුදහන්වූ තැනත්තන් පිලිබඳ කාර්යාලය සිථාපිත කළේය- මේ කාර්යාලයෙන් යම් සාධාරණයක් බලාපොරොත්තු වූවද අද වන විට එය අකර්මන්‍යකර තිබේ- පැවති යහපාලන රජය සමයේ මෙම කාර්යාලය ස්ථාපිත කළත් සත්‍ය සෙවීම සහ යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පිළිවෙතද ඉතාමත් අලස එකක් විය- එය කොතෙක්දයත් අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ගොණුකළ පැමිණිලිවත් විමර්ෂණය කළේ නැත-
අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමට ස්ථාපිත කළ මෙම ආයතනය අද වන විට අතුරුදහන්වීමේ අවධානමට ලක්ව ඇත- සත්‍ය සෙවීම කෙසේවෙතත් ජනාධිපති විසින් දූෂන චෝදනා එල්ලවී තිබෙන උපාලි අබේරත්න එහි සභාපති ලෙස පත් කරන ලදි- උපාලි අබේරත්න ඊට පෙර දේශපාලන පළිගැනීම් පිළිබඳ සිදුවීම් වමර්ශණය කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපතිවරයාය- අතුරුදහන් කිරීම්වලට සම්බන්ධ චෝදනා ලත් පුද්ගලයින් නිදහස් කිරීමට නිර්දේශ කළ බවට චෝදනා එල්ල වු ඔහු අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ලෙස පත් කිරීම කෙතරම් සදාචාර සම්පන්නද? යුද්ධය අවසන්වී වසර 12කට ආසන්න කාලයක් ගතවී ඇතත් වගවීම සහ සංහිඳියාව සඳහා වූ දේශීය ක්‍රියාවලිය කඩාකප්පල් වීමට මෙවැනි ක්‍රියාමාර්ග හේතු වී ඇත. අපරාධකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සහ හමුදාවේ, නිළධාරීන් රජයේ, ඉහළ තනතුරුවලට පත් කිරීමෙන් 30/1 යෝජනාව මගින් පොරොන්දු වූ “නැවත සිදුවීම වැලැක්වීමට සහතික වීම” රජය විසින් පැහැරහැර තිබේ- එබැවින් මෙම ප්‍රතිපත්ති හා භාවිතය වින්දිතයින් වෙනුවෙන් සත්‍ය සෙවීමට හා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය අනතුරේ හෙළා ඇත-
2019 අයවැයෙන් වෙන් කළ වින්දිතයින්ගේ පවුල්වලට හිමිවිය යුතු රුපියල් 6000 මාසික අතුරුදීමනාවද මේ වන විට අත්හිටුවා ඇත. ඒ සඳහා වෙන්ව තිබූ මිලියන 500යෙන් මිලියන 11ක් පවුල් 153ක් අතර බෙදා දුන්නද ඉතිරි මිලියන 489 මේ වන විට අතුරුදහන් බවට චෝදනා එල්ලවේ. හිමිවිය යුතු එම ඉතිරි මුදල 2020 සහ 2021 අයවැයට ඇතුල්කර ගැනීමට අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විවිධ ක්‍රියාමාර්ග ගත්තද එය සඵල වුයේ නැත. දිගින් දිගටම මෙම අතුරුදීමනාව අහිමි කිරීම නිසා වින්දිතයින්ගේ පවුල් දැඩි දුශ්කරතාවට පත්ව සිටී- සාධාරණ වන්දි ගණනය කිරීම සඳහා හානි පූර්ණ කොමිසමේ ප්‍රමාදයද ඇතුළු` සත්‍ය හෙලි කිරීම සහ යුක්තිය ඉටු කිරීමේ සමස්ත යාන්ත්රණයට අගුළු වැටී ඇත.
එබැවින් එක්සත් ජාතීන්ගේ මහලේකම් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන පරිදි,
“බලහත්කාරයෙන් සිදු කරන අතුරුදහන්කිරීම් සියල්ල අවසන් කිරීමට අප එක්විය යුතුයි” https://www.un.org/en/observances/victims-enforced-disappearance/message. සත්‍ය විකෘති කිරීමට හා යුක්තිය මගහැර යාමට කිසිසේත්ම ඉඩ නොදෙන බවට වන පණිවිඩය අතුරුදහන්වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් මෙම ජාත්‍යන්තර දිනයේදී පාලකයින් හට දන්වා සිටිය යුතුය. එබැවින් මේ සියල්ල මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම නැවත සිදුවීම වලක්වා ගැනීම පිණිසම වේ.