විනිවිදභාවය සමාජ

අඩු වයස් විවාහ සහ ධනාත්මක සමාජ සංවර්ධනය

පද්මා පොඩි මැණිකේ 

අඩු වයස් විවාහකත්වය (Early Marriage) යනු පුද්ගලයෙකු නීතිමය වශයෙන් විවාහ වන  වයසට පෙර විවාහ වීමයි. මෙම සංකල්පය විවිධ සංස්කෘතික, ආර්ථික, සහ සමාජීය සාධක මත රටවල් සහ කලාපීය ප්‍රදේශ ගණනාවක දක්නට ලැබේ. මේ  අඩු වයස් විවාහකත්වය ධනාත්මක සමාජ සංවර්ධනයට බලපාන ආකාරය විග්‍රහ ක ර ගැනිම කාලෝචිතය. 

අඩු වයස් විවාහකත්වය සහ අධ්‍යාපන අවස්ථා

අඩු වයස් විවාහ, අධ්‍යාපනය අඩාල වීමකට එක් ප්‍රධාන හේතුවක් වේ. UNESCO (2021) වාර්තාව අනුව, අඩු වයස් විවාහක කාන්තාවන්ගෙන් 60% ක් වසර 9 කට අඩු අධ්‍යාපනයක් ලබාගත් අයවේ. අධ්‍යාපනය අඩාල වීම, ඔවුන්ගේ ආර්ථික සහ සමාජීය දැනුමේ සීමාවක් නිර්මාණය කරමින් පවුලේ ආර්ථික තත්ත්වයට මෙන්ම සමාජ සංවර්ධනයටද ඍණාත්මක බලපෑමක් එල්ල කරයි.

සෞඛ්‍ය සහ සමාජ ශක්තිය

අඩු වයස් විවාහකත්වය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන  ආකාරයද සැලකිල්ලට ගතයුතුය. World Health Organization (WHO, 2022) වාර්තාවේ පෙන්වා ඇත්තේ, අඩු වයස් මව්වරුන්ට ඇතිවන විවිද සංකුලතා පවුල් සෞඛ්‍යය පද්ධතියට අභියෝගයක්  බවය. 15-19 වයස් ගණයේ මව්වරුන් අතර මරණ ධාරිතාවය, වැඩි වයස් මව්වරුන්ට සාපේක්ෂව 28% කින් ඉහළය අගයක් ගනි.

ආර්ථික ප්‍රතිඵල

අඩු වයස් විවාහ, පවුල් ආදායමට මෙන්ම ජාතික ආර්ථිකයටද අහිතකර බලපැමක් කරනු ලබයි. International Centre for Research on Women (ICRW, 2017) පෙන්වා ඇත්තේ, අඩු වයස් විවාහ හේතුවෙන් වාර්ෂිකව 1.7 ට්‍රිලියන ඩොලර් පමණ ආර්ථික අලාභයක් සිදුවන බවයි. විශේෂයෙන්ම, කාන්තා ශ්‍රම බලකායට ප්‍රවේශය සීමා වීම, ආදායම් මට්ටම අඩුවීම, සහ කුඩා ව්‍යාපාර සංවර්ධනයට ඇති වාරණයන් ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපා තිබේ.

සමාජ ආරක්ෂණය සහ සමාජ සංවර්ධනය

අඩු වයස් විවාහයන්  UNFPA (2023) වාර්තාව අනුව,  සමාජ සන්දර්භයට ඇති කරන ලද් බලපෑම හේතුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රියාවලීන් මන්දගාමී වී ඇත. කාන්තා හිමිකම් සහ සමාජය තුළ ඔවුන්ගේ භූමිකාව න්‍යායාත්මකව අර්ථවත් කිරීමට පියවර ගැනීම මගින් සමතුලිත සමාජයක් නැවත පිහිටුවීමට නව ආකෘති නිර්මාණය කළ හැක.

අඩු වයස් විවාහකත්වයට බලපාන හේතු

සමාජය නවීකරණය වීමේ දී, සමාජ සංවර්ධනය මෙන්ම සමාජ අගතිගාමී හෝ අපගාමී චර්‍යාවන් ක්‍රියාකලාපයන් ඇති වීම දැක ගත හැකිය. එයිනුත් තත්ත්කාලයේ, අඩු වයස් විවාහකත්වය සමාජ පිළිලයක් බවට පත් වී තිබේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය නාගරික තත්ත්ව යටතේ ද, මෙම අඩු වයස් විවාහවීම් දැක ගත හැකි අතර, නිසි අධ්‍යාපනය නොලැබීම, පවුලේ ස්ථාවර ආර්ථිකයක් නොමැති වීම, පවුලෙන් ලැබෙන ආදරය, ආරක්ෂාව හා සෙනෙහස නොලැබීම, පවුලේ අවධානය අඩු වීම, තාක්ෂණික බලපෑම්, නව සමාජ සම්බන්ධතා ගොඩ නැගීම්, සමාජ මාධ්‍ය භාවිතයේ අනිසි බලපෑම්, මනෝභාවීමය සාධක, හෝමෝන බලපෑම් මත අඩු වයස් විවාහයන්ට යොමු වුවද, කල් ගත වීමේදී විවිධාකාර ගැටළු වලට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. 

අඩු වයස් විවාහකත්වයේ ගැටලු

විවාහය සහ පවුල යන සංකල්ප පිළිබදව මනා අවබෝධයක් නොමැති වීම මත ඇති කරගන්නා බැදීම පසු කාලීනව ගැටලු රාශියක් මතු වීමට හේතු වේ. අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය, හා සහයෝගය නොමැති වීම මත පවුල් සංස්ථාව තුළ ගැටුම් හට ගැනීම සිදු වේ. මේ හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ස්වාමිපුරුශයා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීම සිදු වේ. නිසි අධ්‍යාපනයක් ලබා නොගැනීම හේතුවෙන් රැකියාවක් ලබා ගැනීමට නොහැකි වන අතරම, දෛනික වැටුපට වැඩි ශ්‍රමයක් යෙදවිය යුතු රැකියා සිදු කිරීමට සිදු වේ. ස්ථීර වාසස්ථානයක් නොමැති වීම හේතුවෙන් කුලී පදනම් මත ලබා ගත් නිවෙස්වල වාසය කිරීම හේතුවෙන් තව දුරටත් ආර්ථික ශක්තිය හීන වේ. පවුලේ අනෙක් අය සමග පවතින සබදතා අඩු වීම නිසා සමාජ හුදකලාභාවයට පත් වීම දැක ගත හැකිය. එසේම අඩු වයස් ගැබ්ගැනීමකට ලක් වුවහොත් එයින් පසු ඇති වන තත්ත්ව තරමක් සංකීර්ණ එකක් විය හැකිය. ඇතැම් විවාහයන් ගැටුම්කාරී මගකට යොමු වීම හේතුවෙන් දික්කසාද වීම් වාර්තා වන අතර එමගින් දෙපාර්ශවයම සමාජ අවමානයකට ලක් වීම දැක ගත හැකිය. එයිනුත් කායික වර්ධනය අඩාල වීම, නිසි පෝෂණයක් නොලැබීම, ප්‍රතිශක්තිකරණ දුර්වලතා, අවශ්‍යතා හා ආශාවන් සපුරා ගත නොහැකි වීම, මානසික පීඩනය හා සමාජයෙන් එල්ලවන බලපෑම් හමුවේ අඩු වයස් විවාහකත්වය තව දුරටත් බලපෑමකට ලක් වේ. 

යෝජනා 

• දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම. 

• පවුලේ ආදරය හා ආරක්ෂාව දරුවෙකුගේ ජීවිතය සකස් වීම කෙරෙහි ඇති කරන බලපෑම පිළිබදව දෙමාපියන් දැනුවත් කිරීම. 

• අඩු වයස් විවාහකයින් ගර්භණීභාවයට පත් නොවීමට අවශ්‍ය ආරක්ෂණ උපක්‍රම පිළිබදව දැනුවත් කිරීම. 

• පවුල් උපදේශන සේවාවන් ක්‍රියාත්මක කිරීම. 

• මානසික සෞඛ්‍යය පවත්වාගැනීමට අවශ්‍ය සේවාවන් සපයා දීම.

• ස්වයං රැකියා හෝ වෘත්තීය පුහුණුව ලබා දීම තුළින් ආර්ථිකය ස්ථාවර කිරීම. 

  වෙනුවෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ.

ආශ්‍රිත මූලාශ්‍ර

1. UNESCO. (2021). Global Education Monitoring Report.

2. World Health Organization (WHO). (2022). Adolescent Health Data.

3. International Centre for Research on Women (ICRW). (2017). Child Marriage: Economic Impacts.4. UNFPA. (2023). Child Marriage and Social Development.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts