Uncategorized

මුලතිව්හි යෝජිත කිවුල් ඔය ව්‍යාපෘතියේ ඇති විය හැකි පාරිසරික බලපෑම්  

ආර්. රාම්

මුලතිව් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කරනු ලැබූ මහවැලි ‘එල්’ කලාපයට ජලය ප්‍රවාහනය කිරීම  දශක ගණනාවක සිට සිදු නොවන කාර්යයක් බවට පත්ව ඇති බැවින් මේ වන විට ‘කියුල්ඔය ව්‍යාපෘතිය සිය උප ව්‍යාපෘතිය ලෙස ඉදිරියට ගෙන යාමට රජය තීරණය කර ඇත.

වව්නියාව දිස්ත්‍රික්කයේ නැගෙනහිර ප්‍රදේශයෙන් ආරම්භ වී මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුළායි දක්වා ගලා බසින ‘මා ඔයේ’ ප්‍රධාන අතු ගංගාව ‘කියුල් ඔය’ වේ. මෙම කියුල්ඔය කේන්ද්‍ර කරගනිමින් වේල්ලක් ඉදිකිරීම හරහා වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ජලය සහ පානීය ජල පහසුකම් ලබාදිය හැකි බවට යෝජනා කරමින් මහවලි අධිකාරිය මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

මෙම යෝජනා ක්‍රමය යටතේ වාරිමාර්ග යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 6230ක් ද, පරිසර ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 832ක් ද ලෙස වෙන් කරන ලද මුළු මුදල රුපියල් මිලියන 7062ක් වේ. තවද, එම ව්‍යාපෘතිය ‘ඒ’ කලාපය – කියුල්ඔය ජලාශ බැම්ම සහ ගංවතුර බිම්, ‘බී’ කලාපය – කෘෂිකර්මාන්තය සඳහා වෙන් කර ඇති ඉඩම්, ‘සී’ කලාපය – කිවුල් ඔය ව්‍යාපෘතිය යටතේ ජනාවාස ප්‍රදේශ, ‘ඩී’ කලාපය – කුඩා ජලාශ සහ ඒවාට යාබද  ජනාවාස , ‘ඊ’ කලාපය – අදියර පහකින් සංවර්ධනය කිරීමට යෝජිත අලි කොරිඩෝව ආදී වශයෙන් එය අදියර පහකින් සිදු කෙරේ

මෙම ව්‍යාපෘතියට අනුව දැනටමත් පදිංචි කර ඇති පවුල් 4,372ක් සහ අලුතින් පදිංචි වන පවුල් 1626ක්, සමස්ත කෘෂිකාර්මික පවුල් 6000ක් ඍජු ප්‍රතිලාභීන් වන අතර, 50,000ක ජනතාවක් පානීය ජල ප්‍රතිලාභීන් වනු ඇත.

මේ පදනමින් බලන විට කියුල් ඔය ව්‍යාපෘතිය සමාජ ප්‍රගමනය ඉලක්ක කරගත් එකක් බව පෙනී යා හැකිය. නමුත් මෙම ව්‍යාපෘතියත් සමඟ පොකුණු, වනාන්තර, වනජීවී, කෘමීන්, ජෛව විවිධත්වය වැනි ස්වභාවික සම්පත් බුද්ධිමත් මිනිසා විසින් බිලිගෙන ඇති බව තහවුරු වී ඇත.

මීට අමතරව අප රටේ විශාල අභියෝගයක් වන තුළ අලි-මිනිස් ගැටුම මතුවී උත්සන්න වීමටත් වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් ඇති වීමටත් බොහෝ අවස්ථා තිබේ. මෙහිදී පරිසර සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 832ක් වෙන් කර ඇති අතර විවිධ යෝජනා ඉදිරිපත් කළද පරිසරයේ ඇති පුනර්ජනනීය නොවන සම්පත් විනාශය සහ ඉන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව හොඳින් නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුය.

ගංවතුර ආපදා සහ වැව්වල තත්ත්වය

කියුල්ඔය ව්‍යාපෘතිය අවසන් වුවහොත් කට්ටුපූවරංගුලම්, වෙඩිවෛත කල්ලු, මරුදොඩෙයි, කාන්ජිරමොට්ටෙයි, කුලාංගුලම් යන ගම්මාන ජලයෙන් යටවීමේ අවදානමක් පවතී. විශේෂයෙන්ම කට්ටුපූවරංගුලම් හි අක්කර 430ක් සහ වෙඩිවයිතකල්ල් අක්කර 475ක් ගංවතුර අවදානමට ලක්ව ඇත.

මෙම ගම්මානවල දෙමළ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු තවමත් අවසන් නොවීම නිසා මෙවැනි ගංවතුර ආපදා තත්ත්වයක් මතුව තිබේ.

මෙම ගම්මානවල ඔවුන්ට අයිති ඉඩම් සහ ජීවනෝපාය මාර්ග තිබුණද ඔවුන්ට මූලික පහසුකම් ලබාදීමේ ප්‍රමාදයන් තවමත් පවතී.

මීට අමතරව රාමන්කුලම්, වේලන්කුලම් ඇතුළු කුඩා වැව් සහ ජල මූලාශ්‍ර 75කට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය හරහා සම්පූර්ණයෙන්ම අතුරුදහන් වනු ඇත. ඉන් සියයට 90ක්ම වනාන්තර ප්‍රදේශ තුළ දක්නට ලැබේ.

ගංගා ද්‍රෝණිය දිගු වූ විට කුඩා පොකුණු ඉවත් කිරීමෙන් හානියක් නැතැයි තර්ක කළත් ගොවීන්ගේ පශු සම්පත් සඳහා ගංගා ද්‍රෝණියවල ජල පහසුකම් ලබා ගැනීම ඉතා අපහසුය. එබැවින් තෘණ බිම්වලට පැමිණෙන පශු සම්පත් සඳහා ජල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව යථාර්ථයයි.

වන විනාශය, වන සතුන්ගේ දුක්ඛිත තත්ත්වය හා මීට අමතරව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රදේශය ආසන්නයේ රක්ෂිත වනාන්තර පිහිටි ප්‍රදේශය සියයට 90ක් සමතලා බිම් වන අතර වියළි කලාපීය ලක්‍ෂණවලින් යුක්ත වේ. ඒ හැරුණු විට හුදකලා වනාන්තර සහ ඒවා වටා කුඩා ගල් හා කඳු ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී යට වීමේ අවදානම ඉතා වැඩිය වැඩිය.

විශේෂයෙන්ම කිවුල් ඔය ව්‍යාපෘතිය ආරම්භ වන්නේ වව්නියාව පෙරියකට්ටික්කුලම් ප්‍රදේශයෙන් හමුවන රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කරමින්ය. කොක්කුතුඩුවේ ග්‍රිබන් වැව ලෙස නම් කර ඇති කැස්බෑ පොකුණට ජලය ගෙන යාමෙන් හෙක්ටයාර් 2500ක වනාන්තර සම්පූර්ණයෙන්ම විනාශ වන බවද තහවුරු වී ඇත.

ව්‍යාපෘතියෙන් පසු ඇති වන නව ජනාවාස හේතුවෙන් වන සතුන්ට හෙක්ටයාර් 1500ක වාසස්ථාන අහිමි වන බවත් අලි-මිනිස් සහ අනෙකුත් වන සතුන් හා මිනිසුන් අතර ගැටුම උග්‍ර වනු ඇති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කනස්සල්ල පළ කර තිබේ. කෙසේ වෙතත්, මේ සඳහා විදුලි වැටවල් සහ මාර්ග ඉදිකිරීම ව්‍යාපෘති යෝජනාවෙන් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් සැලසුමට අනුව සංවර්ධනය කිරීමට නියමිත කෘෂිකාර්මික ඉඩම් ආරක්‍ෂා කිරීමට විදුලි වැටවල් ඉදිකළහොත් වන අලි ඇතුළු වනජීවීන්ගේ පැවැත්ම පිළිබඳ ගැටලු මතුකරමින් ඔවුන්ගේ ගමනාගමනය ප්‍රශ්නකාරී වනු ඇත.

වන අලි නව මාර්ග සොයන්නේ නම් විදුලි වැට තවත් කිලෝමීටර් 50ක් පමණ දීර්ඝ කිරීමට සිදුවන බවත් ඒ සඳහා අමතර මුදල් වෙන් කිරීමට සිදුවන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කනස්සල්ල පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනාවේ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

මේ අතර අලි මිනිස් සහ අනෙකුත් වනජීවී ගැටුම් වැළැක්වීමේ අරමුණෙන් වාරි ව්‍යාපෘතියේ වේල්ලට පහළින් ඇළ මාර්ගයක් වෙන්කර තිබේ. විදුලි වැට බාධක යෙදීමටද නිර්දේශ කොට ඇත. නමුත් මේවා නිම කිරීමට පෙර අලි ඇතුන් ඇතුළු වන සතුන් ගොවිබිම්වලට ඇතුළුවීම වැළැක්වීමට වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැත. එසේම, ව්‍යාපෘති ප්‍රදේශයේ සිදු කරන ලද සමීක්ෂණවලට අනුව, වාර්තා වී ඇති මුළු ශාක විශේෂ 88 න් දෙකක් ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර වැදගත් ශාක විශේෂ හතක් ඇති බව ද හඳුනාගෙන ඇත.  

මීට අමතරව ව්‍යාපෘතිය යෝජිත  ප්‍රදේශයේ සිදු කරන ලද සමීක්ෂණයේදී සත්ත්ව විශේෂ 214ක් හඳුනාගෙන තිබේ. එම විශේෂ අතුරින් විශේෂ 14 ක් ආවේණික වන අතර හතරක් ගෝලීය වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර අටක් ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. මේ හැර සමනල විශේෂ 43ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 11ක්, ක්ෂීරපායී විශේෂ 19ක් සහ උරග විශේෂ 15ක් ද වැඳ වීමේ තර්ජනයට ලක්ව සිටිති.

එසේම, මෙම කලාපයේ පක්ෂීන් ගැවසෙන අතර පක්ෂීන්ගේ ස්ථිර වාසස්ථාන විශාල සංඛ්‍යාවක් ඇත. විශේෂයෙන්ම සංක්‍රමණික පක්ෂි විශේෂ 10ක් ව්‍යාපෘති ප්‍රදේශයට පැමිණ දීර්ඝ කාලයක් රැඳී සිටින බව තහවුරු වී ඇත.

වර්ෂාපතනය සහ පාංශු ලක්ෂණ සහ භූගත ජලය

මෙම ව්‍යාපෘතිය කන්තලේ  ජලාශය සහ ඉරණමඩු ජලාශය අතර පිහිටා තිබුණද ජලය වාෂ්පීකරණය වීමේ වේගය වෙනස් වේ. මෙමගින් ගොවීන්ට කාලයාගේ ඇවෑමෙන් අර්බුදයක් ඇති කළ හැකිය. එසේම විනාශ වන රක්ෂිත වනාන්තර වෙනුවට සිදු කළ යුතු රුක් රෝපණ වැඩසටහනට ද එයින් ලැබෙන්නේ සෘණාත්මක සංඥාවකි.

තවද, සුළගේ වේගය සාමාන්‍ය මට්ටමක පවතින අතර, පදවිය සහ වවුනියාව යන ප්‍රදේශ මත පදනම්ව වර්ෂාපතනය 1964 සිට 1994 දක්වා කාලය සඳහා සාමාන්‍යයෙන් මිලිමීටර් 1486 ක් අපේක්ෂා කෙරේ. මෝසම් කාලවලදී කලාපයට අඛණ්ඩව වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව ද වාර්තා වේ.

නමුත් මේවා වසර තිහකට පෙර ලබාගත් දත්ත වීම සහ රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් පසු මෙසේ අපේක්ෂිත සාමාන්‍ය වර්ෂාපතනය ලැබේද යන්න ප්‍රශ්නාර්ථයකි.

 ගිවිසුම ඇති කරගත්තේ කුමන පදනමකින්ද?

ඒ අතරම, ඉහත කී ගංගා ව්‍යාපෘතියට අනුව, කෘෂිකර්මාන්තය පුළුල් කිරීමේ සහ වාසස්ථාන වැඩිදියුණු කිරීමේ ප්‍රධාන අරමුණු එකම වනු ඇත. මේ මත පදනම්ව තවත් ජනාවාස ද පිහිටුවනු නොඅනුමානය.එවැනි තත්ත්වයක් තුළ කෘෂිකර්මාන්තයේදී අධික ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම සහ වැඩි පිරිසක් පැමිණීම, ජලජ වාසස්ථාන විනාශ කිරීම, අනවසරයෙන් වටිනා ගස් කැපීම, අසීමිතව දඩයම් කිරීම වැනි ක්‍රියාකාරකම්වලට පදනම දමනු ඇත.

මෙම සන්දර්භය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නම් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ අවසරය අවශ්‍ය වේ.නමුත් සෑම දෙපාර්තමේන්තුවකම සොයා ගැනීමට සෘණාත්මක කරුණු ඕනෑ තරම් තිබුණද ඒවා ආරක්‍ෂා කළ යුතු දෙපාර්තමේන්තු සහ විද්වතුන් ඊට අවසර දී තිබෙනවා. පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව මගින් මේ බව තහවුරු කර ඇත.

(ආර්. රාම්ගේ அழிவுகளில் ஆரம்பமாகப்போகும் ஆற்று நீர்த்திட்டம විශේෂාංගයේ සිංහල පරිවර්තනයකි).

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts