අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සිංගප්පූරුවේ මාර්ගගත (ඔන්ලයින්) වෙබ් අඩවි නියාමනය

හරින්ද්‍රිනි කොරයා

සිංගප්පූරුවේ මාර්ගගත (ඔන්ලයින්) වෙබ් අඩවි නියාමනය

තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2020 නොවැම්බර් 21 දින පැවැති ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කමිටුවට දැන්වූයේ ඉදිරි සති කීපය ඇතුළත වෙබ් අඩවි යාමනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් ද පැවසුවේ සිංගප්පූරුවේ මාධ්‍ය කර්මාන්තය යාමනය සඳහා සම්මත වූ නව නීති පිළිබඳ අධ්‍යයනයකින් පසුව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන නව නීති සැකසිය යුතු බවයි.  මේ ලිපියෙන් විමසන්නේ සිංගප්පූරුවේ මාර්ගගත (ඔන්ලයින්) මාධ්‍ය යාමනය සහ එවැනි රාමුගත කිරීමක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන හොත් එයින් ඇතිවන බලපෑම පිළිබඳවය.

තොරුතුරු- සන්නිවේදන මාධ්‍ය සංවර්ධන අධිකාරී පනත (IMDA)

සිංගප්පූරුවේ තොරුතුරු- සන්නිවේදන මාධ්‍ය සංවර්ධන අධිකාරී පනත ක්‍රියාත්මක වූයේ 2016 වසරේදීය. එම පනත මඟින් තොරුතුරු- සන්නිවේදන මාධ්‍ය සංවර්ධන අධිකාරිය සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශයේ ව්‍යවස්ථාපිත ආයතනය ලෙස ස්ථාපනය කරන ලදී. එම IMDA පනත විකාශය සහ අන්තර්ගතයන් යාමනය පිළිබඳ වගකීම දරයි (සම්ප්‍රේෂණ මාධ්‍ය පිළිබඳ සැලකීමකින් තොරව). එම IMDA පනත උපදෙස් ලබාගන්නේ කැබිනට් මණ්ඩලයෙන් වන අතර ස්වාධීන මහජන නියෝජිත ආයතනයක් ලෙස ක්‍රියා නොකරයි.

එම IMDA පනතින් සිංගප්පූරුවේ මාධ්‍ය සේවාවන් සඳහා ලබා දී ඇති වගන්තිවලට අනුකූලව භාවිත සංග්‍රහ නිකුත් කිරීමේත්, මාධ්‍ය කර්මාන්තයේ සාධාරණ වෙළෙඳපොළක් පවත්වාගෙන යෑම සඳහා මාර්ගෝපදේශ සහ ප්‍රමිතීන් නිකුත් කිරීමේත් බලය සහිතය.

මෙම IMDA පනත මඟින් නියාමනය වූ පුද්ගලයකුට, තෝරාගත් මාධ්‍ය බලපත්‍රලාභියකුට හෝ අනිවාර්ය සම්පතක පාලකයකුට හෝ හිමිකරුවකුට පනත මඟින් හෝ ඔවුන්ට බලපානු ලබන භාවිත සංග්‍රහය මඟින් ලබාදී ඇති වගන්තිවලට අනුව උපදෙස් ලබා දීමටද හැකියාව ඇත.

 මෙම IMDA පනත අනුව යාමනිත පුද්ගලයකු යනු කවුරුන්ද?

 

“යාමනිත පුද්ගලයකු” විය හැක්කේ

ඇමතිවරයා විසින් ගැසට් පත්‍රයක් මඟින් විශේෂයෙන් සඳහන් කරන ලද

(අ) පුවත්පත් ආයතනයක්; හෝ

(ආ) විකාශ බලපත්‍රධාරියකු හෝ පුවත්පතක හිමිකරුවකු වේ.

 

මෙම IMDA පනත නියාමනය වූ පුද්ගලයකු, තෝරාගත් මාධ්‍ය බලපත්‍රලාභියකු හෝ අනිවාර්ය සම්පතක පාලකයකු හෝ හිමිකරුවකු විසින් එම පනත හෝ භාවිත සංග්‍රහය වරක් හෝ වැඩි වාරගණනක් උල්ලංඝනය කරන බව දකින්නේ නම් පහත සඳහන් උපදෙස් නිකුත් කළ හැකි වනු ඇත:

(අ) නියාමනය වූ පුද්ගලයකු, තෝරාගත් මාධ්‍ය බලපත්‍රලාභියකු හෝ අනිවාර්ය සම්පතක පාලකයකු හෝ හිමිකරුවකු වෙත පනතේ අදාළ වගන්තිවලට එකඟව කටයුතු කරන ලෙස හෝ වගන්ති උල්ලංඝනය කිරීම නවතන ලෙස අවශ්‍ය උපදෙසක් ලබා දීම;

(ආ) එම පුද්ගලයා හෝ තෝරාගත් මාධ්‍ය බලපත්‍රලාභියා හෝ හිමිකරු හෝ පාලකයා විසින් ගත යුතු විශේෂිත පියවර හෝ පිළිපැදිය යුතු ක්‍රියාවන් හෝ ක්‍රියාවලි සම්බන්ධව උපදෙසක් ලබා දීම;

(ඇ) එම පුද්ගලයා, තෝරාගත් මාධ්‍ය බලපත්‍රලාභියා හෝ පාලකයා හෝ හිමිකරුගේ ක්‍රියාකාරකම් සඳහා යම් සීමාකිරීමක් පැනවීම සඳහා උපදෙසක් ලබා දීම;

(ඈ) එම පුද්ගලයා, තෝරාගත් මාධ්‍ය බලපත්‍රලාභියා හෝ පාලකයා හෝ හිමිකරුට යම් ගිවිසුමක්, තීරණයක් හෝ අරමුණු කරගත් භාවිතයක්  නැවැත්වීමට හෝ වෙනස් (සංශෝධනය) කිරීමට ඉල්ලුම් කරන උපදෙසක් ලබා දීම;

(ඉ)  එම පුද්ගලයා, තෝරාගත් මාධ්‍ය බලපත්‍රලාභියා හෝ පාලකයා හෝ හිමිකරුගේ යම් හැසිරීමක් නැවැත්වීමට  හෝ වෙනස් කිරීමට ඉල්ලුම් කරන උපදෙසක් ලබා දීම.

එහෙයින් පුවත්පත් ආයතනයක්, විකාශ බලපත්‍රධාරියෙකු හෝ පුවත්පතක හිමිකරුවකු මෙම IMDA පනතේ වගන්තියක් සමඟ එකඟව කටයුතු කිරීමට, එලඹෙන ලද ගිවිසුමක් වෙනස් කිරීමට හෝ නැවැත්වීමට, යම් හැසිරීමක් වෙනස් කිරීමට හෝ නැවැත්වීමට සහ ඔවුන්ගේ කිසියම් වූ ක්‍රියාකාරකම් සීමා කිරීමට  බැඳී සිටී.

IMDA පනත සහ මාර්ගගත (ඔන්ලයින්) ප්‍රවෘත්ති අඩවි

IMDA පනතට අනුව සිංගප්පූරුව තුළ සිදුවීම් පිළිබඳ දිනපතා වාර්තා කරන මාර්ගගත ප්‍රවෘත්ති අඩවි වෙනමම  බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වේ. මේ අවශ්‍යතාව බලපාන්නේ මාස දෙකක කාලයක් පුරා සාමාන්‍යයෙන් සතියකට සිංගප්පූරු ප්‍රවෘත්ති පිළිබඳ අවම වශයෙන් එක් ලිපියක් සහ කාලීන තොරතුරු වාර්තා කරන මෙන්ම මාස දෙකක කාලයක් පුරා සැම මසකටම තමන්ටම සුවිශේෂිත  IP (අන්තර්ජාල ධුරාවලි)  ලිපිනයන් 50,000කින් අදාළ අඩවියට පිවිස ඇති මාර්ගගත ප්‍රවෘත්ති අඩවි සඳහාය. තවදුරටත් තනිපුද්ගල (කේවල) බලපත්‍ර සහිත ප්‍රවෘත්ති අඩවි IMDA පනතේ උපදෙස් අනුව අන්තර්ගතයන්ගේ ප්‍රමිතීන් උල්ලංඝනය කරන ලද අන්තර්ගතයන් පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට එකඟව කටයුතු කළ යුතු බව අපේක්ෂා කෙරෙනු ඇති අතර සිංගප්පූරු ඩොලර් 50,000ක ඉදිරිපත් කිරීම් (ප්‍රාසංගික) බැඳුම්කරයක් තැබීම අවශ්‍ය වනු ඇත. IMDA පනත මඟින් එවැනි අඩවිවල අන්තර්ගතයන් යාමනය කරන අතර එහි නීති උල්ලංඝනය කරන අඩවි පවරගනු ලැබේ. අත්පත් කරගැනීම් ප්‍රකාශයට පත් කිරීමට IMDA පනත බැඳී නොමැති බැවින් අඩවි කීයක් අත්කරගත්තේද? කොපමණ වාර ගණනක් එසේ සිදුව ඇත්තේද යන්න තහවුරු කරගැනීමට හැකියාවක් නැත. මෙයට සමාන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමට නම් නිශ්චිත කොන්දේසිවලට යටත්ව මාර්ගගත ප්‍රවෘත්ති අඩවි බලපත්‍ර ලබා ගැනීම මෙන්ම එවැනි අඩවිවල අන්තර්ගතයන් නිරීක්ෂණයට සහ සංස්කරණයට මඟ හෙළි කිරීම අවශ්‍ය වනු ඇත.

2018 වසරේ IMDA පනතින් ස්ටේට්ස් ටයිම්ස් රිවීව් සඳහා අණ කළේ මැලේසියානු රාජ්‍ය අරමුදල පිළිබඳ මුදල් විශුද්ධිකරණ විමර්ශනයන්හිදී අගමැති ලී සිං ලූං ප්‍රධාන ඉලක්කයක් වී ඇති බවට චෝදනා කරන ලිපියක් ඉවත් කරන ලෙසයි. IMDA පනත අන්තර්ජාල සේවා සපයන්නන්ට (ISP) අවවාද කළේ එම ලිපිය ඉවත් නොකරන්නේ නම් එම අඩවියට ප්‍රවේශ වීම සීමා කළ යුත්තේ ඔවුන් බවටය. ස්ටේට් ටයිම්ස් රිවීව් එම ලිපිය ඉවත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම IMDA පනත අන්තර්ජාල සේවා සපයන්නන්ට එම වෙබ් අඩවියට ප්‍රවේශය සඳහා සම්බාධක පනවන ලෙස උපදෙස් දුන්නේය.

සිංගප්පූරුවේ දිගු කලක් පැවතුණු ප්‍රවෘත්ති වෙබ් අඩවිවලින් එකක් වන ද ඔන්ලයින් සිටිසන් අගමැති කාර්යාලය මඟින් 2011දී ” දේශපාලන සම්බන්ධතාවක් සහිත ” බවට ගැසට් කරන ලදී. එයින් අදහස් කෙරෙන්නේ එයට විදෙස් ප්‍රභවයන්ගෙන් ආධාර ලැබීම තහනම් කෙරෙන දේශපාලන මූල්‍යාධාර නීතියට එකඟ වීමට සිදුවන බවයි. 2018දී වෙබ් අඩවිය දේශපාලන සබඳතා ඇති ලෙස ගැනෙන ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු අතර IMDA පනතට අනුව අඩවිය කිසිදු විදේශ අරමුදලක් ලබා ගැනීමෙන් වළක්වන කොන්දේසිය යටතේ ලියාපදිංචි කෙරිණ. එම IMDA පනතේ  ලියාපදිංචි නීති මඟින් විදේශ ආධාර තහනම් කෙරෙන අතර විදේශ පදනම් මඟින් වෙබ් අඩවි සඳහා ආධාර සහ ණය ලබා දීම වැළැක්වීම සඳහා ඇතැම් අඩවිවලට මුල්‍යාධාර සපයන මූලාශ්‍ර පිළිබඳ තොරතුරු සැපයීම අවශ්‍ය වේ. 2018 වසරේදී IMDA පනතින් අනිවාර්ය කළේ ද ඔන්ලයින් සිටිසන් වෙත ලබා දෙන මූල්‍යාධාර පිළිගත හැක්කේ තම සම්පූර්ණ නම, හඳුනාගැනීමේ අංකය සහ සිංගප්පූරු පුරවැසිභාවය අදාළ අධිකාරීන්ට බාරදීමට කැමැති භාවිතකරුවන්ගෙන් පමණක් බවටය.

ශ්‍රී ලංකාව තුළ මාර්ගගත ප්‍රවෘත්ති වෙබ්අඩවි සඳහා විදේශ ආධාර තහනම් කිරීම සහ දේශීය මූල්‍යාධාර සීමාකිරීම් මඟින් විචාරාත්මක දිනපතා පුවත් හෝ නිරන්තර ගවේශනාත්මක විශේෂාංග ඉදිරිපත් කිරීමේ හැකියාවට ඇතිවන ඍණාත්මක බලපෑම නිසා ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය උල්ලංඝනය වනු ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts