අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

සංහිඳියාවට එරෙහිවූ මාධ්‍යකරණය

ජූඩ් ආර්.මුතුකුඩ

ශ්‍රි ලංකාවේ සාමයට හා සංහිඳියාවට බලපාන බොහෝ කරුණු අතර මාධ්‍ය මගින් කෙරෙන ගැටුම් වර්ධනය වන ආකාරයේ පුවත්,ලිපි, දිගින් දිගටම පළවීම සිංහල ,දෙමළ සහ මුස්ලම් ප්‍රජාව අතර ගැටුම් වර්ධනයට අවැසි පරිසරය නිර්මාණය කරමින් සිටී .මෙහිදි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සෘජුව හෝ වක්‍රවද එවැනි වාර්තාකරණයන් සිදුවේ. සියළු ජනවර්ගයන් අතර සාමයට බාධා නොවන අන්දමින් සිය මාධ්‍ය භාවිතා  කිරීම මාධ්‍යවේදීන් සතු වගකීමක් වන නමුත් බහුතරයක් ඒ පිලිබද දක්වන සැලැකිල්ල අල්පය. එය කණගාටුවට කරුණකි. පුද්ගලයන් සහ ස්ථාන හැදින්වීමේදී එය ජනවාර්ගික අනන්‍යතාවයක් සහිතව වාර්තාකරනය දියුණු මාධ්‍ය භාවිතාවක් වන්නේ නැත.සිංහල ,දෙමළ, මුස්ලිම්, යන ඕනැම සමාජ සංස්ථාවක් තුළ නිර්මාණය වියහැකි දාමරිකයකු  නොඑසේ නම් පාතාල සාමාජිකයකු සුළු ජාතියක් නියෝජනය කරන්නකුනම් ත්‍රස්තවාදී ලේබලය ඇලවිම මාධ්‍ය නොකල යුත්තකි. කණගාටුවට කරුන නම් ඔවුන් අද කරමින් සිටින්නේ ද එයයි.

(මව්බිම අප්‍රේල් 10)

මෙම පුර්විකාව සටහන් කරන ලද්දේ පසුගියදා යාපනය නගරයේ ආරක්ෂාව හා පිරිසිදුභාවය රැකිමට යයි පවසමින් යාපනයේ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කල ආරක්ෂක බලකාය සම්බන්ධයෙන් දකුණේ මාධ්‍ය අන්ධානුකරණයෙන් එම බලකාය එල්.ටී.ටී පොලිසියට සමාන යැයි මතයක් සමාජය තුල ජනිත කිරිමට උත්සාහ කිරිමයි. බැලු බැල්මට යුද සමයේ කොටි සංවිධානය මගින් ඇති කල පොලිස් නිල ඇදුමට සමාන කමක් පෙන්නුම් කලද කොටි සංවිධානයේ ලංඡන කිසිවක් මේ පුවතට අදාල නගර සභා ආරක්ෂක බලකායේ නිල ඇදුම් තුළ ප්‍රදර්ශනය නොකර තිබුනද වාර්තාකරණයේදි ඉපැරණි සිදධින් හුවාදක්වමින් ජාතින් අතර අනවබෝධයක් ඇති කිරිමට මාධ්‍ය මගින් ගත් උත්සාහයක් ප්‍රදර්ශනය විය.මෙහිදි යාපනයේ නගරාධිපති විශ්වලිංගම්  මනිවනන් මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබදව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හා පොලිසිය වෙනම පරික්ෂණයක් පවත්වයි. එහිදි මෙම ක්‍රියාව  නිතිවිරෝධිද ,නීතියට එකඟද යන්න අධිකරණය මගින් විසෙදෙනු ඇත. එසේ තිබියදි කරුණු විශ්ලේශණයකින් තොරව  ජාතිවාදය ඇවිලෙනසුළු පුවත් වාර්තාකරණය තුළින් සිදුවන්නේ රටට වැඩක් නොව අවැඩකි.

(දිවයින අප්‍රේල් 10)

අපරටේ සියළු ජාතින්ට පීඩාගෙන දුන් තිස් වසරක කුරිරු යුද්ධය 2009 වසරේ අවසන් වුවත් රටේ ජාතින් අතර ඇති විශ්වාසය හා සම්බන්ධතාවය බිඳ දමමින් ඹවුන් අතර නොඉවසීම හා හා වැරදි වටහා ගැනිම තවමත් අවසන් වී නොමැති බව අමුතවෙන් කිවයුතුනොවේ.සංහිදියාව යනු  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්වේත වර්ණ පරෙවියෙකු නොවේ.හුදෙක්ම සංහිදියාව අප තුළ ජිවත්වන අපගේ පැවැත්මට අත්‍යාවශ්‍යවන කරුණකි.අවස්ථාවාදි දේශපානයේ වහලුන් නොවිම,ඔවුන්ගේ බල කදවුර වෙනුවෙන් ජාතිවාදය පැතිරවිම,වෛර් ප්‍රකාශනයේ නියැලීම වෙනුවට අපශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකාමෙන් එක්සත්ව කටයුතු කිරිම තුළින් සන්හිදියා යාන්ත්‍රණය සදහා අපගේ  ශක්තිය ලබාදී විවිධාකාර ව්‍යාජ මාධ්‍ය ප්‍රචාර පටු අරමුණු වෙනුවෙන් පතල කිරම නැවතත් අප සුන්දර මාතා භූමිය ලේ විලක් බවට පත් කිරිමේ පිළිකුල් සහගත ප්‍රයත්නයන් පරාජය කිරිමට ලාංකික  පුරවැසියන් ඒකරාශිවිමට කාලය එළඹ ඇත. 

(ලංකාදීප  අප්‍රේල් 10)

අපරටේ සියළු ජාතින්ට පීඩාගෙන දුන් තිස් වසරක කුරිරු යුද්ධය 2009 වසරේ අවසන් වුවත් රටේ ජාතින් අතර ඇති විශ්වාසය හා සම්බන්ධතාවය බිඳ දමමින් ඹවුන් අතර නොඉවසීම හා හා වැරදි වටහා ගැනිම තවමත් අවසන් වී නොමැති බව අමුතවෙන් කිවයුතුනොවේ.සංහිදියාව යනු  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්වේත වර්ණ පරෙවියෙකු නොවේ.හුදෙක්ම සංහිදියාව අප තුළ ජිවත්වන අපගේ පැවැත්මට අත්‍යාවශ්‍යවන කරුණකි.අවස්ථාවාදි දේශපානයේ වහලුන් නොවිම,ඔවුන්ගේ බල කදවුර වෙනුවෙන් ජාතිවාදය පැතිරවිම,වෛර් ප්‍රකාශනයේ නියැලීම වෙනුවට අපශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකාමෙන් එක්සත්ව කටයුතු කිරිම තුළින් සන්හිදියා යාන්ත්‍රණය සදහා අපගේ  ශක්තිය ලබාදී විවිධාකාර ව්‍යාජ මාධ්‍ය ප්‍රචාර පටු අරමුණු වෙනුවෙන් පතල කිරම නැවතත් අප සුන්දර මාතා භූමිය ලේ විලක් බවට පත් කිරිමේ පිළිකුල් සහගත ප්‍රයත්නයන් පරාජය කිරිමට ලාංකික  පුරවැසියන ඒකරාශිවිමට කාලය එළඹ ඇත.

(ලංකාදීප  අප්‍රේල් 10)

When Media Goes Against Reconciliation

நல்லிணக்கத்திற்கு எதிராக செயற்படும் ஊடகங்கள்

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts