සාමය

වාර්ගික ප්‍රචන්ඩත්වයෙන් බැට කන ළමා මනස

සම්පත් දේශප්‍රිය

සමස්ත රටම මුහුණදී සිටින කොවිඩ් වසංගතය හේතුවෙන්  මේ රටේ ළමා පරපුර පත්ව සිටින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබේ .පාසල් වසා දැමීම ,දරුවන් නිවෙස් වලට කොටු වීම ,ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් ළමයින් මුහුණ දී සිටින දුෂ්කරතාවය ,මේ අතරින් සමහරකි .එමෙන්ම නවතම වාර්ථා වලට අනුව කොවිඩ් වසංගතය සමයේ ළමා අපයෝජන 40% කින් ඉහළ ගොස් ඇත .සමීක්ෂණ දත්ත අනුව මෙරට පිරිමි දරුවන් ගෙන් සියයට විස්සක් ගැහැණු දරුවන් ගෙන් සියයට දහයක් ලිංගික හිංසනයන්ට ලක්වන බව අනාවරණය වී තිබේ .ළමා අපයෝජන සිදුවන්නේ ලිංගික වශයෙන් පමණක් ද ?නැත .මානසික වශයෙන් දරුවන් අපයෝජනයට ලක්වන ආකාරය සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන සමීක්ෂණ කරනබවක් නොපෙනේ .කොවිඩ් මර්දන කටයුතු සඳහා රටේ ආරක්ෂක අංශ සම්බන්ධ කරගෙන ඇත .මුහුණු ආවරණය කරගත් රජයේ හමුදාවල සොල්දාදුවන් ,සෙබළියන් මහ දවාලේ විදුලි පහන් දල්වා ගත් යතුරු පැදි වල නැගී උතුරු නැගෙනහිර ප්‍රදේශ වලත් දකුණේත් ගමන් කරනු දක්නට ලැබේ .නිරෝධායන නීති කඩකල වුන් උත්සාහ ගෙන ගොස් වාහන වලට දමා රැගෙන යති .මේ තත්ත්වය දකුණට කෙසේ වෙතත් උතුරේ සහ නැගෙනහිර දරුවන්ට සන්නිවේදනය කරන පණිවිඩය කෙබන්දක් විය හැකිද ?කුඩා දෙමළ දරුවෙක් හෝ මුස්ලිම් දරුවෙක් ඒ යන අය කවුරුන්දැයි මව ගෙන් හෝ පියාගෙන් කරනු ලබන විමසීමකදී ඔවුන් ලබාදෙන  පිළිතුර කුමක් විය හැකිද ? 

             සිංහල බෞද්ධ පාසල් වල දෙමළ මාධ්‍ය පාසල්වල මුස්ලිම් පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට ඇතැම් අන්තවාදී  මත දරන ගුරුවරුන්  ජාතිවාදී අදහස් උදහස් සන්නිවේදනය කරන බව රහසක් නොවේ .උතුරේ සමහර තැන් වල අදටත් ක්‍රියාත්මක අන්තවාදී කොටස් ඇතිකරන ඇති කරන සිදුවීම් පාලනය කිරීමට ආරක්ෂක අංශ කරන මැදිහත්වීම් ,දකුණේ ඇතැම් ප්‍රදේශවල වූ පුද්ගලික ගැටුම්වලට ජාතිවාදී මුහුණුවරක් ලබා දී මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් සිංහල ජාතිකයන් කළ පහරදීම් ,අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් එල්ල කළ පාස්කු බෝම්බ ප්‍රහාරය  ,වැනි ප්‍රචණ්ඩකාරී  සිදුවීම් වලට මුහුණ දුන් පවුල් වල දරුවන් කායික පීඩාවන්ට අමතරව මුහුණ දුන් මානසික පීඩාවන් ප්‍රධාන ධාරාවේ කතා නොවන මාතෘකා බවට පත්ව ඇත .පාසල් පද්ධතිය තුළත් සමාජීය වශයෙනුත් දරුවන් අතර ජාතීන් වශයෙන් සහ ආගමික වශයෙන් වෛරයේ සහගත සිතුවිලි වැඩිහිටියන් විසින් රෝපණය කිරීම සහ වරින්වර ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා , මිලිටරිකරණය ආදී හේතූන් මත අනාගතය බාරගන්නා නූතන ළමා පරපුර කෙබඳු වැඩිහිටියන් වේද ? මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දරුවන් මුහුණ දී සිටින අභියෝග සහ ළමා අයිතීන් පිළිබඳ විමසිලිමත් විය යුතුය .

                      එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව ළමයා කවරකු වුවද කුමන වයසක පසු වුවද කවර ජාතියකට හෝ ආගමකට අයත් වුවද කුමන භාෂාවක් කතා කළ ද සමාජ තත්ත්වය කවරක් වුවද ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවද කුමන අන්දමේ ආබාධ තිබුණද ඒ කිසිවක් නිසා ඔහුට හෝ ඇයට වෙනස්කමක් නොකළ යුතුය .ළමයාට නිදහස්ව ජීවත්වීමේ අයිතියට ඉඩක් නොලැබේ නම් ඊට එරෙහිවීමට දරුවාට අයිතියක් ඇත .එසේම ළමයෙකුට උපන්දාසිට නමක් සහ ජාතිකත්වයක් ඇත .මව පියා කවුරුන්දැයි දැන ගැනීමටත් ඔවුන්ගේ ආදරය ලැබීමටත් අයිතියක් ඇත .එය යමෙක් වලකණු ලබන්නේ නම්  ඊට එරෙහිවීමට ළමයාට අයිතියක් තිබේ .දරුවන්ට මතයක් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගත යුතුය .සුළු ජාතික කණ්ඩායම්වලට අයත් දරුවන්ට  සංස්කෘතිය භුක්ති විඳීමට ,තම ආගම ඇදහීමට ,භාෂාව භාවිතයට අයිතියක් ඇත .යුදමය තත්ත්වයන් හෝ ගැටුම් පවතින ස්ථානවලින් ආරක්ෂාව ලැබීම ළමයාට අනිවාර්යෙන් හිමිවිය යුතුය.කිසිම ආකාරයක යුද්ධයකට ,ආරක්ෂක හමුදාවකට ළමයෙකු බඳවා නොගත යුතුය ,යම් ළමයෙකු යුද්ධයෙන් පීඩාවට පත් වී නම් රජය විසින් රැකවරණය සැලසිය යුතුය .යුද්ධයෙන් වදහිංසා වලින් වධ හිංසා වලින් නොසැලකිල්ලෙන් පීඩාවට පත් වූ ළමයින්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් ගොඩනැඟීම රජයේ වගකීමකි .

                   එසේම එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව ළමුන්ගේ මානසික සෞඛ්‍යයට යුද්ධයෙන් සිදු වන බලපෑම් අඩුකිරීම සඳහා පියවර ගැනීම සියලු සියලු ජාතීපාස්කු බෝම්බ ප්‍රහාරය න්ට අයත් වගකීමක් වේ .මේ අතර යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවන්ට අනුව යුද ගැටුම් නිසා විපතට පත් පත් වූවන් ගෙන් සියයට අසූවකටත් වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ ළමුන්ය .

                  ලංකාවේ පැවති තිස් වසරක යුද්ධය නිසා අවි ගැටුම් වල ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස උතුරේ සහ දකුණේ දරුවන් කාංසාවට අදාල රෝගී තත්ත්වයන්ට මුහුණ දී සිටින බැවින් ඔවුන්ගේ චර්යාවන් පිළිබඳව විවිධ ගැටලු පැන නැගී ඇත .දැනටත් යුද ගැටුම් පවත්නා රටවල්වල  දරුවන් මෙවැනි මානසික අනතුරු වලට මුහුණ දී සිටී.පාස්කු බෝම්බ ප්‍රහාරය වරින් වර මෙරට ජාතිවාදී ස්වරූපයෙන් හටගන්නා ගැටුම් සහ සමහර මිලිටරි මැදිහත්වීම් දරුවන් කෙරෙහි කරනු ලබන මානසික බලපෑම පිළිබඳ කිසිවෙක් තක්සේරු කරන බවක් නොපෙනේ .රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද බොහෝ වැඩසටහන් මගින් සිංහල ජාතිවාදය සහ ආගම්වාදය ඉහළට ඔසවා තබමින් දරුවන් මානසික අපහරණයට ලක් කරමින් සිටිති .ජාතික සහ ආගමික වශයෙන් සංහිඳියාවෙන් පෝෂණය වූ දරුවෙක් වෙනුවට වෛරයෙන් පිරිපුන් දරුවෙක් අනාගතය සඳහා දෙමාපියන්ගේ ද සහාය ඇතිව ඔවුන් නිර්මාණය කරමින් සිටිති .

                   යුද ගැටුම් පවත්නා ගසා තීරය ,රුවන්ඩා ,මොසැම්බික් හා කාම්බෝජයේ දී කරන ලද පර්යේෂණ අනුව යුද්ධයට සහ ම්ලේච්ඡත්වයට ගොදුරුවන දරුවන් පශ්චාත් ව්‍යසන ක්ලමත අකර්මණ්‍යතාවය (post traumatic stress) තත්වයට පත් වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටී .ලංකාවේ දරුවන්ද කාන්සාව (Anxiety) රෝගයට අදාළ ප්‍රතික්‍රියා දක්වමින් සිටින බව වෛද්‍ය පර්යේෂණවලදී තහවුරු වී ඇතැයි මෙරට වෛද්‍යවරුන් පවසති .1983 කළු ජූලියේ දී වෙහෙසුණු අත්දැකීම් වලට මුහුණ දුන් දරුවන් වැඩිහිටියන් බවට පත්වී විදෙස් රටවල සිටියද අනිසි  බියකින් පෙළෙන බවත් සමහරුන් ප්‍රතිකාර ලබන බවත් වාර්තා වී තිබේ . 

              යුද ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සංජානන තත්වය හීන වී ගොස් ඇති බවත් බොහෝවිට ඉගෙනීමේ අපහසුතා දක්වන බවත් අනාවරණය වී තිබේ .එමෙන්ම පසුගිය සමයේ යුද කළාපවල සිටි ළමයින් නින්දෙන් මුත්‍රා කිරීම ,ඇඟිලි ඉරීම ,අඳුරට බිය වීම වැනි පසුකාමී චර්යාවන් පෙන්නුම් කර ඇත .ලංකාවේ එල්ටීටීඊ සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගත් දරුවන් පසුකාලීනව දැඩි ප්‍රකෝපකාරී බව ,සියදිවි නසා ගැනීමේ ආශාව ,හුදකලා වීමේ බිය ,වැනි රෝග ලක්ෂණවලින් පෙළෙන බව වෛද්‍ය පරීක්ෂණවලදී සොයාගෙන තිබේ .එල්ටීටීඊ ය විසින් උතුරෙන් ඉවත් කළ මුස්ලිම් පවුල්වල දරුවන් විශාදයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර සමහරුන් වැඩිහිටියන් වූ පසු විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මේ තත්ත්වයෙන් මිදීමට උත්සාහ කරන බව එම ප්‍රදේශය වල කෙරුණු සමීක්ෂණ වලින් හෙළිදරව් වී ඇත .මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ කායික මෙන්ම මානසික වශයෙන් නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් ජාතිය ආගම පදනම් කරගත් ගැටුම් පමණක් නොව සකල ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සහ දරුවන් මානසික අපහැරනය ට ලක් කිරීම මුළුමනින්ම අහෝසි කළ යුතු සමාජ කොන්දේසියක් බවය .

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts