අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පූර්වාදර්ශවලින් සන් කරන්නේ සමාජ මාධ්‍ය නියාමනයට රජයේ උත්සාහයයි.

ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි අසත්‍ය ප්‍රවෘත්ති පාලනය සඳහා සමාජ මාධ්‍ය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලති. මේ සම්බන්ධව  කැබිනට් පත්‍රිකාවක් ඔවුන් එකතුව බාර දී තිබේ. මෙය ජාතික ආරක්ෂාවට මඟ පෙන්වීමට සහ යහපත් සමාජ ව්‍යූහයක් වෙනුවෙන් බව එම පත්‍රිකාවේ සඳහන් වන අතර එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරිණ. 

ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන මුහුණු පොත් ගිණුම්වලින් 200,000 පමණ හිමිකරුවන් රහිත ඒවාය. මෙවැනි ගිණුම් පවත්වාගෙන යෑම නැවැත්වීමට පියවර ගත යුතුව ඇත. එහෙයින් මේ ගිණුම් යාමනයට හා පාලනයට රජයේ නියෝජිතායතන මඟින් නෛතික පියවර ගැනීම පිළිබඳ තීරණයක් ගෙන ඇති බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

“පවතින නීතිවලට අනුකූලව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. හිමිකරුවන් නැති මුහුණු පොත් ගිණුම් ඔස්සේ ත්‍රස්තවාදයට,   මූලධර්මවාදයට සහ වර්ගවාදයට අනුබල දෙන ක්‍රියාකාරකම් සිදු වෙනවා. මේ මඟින් විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට උල්පන්දම් දීමට අවස්ථාව නිර්මාණය වන අතර තරුණ පරම්පරා විනාශ කෙරෙනවා. ඒ අතරම මේ රට පිළිබඳ නිෂේධනාත්මක අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනවා. මෙමඟින් ඔවුන් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පාලනයට ප්‍රතිගාමී මානසිකත්වයක් නිර්මාණය කරනවා. මෙයින් රටට කිසිදු යහපතක් අත් වන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුව තිබෙනවා. මේ සඳහා සමාජ මාධ්‍ය යාමනය කළ යුතුයි. අප මේ සම්බන්ධව පුළුල් මට්ටමේ සාකච්ඡා පවත්වනවා” ජනාධිපති නීතීඥ අධිකරණ ඇමැති අලි සබ්රි පැවසීය.

තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ ඉන්දියාවේ, මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ක්‍රියාත්මක කළ”මාර්ගගත අසත්‍යතා සහ මෙහෙයවීම්වලින් ආරක්ෂා කිරීමේ පනත” ඔවුන් අධ්‍යයනය කළ බවයි. ශ්‍රී ලංකාවේ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරයට එරෙහිව පියවර ‌ගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී සමාජ වෙබ්අඩවිවලින් සියයට 17ක් අසත්‍ය ඒවාය. මේ සියයට 17 මඟින් බොරු පතුරුවා හරිනු ලැබෙයි. කෙසේ වෙතත් මේ පුද්ගලයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකිය. තවද, ඔබේ නිදහස ඇත්තේ අනෙකාගේ නාසය  දක්වා පමණි. ඔබට ඔහුගේ නාසයට පහර දිය නොහැකිය. ඔබ එසේ කළ හොත් එය ඔහුගේ නිදහස සහ අයිතිය උල්ලංඝනය කිරීමකි. මෙහිදී මම කැමැතියි එය අමතර අධිකරණමය ක්‍රියාවක් බව දක්වන්න යැයි ඔහු තවදුරටත් පැවසීය.

මේ වසරේ ජනවාරි මස දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ම්ලියන 7.9ක් සමාජ මාධ්‍ය භාවිත කරන්නෝ සිටිති. එනම් ලංකාවේ ජනගහනයෙන් සියයට 36.8ක් සමාජ මාධ්‍ය භාවිත කරති. මේ ගණන පසුගිය වසරේ සංඛ්‍යාවත් සමඟ සසඳන විට මිලියන 1.5ක වැඩි වීමක් පෙන්නුම් කරයි (23%).

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස වැඩ බාර ගනිමින්

වසර 2020 නොවැම්බර් 22වැනිදා අමාත්‍යාංශයේ උපදේශක කමිටුව ‘සමාජ මාධ්‍ය යාමනය’ පිළිබඳ රැස්වීමක් මෙහෙයවීය. ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල රැස්වීම අමතමින් පැවසුවේ ‘සමාජ වෙබ් අඩවි යාමනය සඳහා ජාතික ප්‍රවේශයක් අවශ්‍යයි. ඉදිරි සති කිහිපය ඇතුළත මේ පිළිබඳ නියමිත මිනුම් දඬු ගැනීමට නියමිතයි. මාධ්‍ය ඔස්සේ සිදුවන අපචාරාත්මක ක්‍රියා අවම වශයෙන් යම්තාක් දුරකට හෝ පාලනය කළ යුතුයි. මේ වෙනුවෙන් වාරණයක් අවශ්‍යයි. 2012 ඔහු මෙය කිරීමට උත්සාහයක් දැරුවා. එහෙත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.”

ඔහුගේ කතාවට පසු අමාත්‍යාංශ උපදේශක කමිටුවේ සාමාජිකයෝ සහ විරුද්ධ පාක්ෂික සාමාජිකයෝ මෙවැනි යාමනයක අවශ්‍යතාව අවධාරණය කරමින් අදහස් දැක්වූහ.

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසුවේ සමාජ මාධ්‍ය පාලනයට ඔබ්බෙන් වූ රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකා සඳහාද මෙය යොදාගත යුතු බවය.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සිංගප්පූරුවේ මෑතකදී සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි වාරණය සඳහා සම්මත වූ නීතිය ගෙන හැර පාමින් පැවසුවේ අප සිංගප්පූරුව වැනි රටවල සම්මත කෙරුණු නීති අධ්‍යයනය කර නව ප්‍රවේශයක් සකස් කරගත යුතු බවයි.

අධිකරණ ඇමැති අලි සබ්රි, ජනාධිපති නීතීඥ

ඒ අතරම පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් පැවසුවේ සමාජ මාධ්‍ය තුළ වර්ගවාදය නතර කිරීමට මිනුම් දඬු සැකසීම අවශ්‍ය බවයි. 

අසත්‍ය පුවත් සහ ජාතික ආරක්ෂාවට එයින් ඇතිවන තර්ජන පිළිබඳ දැනුම්වත් කිරීම පුළුල් කිරීම සඳහා ජාතික සුරැකුම් අධ්‍යයන ආයතනය සහ  ජාතික ආරක්ෂාව පිළිබඳ මූලික කාර්ය කණ්ඩායම සහභාගී කරගනිමින් සකච්ඡාවක් සංවිධානය කර තිබිණි. රජයේ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක වැඩසටහනේ ආරම්භක දේශනය පවත්වමින් පැවසුවේ අසත්‍ය සහ ගොතන ලද තොරතුරු රජයන්ට එරෙහිව ඒවා  වෙනස් කිරීමේ ආයුධ ලෙස භාවිත කෙරෙන බවයි. එහෙයින්, ශ්‍රී ලංකාව වැනි රටක අසත්‍ය පුවත්වලට එරෙහි යාමන යාන්ත්‍රණයක් දේශීය ව්‍යූහයට අවශ්‍ය බවය. 

එබැවින් පැහැදිලිවම පෙනෙන්නේ වත්මන් පාලනය සමාජ මාධ්‍ය යාමනයට පූර්ණ වශයෙන් කටයුතු කරන බවයි.

සමස්ත ලෝකයේම සමාජ මාධ්‍ය සදාචාරාත්මකව යාමනය කිරීම සම්බන්ධව උදාහරණයට ගත හැකි රටවල් පහකි: ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව. ඔවුන් ආදර්ශයට ගෙන අනෙක් රටවල ආණ්ඩු ද තම තමන්ගේ රටවල පවතින තත්ත්වයන්ට ගැළපෙන පරිදි නීති කෙටුම්පත් කළ යුතුය. 

ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ නීති පදනම් කරගෙන අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ශ්‍රී ලංකාවට හඳුනවාදීමට නියමිත යාමන නීතීන් පිළිබඳ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළහ. එහෙයින් සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ සමාජ මාධ්‍ය සම්බන්ධව පවතින නීති පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යය. සිංගප්පූරුවේ 2016 තොරතුරු – සන්නිවේදන මාධ්‍ය සංවර්ධන පනත සහ 2018 මාර්ගගත අසත්‍යතා සහ මෙහෙයවීම් ආරක්ෂණ පනත බලාත්මකය.

මේ නීති මඟින් සිංගප්පූරු රජයට ඒකාධිපති අයුරින් බලයක් ලබා දී ඇත්තේ වෙබ් අඩවිවල හමුවන ගැටලු ‘වහාම වෙනස්කිරීමට සහ නිවැරැදි කිරීමට’ මෙන්ම අවශ්‍යතාවක් පැනනැඟුණහොත් වරදකරුවන් සඳහා ඇමෙරිකානු ඩොලර් 700,000 දක්වා දඩයක් සහ වසර 10ක් දක්වා සිර දඬුවමක් නියම කිරීමටය. අන්තර්ජාතික මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් කමිටු මෙය විවේචනය කළේ සිංගප්පූරුව තුළ පොලිස් නීතිය යටතේ මේ තරම් නියෝග සහිත නීති මඟින් මාධ්‍ය, ජනමාධ්‍යවේදීන් මෙන්ම පුද්ගලයන්ගේ ප්‍රකාශනයේ නිදහස මැඩපැවැත්වෙන බවටයි. 

දකුණු චීනයේ මෝනිං පුවත්පත පළ කළේ ගෝලීය වශයෙන් බාහිර ජනමාධ්‍ය සබඳතාවක් නැති රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස සිංගප්පූරුවේ මේ නීති පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය යනුවෙන් වන අතර සමාජ මාධ්‍ය යාමනයන් ක්‍රියාත්මක කරන එක්සත් ජනපදය පාදක කරගත් බ්ලූම්බර්ග් මෙය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණි. 

මේවා සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය පාලනයට ක්‍රියාත්මක නීතිවල අනු කොටස්වල ඇති ගැඹුර හෙළි කරයි. ශ්‍රී  ලංකා රජය ද මෙය පූර්වාදර්ශයක් ලෙස ගැනීමට සැලසුම් කිරීමෙන් එහි  යටි අරමුණ පෙන්නුම් කරයි. 

ඒ සමඟම අපේ අසල්වැසි රට මෙන්ම දකුණු ආසියානු කලාපයේ නායකයා වන ඉන්දියාව  2000 වසරේ තොරතුරු තාක්ෂණ නීතිය සම්මත කර ගැනීමත් සමඟ පසුගිය පෙබරවාරියේ සමාජ මාධ්‍ය සම්බන්ධ නව තොරතුරු තාක්ෂණ යාමනයන් ප්‍රකාශයට පත් කළේය. එයට අනුව ඉන්දියාවේ මධ්‍යම රජය පරමාධිපත්‍යයට, ඉන්දියාවේ භෞමික අඛණ්ඩතාවයට බලපෑමක් ඇති විය හැකි මෙන්ම එහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඕනෑම අන්තර්ගතයක් තහනම් කිරීමේ රෙගුලාසි ඇතුළත් ‘අතරමැදියන් සඳහා මාර්ගෝපදේශ සහ ඩිජිටල් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය 2021’ ප්‍රකාශයට පත් කළේය.

මැයි 25 වැනිදාට පෙර වෙබ් සේවා සපයන්නන් මේ රෙගුලාසිවලට එකඟත්වය පළ කළ යුතු බවට නිවේදනයක් නිකුත් කෙරිණි. එසේ නොවුණහොත් ඉන්දියානු දේශසීමාව තුළ නෛතික ආරක්ෂාව නොලැබෙනු ඇත. ඒ අනුව ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණ මධ්‍යම අමාත්‍ය රවිසංගර් ප්‍රසාද් නිල වශයෙන් ප්‍රකාශ කළේ මැයි මස 25 වැනිදා සිට මේ රෙගුලාසි ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඉන්දියාවේ වට්ස්ඇප් භාවිත කරන්නන් මිලියන 53ක්, යූටියුබය භාවිත කරන්නන් මිලියන 44.8ක්, මුහුණු පොත භාවිත කරන්නන් මිලියන 41ක්, ඉන්ස්ටග්‍රම් භාවිතකරුවන් මිලියන 21ක් සහ ට්විටර් භාවිතකරුවන් මිලියන 1.75ක් ඇත. මේ තත්ත්වය යටතේ බලාත්මක වූ නව රෙගුලාසි අනුව මේ ආයතන මඟින් පළ කෙරෙන අන්තර්ගතයන් පිළිබඳ පැමිණිලිවලට අනුකූලව සාපරාධී ක්‍රියාමාර්ග ගැනීමේ විධිවිධාන පවතී. දැනටමත් (ශ්‍රී ලංකාවේ) බලාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් පාලකයන් ඉන්දියානු රෙගුලාසි පූර්වාදර්ශයට ගෙන කෙටුම්පත් තනන විට මෙය පවතින තත්ත්වය වඩාත් නරක අතට හැරවීමට පුළුවන.

මේ පසුබිම යටතේ  සමාජ මාධ්‍ය ඔස්සේ නිදහස් ප්‍රකාශනයේ අයිතියට බාධා කරමින් ශ්‍රී ලංකා රජය ගන්නා  සාහසික පියවර පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය කනස්සල්ල පළ කළේය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පළ කළ මාධ්‍ය වාර්තාවක එය සඳහන් කළේ ‘ රජයට පහත කරුණු සඳහා ප්‍රකාශනයේ නිදහස පාලනය කළ හැකිය එනම්, ජාතික ආරක්ෂාව, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සහ වෛරී භාෂණය තහනම් කිරීම ආදියයි. කෙසේ වෙතත් මේ සියල්ල නීතියට අනුකූලව විය යුතුය. තවද, ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියෙන් සහතික කරන ලද මෙන්ම විවිධ අධිකරණ තීන්දු මඟින් තහවුරු කරන ලද ප්‍රකාශනයේ නිදහස අත්විඳීමේ අයිතිය උල්ලංඝනය නොකළ යුතුය. 

ජන මාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ පුවත්පත් සමාජයේ, කර්තෘ සංසදයේ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ, දෙමළ මාධ්‍ය සන්ධානයේ, මුස්ලිම් මාධ්‍ය සංසදයේ, වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ, දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංගමයේ සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ 2021 මාර්තු 15 වැනිදාය.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ අනෙක් කාර්යමණ්ඩල ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හමු වූ අවස්ථාව

පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි සහ ඩිජිටල් මාධ්‍ය ඇතුළත්ව සමාජ වගකීම සහ ප්‍රකාශනයේ නිදහස පදනම් කරගත් යෝජනාවක් සැකැසුණේ ස්වයං යාමන ප්‍රතිපත්ති සමඟ ශ්‍රී ලංකා පුවත්පත් කොමිසම ස්ථාපනය කිරීමටය.

යෝජිත කොමිසමේ කමිටුව සමන්විත වන්නේ රාජ්‍ය මාධ්‍ය නියෝජිතයන් සහ මූල්‍ය, නීති, තොරතුරු තාක්ෂණ සහ නව මාධ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයන් කමිටුවෙහි සේවය කරන අතර  එහි මාධ්‍ය නියෝජිත ලෙස වත්මන් වෘත්තීකයකු යොදා ගනිමිනි.

තවද: ‘ආචාරධර්ම පද්ධති අනුගමනය කළේද යන්න තහවුරු කිරීමේ කරුණුවලදී, පැමිණිලි විභාග කිරීමේදී සහ එහි විමර්ශනවලදී, විකාශන සේවාවන්  සහ අන්තර්ගතයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී, මාධ්‍ය ලියාපදිංචියේදී, ගාස්තු තීරණයේදී, බලපත්‍ර කාලය තීරණයේදී, අන්තර්ගතයන් සහ විමර්ශනවලට පසු දඩ පැනවීම පිළිබඳ බලපත්‍රලාභියා සමඟ එකඟතාවන්ට පැමිණීමේදී  යෝජිත කොමිසම මැදිහත්කරුවකු මෙන්ම තීරක (බේරුම්කරු) ලෙස ක්‍රියාකරනු ඇත’ යනුවෙන් සඳහන් විය.

මේ ක්‍රියාකාරකම් 1995 අංක 1 දරන බේරුම්කරණ පනතේ සඳහන් කර ඇති බේරුම්කරණ කටයුතුවලට අනුකූල වනු ඇත. මේ කටයුතුවල ඊළඟ අදියර ලෙස අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවද සඳහන්ය. 

කෙසේ වෙතත් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මේ යෝජනා පිළිබඳ සහතිකයක් කළේ නැත. අනෙක් අත‌ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සමඟ ඔහුගේ හමුව පිළිබඳ මාධ්‍ය වාර්තා පැවසුවේ සියලු දෙනා සමඟ එකතුව, මාධ්‍යවලට සහ ජනතාවට ගැළපෙන විසඳුමක් වෙනුවෙන් ඔහු කටයුතු කරනු ඇති බව පමණක් ඔහු පැවසූ බවය.

“සම්ප්‍රදායික මාධ්‍යවලට වඩා ඩිජිටල් මාධ්‍ය වෙබ් අඩවි තොරතුරු විකෘති කිරීමට සහ වෛරය උසිගන්වන කතා පැතිරවීමට සමත්” යැයි පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය රජයෙන් ඉල්ලා සිටියේ විවේචන සහ පරස්පර විරෝධී මතවලට ඉඩ දීමේදී සමාජ මාධ්‍යවල වැදගත්කම සලකා බලන ලෙසයි. 

මෙවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කර රජයේ නියෝජිතයන් පවසන ආකාරයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරන නීති සම්මත කර ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රකාශනයේ නිදහස විනාශ වනු ඇති අතර රට ඒකාධිපතිවාදී ග්‍රහණය කරා  ගමන් කරනු ඇත. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts